“අනේ මේ උඹ මගෙන් ජාතිය අමතව ගන්නැතුව කියපන්කො
කතාව.” කලන කෑගැහුවේ මුගේ අඩෝවැඩියාව අහල ඇති වෙලා.
“මේකනේ බං අර ගිය සතියේ මැත්ස් ක්ලාස් ඉවර වෙලා
එද්දී මං පෙන්නුවේ උඹට හුරුබුහුටි කෙලි පොඩිත්තක්. අන්න ඒකි වෙනුවෙන් තමයි මම මේ
සේරම දේවල් කලේ. මං අද ඒකිගේ ක්ලියර් බෑග් එකෙන් පොතක් පැහරගත්ත.
මම කිවුවට මමම
නෙවෙයි. වැඩේ කලේ අපේ නුවන. හැබැයි වැඩේ මාට්ටු. අපේ ඇති ධාවන ශුරි කවිත්ගෙ
පස්සෙන් එලෝපු සෙට් එකේ කෙල්ලෙක්ට තමයි මාට්ටු වුනේ. පස්සෙ මුන් ටික නුවන පාරෙ
එලෙවුව. මාත් ළඟ අහල පහලම හිටියෙ. උන්ට නොදැනෙන්න ෂේප් එකේ මං පොත ගද්දි ඒකත්
මාට්ටු. පස්සෙ මං පාරෙ එලෙවුව. එවෙලේම තමයි දෙයියෙක් වගේ උඹව දැක්කෙ.
පස්සෙ මගෙ අති සුපිරි මොලේ වැඩ කරන්න පටන් ගත්ත.
එදා වෙනුරයාගෙන් නෝට් එක ලියාගන්න ඉල්ලගත්තු පොතත් තිබුනෙ මගෙ අතේ. අරකිගේ පොතෙයි
මුගේ පොතෙයි පිට කොළත් එක වගේ. ඉතින් මට ආව කැප්ටන් කුල්ට වගේ කුල් අයිඩියා එකක්.
ඉතින් මං උන්ට පෙන්නම උඹට වෙනුරයගේ පොත දීල පැන්න.
අර කෙලි පොඩිත්තගේ අති පණ්ඩිත යාලුව උඹ පස්සෙනුත්
ඇවිත් වැඩේ නා ගත්ත. එක ගලයි කුරුල්ලෝ දෙන්නයි.”
යකෝ මේක තමා දවසකටවත් මිනිහ. මං පාරෙ එලවන්න ගිහින් චාටර් උණු හැටි අහල අපේ
උන්ට පැලෙන්න හිනා.
“දැන් එතකොට කෝ ඔය කියන වටිනා පුස්තක රත්නය.?”
වෙනුරයත් ඉඳල ඉඳල වැදගත්ම ප්‍රශ්නේ ඇහුව.
“ආ.... ඒකද? මේ තියෙන්නෙ. මේක හෙට ගානට අදාළ
පුද්ගලියට බාර දුන්නම මං ගොඩ.” හතර මහා නිධානෙ හම්බුනා වගේ මූට.
බඩ බැඳගෙන ඉන්න යාලුව වුනත් මට නම් එවෙලේ පැතුම
ගැන ඇති වුනේ මාර කලකිරීමක්.මූ හිතාගෙන ඉන්නෙ කෙල්ලො කියන්නෙ සෙල්ලම් බඩු කියල.
දකින දකින එකීට ටෝක් කරන්න. ඒ අහිංසක කෙල්ලත් මූට තවත් එක් කෙල්ලෙක් විතරයි. මං නොදන්නවයි මුගේ කැරැට්ටුව. මුගෙ දෙකේ පන්තියේ
වැඩ වලට මාවත් ගෑවුන ඒක තමා කණගාටුවට කාරණේ. ම්හ්. ගෙදර ගියා නෙවෙයි යැවුන. මුන්ගෙ බර කරත්ත වැඩ හන්ද මගෙ අහිංසක මනසත්
විකෘති වෙනවා.
යාන්තං එලි පහන් කරගෙන පුරුදු විදියටම නමට එක
දාගන්න පිටත් වුණා. ඉස්කෝලේ තියෙන්නෙත් මහා ලොකු දුරක නෙමේ හන්ද පරක්කු නොවුනොත්
බස් එකක් දිහා ඇහැක් ඇරල බලන් නෑ. අද නම් එලියට බැහැල තියෙන්නේ රාහු කාලෙ පන්නලද
කොහෙද? පැහැපත් කාලගුනයක්. කිවුවට මොකද මොන ගිනි ගෙඩියක් පාත් වෙයිද දන් නෑ.
