“ඔයත් යමු අක්කේ අපි එක්ක, අපි පොඩි රවුමක් යනවා.”
“මං තාම මුණ හොදලත් නෑ හලෝ ඔයාලගේ සද්දෙට ඇහැරුනේ, මං ටක් ගාල එන්නම්
ටිකක් ඉන්නකෝ.”
“දරුවෝ, දැන් යන්ට එපා ආපහු , ඔයාට මුණ හෝදන්න හොඳ තැනක් තියනවා
.”බුලක් කෙල පාරක් ගසමින් නන්දාවතී
නැන්දා කීවාය.
අවට සිරිය බලමින් අපි නැන්දා පස්සේ වටුනෙමු. අය අපව රැගෙන ගියේ කදිම
තැනකටයි. එය විශාල දොළ පාරකි. ඇත්තටම ලස්සනය. මිනුරි පැන මුණ සේදුවාය. නිදහසේ
සිටින්නට කියාපු තැනකි. අපිත් වතුරට බැස්සෙමු. නන්දාවතී නැන්දා සිනාසෙමින් බලා
උන්නාය. පසුව නැන්දාගේ වදය නිසාම ආපසු හැරුනා මිසක මට නම් යන්නට සිතකවත් තිබුණේ
නැත.
උදේ අහාරයෙන් පසු අපි පස් දෙනා හෙටින් ඇරබෙන අපේ අලුත් පාසල ගැන කතා
කළෙමු. ඔහේ කියෙවුවෙමු. අපි ඉතා ඉක්මනින් සෑහෙන කලක සිට දන්නා පිරිසක් වුනෙමු.
නමුත් සෙනන්යා නිතරම සිටියේ අපෙන් වෙන වී තනිවය. අපි ඇය අපට එකතු කර ගැනීමට
කොතෙකුත් උත්සහ කළෙමු. ඇය ඊට කැමැත්තක් නොදැක්වීය. කාලය ඔහේ ගෙවී ගියේය.
මගේ පොඩි අයියා ගැන මේ අය සිතා සිටින්නේ මගේ පෙම්වතා කියාය. සවස්
කාලයේ මම ඔහු සමග කතා කලෙමි. මගේ කාමරයට සෙනුරි අවේ එවිටමය. ඇය යන්නට ආපසු හැරෙත්ම
මා දුරකථනය පසෙක තබා ඇයට කතා කලෙමි.
“ සෙනූ ඉන්නකෝ”
“කතාව ඉවරද? මං උදැල්ල දැම්ම නේද?”
“පිස්සුද මැට්ටි, අපේ අයිය ඔහොම තමයි මං තියනකල් තියන් නෑ.”
“ඔයා ඉතින් අපට කියන නෑනේ එයා ගැන, ඇත්තටම ඒ ඔයාගේම අයියද හංසි?”
මා නම් ඇගේ මුහුණ දුටුවේ ප්‍රශ්නාර්ථ ලකුණක් මෙනි. මා ඇයට අයියාත්
මාත් ගැන සියලු දේ පැවසුවෙමි. මට ඇඩුනි. ඇය ඉතා සාවදානව අසා සිටියාය. මදකුදු බාධා නොකළේය. අවසානයේ ඇගේ ඇසටද කඳුලක් නැගුණි.
“ මං මගෙ අක්කට ගොඩාක්
ආදරෙයි. ඒත් අපි ඔයාල තරම් සමීප නෑ.” ඇය දුකින් බර වූ මුහුනින් යුතුව කීවාය.
දුක්බරව ගෙවී ගිය නිදි නැති මහා මුසල රාත්‍රියකින් පසුව මගේ පාසලේ
පළමු දිනය උදා විය. අපට නිශ්චිත නිල ඇඳුමක් නොවුනි. මම ඩෙනිමක් සමග මෙහි ඒමට පෙර
පොඩි අයියා අරන් දුන් බ්ලවුසයක් ඇන්දෙමි. කොණ්ඩය ගොතා දමා වැඩි විච්චුරන නැතිව
වැන් රියට ගොඩ වුනෙමි. මිතුරියන්ද අලුත් පාසලේ පළමු දිනයේ යම් චකිතයකින් පසු වුහ.
8.15 පමණ වන විට අපි පාසලට ලඟා වීමු. ඉහල පන්ති වල සිසු සිසුවියන් විසින් අපව
උණුසුම්ව පිළිගනු ලැබිණි.
පුංචි තරුවක් සහිත බැජ් එකක් පැළදවුහ. පුංචි සංග්‍රහයක් ද
පැවැත්විණි. පුංචි පිළිගැනීමේ උත්සවය කොරියානු සංගීතයෙන් වර්ණවත් විය. එය ඇත්තෙන්ම
සිත ඇද ගත්තේය.