Monday, March 20, 2017

ආදීගේ දුක සහ කුරුල්ලන්ටත් එන්ජින්.



කොහොමද යාලුවනේ? ඉස්කෝලේ දඟයෝ ටික නිසල ගං දිය පාලු වෙන්න කොහෙත්ම ඉඩ දෙන්නේ නෑ. මධුට ලියන්න ගොඩක් දේවල් ඉතිරි කරනවා. අද කියන්න යන්නේ 8 වසරේ දඟයෝ ගැන.

ධ්වනිය කියන්නේ 8 වසර පලවෙනි වාරේ අවසාන පාඩම. එකේදී අපි උගන්වනවා හඬ නිපදවන ක්‍රම සහ සංඛ්‍යාත වෙනස් කරන ක්‍රම. මුලින්ම අපි පටල කම්පනය ඉගෙනගන්න බැලුම් බෝලයක් කපලා ප්ලාස්ටික් කොප්පෙකට දාල පුංචි බෙරයක් හැදුව. බැලුන් පටලයේ ඇදීම වැඩි කරලා සංඛ්‍යාතය වෙනස් කළා.

Tuesday, March 14, 2017

සමනලියේ.... එපා නුඹේ තටු සිඳෙන්න.




විසල් වුනු නුඹෙ නෙතු සඟල මත කඳුළු දැක නෑ කාලෙකින්
බියෙන් සැකයෙන් වෙලුනු නුඹෙ වත පුබුදුවන්නේ කොයිලෙසින්
පුංචි සන්දියෙ විඳින ඔය දුක් වැඩියි නුඹ හට මහ බරින්
අහිංසක නුඹ විඳින දඬුවම් නිමාවන්නේ කොතැනකින්

Image result for poor girl
සඳු ද අහිමිව හිරු ද අහිමිව නුඹේ ලොව මහ පාලුවෙන්
පේන තෙක් මානයකවත් නැත අඳුර දුරලන එලි පහන්
කටුක බස් ගෙරැවුම් රැවුම් පමණක්ම නුඹ ළඟ නවතිමින්
සතුට සැමවිට පලා යයි නුඹෙ නෙතු මානයෙන් ගිලිහෙමින්

Thursday, March 9, 2017

ජලයේ ප්‍රයෝජන...(6 වසරට විශේෂයි.)



“ජලය ස්වභාවික සම්පතක් ලෙස” හරිම ලස්සන වැදගත් පාඩමක්. මේක තියෙන්නේ 6 වසර විද්‍යාව පොතේ. ලස්සන පුංචි පරීක්ෂණ ටිකක් එක්ක 6 වසරේ මගේ පුංචි යාලුවන්ට මම මේ පාඩම කරගෙන ගියා. දැන් යන්නේ පාඩමේ අන්තිම හරිය.

 එ කියන්නේ ජලයෙන් ඇති ප්‍රයෝජන.

“දැන් පුතේ අපි පොඩි වැඩක් කරමු. මන් ඔයාලට අවස්තාවක් දෙනවා බෝඩ් එකේ ලියන්න අපිට ජලයෙන් ලැබෙන ප්‍රයෝජන. ඔයාලගේ ලස්සන අකුරු වලින් ලියන්න බලන්න.”

Wednesday, March 1, 2017

ළමයි... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම





ඕනෙම වැඩක් කරන්න ගියාම අපිට පලවෙනි වතාවක් ලැබෙන්නේ එකයිනේ. මමත් ගියා මගේ එක අලුත් පන්තියකට. මේ 8 වසර පන්ති දෙකෙන් එකක්, 8 B.  පලවෙනි දවස මගේ හිතටත් පොඩි චකිතයක් තිබුන. ළමයින්ගේ මුණු වල නම් චකිතයට වඩා තිබුනේ කුතුහලයක්. එයාලට මන් අලුත් වුනත් මමත් තවත් එක් ගුරුවරියක් විතරයිනේ. 

මම පන්තියට ඇතුළු වුනා. ළමයි හැමෝම නැගිට්ටා. මට හැම කෙනෙක්ගෙම මුණු පේනවා. කිසිම කෙනෙක් වෙන වැඩ කරන්නේ නෑ. හැම ඇස් දෙකක්ම මාව නිරීක්ෂණය කරනවා.

“ආයුබෝවන්. හැමෝම වාඩිවෙන්න.”

Sunday, February 26, 2017

ආයුබෝවන්... නිසල ගං දිය...



ආයුබෝවන්... නිසල ගං දිය...

අපි හිතනවටත් වඩා බොහොම ඉක්මණට කාලය ගත වෙලා. මධු මේ පැත්තේ ආවේ නැති කාලය අවුරුදු වලින් ගණන් කරන තරමට කාලය ඉගිලිලා. ඇත්තටම අපේ කාර්යබහුල බව අපිට අපි කවුද කියන කාරනේත් අමතක කරවන්නටත් සමත් වෙලා කියල මට හිතෙනවා.

හරි කොහොමවුනත් පහු ගිය කාලය ගැන පොඩි විස්තරයක් කීවොත් හොඳයි කියල හිතුන. මධු ලියන්න පටන් ගන්නකොට විශ්ව විද්‍යාල සිසුවියක්. ඉන් පස්සේ රැකියා විරහිත උපාධිදාරී තරතුර දැරුව මාස හයක් විතර. ගෙදරට වෙලා ඉඳල එපා වෙලා යන්තම් ජොබ් එකක් සෙට් කරගත්ත පෞද්ගලික අංශයේ. හරියට යකා බැඳගත්තා වගේ. ගෙදරින් උදේ පාන්දර 5.30 ට වගේ කරුවලේ ගිහින් රැ 8.00 විතර වෙද්දී යාන්තම් ගෙදරට සේන්දු වුනා. මාස 8ක් විතර ඔහොම ගෙවිල ගියා. මධුට සසර කලකිරිලා වගේ හිටියේ.
Related Posts Plugin for WordPress, Blogger...