ගොඩක් දවසකින් මොනවත් කුරුටුගාන්න බැරි වුනානේ.
ඔන්න ඉතින් අද මට පරණ සිද්දියක් මතක් වුණා. මේකත් අර අයියෝ මගෙ පේපර් එක (බැලුවෙ නැත්තම් බලන්නකෝ) වගේ මගෙ
මැටි වැඩක් තමයි.
හත වසරෙදි අපේ පන්ති බාර හිටියෙ හරිම සිරියාවන්ත
හොඳම හොඳ ටීචර් කෙනෙක්. මං ගොඩක්ම කැමති චරිතයක්. මාසයක් දෙකක් උගන්නල ටීචට ගෙදර
නවතින්න වුණා ටික කාලෙකට.ටික කාලෙකට කීවට ඉතින් අයෙ එයා ඒ අවුරුද්දේ නම් ඉස්කෝලෙ
ආවේම නෑ.
පස්සෙ ඒ ටීච වෙනුවට ආව තව කෙනෙක්. ඒ ටීච නම්
ටිකක් විතර වසයි. එයා පිරිසිදු කිරීම් ගැන ඕනෙවටත් වඩා උනන්දුයි. වඩිපුරම හිටියෙත්
පන්තියෙන් පිට. ඉගැන්නුවෙ ගණන්.
අපිට තිබුන ඒ කාලෙ ප්‍රායෝගික තාක්ෂණ කුසලතා කියල
විෂයක්.(දන්නා භාෂාවෙන් කියනවා නම් PTS) අර අර කෑම ජාති බීම ජාති මැහුම් ගෙතුම්
වැඩ එහෙම උගන්නන්නෙ. ඔය පීරියඩ් දෙකට අපි මාර ආසයි. පොඩි පරහකට තියෙන්නෙ ප්‍රැක්ටිකල්
රිපෝට් එක හදන එක තමා. ඕක ලියන්න ගියාම තරු පේනවා. මොකද ඒක ඒක පාටින් පාට කරලා
චිත්‍ර ඇඳලා නීට් ඒකට උපරිම ලස්සනට රිපෝට් එක ලියන්න ඕනේ.
දවසක් උදේම අපේ අලුත් ගණන් ටීච බෝඩ් එකේ හදන්න
ගානක් දාල පන්තියෙන් පිටට ගියා. මං හිටියෙ ඉස්සරහම පේලියේ ගුරු මේසෙ ළඟමයි. මාත්
ඉතින් දඩි බිඩි ගාල බෝඩ් එකේ තිබුන ගානත් හදල ගණන් පොත පෙරලලා පැත්තකින් තියල
කලින් දවසෙ ඉවර කරගන්න බැරි වුන PTS
රිපෝට් එකක් ලියන්න පටන් ගත්ත. ටීචත් පන්තියේ නෑනේ. මගෙ යාළුවො ටිකත් කලේ ඔය වැඩේම
තමා.
දන්නෙම නැතුව ටීච පන්තියට ඇවිත්. ඩෙස් එකේ ඔලුව
ඔබාගෙන රිපෝට් එකේ ගිලිලා හිටි මට ඕක ගානක් වුනේ නෑ. පන්තියෙ අනිත් ළමයිටත් ගානක්
නෑ. ටීච ඇවිත් මගෙ ඩෙස් එක ළඟ ඉනට අත් දෙකත් තියාගෙන හිටගෙන බලාගෙන ඉන්නවා. හොඳටෝම
තරහ ගිහින්.(ගිහින් නෑ ඇවිත් හොඳේ.) යන්තමට ඔලුව උස්සද්දී මට ටීචගේ නිල් පාට සාරි
පොට පේනවා. මලලසේකරයි.
“මොකද කරන්නෙ නැගිටිනවා ගාන හැදුවද?”
“ඔ. ඔව් මැඩම්” පටල පටල කියල මං ගණන් පොත මිස්ගෙ
අතට දුන්න. ගාන හදල තිබුන හන්ද ටීච මොනවත් කීවේ නම් නෑ.