හුරුපුරුදු මුණත්තහඩුවක් වගේ...... අඹ ගහේ ජම්බු.
මේ අපේ කැප්ටන් කූල්ගේ හුරුබුහුටි කෙලි පොඩිත්ත නේද?
“ගුඩ් මෝනිං අයිය,” ඊයේ මුණ අටපට්ටම් කොරගෙන මගෙ
පස්සෙන් එලොපු එකීට මෙච්චර සිරියාවන්ත විදියට කතා කළැකිද මං අහන්නේ?
“ඊයේ අපට පොඩි වැරදීමක් වුනේ. ඒකට සමාවෙන්න. මේ
මගෙ යාලුවගෙ පොතක් ඊයෙ නැති වෙලා. එයා ගොඩක් අප්සෙට් වෙලා ඉන්නෙ. අද exam එකකුත්
තියෙනවා. මෙයාට පාඩම් කරන්නවත් විදියක් තිබුණ නෑ.’
මේකා කොරල තියෙන්නේ ආත්ම ගානක් අපා ගත වෙන
වැඩක්නේ. පව් අප්පා.
“ආ... ඒකට කමක් නෑ නංගි. මිනිස්සු අතින්නෙ වැරදි
වෙන්නේ. ඔයාගේ පොත ගත්තෙ කවුද කියල දන් නැද්ද?”
පොඩි පණ්ඩිත කතාවකුත් එක්ක මමත්
මොනවත් නොදන්න බබා වගේ කිවුව.
“නෑ අයියෙ, කවුරු උනත් පිස්සෙක්ම තමයි ඔහොම වැඩ
කරන්නෙ. ජරා වැඩ. එයාට ආයෙ පාඩම් කරන මොනවත් මතක තියෙන එකක් නෑ. ....”
මේ විදියට
පටන් ගත්ත දෙස් දෙවොල් තිබිල්ල මට එච්චරම ඇල්ලුවෙ නෑ. මුන් ටික සීනිගම දෙවාලෙත්
යයිද මන්ද පැතුමට සීනි අඹරන්න.
“මෙතනින් පැනගනින්. මේ නම් හොඳ පොටක් නෙමේ.....
මුන් හදන්නෙ උඹව ගොනාට අන්දන්න.” ඔය ටික කිවුවෙ මගෙ හිත. මාත් ටිකක් බනින්න සෙට්
වෙලා ඉඳල යන්තම් ෂේප් වෙලා පැනගත්ත.
“අහෝ.....! මං සිහිනෙන්වත් නොසිතුවෙමි ඒ මාගේ
අවසාන නින්ද බව.”
වෙනුරය ඔහොම ක්යාගෙන පන්තියට ආවෙ බෙල් එක ගහන්න ඔන්න මෙන්න
තියෙද්දී. නිදහසේ බුදුන් වඳින්නවත් මුන්ගෙන් ඉඩක් නැති හැටි. මූ හීනෙන් කියෝනවද
නැත්තම් වේදිකා නාට්‍යකට දෙබස් පුරුදු වෙනවද කියන උබතෝකොටික ප්‍රශ්නෙට උත්තර
හෙවුවේ පන්සිල් ගන්න ගමන්.
“මොනවද බං කියවන්නෙ? අද ඇඳේ මොන පැත්තෙන්ද
නැගිට්ටෙ?”
“ඇඳ යටින් බං.”
“අඩේ බං ඒ මොකද ඒ/”අද වෙනුරය දවසේ තරුව වෙලා.
කට්ටියගෙන් ප්‍රශ්න ගොඩයි.
“පාන්දර පහට විතර මගෙ ඇදේ පොලු ටික කඩාගෙන මාත්
එක්කම වැටුන බං.” කට්ටිය බඩවල් අල්ලගෙන හිනා.
“මචං කවිතය පොඩ්ඩක් වරෙන්කො.” පැතුම කතා කරපු
විදියට නම් සීරියස් කේස් එකක් වගේ. කොහෙද වනුරයගේ ඇඳ හන්ද උදේ කතන්දරෙත් කියන්න
බැරි වුනානේ. වැඩේ කියන්නෙ මං කියන්නත් කලින් මූ හැම දේම දන්නවනේ. රහස් පොලිසියෙ
එහෙම මෙහෙම එකෙක් හිටිය නම් කට්ටියට දෙයියන්ගේම පිහිටයි.
