Monday, November 26, 2012

සතුටින්ද ඔබ යන්නෙ ජීවිතය කර නිමා..........




කළු වලාකුල් පිරී අහස් කුස බර වෙලා
දෙනෙත කඳුළැලි පිරී සොවින් හද තෙත් වෙලා
වේදනාබර ඔබේ නෙත් පියන් කැළඹිලා
ළඟින් උන්නත් කවුරු ඔබේ ලොව තනි වෙලා


නෙත් යොමා සිටිනු හැර කිමද මම කරනුයේ
නුඹේ කෙඳිරිලි හඬිනි මා සවන් පිරෙනුයේ
මලානික නෙත් අගින් කඳුළු බිඳු සැලෙනුයේ
අරුමයද වියෝවෙහි ඔබ පසක් කරනුයේ

මෙතෙක් දුර කර පිටින් ගෙනා බර බිම දමා
උපන් මොහොතේ පටන් ගැහුණු හද හැර දමා
දිරාපත් කය ගෙනෙන වේදනා සිඳ දමා
සතුටින්ද ඔබ යන්නෙ ජීවිතය කර නිමා

ඔබේ සයනය වටා පිරිත් පැන් විසිරිලා
සෙත් පිරිත් ගායනා හඬ දසත පැතිරිලා
ජීවිතය පුරා කළ සියලු පින් සිහි වෙලා
නිවන් දොර හැරේවා ඔබ දුකින් මිදවිලා


මං  දැක්ක ඒ මොහොත. හිතට දැනුන දුක වේදනාව විස්තර කරන්න අමාරුයි.  කවි පද ටික කොයි තරම් සාර්ථකද කියන්න දන්නේ නෑ.

ඔයාගේ  හිතට දැනෙන දේ අකුරු කරල යන්න.

20 comments:

  1. නිවන් දොර හැරේවා ඔබ දුකින් මිදවිලා!
    මාත් ඒ ප්‍රාර්ථනාව කරන්නම් මධු !
    :(

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගොඩක්ම හිතට දැනුන යාලු මට ඒ සිද්ධිය.

      Delete
  2. නියමයි හොදේ ජය වේවා තව කවි ලියන්න

    ReplyDelete
  3. ගොඩක් ලස්සනයි මධු... ඉස්සරහටත් කවි ලියන්නකෝ... ජය පතනවා....!

    ReplyDelete
    Replies
    1. තැන්කු හන්කු යාලු. ආයෙත් එන්නකෝ.

      Delete
  4. Replies
    1. ගොඩක් ස්තුතියි දිරි ගැන්වීමට. හිතට ගොඩක්ම දැනුන දෙයක් නිසා සෑහෙන දුරට සාර්ථක වුණා කියල හිතෙනවා.

      Delete
  5. ලස්සන අදහස් ටිකක්.. හරිම ලස්සනට පද ගලපලා අක්කෝ...
    ජය!!!

    ReplyDelete
    Replies
    1. තැන්කු ශම්මි නංගෝ..... ආයෙත් එන්නකෝ.

      Delete
  6. නිර්මාණලිත්වය අගය කරමි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි යාලු.

      Delete
  7. මමත් ඒ ප්‍රාර්ථනාවට හවුල් වෙන්නම්.
    ලස්සන කවි පංතියක් !

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු අයියෙ.

      Delete
  8. Replies
    1. ගොඩක් ස්තුතියි යාලු.

      Delete
  9. ගොඩක් ලස්සනයි මධූ ඔයාගෙ කවිය

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි යාලු. ආයෙත් එන්නකෝ.

      Delete
  10. එදා මෙදා තුර කඳුළට විවරවු දෑස් පියන්පත් කවුළු වසා....
    දෑත ලයේ බැඳි අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා....
    මට මතක් වුණේ ඒක..ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. මමත් ආස සින්දුවක් යාලු. තැන්කු හොඳේ.

      Delete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...