හැබැයි මගෙ පොත අතට අරගෙන මොනවදෝ ලිවුව. මාත් ඔහේ හිටිය ගානෙ හරි වැරදි බලනවා කියල
හිතාගෙන. ඒ වුනාට ටීච ආයෙමත් පොත මේසෙ උඩ තිබ්බම තමයි මට හීං දාඩිය දැම්මෙ.
ටීච මගෙ පොතේ පිටුවක් පිරෙන්න නෝට් එකක් දාල
තිබුන. ඒ මදිවට ඊළඟ දවසෙ ඉස්කෝලෙ යද්දී ඒක අම්මට හරි තාත්තට හරි කියල අත්සන් කරවන්
එන්නත් කීව. ඒකෙ ලියල තිබුන විදියට මං බොහොම නරක ළමයෙක්ලු. උගන්නන වෙලාවේ වෙන වෙන වැඩ කරනවලු. දෙමවුපියන්ගේ පුර්ණ අවධානය යොදවන්නලු. (ඒ පොත දැන් මා ළඟ නෑ. ගෙදර ගියාම හොයල බලල ඔයාලටත් පෙන්නන්නම්කො) ඉඳලා ඉඳලා කරන්න ගත්ත පුංචි හොර වැඩෙත් මාට්ටු.
දැන් ඉතින් සෑහෙන ප්‍රශ්නයක්නේ. මං කළේ ඉන්ටවල්
එක දක්වාම නොනවත්වා ඇඬීම විතරයි. මගෙ වෙලාවට ඒ වෙනකල්ම තිබුනෙ අර අවුරුද්දකට ට්‍රේනින්
එන මිස්ලගේ පීරියඩ්ස්.
“දැන් ගෙදර ගියාම අම්ම පොත් ටික බලද්දී මේක අහු
වෙයි. මට හොඳටම බනී. එයාට දුක හිතෙයි මං මෙච්චර කැත නෝට් එකක් තියෙද්දී මගෙ පොතේ. දැන්
මොකද කරන්නෙ? බොරුවක් කීවොත් අම්මට මේක පෙන්නන් නැතුව මේකට අත්සන් කරවන්නේ කොහොමද?
තාත්තට නම් කොහොමටවත් කියන්න බෑ බෑ බෑමයි.”
ඔය වගේ දේවල් තමයි මගෙ ඔලුව ඇතුලේ දිගටම වැඩ කළේ.
එදා දවසට කිසිම වැඩක් කලෙත් නෑ. ඉස්කෝලෙ ඇරිලා වෑන් එකට නැග්ගෙ මරන්න ගෙනියන හරකෙක්
ගානට. කොහොම කොහොම හරි ගෙදරත් ආව.
වෙනසක් පෙන්නන් නැතුව වෙනද වගේම ඉන්න පුළුවන්
තරම් ට්‍රයි කළා. මගෙ මොකද්දෝ වාසනාවකට එදා අම්ම මගෙ පොත් බැලුවේ නෑ. සිය වතාවක්
විතර හිතලා හිතලා මං අවසාන තීරනෙකට ආව. හිතට එකඟ නැති වැඩක් කරන්න හිතුව. කොටින්ම
කීවොත් එල්ලුම් ගස් යන වැඩක්.
මේ වැඩේටත් මගෙ අයියගෙ අභාෂය මුළුමනින්ම වගේ තියෙනවා.
මොකද එයාගෙන් තමයි මං හොර අත්සන් ගහන හැටි පුරුදු වුනේ. හැබැයි ඒ වෙලාවේ එයා
හිටියෙ නෑ ළඟක.
පස් හය වතාවක් අම්මගේ පුරුදු වුනාම මගෙ හිතට හරි
යන විදියට අම්මගෙ අත්සන ගහන්න පුළුවන් වුණා. ඒත් ඉතින් හිතට පොඩ්ඩක්වත් හරි නෑ. එක
වැරද්දක් වහගන්න තව වැරද්දක් කළා.
