Wednesday, June 5, 2013

වෙසඟනකට පෙම් බැඳ......


ඔහු
නෙත සෙවුවේ නුඹමයි නිති දැකගන්න.
සිහ කිවුවේ නුඹමයි හිමි කරගන්න.
මග කිවුවේ නුඹමයි මට පැමිණෙන්න.
මල් පිබිදුනේ නුඹටයි මගෙ හදඅරණ.
            
            ඇය
            හැකි වුනි නම් නෙත දිවැසින් දකින්න.
            හැකි වුනි නම් සිත දිවැසින් කියවන්න.
            හැකි වුනි නම් නිවැරදි මග පෙන්වන්න.
            ඔබ අද ඔතැන නොව සුමිතුර දැනගන්න.


Wednesday, May 29, 2013

ඔහු සිහින දැවටුණු පියාපත් ඇත්තෙකි.


කොහොමද යාලුවනේ? කාලෙකින් ලියන්න දෙයක් හිතුවා. කාලෙකින් මගෙ ජීවිතේට සමීප වුන කෙනෙක් ගැනයි මං කියන්න යන්නෙ. එයා ඉගෙනගන්නේ දහය වසරෙ. ම්ම්.....මං එයාට නමක් දෙන්නම් සහස් කියල. හැබැයි ඇත්ත නම නම ඒක නෙවෙයි. කාගේත් හිත සුව පිනිස මෙහෙම හොඳයි.

අපි හැමෝගෙම ජීවිත වල පාට පාට හීන ගොඩක් තියෙනවා වගේ එයාටත් ගොඩක් හීන තියෙනව.



සහස් මල්ලි ඉපදිලා ගෙනාවෙ අපේ ගෙදරට එහා ගෙදරට. එයාගේ අම්ම එයාගේ ජීවිතෙන් වැඩි කාලයක් හිටියෙ රට. දැනුත් රට. ඉතින් එයා හැදුනේ එයාගේ ආච්චි අම්ම ළඟ. එයාව බලාගත්තේ ආච්චි. දැනුත් එහෙමයි. එයාගේ තාත්ත ගැන කතා කරලා වැඩක් නෑ. ඕනෙ නැති විදියට නාස්ති වුන සමාජයටම බරක් වුන කෙනෙක්. එයාගේ අම්ම එයා පුංචිම කාලෙ ආපහු රට ගියා. එතකොට එයාට කොච්චර වයසද කියල මට මතක නෑ.

Tuesday, April 30, 2013

ඇය දවාලූ අවුරුද්ද........


කොහොමද යාලුවනේ.....

හැමෝටම අලුතින් හිතන්න පුළුවන් තමුන්ගේ අරමුණු වලට යන්න පුළුවන් වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. 

 ලියන්න දේවලුත් තිබුන. ඒත් ලියන්න ගත්තම වචන පැටලුනා. ඕනෙ දෙයක් කියල අදත් පටන් ගත්ත. මොනවම හරි ලියවෙන් නැතැයි.

ඔයාට මේ අලුත් අවුරුද්ද සුභද? ඇයි අපි හැමෝටම අලුත් අවුරුද්ද එක වගේ සුභ වෙන් නැත්තෙ? සමහර අයගේ මුහුණු හිනාවෙන් පිරෙන්නයි තවත් අයගේ මුහුණු දුකින් පිරෙන්නයි. ඇයි එහෙම වෙන්නෙ?

පහු ගිය 16 වෙනිද උදේ අපේ ගෙදරට කෝල් එකක් ආව.  

