Wednesday, October 4, 2017

දුර්ග චාරිකා ...(ඇගේ අවසාන සටහන)

පෙර කොටස් වලට

දුර්ග චාරිකා... (ඇගේ සය වන සටහන)
දුර්ග චාරිකා... (ඇගේ පස් වන සටහන)


එය කිසිවෙකුත් නැති පාලු මුසල ස්ථානයක් බව ප්‍රධාන දොරටුව අසලදී අපිට වැටහිණි. නමුත් විශාල කුනාටුවකට පෙර ඇති නිහඬ බවින් අපේ සිත් සසල වී තිබිණි. අප ඉක්මන් කල යුතු විය. පිටින් දුටුවාට වඩා එම ගොඩනැගිල්ල විශාල විය. ඊළඟ විනාඩි පහලව ඇතුලත අප නැවත පැමිණිය යුතුය.  අපි ගියෙමු. 

ආරක්ෂකයා කියූ පරිදි පඩිපෙළ නැග්ගෙමු. දෙවන මහලට පිවිසෙනවාත් සමගම මගේ වම් පසින් සිටි පැහැසර කිසිවෙකු විසින් අල්ලා ගනු ලැබිණි. මම අත තිබු ගිනි අවිය ක්‍රියාත්මක කලෙමි. ඉන් එක උණ්ඩයක් නිකුත් විය. ඒ සමගම මා අත තිබු ගිනි අවිය විසි වී ගියේ මගේ පිටුපසින් සිටියකුගේ පා පහරකිනි. පසුව මගේ ගෙල ප්‍රදේශයෙන් ඉතා සියුම් වේදනාවක් දැනිණි. එපමණය. මා සම්පුර්ණයෙන්ම අඩපන විය. 

Friday, September 29, 2017

දුර්ග චාරිකා... (ඇගේ සය වන සටහන)


පහුගිය කොටස් වලට 
දුර්ග චාරිකා... (ඇගේ පස් වන සටහන)

දුර්ග චාරිකා... (ඇගේ සිව් වන සටහන)

“හැම මනුස්සයෙක්ගේම පැති දෙකක් තියෙනවා. පුංචි කාලේ ඉඳන් තමන් ජීවත් වෙන වටාපිටාවත් එක්ක තමන්ගේ එක පැත්තක් වර්ධනය වෙනවා. හැඩ ගැහෙනවා. මට ඕනේ ඒ විදියට එක පැත්තක් වර්ධනය වුනු අය නෙවෙයි. මේ දැන් ඉන්න ඔයාල වගේ අය. දැන් ඔයාල මෙහෙට ආව දවසේ හිටපු අය නෙවෙයි. එක ඔයාලට පිළිගන්න සිද්ද වෙනවා. එහෙම නේද? ඔයාල සම්පුර්ණයෙන්ම වෙනස්. හැබැයි ඒ වෙනසට මම ගොඩක් කැමතියි. එක තමයි අවශ්‍ය. ම්ම්... ඔයාල ආවේ කොහෙන්ද? මට මතක නෑ. සිම්රන්?”සර් ජේම්ස් සිම්රන් වෙත හැරුනේය.

ඔහුට පසෙකින් සිටගෙන සිටි සිම්රන් තම අතින් කිසිවක් සන් කළේය.

Tuesday, September 26, 2017

දුර්ග චාරිකා... (ඇගේ පස් වන සටහන)



පහු  ගිය කොටස් වලට 

“කැමතිද ගොළු භාෂාව ඉගෙනගන්න. ඔයාගේ අකමැත්තක් නැත්තම් මං ඒකට උදව් කරන්නම්.”

