Thursday, July 19, 2012

මොන්ටිසෝරි බබාගේ පොත් කියවීම.


මේ දවස් වල අපේ ගෙදර කට්ටිය මට නිශේද බලය පාවිච්චි කරනවනේ මං ගෙදර අවම ගෙදර ෆෝන් බිල ලයිට් බිල එහෙම වැඩි කියලා. පියුම් මාම ෆෝන් බිල ගේන දවස මට අපලයි කෙලින්ම සෙනසුරු මහා දසාව තමයි. මේ පාරත් සුපුරුදු දේශනාව මදි නොකියන්න අහගත්තා.

අන්තිමට මටම දුන්න බිල දෙකම ගෙවල එන්න කියල. මටත් ඉතින් ගෙදර කම්මැලි කමේ ඉඳල එපා.... වෙලා හිටියේ. අදාල බලධාරියාටත් දන්වල පොඩි ෂොපින් පාරක් දාන්න කියලා ගානකුත් කඩාගෙන මං ගම්පහට ගියා කියමුකෝ. ඒ වෙනකොට උදේ 10 30 ට විතර ඇති.

පැය එක හමාරක විතර කට්ටක් කාල ගිනි මකරෙක් වගේ ඇස දෙකෙනුයි කන් දෙකෙනුයි ගින්දර පිට කර හිටිය සමහර අයගේ රස්නේ මට බස් එකෙන් බහින්නත් කලින් දැනුණා. මං හිතුවේ ඒ ගිනි නිවන්න ගිනි නිවන හමුදාවට කතා කරන්න වෙයිදෝ කියලා. කොහොම කොහොම හරි ගිනි නිවලා පැය ගානක් තිස්සේ හතරැස් වෙලා තිබුණු මූණ ආපහු යථා තත්වයට ගන්න විනාඩි දහයක් විතර ගියා. ඊටපස්සේ අම්මා ගෙවන්න දුන්න බිල් දෙකත් ගෙවලා අපි දෙන්න රන්ජන් එකට ගොඩ වුනා.

වටේ පිටේ ටිකක් ඇවිදලා එහෙම ඕනෙ කරන දේවලුත් අරගෙන යන්න හැරුනම මගේ සඟයටත් මොනවද ගන්න ඕනෙය කියලා අයෙත් මාව ඇදගෙන ගියා හතර වටේ. හැබැයි ඉතින් ගත්ත දේකුත් නෑ. මං අයෙත් ඇහුව මොනවද ඕනෙ යන්නේ නැද්ද කියලා. එතකොට මෙයා කියනවා එළියේ මාර රස්නේයිනේ මේක ඇතුල සීතලයිනේ ඔන්න ඔහේ ඉමු අනේ කියලා.

ඊටපස්සේ කොහොමහරි සැහෙන අමාරුවෙන් රන්ජන් එකෙන් ඇවිත් සරසවි බුක් ෂොප් එකට ගියා. පොත් හොයන්න ඕනෙ කමකටමත් නෙවෙයි ගියේ. මං හොඳ නවල් එකක් තෝරන අතරේ මගේ සඟයත් ඇවිද ඇවිද හිටියා. මං හැමතැනම හෙවුවා. මට එයාව හොයාගන්න පුළුවන් වුණේ කොහෙන්ද දන්නවද? සිබිල් නැන්දගේ කතන්දර පොත් තියෙන රාක්කේ ළඟ එයා හිටියා. මොන්ටිසෝරි ළමයෙක් වගේ කට හද හද ඇස දෙක ලොකු කරගෙන එයා සිබිල් නැන්දගේ කතා පොත් බලනවා. මොන්ටිසෝරි යන පොඩි කොලු ගැටයෙක් එයාට ටිකක් එහායින් ඉනට අත් දෙකත් තියාගෙන ඇස් ලොකු කරගෙන එයා දිහා ගිලින්න වගේ බලාන ඉන්නවා. ඇත්තමයි මට පොලව පලාගෙන යන්න හිතුනා. කවදාහරි එයාට තෑග්ගක් දෙන්න එහෙම හිතුනොත් මතා.....ක් කරලා සිබිල් නැන්දගේ කතා පොතක් දෙන්න අමතක කරන්නෙපා හොදේ........ 
 
සාමාන්‍යයෙන් අපි දෙන්න පාරේ යනවා නම ඒ පාරේ යන දෙතුන් දෙනෙකුගේවත් ලේ පිරිසිදු වෙනවා. ඔහේ පාරේ යනවට වඩා හොදයිනේ ඒ වගේ පින් කමක්වත් කරගන්න එක නේද?             

3 comments:

  1. ආ එහෙම ලේ පිරිසිදු කරන එක නම් හොදයි...එත කොහොමද හලෝ එහෙම කරන්නේ ..???
    අනික ඕන කෙනෙක්ට තමුන් කැමති පොතක් දිහා බැලුවැකි එහෙම බැලුවයි කියල මද ගහන එක නම් හොද නෑ නේද????

    ReplyDelete
  2. madi madi ohoma gahala madiiiiiii.......mada container 1kma genath gahanna ona...
    p.s.kiyawanna late unata sorry

    ReplyDelete
  3. මාත් හැබැයි පොත් ගන්න ගියාම පොත් ගන්නේ නෑ........... කියවනවා.......
    පොඩි පොත් තමයි කියවන්නේ...

    ReplyDelete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...