“හරි හරි නංගි. දැන් අඬන් නැතුව ඉන්නකෝ.” අපේ
නංගි ඇඬුවත් ගණන නොගන්න මට මේ කෙල්ලගෙ කඳුළු දැකල කොහේදෝ නැති දුකක් අව.
“මචං මෙයාව එලියට එක්ක යන්. පැතුම ළඟ ඉන්න බාප්පෙක්
එහෙම දැක්කොත් මාර අවුල.” කෙල්ල මගෙ අතේ එල්ලිලා වැලහින්න වගේ අඬනව. හොස්පිට්ල් එක
ඉස්සරහ තියෙන බංකුවකට යනකල්ම එහෙමයි. මටයි වෙනුරටයි යන එන මං නැති වෙලා හිටියේ. මේ වගේ
වෙලාවක කලබල වෙලා බෑ. හොඳ සිහි බුද්ධියෙන් වැඩ කරන්න ඕනෙ.
“නංගි, ඔයා තනියමද ආවෙ? අයි ඔයා මෙච්චර කලබල
වෙලා?”
මොනවා අහන්නද කියලවත් හිතාගන්න බෑ.
“නලින්ද අයිය එක්ක පැතුම් අයිය තරහයි. නලින්ද
අයිය කියන්නේ අපේ ලොකු අම්මගෙ පුතා. එයා පැතුම් අයියට හොඳටම බැනන. මං ගැනත් කීව.
පැතුම් අයිය ගෑනු ළමයි ගොඩක් එක්ක යාලු වෙලා ඉන්නවා කියල ගොඩක්ම බැන්න.ඒ තරහට තමයි
පැතුම් අයිය මගෙ පොත හොරකම් කරලා මේකත් එක්ක දුන්නෙ. මේක අද උදේ නලින්ද අයියට අහු
වුනා. එයාට හොඳටම තරහ ගියා.” එහෙම කියල අතේ ගුලි කරගෙන හිටපු කඩදාසි කෑලි වගයක්
මගෙ අතට දුන්න.ඒ පැතුම ලියපු ලියුමෙ කෑලි.
“එයා තමයි පැතුම් අයියට ගැහුවෙ එයයි එයාගේ යාළුවො
ටිකයි.” කෙල්ල ඉකි ගගහ කියවනවා.
“අනේ අයියෙ මං මොකද කරන්නෙ? පැතුම් අයියට ගොඩක්
අමාරුද?....” වෙනුරය ඔලුවේ අතකුත් ගහගෙන මගෙ මුණ දිහා බලන ඉන්නවා.
“නංගි ඔයා දැන් කලබල නොවී ගෙදර යන්න. පැතුම්ට
අවුලක් නෑ. ඔයාට මොනා හරි දැනගන්න ඕනෙ නම් අපේ ඉස්කෝලෙ ළඟ තියෙන දොඩම් කඩේ අංකල්ව
කියන්න. එයා හරි හොඳයි බය වෙන්නෙපා.” මං එහෙම කීවම වෙනුරයාගේ ඇස් ගෙඩි දෙක උඩ
ගියා. ඒත් මොනවත් කීවේ නෑ.
“මචං මේ විදියට මෙයාව තනියම යවන්න පුලුවන්ද? ෆුල්
අවුල් වෙලානේ ඉන්නෙ. මං කියන්නම්. උඹ ගිහින් මෙයාව දාල වරෙන්. මං පතුමව බලන්නම්.”
වෙනුර එහෙම කීවම තමයි මටත් ඒක මීටර් වුනේ. බැරි වෙලාවත් අර හෝතඹුව එහෙම මගකදී
මුලිච්චි වුනොත් මේකිව කයි.
කෙල්ල එපා කියද්දීම මං එකිවත් එක්කගෙන තීවිල්
එකකට නැග්ග. ත්‍රීවිල් කාරය මං දිහා බැලුවෙ හරියට මං පාතාල නායකයෙක් ගානට. අයෙ
බොරු කියන්නෙ මොකටද? මමත් සෑහෙන්න බය වෙලා හිටියෙ. මේ වෙන දේවල් වල හැටියට ඊළඟට
කෙල්ලගෙ ගේ ලඟට ගියාම මට ඉර හඳ තරු සේරම පෙනුන.
කෙල්ලගෙ අම්ම පාරෙ. උඩ ඉන්න දෙයියන්නාන්සේල තිස් තුන් කොටියම සිහිපත් කරගෙන මං ත්‍රීවිල්
කාරයට සල්ලි දුන්න.
