“අහන්නකො. මං ළඟ තියනවා පොඩි ප්ලෑන්
එකක්. මං නම් කියන්නේ ඔය
යකාට ඒ පොත් ටික බලන්න දෙන්නම නරකයි. හෙට අපි සෙට්
එකම ගිහින් අලුත් හෝම්ස් පොත් ටික ඔක්කොම ගමු. පස්සේ මාරු කර කර මාස ගානක් තිස්සේ බලමු.” සිතු රස කර කර
කියවනවා.
“මිනිහ හැප්පිලා
තියෙන්නේ වැරදි කෙනෙක් එක්ක කියල එතකොටවත් තේරෙන්නේ නැතෑ.” ඉසුරි කීවේ ඉස්කෝලේ පටන් ගත්තු ගමන් කා එක්ක
හරි පැටලෙන්න හම්බුන අවස්තාව ගැන සෑහෙන සතුටින්.
සිතු ගෙදර
යන්නේ ස්කුල් වෑන් එකේ. ගෙදර යන ගමනුත් එයා හිතුවේ හෙට කොහොමද දුෂ්ටයාට
පාඩමක් උගන්නන්නේ කියල. හිතන්න දේවල් ගොඩයි. බැරි වෙලාවත් හෙට
එයාල යන්න කලින් වෙන කවුරුහරි ගිහින් එක පොතක් හරි ගත්තොත්. දැනටම අරගෙනද දන්නෙත්
නෑ. දුෂ්ටයාට ඒවා ගෙදර ගෙනියන්න බෑ
කියල එයා දන්නවා. කොහොම හරි දුෂ්ටයාට අලුත්
හෝම්ස් පොත් එකක්වත් කියවන්න දෙන්න සිතු කැමති වුනේ නෑ.
පහුවදා උදේම
සිතු ඉසුරිත් එක්ක පුස්තකාලෙට කඩා වැදුන. මිස් විතරයි
ඇවිත් හිටියේ.
“ගුඩ් මෝනින් මැඩම්, අපිට පොත් ටිකක් වෙන්
කරගන්න පුළුවන් වෙයිද?”
“ගුඩ් මෝනින්, මෙච්චර උදෙන්. අයි සිතු ළඟදි
විවාදයක්වත් තියනවද?” පුස්තකාලේ මිස් ඇහුවේ
පුදුමයෙන් වගේ.
“අනේ නෑ මැඩම්, හෝම්ස් කතා පොත් ටික. කවුරුහරි ගත්තොත්
අපිට ගොඩක් කල් බලා ඉන්න වෙනවනේ.”
“ඔයාල දෙන්නට ඒ ඔක්කොම
වෙන් කරන්න බෑනේ.”
“නෑ මැඩම් අපේ කට්ටිය තව
ඉන්නවා. ඉන්නකෝ මං එක්කන්
එන්නම්.” එහෙම කියල ඉසුරි එක
පාරටම එතනින් අතුරුදහන් වුනා.
“ඒ වුනාට සිතු ඒ වැඩෙන්
අනිත් ළමයිට අසාධාරණයක් වෙනවනේ.”
“අනේ මැඩම්, අපි ගිය වාරේ ඉඳලමනේ
මේ ටික ගේන්න කියල මැඩම්ට කරදර කලේ. ඉතින් මං
හිතන්නේ අපි හින්දම තමයි මේවා ගෙනාවේ. අනිත් එක මේ
දවස් ටිකේ බැලුවේ නැත්තම් ආයේ වෙලාවක් වෙන් නෑනේ මැඩම්. අපි මේ අවුරුද්දේ ඕලෙවල් වලට ගොඩක් මහන්සි වෙන්න ඕනේ.”
“හ්ම්ම්... කමක් නෑ මේ පාර විතරක්
දෙන්නම්. කටින් ගහල ජය ගන්න
නම් හොඳට දන්නවා නේද?” මිස් ඒක කීව විදියට
සිතුට හීන් දාඩිය දැම්ම. මොකද එයාට හිතුනෙම
දුෂ්ටය ඊයේ වුන වැඩේ මිස්ට කියල ඇති කියල. එත් එහෙම වුනා නම් මේ පොත් ටික ගන්න වෙන් නෑනේ.
කොහොම හරි අන්තිමේදී
සිතු හිතුව විදියටම වැඩේ කෙරුණා. යාළුවො පස් දෙනෙකුගේ
නමින් වෙන් කළා.
“හොඳයි, තවම බෙල් එක ගැහුවේ නෑනේ. ෆ්‍රී වෙලාවක ඇවිත්
ඔයාල පොත් ටික ගෙනියන්න. මං හිටියේ නැති වුනාට
කමක් නෑ. අලුතෙන් ඇවිත් ඉන්නවා
සවිඳු. එයාට කියන්න. හැබැයි ඔයාල මෙහෙම
කළා කියල වෙන කවුරුත් දැනගන්න බෑ.” මිස් අවවාදෙකුත් එක්කම
කියාගෙන ගියා. විස්තරේ හරියටම දන්න
සිතුටයි ඉසුරිටයි හොඳටම හිනා.