“අද මං ගේමට බහිනවා බං. කෙල්ලට අද හවස ක්ලාස්. උඹ
එහෙම පැත්ත පලාතෙ එන්නෙපා හරිද?”
“යකෝ දැන් ඕක උඹ දෙන්න ගියොත් මාට්ටුනෙ. අර
කටකාරි උඹව අදුනගනී. දන්නවනේ උන් ටික සිකුර්ටි ගාඩ්ල වගේනෙ.”
“ඒ මී හරකො මොනව පුළුවන් වුණත් උඹේ සාමාන්‍ය
දැනීම නම් බින්දුවයි. මං ඒකිට සෙනෙහෙ කොලයක් ලිවුවා. ඒක දෙන්න පොටක් මේ පාදගත්තේ.”
“කියපන් බලන්න උඹ ඕකි ගැන මොනවද දන්නේ? මං උඹට මේ
සිරාවටම කියන්නෙ ඔය සෙල්ලං දාන්න ගිහින් උඹට කන්න වෙන්නෙ හොදි නැතුව හරිය? දැන් උඹ
කොහොමද ඕක දෙන්න හිතාගෙන ඉන්නෙ? උඹ මට ඒක දෙනවා උන ටික දැක්කනේ. ”
“ඕවත් ප්‍රශ්නද බං මට. උඹ ඉතින් දන්නවනේ මං ගැන.
වැඩිය හිතන්නෙපා බං එන එන හැටියට ගහ උළුවස්සා.”
ඒ ගොනාට කියනවට වැඩිය හොඳයි මගේ කට ගලක
උලාගන්නවා. මේකෙන්වත් පාඩමක් ඉගෙන ගන්නේ නැතැයි. කොට්ටෝරුව මොන මොන සෙල්ලම් දැම්මත් කෙහෙල් ගහට
කොටපු දාට හොට පැටලෙනවා කියන්නේ කට කහනවටයැ. ඕනේ මගුලක් කරගත්තදෙන්.
අර
අහිංසක කෙල්ල පව්. මේ පාපකර්මෙට මටත් සම්බන්ද වෙන්න වුනානේ. ශික්. කළු ගලක ඔලුව
ගහගන්න හිතයි.
මගෙ
ඔලුවත් නිකම් බේරේ වැව වගේ. සේරම කුණු කන්දක් මේක ඇතුලේ. මේ ටික කොහාටවත් ට්‍රාන්සර්
කරන්න තිබුන නම්. මං දහ අතේ කල්පනා කළා.
සැ යු: එදා පොඩි අතපසු වීමක් වුණා. කතාවට තව කොටසක් වැඩි වුනානෙ. මධුට ගණන් කරන්න පුළුවන් හොඳේ.හී.... හී............
කෙල්ලො කැමති චාටර් කොල්ලංට තමා..
ReplyDeleteවිසේසයෙංම ඉස්කෝලෙ යන කාලේ...
ඔයා වැරදී යාලු. ඊළග කොටසෙන් හමුවෙමුකෝ.
Deleteමල් මල් වයසේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ සිතුම් පැතුම් මැනවින් විද්‍යමාන වෙනාවා මේ කතාවෙන්..
ReplyDeleteගොඩක් ස්තුතියි ඔයාට.
Deleteදඟකාර යෞවනය.. මැනවින් සිත්තම් කරලා....සාර්ථයි !!!
ReplyDeleteකොටස් වශයෙන් ලියද්දිසමර්ථ කථාව වගේම ඒ කොටසේ රසය ගැනත් චුට්ටක් හිතන්න.... හැම කොටසකටම යම් විශේෂ සිදුවීමක් එකතු කරන්න .. කථාව අවසානයට කුතුහලයක් ඉතුරු කරන්න.. ඒතකොට ඔයා තවත් සාර්ථකයි....
ගොඩක් ස්තුතියි අයියෙ. ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.
Deleteඅයියෝ ඔයා ෂෝයි කතාවක් කෑලි කෑලි වලට කලානේ හි හි කමන් නෑ කමන් නෑ ඉලග එකත් ඉක්මනට දාන්නකෝ
ReplyDeleteකෑලි කලේ නැත්තම් මේක බලන්න බෑ අනේ.
Deleteපළවෙනි කොටසත් කියවලාම එන්න වෙනවා.
ReplyDeleteම්ම් කියවල එමුකෝ.....
Deleteමී ගොඩයා කියපු එක තක්කෙටම පිළිපැද්ද නම් අදහෙටම ඔයා සාර්ථක වේවි
ReplyDeleteම්ම් යාලු. උත්සහ කරනවා.
Delete