කොහොමද යාලුවනේ? ඉස්කෝලේ
දඟයෝ ටික නිසල ගං දිය පාලු වෙන්න කොහෙත්ම ඉඩ දෙන්නේ නෑ. මධුට ලියන්න ගොඩක් දේවල්
ඉතිරි කරනවා. අද කියන්න යන්නේ 8 වසරේ දඟයෝ ගැන.
ධ්වනිය කියන්නේ 8 වසර
පලවෙනි වාරේ අවසාන පාඩම. එකේදී අපි උගන්වනවා හඬ නිපදවන ක්‍රම සහ සංඛ්‍යාත වෙනස්
කරන ක්‍රම. මුලින්ම අපි පටල කම්පනය ඉගෙනගන්න බැලුම් බෝලයක් කපලා ප්ලාස්ටික්
කොප්පෙකට දාල පුංචි බෙරයක් හැදුව. බැලුන් පටලයේ ඇදීම වැඩි කරලා සංඛ්‍යාතය වෙනස්
කළා.
ඉන් පස්සේ තන්තු කම්පනය
උගන්වන්න මන් හිතුව වයලින් එකක් ගහල පෙන්නුවොත් හොඳයි කියල. සුදු ගවුම ඇඳලා
ඉස්කෝලේ ගිය කාලේ ඉගෙනගත්ත දෙයින් පොඩි ප්‍රයෝජනයක් ගන්නත් පුළුවන්නේ. ඉතින් මම
වයලින් එකකුත් ඉස්කෝලෙන් ඉල්ලගෙන 8 වසරට ගියා. එයාල හැමවෙලේම හරිම කැමති පුදුම
වෙන්න. පන්තියට ඇතුල් වෙද්දීම ආ..... සද්දේ හැම තැනින්ම ඇහෙන්න ගත්ත. මුණු වල
හිනාව උතුරලා.
කොහොම කොහොමහරි මන් ස්වර
වාදනය කරලා වෙනස්වීම පැහැදිලි කළා. තන්තු වල ඇදීම වෙනස් කරලා පෙන්නුවා. ඒ වගේ පොඩි
පොඩි දේවල් පෙන්නුවා. ඇත්තටම හිතුවට වඩා පාඩම එයාලගේ මනසට දාන්න මට පුළුවන් වුනා.
එයාලට හිත පිරෙන්න තිබුන ලොකුම දේ අපේ විද්‍යා මැඩම් වයලින් ගහන්නත් දන්නවා කියන
එක.
“අනේ මැඩම් සින්දුවක් ගහන්නකෝ.”
“අනේ ඔව් මැඩම්. එක සින්දුවක්
ගහල පෙන්නන්නකො.”
“අනේ එකක්. එකක්.”
පුළුවන් උපරිම සද්දෙන්
කට්ටිය සද්දේ දාන්න පටන්ගත්ත.
“හරි නිශ්ශබ්ද වෙන්න.
එකක් ගහල පෙන්නන්නම්කො.”
මම එවෙලේ හිතට ආව එකම සින්දුව “නිල අහස තලේ...” මන් වාදනය
කරන්න පටන්ගත්ත. පලවෙනි පද පේලි දෙක ගහල ඉවරවෙද්දි පිටිපස්සේ පේලියෙන් සින්දුව
කියන්න පටන්ගත්ත. මටත් වැඩේට හිත ගියපු නිසා මමත් නැවැත්තුවේ නෑ. පන්තියේ හැමෝම
වගේ සින්දුව කියනවා. ටික වෙලාවකට විද්‍යාව පන්තිය සංගීත පන්තියක් වුනා. ