කළු වලාකුල් පිරී අහස් කුස බර වෙලා
දෙනෙත කඳුළැලි පිරී සොවින් හද තෙත් වෙලා
වේදනාබර ඔබේ නෙත් පියන් කැළඹිලා
ළඟින් උන්නත් කවුරු ඔබේ ලොව තනි වෙලා
නෙත් යොමා සිටිනු හැර කිමද මම කරනුයේ
නුඹේ කෙඳිරිලි හඬිනි මා සවන් පිරෙනුයේ
මලානික නෙත් අගින් කඳුළු බිඳු සැලෙනුයේ
අරුමයද වියෝවෙහි ඔබ පසක් කරනුයේ
මෙතෙක් දුර කර පිටින් ගෙනා බර බිම දමා
උපන් මොහොතේ පටන් ගැහුණු හද හැර දමා
දිරාපත් කය ගෙනෙන වේදනා සිඳ දමා
සතුටින්ද ඔබ යන්නෙ ජීවිතය කර නිමා
ඔබේ සයනය වටා පිරිත් පැන් විසිරිලා
සෙත් පිරිත් ගායනා හඬ දසත පැතිරිලා
ජීවිතය පුරා කළ සියලු පින් සිහි වෙලා
නිවන් දොර හැරේවා ඔබ දුකින් මිදවිලා
මං දැක්ක ඒ මොහොත. හිතට දැනුන දුක වේදනාව විස්තර කරන්න අමාරුයි. කවි පද ටික කොයි තරම් සාර්ථකද කියන්න දන්නේ නෑ.
ඔයාගේ හිතට දැනෙන දේ අකුරු කරල යන්න.
නිවන් දොර හැරේවා ඔබ දුකින් මිදවිලා!
ReplyDeleteමාත් ඒ ප්‍රාර්ථනාව කරන්නම් මධු !
:(
ඇත්තටම ගොඩක්ම හිතට දැනුන යාලු මට ඒ සිද්ධිය.
Deleteනියමයි හොදේ ජය වේවා තව කවි ලියන්න
ReplyDeleteතැන්කු තැන්කු.
Deleteගොඩක් ලස්සනයි මධු... ඉස්සරහටත් කවි ලියන්නකෝ... ජය පතනවා....!
ReplyDeleteතැන්කු හන්කු යාලු. ආයෙත් එන්නකෝ.
Deleteමධු ලස්සනයි කවි ටික. බ්ලොග් ලෝකටය තවත් කිවිඳියක්....සතුටුයි..
ReplyDeleteසමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.
ගොඩක් ස්තුතියි දිරි ගැන්වීමට. හිතට ගොඩක්ම දැනුන දෙයක් නිසා සෑහෙන දුරට සාර්ථක වුණා කියල හිතෙනවා.
Deleteලස්සන අදහස් ටිකක්.. හරිම ලස්සනට පද ගලපලා අක්කෝ...
ReplyDeleteජය!!!
තැන්කු ශම්මි නංගෝ..... ආයෙත් එන්නකෝ.
Deleteනිර්මාණලිත්වය අගය කරමි.
ReplyDeleteගොඩක් ස්තුතියි යාලු.
Deleteමමත් ඒ ප්‍රාර්ථනාවට හවුල් වෙන්නම්.
ReplyDeleteලස්සන කවි පංතියක් !
තැන්කු තැන්කු අයියෙ.
Deleteලස්සනයි කවි ටික
ReplyDeleteගොඩක් ස්තුතියි යාලු.
Deleteගොඩක් ලස්සනයි මධූ ඔයාගෙ කවිය
ReplyDeleteගොඩක් ස්තුතියි යාලු. ආයෙත් එන්නකෝ.
Deleteඑදා මෙදා තුර කඳුළට විවරවු දෑස් පියන්පත් කවුළු වසා....
ReplyDeleteදෑත ලයේ බැඳි අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා....
මට මතක් වුණේ ඒක..ලස්සනයි...
මමත් ආස සින්දුවක් යාලු. තැන්කු හොඳේ.
Delete