ඉස්කෝලෙ ගිහින් ටීචටත් පෙන්නුව,හැබැයි ඉතින් මාව
වෙවුලුවේ නැති ටික විතරයි. ටීචටත් කොසිම වෙනසක් දැනුනේ නෑ. එයත් රැවටුනා. ඒ වැඩේ ඒ
විදියට කෙලවර වුණා. කොච්චර හොර ළමයෙක්ද නේද?
ඒ වුනාට මගෙ හිත නම් මට නොසෑහෙන්න වද දුන්න.
“උඹ හොර වැඩක් කළා. ඒක වැරදී. තමන් වරදක් කළා නම්
ඒකට දඩුවම් විඳින්නත් පුළුවන් වෙන්න ඕනේ.” හිත මට බැන්න.
අන්තිමේදී එදා හවස ගෙදර ඇවිත් මම හොර ගල් අහුලා
අහුලා උන්න. කිසිම වැඩක් කරන්න හිතෙන් නෑ. අඩු තරමේ කන්න වත් පිරියක් නෑ.
“අම්මේ.....”
ඔහොම පටන්ගත්ත කතන්දරේ මුල සිට අග දක්වා අකුරක්
නෑර ඉකි ගහ ගහ අඩ අඩ කීව. අපේ අම්ම නේද
හ්ම් කීවෙ නෑ. අහගෙන හිටිය.
“දැන් ඔයා තේරෙනවද හිතා මතා වරදක් කළාම කොච්චර
විඳවන්න වෙනවද කියල? ඔයා කරලා තියෙන්නෙ ගොඩක්ම නරක වැඩක්. ඔයාට තිබුනනේ මට
කියන්න.....” මාව ඔඩොක්කුවෙ තියාගෙන ගොඩා.....ක් ආදරෙන් අම්ම මට ලොකු.....
පැහැදිලි කිරීමක් කළා. ඒ ආදරේ ළඟ කවදාවත්
හිතා මතා වරදක් කරන්න හිතෙන් නෑ.
මිනිස්සු අතින්නෙ වැරදි වෙන්නෙ? ඒක වලක්වන්න
බෑනේ.එදා මට ඒක හොඳටම තේරුම ගත්ත. ඔයාලටත් ඕනේ තරම් මේ වගේ අත්දැකීම් ඇතිනේ. එක
බොරුවක් වහන්න බොරු සීයක් කීවත් මදි. ඊටත් වඩා දැනෙන මානසිකව ඒක දැනෙන විදිය එදා
මගෙ පුංචි හිතට දරාගන්න බැරි වුණා.
මං පලවෙනි වතාවට හොර අත්සනක් ඔය වගේ දේකට යොදා
ගත්තෙ එදා තමයි. දැන් නම් මතක් වෙනකොටත් හිනා යනවා.
ඉතිං යාලු අද කතාව තමයි මේ. මේක මේ බොහොම පොඩි
දෙයක් අද නම් මට. ඒත් ඉතිං එදා ඒක දැනුන විදියට කවමදාවත් අමතක නම් වෙන් නෑ.
අපි නම් ඔය විෂයයට කිව්වේ ප්‍රාතාකු කියලා. දැන් ඉන්න ළමයි කඩ්ඩෙන් නේ වැඩ.හික්ස් :)
ReplyDeleteඅපො මම නම් ගහන තරමක් ගහන්නේ හොර අත්සන්මයි. දවසක් අපේ පන්තිභාර සර්ගෙයි ප්‍රින්සිපල්ගෙයි අත්සන් ගහලා ගෙදර ආවත් එක්ක. එදායින් පස්සේ ගෙදර යන්න ඕන එකෙක් මා ගාවට ඇවිත් අස්සන් දෙක ගහගෙන යනවා. :)
අම්මෝ.... මධුරංග අයියෙ ඒව නම් ජාත්‍යන්තර හොර වැඩනේ. මාට්ටු වෙන් නැද්ද අනේ.
