ඉනුවා කඳුළු නෙතගට ඔබෙ රුව මැවිලා
දැනුනා පාලු ඔබෙ හඬ සවනත රැඳිලා
සිටියා වුවත් ඔය සිත ළඟටම වීලා
බැරුවා ඉන්ට තනිකම දැන් තිත්ත වෙලා
මොන හිතකින්ද ඔබ ගියෙ මා තනි කරලා
වාගෙයි මගෙ ලොවම එක තැන නතර වෙලා
අතොරක් නැතුව කියවන්නට ළඟට වෙලා
දැන් කවුරුන්ද සිටිනුයෙ දෑතින් අල්ලා
පුන් සඳ ආවමුත් අහසට පායාලා
වෙනදා තරම් ශෝභාවක් නැත පිරිලා
සීතල සඳ කිරණ නොයනුවෙ දෝරෙ ගලා
මට සිතෙනුයේ සඳටත් පාලුව දැනිලා
මූසල අඳුරු බව මගෙ ලොව පැතිරීලා
කණාමැදිරි එළියක්වත් නැත දිදුලා
අඳුරට බිය නමුදු මා දැන් තනි වීලා
දල්වනු මැන පහන් සිළු ගනඳුර දුරලා
හසරැල් පිරුණු ඒ මල් සමයේ වෙලිලා
හිඳිනෙමි තවත් ඔබ නැති සොව ඉවසාලා
මුකුලිත හද මඩල යළි විකසිත වීලා
එ වසත් සමය පැමිණෙයි අප ළං වීලා
සැ.යු.-පාලුවෙන් කල් ගෙවන පෙම්වතියන් වෙනුවෙන්.............
කවි කිය කිය නුඹ සිටියත් තනිවීලා
ReplyDeleteකරනට ඇත තවත් බොහො දේ වටවීලා
පෙම්වතියන්ට පමණද දුක තනිවීලා
විඳිනා එවුන් ඇත තව තව හිත් බිඳිලා
වසත් සමය එනවා එය නම් නිසැකයි
නමුත් එයට පසු අඳුරත් නිසැක තමයි
කැරකෙන ලොවක ඍතු මාරුව එහෙම තමයි
අප ජීවෙත් ඒ වගේ දේ වලට යටයි
ආදරයෙන් පැරද දුක් විඳිනා උන්ය
Deleteඑලෙසට වුවත් ඒ දුක සැමදා නැතිය
දුක්බර සිතට කාලය හොඳ ඔසුවක්ය
දොම්නස පිටුපසින් සොම්නස නිසැකමය
ලෝ දම් සොබා නම් වළකාලනු බැරිය
එනමුදු අඳුරු බව දුරලාලිය හැකිය
සවිමත් සිතක් කිසිදා පරදිනු නැතිය
දෛවයෙ වුවද යම වෙනසක් කළ හැකිය
ලස්සනයි අක්කෝ... !!!
ReplyDeleteතැන්කු නංගෝ.....
Deleteතනිකම බොහෝ නිර්මාණයන් හි උල්පතයි.....
ReplyDeleteමේ නිර්මාණෙත් ලස්සනයි
ඒක නම් ඇත්ත. ගොඩක් ස්තුතියි.
Deleteමේ එතකොට පාලුවෙන් කල් ගෙවන පෙම්වතුන්ට කවි නැද්ද??
ReplyDeleteඒ අය වෙනුවෙනුත් කවි ලියවෙයි යාලු.
Deleteතනි වෙන පෙම්වතුන් වෙනුවෙන් කවි නැති වීම ගැන බලවත් විරෝධය!!!
ReplyDeleteහිතේ දුකට කියවෙන ලස්සන කවි...
විරෝධය දක්වන්නෙ නැතුව ඒ අය වෙනුවෙනුත් ලියමු.
Deleteලස්සන කවි ලියවෙන්නෙ දුකට විතරද යාලු.
තැන්කු හොඳේ. ආයෙත් එන්නකෝ.
මමනම් තනිකමට ආසයි..... ( පාළුව නොදැනෙනතාක් )
ReplyDeleteලස්සනයි මධූ.... එළි සමය නියමෙටම ගලපගෙන
තැන්කු තැන්කු අයියෙ. පාළුව දැනෙනකොට ඒක ගොඩක් කටුකයි.
Deleteඅයියෝ සුදු මක්කෙයි මේ දුක හිතිලා...
ReplyDeleteපිළිතුර ඔන්න දුන්නා පොස්ටුවක් දමා...
http://lankatxt.blogspot.com/2013/01/blog-post.html
ම්ම් ගොඩාක් හිතට දැනුන.
Deleteඑතකොට මධූ ඉන්නෙත් පාළුවෙන්ද ?
ReplyDeleteමමත් ටිකක් පාලුවෙන් තමයි ඉන්නෙ අයියෙ. ඕනෙවටත් වඩා දැනුන වෙලාවක ලීවෙ.
Delete