මිනිස්සුන්ගේ ජීවත මහා පුදුමාකාරයි. කොයි වෙලාවේ
මොනවා වෙයිද කියල හිතාගන්නවත් බෑ. මේක කියවලම බලන්නකෝ. මේකෙත් නම් ගම්
මනඃකල්පිතයි. හැබැයි ඇත්ත කතාවක්.
සුජාතා තමයි මේ කතාවේ කතා නායිකාව මං හිතන්නේ. මං
හරිද කියල ඔයාල තීරණය කරන්න. සුජාතා බැන්දේ ලයනල්. දෙන්න සතුටින් ජීවත් වුනා. කල්
යද්දී එයාලට දරුවෝ ලැබුන. වැඩිමල් පුතා නිසල්. මද්දුම දුව සුරංගි. බඩ පිස්සි
නිරෝෂිනී. ඒ කැදැල්ලේ සතුට වැඩිකල් රැදුනේ
නෑ.