Deleteඔව් ඔව් අපි ඉතින් ලෝකය සමග අලුත් වෙනවනේ....... හිකිස්
උසස් පෙළ දවස්වල එක වතාවක් සෙට් එකක් පිටින් ගෙදර යන්න ගිහින් මාට්ටු වෙලා අත්සන් ගහපු එකාට (මේ මට) සතියක පන්ති තහනමක් ලැබුනා. එදත් තනියෙම ගියා නම් මාට්ටු වෙන්නේ නෑ. කොහෙද අපේ එවුන් මට විතරක් යන්න දුන්නේ නෑ.
Deleteමට මතක විදිහට මම අන්තිමටම ගැහුවේ අම්මගේ අත්සන. ඒ කැම්පස් එකේ ඇඩ්මිශන් ෆෝම් වලට අම්මගේ අත්සන ගන්න අපේ අම්මව රට වටේම හෙවුවා. උන්දෑ එවෙලේ දවල්ට කන්න කැන්ටිමට ගිහින්. මට කැන්ටිමට යන්න තියෙන කම්මැලිකමට අම්මගේ අත්සන මම ගහලා ෆෝම් එක භාර දුන්නා. :)
ඔයත් මාරු වැඩනේ කරන්නෙ? සතියක් පන්ති තහනම් කළාද? පුදුමයි ඔයාව ගෙදර තියාගත්තා.
Deleteඅම්මගෙ අත්සනින් නැවතුනා ඇති. ඔයා නම් සෑහෙන භයානක වැඩ කරලා තියෙන්නෙ....
හ්ම්..ඒ කාලේ කරපු දේවල් නම් හරි සුන්දරයි..කොහොම වුනත් ඒ වැරැද්ද අන්තිමේදි හරි අම්මට කිවුව එක හොඳයි.නැතතම් අදටත් මතක් වෙද්දි දුක හිතෙයි...
ReplyDeleteඔයා හරි අනේ. කොහොමත් මට ලේසියෙන් මොනවවත් හිතේ තියන ඉන්න බෑ. කාට නැතත් අම්මගෙ කනේ නම් තියනවා හැම දේම.
Deleteහිමා අදම නේද මේ පැත්තෙ ආවෙ....... ගොඩක් ස්තුතියි හොඳේ. ආයෙත් එන්නකෝ.
හේ හේ නියම වැඩේ හි මිජ්ජා වගේ ඉදන් ඔයත් හරි වැඩ තම කොරල තියෙන්නේ .....බයෙත් බෑ පෙන්න අස්සන් ගහන්න හොද නෑ
ReplyDeleteඅපෝ අපෝ මේ ඔයාගේ අත්සන ගහන්න මං ඉගෙනගෙන සෑහෙන කල් හරිද?
Deleteහික්ස්ස්.. අපේනම් හිටියා පන්තියේ කොල්ලෙක්... ඕනම අත්සනක් ගහනවා ලෙසටම... ඒ හින්දා ඔය ලියුම් වැඩේ අපිට එච්චර කරදරයක් උනේ නෑ... ඒකලේනම් අපිට එව්ව හරිම සිම්පල් වැඩ..
ReplyDeleteඒත් දැන්නම් අනුන්ගේ අත්සනක් ගහන්න හිතද්දිත් ඇඟ වෙව්ලනවා
අපරාදෙ කියන්න බෑ මී යාලු මටත් ඒ හැකියාව අඩුවක් නැතුවම තියෙනවා.
Deleteආ.... එහෙනම් හොඳ පාඩමක් ඉගෙනගෙන තියෙන හැඩයි. ඇත්තටම ඉතින් බොහොම නරක වැඩක් නොවැ.
ඔය කවුරුත් ඕවගේ වැඩ ඔය කාලෙට කරනවා. බොහොම ලස්සනට ලියා තියෙනවා.