Tuesday, April 2, 2013

නමුදු හොඳ හැටි දනිමි මේ භවයේ නොවන බැව් ඒ දිනේ




තටු සිඳී ගිය කිරිලියක ලෙස ඇයිද මා මෙහි උපන්නේ
කඳුලු වැල් නිති දෙනෙත් පාමුල ඇයිද සරදම් කරන්නේ
තවම සවිමත් මදිද මා සිත ඇයිද තව දුක් දෙවන්නේ
කටුක මූසල අන්ධකාරය ඇයිද මා හැර නොයන්නේ

Monday, February 18, 2013

හැමදාමත් යාලුවේ..... 4 (අවසාන කොටස)


“හරි හරි නංගි. දැන් අඬන් නැතුව ඉන්නකෝ.” අපේ නංගි ඇඬුවත් ගණන නොගන්න මට මේ කෙල්ලගෙ කඳුළු දැකල කොහේදෝ නැති දුකක් අව.

“මචං මෙයාව එලියට එක්ක යන්. පැතුම ළඟ ඉන්න බාප්පෙක් එහෙම දැක්කොත් මාර අවුල.” කෙල්ල මගෙ අතේ එල්ලිලා වැලහින්න වගේ අඬනව. හොස්පිට්ල් එක ඉස්සරහ තියෙන බංකුවකට යනකල්ම එහෙමයි. මටයි වෙනුරටයි යන එන මං නැති වෙලා හිටියේ. මේ වගේ වෙලාවක කලබල වෙලා බෑ. හොඳ සිහි බුද්ධියෙන් වැඩ කරන්න ඕනෙ. 

Friday, February 8, 2013

හැමදාමත් යාලුවේ... 3 කොටස



“වෙනුර..... වෙනුර.....’ මං ආව වෙනුරලගේ ගෙදරට. මගෙ ඔරලෝසුව හොඳයි වගේ. වෙනුරය නෑ.
“ආ.... මේ කවිත් පුතානෙ. එමු එමු. මං බැලුව කවුද කියල. වෙනුර නම් නෑ. පුතා මේ කොහේ යන ගමන්ද?”      
“නංගිව පන්ති දාන්න ආව අංකල්. මට අංකල් එක්ක පොඩ්ඩක් කතා කරන්නත් ඕනෙ...... මේ.....” මං කීව තාලෙට අන්කල්ට හිනා.

Friday, January 25, 2013

හැමදාමත් යාලුවේ..... 2 කොටස


“අනේ මේ උඹ මගෙන් ජාතිය අමතව ගන්නැතුව කියපන්කො කතාව.” කලන කෑගැහුවේ මුගේ අඩෝවැඩියාව අහල ඇති වෙලා.

“මේකනේ බං අර ගිය සතියේ මැත්ස්‍ ක්ලාස් ඉවර වෙලා එද්දී මං පෙන්නුවේ උඹට හුරුබුහුටි කෙලි පොඩිත්තක්. අන්න ඒකි වෙනුවෙන් තමයි මම මේ සේරම දේවල් කලේ. මං අද ඒකිගේ ක්ලියර් බෑග් එකෙන් පොතක් පැහරගත්ත.

Sunday, January 20, 2013

හැමදාමත් යාලුවේ.....


දුවපන්, කකුල් දෙක පන බේරගෙන දුවපන්. අහු උනොත් රෙදි නැතුව තමා යන්න වෙන්නේ. අද මොන නැකතකින් එලියට බැස්සද මන්ද. 

“අංකල් දොඩම් එකක්.” හති දාගෙන දුවන ආව මං නැවතුනේ මිකී අංකල්ගේ දොඩම් කඩේ ළඟ. කූල් කරපු දොඩම් වීදුරුව මේ වගේ වෙලාවක දිව්‍ය ඖසදේ වගේ තමා. 

Friday, January 11, 2013

බැරුවා ඉන්ට තනිකම දැන් තිත්ත වෙලා



ඉනුවා කඳුළු නෙතගට ඔබෙ රුව          මැවිලා
දැනුනා පාලු ඔබෙ හඬ සවනත              රැඳිලා
සිටියා වුවත් ඔය සිත ළඟටම                   වීලා
බැරුවා ඉන්ට තනිකම දැන් තිත්ත         වෙලා

Related Posts Plugin for WordPress, Blogger...