යට ගිය දවස එකදාස් නවසිය අනු එකක් වූ
වප් මස අට වැනි දින G.අක්බර් උපත ලැබීය. ඔහු H.ජෝදා වන මට වඩා හරියටම සති තුනකින් වැඩිමහළුය. එකම නගරයේ එකම
ආණ්ඩුවේ ඉස්පිරිතාලයේ අපි උපත ලැබුවෙමු. කතාව පටන් ගනු ලබන්නේ මෙලෙසය. මට ඔහුව හමු
වන්නේ මීට වසර සෑහෙන ගානකට පෙර අපි පාසලේ අපොස සා.පෙ පන්තියේ ඉගෙනුම ලබන දිනවලය. (එසේ
නම් දැන් ඔබට ගණන සාදා ගත හැකි වනු ඇත.)
Wednesday, October 7, 2015
Thursday, October 1, 2015
අභිරහස් අකුණු සැරය. (අවසානය)
මුල් කොටස මගහැරුනා නම් මෙතනින් යන්න.
ඒත් සමගම දෑස නිලංකාර වන නිල පැහති ආලෝකයක් එක්වරම මා ඉදිරියෙන් දිස් විය.
ඒත් සමගම දෑස නිලංකාර වන නිල පැහති ආලෝකයක් එක්වරම මා ඉදිරියෙන් දිස් විය.
ප්‍රතිසංස්කරණය කර තිබු පහත මහලේ සියලුම
දොරවල් සහ ජනෙල් මහා හඬින් වැසී අගුලු වැටුනේ නිමේෂයකිනි. මම භීතියෙන් ඇලලී
ගියෙමි. කුමක් කරන්නද කියා සිතා ගත නොහැකි විය. මගේ සිත අනේකවිධ සිතුවිලි
සමුදායකින් පිරි ගියේය. ඊළඟ මොහොත පිළිබඳව අවිනිශ්චිත හැඟීමක් මා තුල විය. තවත්
කිසිවක් සිතන්නට ඉඩ නොතබා අදිසි හස්තයක් විසින් මා ක්ෂණයකින් බිම ඇද දමනු ලැබීය.
මා ඇද වැටුනේ මගේ වම් පසින් තිබු ගලින්
නිම කල පැතලි පුවරුවක් පාමුලටයි. මගේ හිස මදක් කරකැවෙන්නට විය. දෑසද බොඳ විය. නමුත්
මම ඉතාම හොඳ සිහියෙන් සිටියෙමි.
අභිරහස් අකුණු සැරය
වැහි බර කාලගුණය ඒ සවස් යාමයට එක් කලේ
චමත්කාරජනක සුන්දරත්වයක් නම් නොවේ. හෙමින්
හෙමින් පා වී ආ කළු වලාකුළු තවමත් මා ආගන්තුක වූ ඒ පැරණි මන්දිරය ගිල ගනිමින්
තිබිණි. වර්ෂාවේ සොඳුරු බව නිබඳවම අත් විදීමට කැමති මා සිත, ගතට දැනුනු සීතලද විඩාවද
පසෙකලා ඒ සඳලු තලහිම මා රැඳවීමට වග බලා ගත්තේය.
මා රැඳී සිටි අර්ධ වෘත්තාකාර තෙමහල්
ගොඩනැගිල්ලට ඉදිරියෙන් නැගී සිටියේ මෙම ගොඩනැගිල්ල වැසී ගත් අති විශාල සිව් මහල්
ගොඩනැගිල්ලකි. ඒ මද්‍යයේ ඇති ගෙමිදුලක් වැනි වූ සුදු වැලි අතුරා තිබු බවට සාධක ඇති
ඉඩ ප්‍රමාණය එකල කුමක් සඳහා භාවිතා කලේ දැයි වටහා ගැනීමට මට නොහැකි විය.
Subscribe to:
Posts (Atom)