ReplyDeleteසමකය වටේ (samakaya wate)
තැන්කු තැන්කු. පස්සෙ කාලෙක මතක් කර කර හිනාවෙන්න පුළුවන් දඟ වැඩ හැමෝගෙම ජීවිත වල තියෙනවා. කොච්චර වැරදි වුණත් ඒව හරිම සුන්දර මතක සටහන්නෙ යාලු.
Deleteඅම්මෝ... මම නම් ඔය වැඩේ කොරලා නෑ... ඒක අම්මට හරි තාත්තට හරි දෙනවා අත්සන් කරන්න(බයෙන් බයෙන්)..හැබැයි ඕන තරම් හොර අත්සන් නම් ගහලා තියනවා.. ;)
ReplyDeleteමමත් ඔහොම කරපු පළවෙනි සහ අවසාන අවස්තාව තමයි නංගො මේ. මතක හිටින පාඩමක් ඉගෙන ගත්තනේ.
Delete:D මටත් මගෙ අතිත කතාවක් මතකෙට ආවා...
ReplyDeleteඒ මොකද්ද යාලු ඒ. ඉස්සරහට අපිටත් බලන්න ලැබෙයි නේද?
Deleteහික්ස්.. මාත් කරලා තීනවා ඔහොම වැඩක්..PTS පීරියඩ් එකේ ඔය කොලේ පුරවන එක තමයි මටත් එපාම කරපු වැඩේ අප්පා.. මගේ කොලේ නම් ගොඩක් වෙලාවට පිරෙවුවේ යාලුවා... ;)
ReplyDeleteජය වේවා!!!
සිනා බො වේවා!!!
අපෝ ඔව් යාලු එක එක සුකුරුත්තම් වැඩ දාල ඕක කොරන්න එපැයි. ගොඩක් ස්තුතියි හොඳේ.
Deleteඅපි හද හද අත්සන් ගැහුවෙ කැම්පස් එකේ. කවදාවත් හිටියෙ නැති ඩොක්ටර්ස්ලගෙ අත්සන් ගහලා තියෙනවා අපි. ඇයි අනේ... බේතක් විද්දත් ඒ ලෙඩාගෙ නම ලියලා , ඒ වෙලාවෙ වාට්‍ටුවෙ හිටිය ඩොක්ටර් ට කියලා අත්සන් කරගන්න පොතක් තිබුණා. අන්තිමට අපේ පොත් වල තිබුණේ කවදාවත් මේ ලෝකෙ හිටියෙ නැති ලෙඩ්ඩුන්ගෙ නමුයි, ඇඳ ඉහපත් අංකයි, වාට්‍ටුවෙ හිටිය සීමාවාසික වෛද්‍යවරුන්ගෙ නමුයි, අපේ අතින් ගහපු අස්සනුයි.
ReplyDeleteලස්සනට ලියල තියෙනව නංගි
තැන්කු තැන්කු අක්කියෝ.... දැන් නම් හොර අත්සන් කියන්නෙ ඉතින් තමන්ගේ අත්සන වගේම තමා අනේ. කැම්පස් එකේ අනිවාර්ය සාධකයක්නේ හොර අත්සන්. හිකිස්.
Deleteමාත් හොර අත්සන් ගහල තියෙනවා.හැබැයි වැඩිපුරම ගහල තියෙන්නෙ ගුරු දෙගුරු සම්බන්ධතා පොතේ "භාරකරු" කියන තැනට තමයි.බොරු නිවාඩු ගත්ත දවස්වලට නොපැමිණීමේ ලියුම් කඩදහිය මතක් වෙන්නෙ මුල් පීරියඩ් එකේදි.කොහොමහරි අන්තිමේදි තාත්තට වැඩිය හොඳට මට තාත්තගෙ අත්සන ගහන්න පුළුවන්...:D
ReplyDeleteඔය කියන පොතේ අම්මගෙ අත්සන දාන් යන්න බැරි වෙලා මං සෑහෙන වතාවක් බැනුම් අහල තියෙනවා. ඒත් ඒවට නම් හොර අත්සන් ගැහුවේ නෑ.