 එසේ පැවසුවේ අප සමග සිටි ඉන්දියානු ජාතික ආලියා යි. නමුත් ඇය කිසිම විටෙක සිම්රන් සමග කතා බස් නොකලාය. ඇත්තෙන්ම මම පුදුම වීමි. කෙසේ නමුත් මා ඇගේ යෝජනාව ඉතා සතුටින් පිළිගත්තෙමි. ඇය ආභාදිත ළමුන් සිටින පාසලක ගුරුවරියක් ලෙස මාසකිහිපයක් කටයුතු කර තිබිණි.  මා ඇගෙන් ගොළු බස උගත්තෙමි. ඉතා ඉක්මනින් අත්‍යවශ්‍යදෙවල් මතක තබාගත්තෙමි. දෙසතියකින් පමණ මම ගොළු බස හැසිරවීමෙහි තරමක් දක්ෂ වීමි. සිම්රන් ඒ ගැන ඉතා සතුටට පත්ව සිටියාය. මම ඇය සමග සිත් සේ කතා බහ 
කලෙමි.

නමුත් අනතුරුදායක වන කිසිවක් ඇගෙන් නොවිමසා සිටීමට වග බලා ගත්තෙමි. හුදෙක්ම මාගේ මානසික සන්තුෂ්ටිය උදෙසා එසේ කලෙමි. ඇය මගේ සොයුරියක් බව හැඟෙන තරමට ඇය මා වෙත සමීප වුවාය. මගේ සිතේ ඇති පීඩනය වටහා ගත්තාය.

Tuesday, September 19, 2017

දුර්ග චාරිකා... (ඇගේ සිව්වන සටහන)



මුල්  කොටස් වලට මෙතනින් යන්න.




ඇත්තෙන්ම මට මතක එපමණය. මා නැවත දෑස විවර කලේ මට ආගන්තුක වූ කුටියකයි. බටහිර චිත්‍රපට වල මා දැක ඇති සිර මැදිරියක් බඳුවිය. කුඩා ප්‍රමාණයේ කුටියක් වූ එය ඇඳක් ජල කරාමයක් හා වැසිකිලියකින් පමණක් සමන්විත විය. යකඩ දොරටුවක් සහ දොර මද්‍යයේ කුඩා විවරයක් විය. එය ආහාර ලබා දීම සඳහා සකසා තිබිණි. කුටිය මද්‍යයේ කුඩා විදුලි බල්බයක් දැල්විණි.  එමෙන්ම මගේ ඇඳට මුහුණලා පුළුල් තිරයක් තබා තිබිණි. සිහි එලවා ගැනීමට මට මද වෙලාවක් ගත විය. සිදු වුයේ කුමක්ද? මා මෙහි පැමිණියේ කෙසේද? මා සැත්කම් පිහිය මගේ හෙදියගේ ගෙලට තබනු ත් ඇයගේ වචනත් මගේ මතකයට පැමිණියේය. නමුත් ඉන් පසු කුමක් සිදු විනිද? මට මතක නැත. මම දැඩි ලෙස එම අවස්ථාව මතකයට නගා ගැනීමට වෙහෙසුනෙමි. එහෙත් මා ඒ කිසිවක් නොදනිමි. මම කෑ ගසා කතා කලෙමි. නමුත් කිසිවෙකු පැමිනියේ නොවේ.

ආහාරත් ජලයත් සපයනු ලැබිණි. නමුත් කිසිවෙකු නොපැමිණියේය. දොරේ තිබු විවරයෙන් කිසිවකුගේ අතක් පමණක් මට දැක ගත හැකි විය. ඒ හැම විටම මම කෑ ගසා ඔවුන්ට කතා කලෙමි. නැත. මට කිසිවෙකුගෙන් පිළිතුරු නොලැබිණි.


Friday, September 15, 2017

දුර්ග චාරිකා... (ඇගේ තෙවන සටහන)




මුල්  කොටස් වලට මෙතනින් යන්න.



