බිංදු වැටෙනා වැහි පොදේ
අද රටා නෑ වෙනදා වගේ
දිගට ඇහෙනා චුරු චුරුව අද මගේ හිත හඬනව වගේ
අහස ඉහිරුණු කළු වළාකුළු මගේ මුකුලිත මුව වගේ
ඉර නැතුව අහසටත් දුක ඇති හරියටම මේ මට වගේ

තොරක් නැතිවම කියවනා මගෙ
මුවත් හොඳටම ගොළු වෙලා
නිමක් නැතිවම ගලන සිතිවිලි එකම තැනකින් නැවතිලා
ඉඩක් නැතිවම පිරුණු සවනත නුඹේ හඬ නෑ හිස් වෙලා
නිමක් නැතිවම පාලුවෙන් මගෙ හිතත් හොඳටම ලෙඩ වෙලා

තටු දෙකක් ඉල්ලගෙන
එන්නම් නුඹ බලන්නට මං සැනින්
සියොත් කැල මා දුක අසාවී හඬන සිත සනසනු රිසින්
නුඹේ හඬ මේ දැන් ඇසේවී බලා හිඳිනා මා සවන්
සනසවන්නට ඉතින් එන්නකො සුව වෙලා හැකි ඉක්මනින්

හිසේ කැක්කුම් වේදනාවන් නුඹට පීඩා ගෙන නොදේවා
ගතට සවියත් සිතට දිරියත් නුඹට තව වැඩියෙන් ලැබේවා
පහන් සිතිවිලි ගලාගෙන විත් නුඹේ සිත් මල එලිය වේවා
නිරෝගී සුව පරම ලාභය ලැබී සොම්නස නිති රැඳේවා...
No comments:
Post a Comment
කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.