“දුව ඇයි මේ? මොකද වුණේ? ඔයා ලයිබ්‍රි ගියෙ
නැද්ද?” ඒ කටහඬ ප්‍රශ්න පත්තරයක්. මගෙ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා විනිවිද යන
බැල්මක් දැම්මෙ. මේ කෙල්ලත් දුවන් ගිහින් අම්මගෙ බෙල්ල බදාගෙන ඇඬුව මිසක් මොනවත්
කීවෙ නෑ.
“ඇන්ටි, ලයිබ්‍රි එක ළඟදී බයික් කාරයෙක් මේ නංගිව
හප්පන්න ආව. මෙයාව වැටුණ. මෙයා හොඳටම බය වෙලා ඉන්නෙ.” කොහෙන්දෝ කට්ට් ආව ගල් පැලෙන
පචයක් බොහොම තාත්වික විදියට මං කීව. කෙල්ල ගල් වෙලා වගේ බලන් ඉන්නවා. මේ වෙලාවෙ
මගේ සරීර සෞඛ්‍යය ගැන වැඩිපුර හිතන්න වෙනවනේ. නැත්තම් මටත් නතර වෙන්න වෙන්නෙ
පැතුමට එහා පැත්තෙ ඇඳේ තමයි.
“අනේ පුතේ ඒ මනුස්සය කවුද කියල දැක්කද?” පවු ඒ
ඇන්ටි හොඳටම බය වෙලා.
“නෑ ඇන්ටි බීපු මනුස්සයෙක් වෙන්නැති. මුණ දැක්කෙ
නෑ හෙල්මට් එක හින්ද.” කොහෙන් කටට එනවද මන්ද මෙච්චර පච. නොසෑහෙන ඉස්තුතියකුයි
නොසෑහෙන වර්නනාවකුයි අහගෙන පොලව පැලෙන්න කලින් එතනින් පැනගත්ත.
මං හිතේ දෙගිඩියාවෙන් ආපහු හොස්පිටල් එකට ගියා.
මං යනකොට වෙනුර පැතුම ළඟ. ගුටි කාපුවගෙ වේදනාවට වඩා පැතුමට තියෙන්නේ හිතේ වේදනාව.
පිස්සා වගේ කියවනව. බලා ඉන්නත් දුකයි.
“මට මෙහෙම වෙලා මදි බං. උඹ එදා කීව කතාව හරියට
හරි. මෙදා පාර මං කොටලා තියෙන්නේ කෙහෙල ගහකට. මේ පැතුම පරාදයි. කමක් නෑ. මං කරපුවට
විඳවන්නත් ඕනෙ බං.”
“වැඩිය හිතට ගන්නෙපා බං ඕව. දැන් ඉතින් ඉවරනෙ.
දැන් ඕව අතැරලා දාපන්. exam එකට මාස කීයද? සේරම අතැරලා දාල දැන් ඒ ගැන විතරක්
හිතපන්.” පුළු පුළුවන් හැටියට උගෙ හිත හදන්න අපි දෙන්න ට්‍රයි කළා.
“පුතා ඔයා මට විස්තරේ කීව වෙලාවෙ ඉඳන් මං හිටියෙ
කොල්ල ගැන ඇහැ ගහගෙන. ඒ හඬ තමයි කොල්ලව මෙහෙමවත් ගෙනාවෙ. මෙයා හැප්පිලා තියෙන්නෙ
එසේ මෙසේ උන් ටිකක් එක්ක නෙවෙයි. නාහෙට අහන්නැති සෙට් එකක් එක්ක.” අංකල්ගේ කතාවට
වෙනුර උඩ ගියා. ඌ මගෙ මුණ දිහා බැලුවෙ හරියට ඌට හොරෙන් මං උගෙ ආමාශය ගලෝගත්තු
ගානට.
මං කීව විදියටම කෙල්ල ඊළඟ දවසෙ උදේ මිකී අංකල්ගේ
දොඩම් කඩේ ලඟට ආව. අන්කල්ගෙන් පැතුම් ගැන විස්තර අහල තිබුන. පැතුම් ආයෙත් ඉස්කෝලෙ
එන දවස වෙනකල්ම ඒ ගෑනු ළමය දොඩම් කඩේට ආව. දවස් හතරකින් පැතුම් බැන්ඩේජ් සහිතව
ඉස්කෝලෙ ආව වෙනස් මිනිහෙක් වෙලා.
එදා ඒ නංගි ඔලුව උඩ තිබුන ලොකු ගලක් බිම තිබ්බ
වගේ සැහැල්ලුවෙන් හිනා වුණා.
“මේ කෙල්ල හින්ද තමයි බං මං අද හිතක් පපුවක් තියෙන
මනුස්සයෙක් වුණේ.” කොච්චර බර වාක්‍යක් වුණත් පැතුම ඒක කීවෙ බොක්කෙන්මයි.
