කට කපල සෙනග හිටි බස් එකේ කොහොමහරි කරලා එල්ලුනේ
ඊලගට එන බස් එකෙත් මේ සන්තෑසියම වෙන හන්ද. ටික දුරක් යන මන් වගේ මගියෙක් දැක්කම ශ්‍රී
ලංගමල යන්නෙ ඉගිල්ලිලා. දවස් දෙකයි එක්කගෙන ගියේ. ඊලග දවසෙ ඉඳං එයාල අපිට ගෑස්
පෙන්නනවා.
අන්තිමටම බස් එකට නැග්ග මට යන්න උනේ ෆුට් බෝඩ්
එකේ. සිංහලවත් නොතේරෙන නන්නාදුනන මිනිස්සු හතර වටේටම ඉන්න මේ වගේ පලාතක බස් එකක යන
එක ටිකක් අමාරුයි සමහර වෙලාවට. එයාල අපි දිහා බලන්නේ අමුතුම ඇහැකින්. ගෑණු ආත්මයක්
ලබන්න ඇයි මෙච්චර පව් කළේ කියල මගෙ හිතට එන වෙලාවල් නැතුවා නෙවෙයි.
මගෙ අත ලිස්සුව. නොහිතුව වෙලාවක බස් එක බ්‍රේක්
කළා. හිතට ආවෙ හිතාගන්න බැරි තරමේ බයක්. මාව එලියට ඇදිල ගියා. මට කෑගහන්න ඕනෙ
වුණා. එළියෙන් ආව සීතල හුළගේ මාව හිරි වැටිලා යද්දී කොහෙන්දෝ ආව උණුසුම් ශක්තිමත්
අතකින් මගෙ අත අල්ලගත්ත. තත්පරයකින් මං ආයෙත් ඇදිල ආව. මොහොතකට මට දැනුනේ හිතාගන්න
බැරි තරම් බයක්. මාව වෙවුලුවා. මේ හැම දේකටම ගත වුනේ තත්පර ගානක්. ඒත් මට දැනුනේ
පැය ගානක් වගේ. මේ සිද්දිය දැනුනේ මටත් මාව වැටෙන්න නොදී අල්ලගත්ත කෙනාටයි විතරයි.