කොහොමද යාලුවනේ? ගොඩා.....ක් කාලෙකින්.
නිසල ගං දිය පා.....ලු වෙලා. දැන් නම් ඔයාලට මාව අමතකත් වෙලා ඇති. සාධාරණයි. මොකද මං මේ පැත්තට ආවේ නැති කාලය අවුරුදු වලින් ගණන් කරන්න පුළුවන් තරමට දිගයි.
ජීවිතේ අමතක කරන්න බැරි ලස්සනම ලස්සන
කාලයක් ගෙවිල ඉවර වුනා. අවුරුදු හතරකට කිට්ටු කාලයක් ගෙදරින් ගොඩක් දුර කැම්පස්
එකකට ගිහින් ලොකු පොත් ගොඩකුයි ලොකු.... බෑග් ගොඩකුයි අරගෙන ආපහු ගෙදර ආව. එක අතකට
සතුටුයි. එක අතකට දුකයි පාලුයි. ආයෙත් ඒ වගේ කාලයක් එන්නේ නෑ නේද කියල හිතෙනකොට
දරාගන්න බැරි තරම් දුකයි. යාළුවො ටික මතක් වෙද්දී ඊටත් වඩා අවුල්.
වෙලාවකට හිතෙනවා වෙන ලෝකෙකට අරගෙන
ගිහින් අතැරලදෝ කියල. අම්මයි තාත්තයි මල්ලියි නම් ගොඩක් සතුටින් මං ආවට. ඒත්
වෙලාවකට යාළුවො නැති පාළුව කියාගන්න බැරි තරම් දැනෙනවා.
කොහොම හරි ඔය අතරේ මට කෙනෙක් දෙයක්
මතක් කරලා දුන්න ටොක්කක් ඇනලම. (ඇත්තම කිවුවොත් කන්දොස්කිරියාව අහගෙන ඉන්න බැරුව)
ඒ තමයි නිසල ගං දිය. ඒ මතක් කරලත් දවස් ගානක් වෙනවා. ඉතින් මොනවා හරි ටිකක් ලියල
ඔයාලගේ අදහස් උදහස් එක්ක මගේ පාලු මකාගන්න හිතුව. දිගටම ලියන්න පුළුවන් වෙයි කියල
හිතනවා. රස කතා මඩ ප්‍රචාර මේ සේරම බලන්න පුළුවන් වෙයි ඉදිරියේදී.
දැනට පුංචි කතාවක් තියනවා. (පුංචි කීවට
පුංචිම නෑ.) දිග වැඩි නිසා කොටස් වලට කඩන්න වුනා. සමහර අය කැමති වෙයි. සමහර අය
අකමැති වෙයි. කියවල බලල යෝජනා චෝදනා කරන්නකෝ.
කාලෙකින් වුණත් යළි ආගමනය ගැන සතුටුයි. කාලෙකට කලින් බොහොම ආසාවෙන් කියවපු බ්ලොග් එකක්. ඇත්තටම මධූ කවුද කියලනං දැන් මටත් මතක නැ.
ReplyDeleteගොඩක් ස්තුතියි දිරි ගැන්වුමට. ඉදිරියේදීත් මේ පැත්තේ එන්න කියල ආරාධනා කරනවා.
ReplyDeleteහොඳ ළමය වගේ දැන් දිගටම ලියන්නකෝ
Deleteසලකා බලමු. කොහොම වුනත් අදහසට තැන්කු හොඳේ.
DeleteThis comment has been removed by the author.
ReplyDelete