Sunday, November 26, 2017

ඉර නැතුව අහසටත් දුක ඇති හරියටම මේ මට වගේ...




Related image
බිංදු වැටෙනා වැහි පොදේ අද රටා නෑ වෙනදා වගේ
දිගට ඇහෙනා චුරු චුරුව අද මගේ හිත හඬනව වගේ

අහස ඉහිරුණු කළු වළාකුළු මගේ මුකුලිත මුව වගේ
ඉර නැතුව අහසටත් දුක ඇති හරියටම මේ මට වගේ

තොරක් නැතිවම කියවනා මගෙ මුවත් හොඳටම ගොළු වෙලා
නිමක් නැතිවම ගලන සිතිවිලි එකම තැනකින් නැවතිලා
ඉඩක් නැතිවම පිරුණු සවනත නුඹේ හඬ නෑ හිස් වෙලා
නිමක් නැතිවම පාලුවෙන් මගෙ හිතත් හොඳටම ලෙඩ වෙලා

තටු දෙකක් ඉල්ලගෙන එන්නම් නුඹ බලන්නට මං සැනින්
සියොත් කැල මා දුක අසාවී හඬන සිත සනසනු රිසින්
නුඹේ හඬ මේ දැන් ඇසේවී බලා හිඳිනා මා සවන්
සනසවන්නට ඉතින් එන්නකො සුව වෙලා හැකි ඉක්මනින්
 
හිසේ කැක්කුම් වේදනාවන් නුඹට පීඩා ගෙන නොදේවා
ගතට සවියත් සිතට දිරියත් නුඹට තව වැඩියෙන් ලැබේවා
පහන් සිතිවිලි ගලාගෙන විත් නුඹේ සිත් මල එලිය වේවා
නිරෝගී සුව පරම ලාභය ලැබී සොම්නස නිති රැඳේවා...

No comments:

Post a Comment

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...