Friday, January 11, 2013

බැරුවා ඉන්ට තනිකම දැන් තිත්ත වෙලා



ඉනුවා කඳුළු නෙතගට ඔබෙ රුව          මැවිලා
දැනුනා පාලු ඔබෙ හඬ සවනත              රැඳිලා
සිටියා වුවත් ඔය සිත ළඟටම                   වීලා
බැරුවා ඉන්ට තනිකම දැන් තිත්ත         වෙලා


මොන හිතකින්ද ඔබ ගියෙ මා තනි       කරලා
වාගෙයි මගෙ ලොවම එක තැන නතර  වෙලා
අතොරක් නැතුව කියවන්නට ළඟට      වෙලා
දැන් කවුරුන්ද සිටිනුයෙ දෑතින්            අල්ලා

පුන් සඳ ආවමුත් අහසට                     පායාලා
වෙනදා තරම් ශෝභාවක් නැත              පිරිලා
සීතල සඳ කිරණ නොයනුවෙ දෝරෙ       ගලා
මට සිතෙනුයේ සඳටත් පාලුව              දැනිලා


මූසල අඳුරු බව මගෙ ලොව             පැතිරීලා
කණාමැදිරි එළියක්වත් නැත                 දිදුලා
අඳුරට බිය නමුදු මා දැන් තනි                 වීලා
දල්වනු මැන පහන් සිළු ගනඳුර             දුරලා

හසරැල් පිරුණු ඒ මල් සමයේ           වෙලිලා
හිඳිනෙමි තවත් ඔබ නැති සොව       ඉවසාලා
මුකුලිත හද මඩල යළි විකසිත               වීලා
එ වසත් සමය පැමිණෙයි අප ළං            වීලා  

සැ.යු.-පාලුවෙන් කල් ගෙවන පෙම්වතියන් වෙනුවෙන්.............

16 comments:

  1. කවි කිය කිය නුඹ සිටියත් තනිවීලා
    කරනට ඇත තවත් බොහො දේ වටවීලා
    පෙම්වතියන්ට පමණද දුක තනිවීලා
    විඳිනා එවුන් ඇත තව තව හිත් බිඳිලා

    වසත් සමය එනවා එය නම් නිසැකයි
    නමුත් එයට පසු අඳුරත් නිසැක තමයි
    කැරකෙන ලොවක ඍතු මාරුව එහෙම තමයි
    අප ජීවෙත් ඒ වගේ දේ වලට යටයි

    ReplyDelete
    Replies
    1. ආදරයෙන් පැරද දුක් විඳිනා උන්ය
      එලෙසට වුවත් ඒ දුක සැමදා නැතිය
      දුක්බර සිතට කාලය හොඳ ඔසුවක්ය
      දොම්නස පිටුපසින් සොම්නස නිසැකමය

      ලෝ දම් සොබා නම් වළකාලනු බැරිය
      එනමුදු අඳුරු බව දුරලාලිය හැකිය
      සවිමත් සිතක් කිසිදා පරදිනු නැතිය
      දෛවයෙ වුවද යම වෙනසක් කළ හැකිය

      Delete
  2. ලස්සනයි අක්කෝ... !!!

    ReplyDelete
  3. තනිකම බොහෝ නිර්මාණයන් හි උල්පතයි.....
    මේ නිර්මාණෙත් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. ගොඩක් ස්තුතියි.

      Delete
  4. මේ එතකොට පාලුවෙන් කල් ගෙවන පෙම්වතුන්ට කවි නැද්ද??

    ReplyDelete
    Replies
    1. ඒ අය වෙනුවෙනුත් කවි ලියවෙයි යාලු.

      Delete
  5. තනි වෙන පෙම්වතුන් වෙනුවෙන් කවි නැති වීම ගැන බලවත් විරෝධය!!!

    හිතේ දුකට කියවෙන ලස්සන කවි...

    ReplyDelete
    Replies
    1. විරෝධය දක්වන්නෙ නැතුව ඒ අය වෙනුවෙනුත් ලියමු.

      ලස්සන කවි ලියවෙන්නෙ දුකට විතරද යාලු.
      තැන්කු හොඳේ. ආයෙත් එන්නකෝ.

      Delete
  6. මමනම් තනිකමට ආසයි..... ( පාළුව නොදැනෙනතාක් )

    ලස්සනයි මධූ.... එළි සමය නියමෙටම ගලපගෙන

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු අයියෙ. පාළුව දැනෙනකොට ඒක ගොඩක් කටුකයි.

      Delete
  7. අයියෝ සුදු මක්කෙයි මේ දුක හිතිලා...
    පිළිතුර ඔන්න දුන්නා පොස්ටුවක් දමා...

    http://lankatxt.blogspot.com/2013/01/blog-post.html

    ReplyDelete
    Replies
    1. ම්ම් ගොඩාක් හිතට දැනුන.

      Delete
  8. එතකොට මධූ ඉන්නෙත් පාළුවෙන්ද ?

    ReplyDelete
    Replies
    1. මමත් ටිකක් පාලුවෙන් තමයි ඉන්නෙ අයියෙ. ඕනෙවටත් වඩා දැනුන වෙලාවක ලීවෙ.

      Delete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...