Deleteසාදරයෙන් ඉලිගන්නවා පුංචි කොල්ලවත් මේ පැත්තට.
අන්තිමට අම්මට කිව්වා හින්ද හිත නිදහස්. නැත්නම් ඉතින් මතක් වෙනකොට කොහොමත් අප්සෙට්. අපිත් ඉතින් ඔහොම වැඩ නම් කරලා නැත්තේ නෑලු... :)
ReplyDeleteඔයාල ඔහොම වැඩ නොකලොත් ඉර අනිත් පැත්තෙන් පායයි යාලු.
Deleteඔව් අනේ අම්මට නොකීව නම් මට යන එන මං නැති වෙයි.
හොර අත්සන් නම් ඉතින් ඒ කාලේ හොදට ගහලා තියනවා.. දැන් නම් ජොබ් එකෙත් ඔය අත්සන් චෙක් කරන්න වෙන හින්දා කවුරු හරි හොර අත්සනක් ගහලා තියනකොට ගොඩාක් එක මීටර් වෙනවා....
ReplyDeleteහ්ම්ම්ම්ම් මේ පැත්තේ නම් අලුතෙන් මම හිතන්නේ.... ජය වේවා
සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට යාලු.
Deleteහොර අත්සන් දැනුමත් සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා නේද ඒ කියන්නෙ යාලු.
අප්පේ...හොර අත්සන් නම් මතක් කරන්න එපා! නාඩියාට මාර ඉල්ලුමක් තියෙන්නේ exam කාලෙට ඔය compulsory subject වල admission අත්සන් කරන්න..මොකෝ එකෙක්ගෙවත් 80% නෑනේ!! :D
ReplyDeleteහොර අත්සන් ගැහුවා වගේ නෙවෙයි යාලු. අහු වුනොත් එහෙම අර මධුරංගයියට වගේ පන්තිත් තහනම් කරගන්න වැඩක්.
Deleteආයෙත් එමුකො නාඩි යාලු.
හැබැයි ඕවගේ වඩා කරලා ඒක පාරක් හරි අත්දැකීම් තිබ්බම අයෙ කරන්නේ න නේද?
ReplyDeleteපස්සේ කලෙකදී ඒවා මතක් කර කර හිනා වෙන්නත් පුළුවන්.
ඒක නම් ඇත්ත යාලු. මටත් මේක හොඳ පාඩමක් වුණා.
ReplyDeleteතැන්කු හොඳේ ආයෙත් එන්නකෝ.
අපෝ මධූ ඔයා හොඳයි.මම පළවෙනි හොර අත්සන ගැහුවෙ රිපෝට් පොතට.දෙමාපිය අත්සන ගහන්න තාත්තට දෙන්න බෑ.පන්තියෙ 24 වෙනියා.හැබැයි 6 වසරෙදි කරපු ඒ බොරුව දවස් 2න් ගෙදරට මාට්ටු.තාත්ත ඒක අහපු දවසෙ බයටම හැදිච්ච උණ බස්සන්න බෙහෙත් දෙකක් විද්දා කියලත් මතකයි.
ReplyDeleteහී හී...... යාලු ඒවා මතක් වෙද්‍දි දැන් හිනා නේද?
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා මේ පැත්‍තට.
හපෝයි අපි දැන් ගහන අත්සන් වල හැටියට අම්මගේ අත්සන මොකක්ද කියලත් හිතෙනවා. විස්සකගේ විතර අත්සන් ඔය සෝක් එකට දාන්නේ පැමිණීමේ ලේඛණයේ. :P
ReplyDeleteසහතික ඇත්ත සුලා අයියෙ. දැන් ඒක හරිම පුංචි වැඩක් වෙලා. හැබැයි ඉතින් මතක හිටින පාඩමුත් නැත්තේම නෑ. හී. හී....
Deleteහොර අත්සනුත් ගැහුවා..හැබැයි එදා වගේ එකක් නම් නෑ නේ?මතක් වෙද්දීත් ඇඩෙනව
ReplyDelete