මුල්ම පියවර තැබුවේ ලී සියෝල් ය. ඇය මහාචාර්ය ඩේවිඩ්ගේ සහායකයකු වූ එක තරුණයෙකු සමග කතා බහ කොට ඇගේ නිවසේ ලිපිනය ලබා දී උදව් අවශ්‍ය බව නිවසට ලිපියක මාර්ගයෙන් දැනුම් දෙන ලෙස පැවසීය. ඔහු මදක් කලබලයට පත් වුවත් එය අන් අයට නොදනෙන ආකාරයට වග බලා ගැනීමට සියෝල් සමත් විය. සියෝල් ගේ සොහොයුරා චීන රජයේ රහස් නියෝජිතයෙකි. එනිසා ඔහුට මේ සම්බන්දව ක්‍රියා මාර්ගයක් ගත හැකි වේ යයි අපි තදින්ම් විස්වාස කළෙමු. තවත් පුංචි බලාපොරොත්තුවක් අප සතු විය.
දෙදිනක් අවසානයේ නැවතත් මුහුණ දීමට සිදු වුයේ අප කිසිසේත් නොසිතු තත්වයකටයි.
 
ලී සියෝල්ගේ සොහොයුරා සේවයේ යෙදී සිටියදී හදිසි ගින්නකින් මිය ගොස් සිටියේය. මේ සිදුවීම සැල වීමත් සමග මා වචනයෙන් විස්තර කල නොහැකි අන්දමේ මානසික ඇද වැටීමකට ලක් විය. සිතට එක වරම පැමිණියේ ආකාශ්ගේ පෙම්වතියගේ සිදුවීමයි.

Monday, September 11, 2017

දුර්ග චාරිකා ... (ඇගේ දෙවන සටහන)




පළවෙනි  කොටස බැලුවේ නැත්නම් මෙතනින් යන්න.

දින සති වෙමින් සති මාස වෙමින් තුන් මසක් පියඹා ගියේ අපටත් හොර රහසේමය. ඒ වන විට ඇමතුම් ලබා ගැනීමේ පහසුව තුන් වතාවක් අපි ලබා ගත්තෙමු. සිර ගෙයක් බඳු වුවත් අපි ඒ සඳහා ටිකින් ටික හුරු වීමු. නිර්දේශිත ආහාර ලබා දවස පුරා නිල ඇඳුමකට සිර වී ගෙවූ දිවිය ඒකාකාරී වුවත් අලුත් මිතුරන් සමග එය රිසිව බෙදා හදා ගන්නට විහිලු තහළු කරන්නට ගී ගයන්නට අපි ඉබේම හැඩ ගැසුනෙමු. මොහොතකින්  වෙන්ව ගිය ජේම්ස් ටීම්හි සාමාජිකයින් මේ දක්වාත් දකින්නට නොලැබිණි.

දුක සැප බෙදා ගන්නට ඉතාම හොඳ මිතුරෙකු ලෙස මා ළඟ සිටියේ පැහැසර පමණක්මය. ඔහුටත් එසේමය. උදැසන අවදී වන විට හිරු පායන සුන්දර දසුනක් මගේ කුටියේ ඇති පුළුල් තිරය ඔස්සේ මේ දක්වා මම අත්වින්දෙමි. එකිනෙකට වෙනස් දසුන් පෙළක් දැක ගන්නට හැකියාව ලැබුණි.අප බාහිර පරිසරය අත්වින්දේ එලෙසිනි. මේ තාක් කල් මා එහි ප්‍රධානීන් ලෙස දැන උන්නේ සර් ජේම්ස්, සර් ස්ටුවර්ට් සහ ඩොක්ට ජෙසී පමණි. අපි ඔවුන්ගෙන් දහස් ගණන් ප්‍රශ්න අසුයෙමු. නමුත් අපට ලබුනේ එකම පිළිතුරකි.

Thursday, September 7, 2017

දුර්ග චාරිකා... ( ඇගේ පළමු සටහන)



මේ සියල්ලේම නිමාවද එසේත් නැති නම් ආරම්භයදැයි නොදනිමි.  ජීවිතයේ එක් කඩයිමකට පැමිණ ඇති බව පමණක් වැටහේ. ගෙවී ගිය වසර කිහිපය නැත කල්ප කිහිපය කෙසේ කෙලවර වුවා දැයි තිස් තුන් කෝටියක් දෙවියන් පවා නොදන්නවා ඇත. පොළොවේ පයගසා ජීවත් වන ඇට මස් ලේ නහර වලින් සැදී මවු කිරි තොල ගෑ දෙදෙනෙක් පමණක් ඒ පිළිබඳව සාක්ෂ්‍ය දරනු ඇත. ඒ මම සහ ඔහු පමණක්මය.