“හොඳ හිතක් තියෙන කෙල්ලෙක්.” මේ කතන්දරෙන් පස්සෙ
එයා දුර ඉඳන් අපිත් එක්ක හිනා වුණා ඇරෙන්න කතා කරන්න ආවෙ නෑ.
ඔන්න
ඉවරයි.......
මුල් කොටස් බැලුවෙ නැද්ද?
ඔන්න යාලුවනේ කතාව නම් ඉවරයි. දැන් තියෙන්නෙ ඔයාලගෙ වාරෙ. මොකද හිතෙන්නේ කියන්න. සිදු වූ ප්‍රමාද දෝෂ වලට මගේ බලවත් කණගාටුව හොඳේ.
ටික දවසකට මධූ අතුරුදහන් වෙන්න යන්නෙ. කට්ටිය කලබල වෙන්න එපෝ.......
කතාව නම් හොඳයි නංගියෝ... තාත්විකයි. ඇත්තටම මේක වුනාද? අතුරුදහන් වෙනවා කිව්වේ....?
ReplyDeleteම්ම්.... මම දැනුවත්ව නම් නෑ. හැබැයි වෙලා ඇති. මේක නම් මගේ අදහසක්.
Deleteගොඩක් ස්තුතියි අයියේ.
ලියන්න වෙලාව හොයාගන්න අමාරුයි අයියෙ. ඒ හින්ද ඊළඟ පොස්ට් එකට ටික කාලයක් යාවි.
හ්ම්ම් තවත් එක අදර කතාවක් නොවේ හි හි හොදයි නේ වෙනසකටත් එක්ක පට්ටයි හොදේ කතාව
ReplyDeleteතැන්කු තැනකු. හැමදාම ආදර කතා එපානේ.
Deleteමෙහෙම තමයි කතාවක් බලන්න ඕනේ එක දිගටම බලන් ආවා. සුළු සුළු බිස්ටෙක් මගහැරගෙන ඊළඟ කතාව ලියමුකො.
ReplyDeleteකෝරලේ වලව්ව
තැනකු තැනකු කෝරලේ මහත්තයෝ. තව ටික දවසකින් බලමුකෝ......
Deleteසමහර කොටස් කියවන්න බැරි උනා. ඒ ටික හිමිහිට බලන්න වෙයි වගේ.
ReplyDeleteම්ම් බලන්නකො යාලු.
Deleteමධුව හෙන කම්මැලියෙක්... මෙහෙම ගියොත් වෙලාව කඩෙන් ගන්න වෙයි.
ReplyDeleteඅයියෝ..... මම හෙන කම්මැලියෙක් නම් නොවෙමි. පොඩි කම්මැලියෙක්මි. මේ දවස වල exam අනේ. ඒකයි . ඉඩක් ලැබෙන වෙලාවක ලියන්නම්කො.
Deleteහැපොයි ඉවර උනාද???????
ReplyDeleteඅපරාදේ..
කෙල්ලව කාට හරි සැට් කොරලම ඉවර කරානං තමා හොද...
ම්ම්............. හැමදාම ඕකනෙ වෙන්නෙ යාලු. වෙනසකටත් එක්ක මෙහෙම ඉවර කරන්න හිතුන. තැනකු හොඳේ.
Deleteඅත්තටම ගොඩක් ලස්සනයි ..විභාගෙ කියලා මතකත් නැතිඋනානෙ...
ReplyDeleteඅයියෝ.............. යාලු එපා............ වෙනවා. තැනකු හොඳේ.
ReplyDeleteඅහම්බෙන් දැක්ක බ්ලොග් එකක්..මේ කතාව කියවලා අනිත් කතා ටිකත් කියවලා තමයි නැවතුනේ ඔන්න.. :) ලස්සනයි යාළු..
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා යාලු. ආයෙත් එන්නකෝ.... තැන්කූ හොඳේ.
Deleteකලින් ඇවිල්ලා තිබ්බට අද තමයි හරියටම බැලුවෙ.
ReplyDeleteටිකක් වෙනස් ලස්සන කතාවක් මධු ඔක්කොම කියෙව්වා.
ගොඩක් ස්තුතියි යාලු
Deleteඅහම්බෙන් වගේ බ්ලොග් එකට සෙට් උනේ... මේ ටිකේ මං දාගෙන බ්ලොග් කියෝනව. වෙනස් ආරෙකට ගිය කථාවක් ගොඩක් හොදයි.
ReplyDeleteගදක් ස්තුතියි යාලු. ආයෙත් එන්න. කතා ටිකක් තියෙනවා.
Deleteඅනිවාර්යෙන්.. දිගටම ලියන්න මං දිගටම කියවනවා.
Delete