කොහොමද
යාලුවනේ? කාලෙකින් ලියන්න දෙයක් හිතුවා. කාලෙකින් මගෙ ජීවිතේට සමීප වුන කෙනෙක්
ගැනයි මං කියන්න යන්නෙ. එයා ඉගෙනගන්නේ දහය වසරෙ. ම්ම්.....මං එයාට නමක් දෙන්නම්
සහස් කියල. හැබැයි ඇත්ත නම නම ඒක නෙවෙයි. කාගේත් හිත සුව පිනිස මෙහෙම හොඳයි.
අපි
හැමෝගෙම ජීවිත වල පාට පාට හීන ගොඩක් තියෙනවා වගේ එයාටත් ගොඩක් හීන තියෙනව.
සහස්
මල්ලි ඉපදිලා ගෙනාවෙ අපේ ගෙදරට එහා ගෙදරට. එයාගේ අම්ම එයාගේ ජීවිතෙන් වැඩි කාලයක්
හිටියෙ රට. දැනුත් රට. ඉතින් එයා හැදුනේ එයාගේ ආච්චි අම්ම ළඟ. එයාව බලාගත්තේ
ආච්චි. දැනුත් එහෙමයි. එයාගේ තාත්ත ගැන කතා කරලා වැඩක් නෑ. ඕනෙ නැති විදියට නාස්ති
වුන සමාජයටම බරක් වුන කෙනෙක්. එයාගේ අම්ම එයා පුංචිම කාලෙ ආපහු රට ගියා. එතකොට
එයාට කොච්චර වයසද කියල මට මතක නෑ.