කෙලෙසකද මා නුඹව වටහා ගන්නේ
මට ප්රථම නුඹ මා ගැන සිතයි
මා නුඹව සිහි කිරීමටත් පෙරම
නුඹ මා වෙත පැමිණෙයි.
පැමිණිය යුතු වේලාව නුඹ දන්නා නමුත්
නොපැමිණිය යුතු වේලාව නුඹ නොදනී.
මට ප්රථම නුඹ මා ගැන සිතයි
මා නුඹව සිහි කිරීමටත් පෙරම
නුඹ මා වෙත පැමිණෙයි.
පැමිණිය යුතු වේලාව නුඹ දන්නා නමුත්
නොපැමිණිය යුතු වේලාව නුඹ නොදනී.
මට නුඹව පලවා හරිය නොහැකිය.
මා යන්නට කීවත් නුඹ නොයයි.
නුඹට නොඇසුනාක් වැනිය.
නුඹ සමග ගනුදෙනු කිරීමට
මම තවම උගෙන නැත.
මා කවදා නම් එය උගනීද?
සිනහවට නුඹ ඊර්ෂා කරයි.
සෑම සිනහවකට පසුම නුඹ
මවෙත පැමිණීමට මග බලා සිටී.
මට දැනෙනුයේ එය
නුඹ සිටින බව මතක් කර දෙන
තර්ජනයක් සේය.
එසේ නම් කියා දෙනු මැන
සැබැවින්ම නුඹ මාගේ මිතුරියක්ද?
හ්ම්ම් "දුක දුකක් ලෙස නොව සතුටක් ලෙස දකින්නට උත්සහ දරන්නියක්." කඳුලට දෙන අර්ථකතනයක් ද ??
ReplyDeleteඑහෙම කියන්න බැරි කමකුත් නෑ. ඒත් මේක ටිකක් වෙනස්. ඇත්තටම ඔයා හිතන්නේ එයා මිත්රයෙක්ද? නැත්තම් දුෂ්ටයෙක්ද?
Deleteකඳුල වනාහි මිතුරෙක් කරගත හැකි දුෂ්ටයෙකි
Deleteඒක හරියට දෙපැත්තම කැපෙන පිහියක් වගේ උත්තරයක්.
Deleteඅනේ මන්දා... ඕවාට උත්තර නෑ
ReplyDeleteඋත්තර නැති ප්රශ්න නෑ යාලු. එකම අවුල උත්තරේ හොයාගන්න අමාරුයි. එච්චරයි.
Deleteඅගෙයි.... ලස්සනයි
ReplyDeleteගොඩක් ස්තුතියි යාලු.
Delete