මම මම වනබවවත් ඔහු ඔහු එන බවවත් පිලි ගැනීමට තරම් චිත්ත ධෛර්යයක් නොතිබූ බව අපට අමතක කල නොහැකිය. බිලියන ගණන් ජීවීන් ජීවත් වන මේ ලෝකය තුල ඔහුත් මමත් තනිව ඇත. කවදා හෝ මෙය කියවන ඔබ මටත් මගේ ජීවිතය හා බැඳී සියල්ලටත් සාක්ෂ්‍ය දරනු ඇතැයි විස්වාස කරමි.

2032/6/23 මා ශ්‍රී ලංකාවේ පිළිගත් විශ්ව විද්‍යාලයකින් විද්‍යා විශේෂ උපාධි ධරිනියක ලෙසපිට වීමි. මගේ පලමු රකියාව පර්යේෂණ සහායිකා තනතුරක් ආචාර්ය ජේම්ස් කෝෆිල්ඩ් යටතේ. සර් ජේම්ස් හැර  සාමාජිකයින් දස දෙනෙකුගෙන් සමන්විත ජේම්ස් ටීම් හි මා හට පැවරුනේ  ගණිත අංශය හා පරිගණක අංශයේ කටයුතු සම්බන්දීකරනය කිරීම හා ඊට සමගාමීව සැලසුම් සකස් කිරීමයි. එකිනෙකට වෙනස් විෂයයන් යටතේ විශිෂ්ටත්වයට පත් වූ අවුරුදු 25ත් 30ත් අතර ප්‍රවීනයින් ජේම්ස් ටීම්හි ප්‍රධාන සාමාජිකයින් ලෙස එක් වී සිටියහ. නමුත් ජීව විද්‍යා අංශයේ වෙනස් පැතිකඩ හැදෑරුවන් කෙරෙහි සර් ජේම්ස් විශේෂ උනන්දුවක් දැක්වීය.

Monday, March 20, 2017

ආදීගේ දුක සහ කුරුල්ලන්ටත් එන්ජින්.



කොහොමද යාලුවනේ? ඉස්කෝලේ දඟයෝ ටික නිසල ගං දිය පාලු වෙන්න කොහෙත්ම ඉඩ දෙන්නේ නෑ. මධුට ලියන්න ගොඩක් දේවල් ඉතිරි කරනවා. අද කියන්න යන්නේ 8 වසරේ දඟයෝ ගැන.

ධ්වනිය කියන්නේ 8 වසර පලවෙනි වාරේ අවසාන පාඩම. එකේදී අපි උගන්වනවා හඬ නිපදවන ක්‍රම සහ සංඛ්‍යාත වෙනස් කරන ක්‍රම. මුලින්ම අපි පටල කම්පනය ඉගෙනගන්න බැලුම් බෝලයක් කපලා ප්ලාස්ටික් කොප්පෙකට දාල පුංචි බෙරයක් හැදුව. බැලුන් පටලයේ ඇදීම වැඩි කරලා සංඛ්‍යාතය වෙනස් කළා.

Tuesday, March 14, 2017

සමනලියේ.... එපා නුඹේ තටු සිඳෙන්න.




විසල් වුනු නුඹෙ නෙතු සඟල මත කඳුළු දැක නෑ කාලෙකින්
බියෙන් සැකයෙන් වෙලුනු නුඹෙ වත පුබුදුවන්නේ කොයිලෙසින්
පුංචි සන්දියෙ විඳින ඔය දුක් වැඩියි නුඹ හට මහ බරින්
අහිංසක නුඹ විඳින දඬුවම් නිමාවන්නේ කොතැනකින්

Image result for poor girl
සඳු ද අහිමිව හිරු ද අහිමිව නුඹේ ලොව මහ පාලුවෙන්
පේන තෙක් මානයකවත් නැත අඳුර දුරලන එලි පහන්
කටුක බස් ගෙරැවුම් රැවුම් පමණක්ම නුඹ ළඟ නවතිමින්
සතුට සැමවිට පලා යයි නුඹෙ නෙතු මානයෙන් ගිලිහෙමින්

Thursday, March 9, 2017

ජලයේ ප්‍රයෝජන...(6 වසරට විශේෂයි.)