“සිත්තෝ සිත්තෝ, මරු වැඩක් වුනානේ. මං දැන් ගියා
පුස්තකාලෙට. එතකොට හරියටම මේ පොත
අර සවිඳු අයිය බල බල හිටියේ.”
“නෑ... ඉතින් ඉතින්.”
“එයාට ඉතින් මට ඒක
දෙන්න වුනා. පව් අනේ. මට ආපහු දීල එන්නමයි
හිතුනේ. එයා පොතේ ගිලිලා
හිටියේ.” කිසිම දෙයක් දන් නැති
නදී එහෙම කියාගෙන ගියා. හැබැයි සිතුගෙන් එයාට
හොඳ ප්‍රතිචාරයක් නම් ලැබුණෙ නෑ.
“මොකක් කිව්ව. මේක දීල එන්න හිතුන. දීල ආව නම් මං දෙනවා
මගේ ගානේ හොම්බට හැටක්.” අතත් උරුක් කරලා සිතු
කඩාගෙන පැන්නේ.
“මේකි අමු කාලද මන්ද.” නදී දත්මිටි කෑවා.
“කලබල වෙන්නෙපා ළමා...යි. මෙහෙන් ඇවිත්
වාඩිවෙන්න. මං කියන්නම් ඔයාලට
විස්තරේ. එක්කෙනෙක් නයාට ගහල
පොල්ල වරද්දාගෙන....” ඉසුරි කට්ටියට පැහැදිලි
කළා. හැබැයි ආයේ සෑහෙන
කාලෙකට කට්ටියට පුස්තකාලේ පැත්තට යන්න නම් ලැබුනේ නෑ.
“හල්ලෝ.... සවිඳු මල්ලි. කොහොමද ඉතින්? දැක්ක කල්. තාම රිසල්ට් ආවෙත් නෑ
නේද?” මේ අපේ සිතුගේ අයිය. එදා සිතුගේ ස්කුල් වෑන් එක
තිබුනේ නෑ. ඒ හින්ද එයාව ඉස්කෝලේ
එක්ක ආවේ එයාගේ අයිය. හැබැයි ටිකක් පරක්කු
වෙලා. බයික් එකෙන් බැස්ස
ගමන් එයා දුවගෙන ගියා ඉස්කෝලේ ඇතුලට. එතකොට තමයි
සිතුගේ අයියට සවිඳුව හම්බ වුනේ.
හැබැයි සවිඳු
ඒ වෙනකොටත් දැක්ක සිතු බයික් එකේ එනවා. ඒ හින්ද එයා
ටිකක් කලබල වෙලා හිටියේ.
“හොඳයි මලිත් අයියේ. එත් ඔයා කොහෙද මෙහෙ? ආයෙත් ඉස්කෝලේ එන්න
හිතුනද? සවිඳු හිනා වෙවී ඇහුව.
“අපේ චුට්ටිගේ ස්කුල්
වෑන් එක අද නෑ මල්ලි. මං මේ එයාව දාන්න ආවේ. පොඩ්ඩක් පරක්කු වුනා. මක් කරගනීද මන්ද. පුපුර
පුපුර ගියේ.”
“ආ...පෝ... ඒ ඔයාගේ නංගීද?” සවිඳු ඇත්තටම ඇහුව
නෙවේ ඇහුන.
“ඔව්. ඇයි මොකද මල්ලි. එයා මොකක්වත් අව්ලක්
දාගෙනද?” මලිත් බය වෙලා.
“ආ... නෑ. නෑ. මං දැනගෙන හිටියේ නෑ. ඒකයි. මේ.. ඒක නෙවෙයි අයියේ. මට ඒලෙවල් කරන්න හොඳ
ක්ලාස් ටිකක් හොයල දෙන්නකෝ.” සවිඳු කතාව වෙන
පැත්තකට හරවන්න උත්සහ කළා. මලිත් ආයෙත් හාර අවුස්සන්න
ගියෙත් නෑ. සිතුගේ හැටි දන්න
හින්දම. හැබැයි මලිත්ට තේරුණා
මොකක් හරි අවුලක් තියෙන බව.
ඊළඟ කොටසින් මුණගැහෙමු ළඟදීම.....
ලස්සනයි කතාව.. ඉතුරු ටිකත් ලියමුකෝ..
ReplyDeleteගොඩක් ස්තුතියි යාලු. ඉක්මනටම ලියන්නම්.
Deleteඊලඟට මොකද වෙන්නේ හි හි ....??????
ReplyDeleteබලමු බලමු.
ReplyDelete