Thursday, March 9, 2017

ජලයේ ප්‍රයෝජන...(6 වසරට විශේෂයි.)



“ජලය ස්වභාවික සම්පතක් ලෙස” හරිම ලස්සන වැදගත් පාඩමක්. මේක තියෙන්නේ 6 වසර විද්‍යාව පොතේ. ලස්සන පුංචි පරීක්ෂණ ටිකක් එක්ක 6 වසරේ මගේ පුංචි යාලුවන්ට මම මේ පාඩම කරගෙන ගියා. දැන් යන්නේ පාඩමේ අන්තිම හරිය.

 එ කියන්නේ ජලයෙන් ඇති ප්‍රයෝජන.

“දැන් පුතේ අපි පොඩි වැඩක් කරමු. මන් ඔයාලට අවස්තාවක් දෙනවා බෝඩ් එකේ ලියන්න අපිට ජලයෙන් ලැබෙන ප්‍රයෝජන. ඔයාලගේ ලස්සන අකුරු වලින් ලියන්න බලන්න.”


හැමෝම අවස්තාවක් ගන්න අත් උස්සනවා. තෝරා ගත පිරිසකට මන් ලියන්න දුන්න.

පානය කිරීමට.

නෑමට

රෙදි සේදීමට

ධීවර කර්මාන්තයට

ඔන්න ඔය වගේ අපි හොඳට දන්නා සරල කරුණු මෙයාල බෝඩ් එකේ ලීව. එයාල ගොඩාක් දේවල් දන්නවා. මේ හැමදේම අතරේ පිටිපස්සේ පේලියේ වලියක්. මේ වගේ දේවල් 6 වසර පන්තියක බොහොම සාමාන්‍ය දේවල්.

“රවිඳු මොකද කරන්නේ? ෂෙහාර මොකද්ද ප්‍රශ්නේ?” මන් එහෙම අහගෙන පන්තියේ පිටිපස්සට ගියා. රවිඳු කියන්නේ සෑහෙන්න දඟ වැඩ කරන ළමයෙක්.

“රවිඳු නැගිටින්න. ලියන්න ජලයෙන් අපිට ලැබෙන ප්‍රයෝජනයක්. යන්න යන්න.”  බෝඩ් ඒක දිහා බලල ටිකක් වෙලා කල්පනා කරලා ඔලුවත් කහල හිනා වෙලා රවිඳු කතා කළා.

“අනේ බෑමැඩම්. “ පොඩි එකා ඒක පාරම කීවම මට ඇත්තටම හිතාගන්න බැරි වුනා.

“ඇයි පුතේ බෑ කියන්නේ? යන්න යන්න ගිහින් ලියන්න. තව ගොඩක් ප්‍රයෝජන තියෙනවා අපිට. එකක් ලියන්න ගිහින්.” මම බල කළා.

“දන්න ඒවා ඔක්කොම ලියලනේ මැඩම්.”

“හොඳට මතක් කරන්න. වෙන එකක්වත් නැද්ද?”

අන්තිමේදී එකක් මතක් වෙලා වගේ රවිඳු බෝඩ් එකට ගියා. හුණු කැටයක් අරගෙන ඇද වෙච්ච අකුරු වලින් මෙන්න මෙහෙම ලිව්වා.

“උද්ගෝෂණ වලට”

මුළු පන්තියම හිනා වෙන්න පටන්ගත්ත. කටට ආව හිනාව අමාරුවෙන් නවත්තගෙන දන්නේ නැති ගානට මන් රවින්දුගෙන් ඇහුව.

“මොකටද පුතේ උද්ඝෝෂණ වලට ජලය?”

“ඇයි මැඩම් අර ටීවී එකේ පෙන්නන්නේ අධි පීඩන ජාල පහර කියල” රවිඳු එහෙම කීවේ එයාගේ අතේ වතුර බටයක් තියාගෙන ඉන්න විදියට. පොඩි රඟපෑමකුත් එක්ක.

ඒක වැරදී කියන්න මට බෑ. ඒත් හරි කියන්නත් බෑනේ. මං හිතාගත්ත එක පාර පොතේ ලියල පෙන්නන්න කිවේ නැත්තේ හොඳ වෙලාවට කියල.

මධූ

2 comments:

  1. ලිපියේ කරුණු මදි..

    ReplyDelete
  2. කාලය ප්‍රශ්නයක් යාලු... ගොඩක් ස්තුතියි. මං එ ගැන සැලකිලිමත් වෙන්නම්.

    ReplyDelete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...