“ජලය ස්වභාවික සම්පතක් ලෙස” හරිම ලස්සන වැදගත් පාඩමක්. මේක තියෙන්නේ 6 වසර විද්‍යාව පොතේ. ලස්සන පුංචි පරීක්ෂණ ටිකක් එක්ක 6 වසරේ මගේ පුංචි යාලුවන්ට මම මේ පාඩම කරගෙන ගියා. දැන් යන්නේ පාඩමේ අන්තිම හරිය.

 එ කියන්නේ ජලයෙන් ඇති ප්‍රයෝජන.

“දැන් පුතේ අපි පොඩි වැඩක් කරමු. මන් ඔයාලට අවස්තාවක් දෙනවා බෝඩ් එකේ ලියන්න අපිට ජලයෙන් ලැබෙන ප්‍රයෝජන. ඔයාලගේ ලස්සන අකුරු වලින් ලියන්න බලන්න.”

Wednesday, March 1, 2017

ළමයි... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම





ඕනෙම වැඩක් කරන්න ගියාම අපිට පලවෙනි වතාවක් ලැබෙන්නේ එකයිනේ. මමත් ගියා මගේ එක අලුත් පන්තියකට. මේ 8 වසර පන්ති දෙකෙන් එකක්, 8 B.  පලවෙනි දවස මගේ හිතටත් පොඩි චකිතයක් තිබුන. ළමයින්ගේ මුණු වල නම් චකිතයට වඩා තිබුනේ කුතුහලයක්. එයාලට මන් අලුත් වුනත් මමත් තවත් එක් ගුරුවරියක් විතරයිනේ. 

මම පන්තියට ඇතුළු වුනා. ළමයි හැමෝම නැගිට්ටා. මට හැම කෙනෙක්ගෙම මුණු පේනවා. කිසිම කෙනෙක් වෙන වැඩ කරන්නේ නෑ. හැම ඇස් දෙකක්ම මාව නිරීක්ෂණය කරනවා.

“ආයුබෝවන්. හැමෝම වාඩිවෙන්න.”

Sunday, February 26, 2017

ආයුබෝවන්... නිසල ගං දිය...



ආයුබෝවන්... නිසල ගං දිය...

අපි හිතනවටත් වඩා බොහොම ඉක්මණට කාලය ගත වෙලා. මධු මේ පැත්තේ ආවේ නැති කාලය අවුරුදු වලින් ගණන් කරන තරමට කාලය ඉගිලිලා. ඇත්තටම අපේ කාර්යබහුල බව අපිට අපි කවුද කියන කාරනේත් අමතක කරවන්නටත් සමත් වෙලා කියල මට හිතෙනවා.

හරි කොහොමවුනත් පහු ගිය කාලය ගැන පොඩි විස්තරයක් කීවොත් හොඳයි කියල හිතුන. මධු ලියන්න පටන් ගන්නකොට විශ්ව විද්‍යාල සිසුවියක්. ඉන් පස්සේ රැකියා විරහිත උපාධිදාරී තරතුර දැරුව මාස හයක් විතර. ගෙදරට වෙලා ඉඳල එපා වෙලා යන්තම් ජොබ් එකක් සෙට් කරගත්ත පෞද්ගලික අංශයේ. හරියට යකා බැඳගත්තා වගේ. ගෙදරින් උදේ පාන්දර 5.30 ට වගේ කරුවලේ ගිහින් රැ 8.00 විතර වෙද්දී යාන්තම් ගෙදරට සේන්දු වුනා. මාස 8ක් විතර ඔහොම ගෙවිල ගියා. මධුට සසර කලකිරිලා වගේ හිටියේ.
Related Posts Plugin for WordPress, Blogger...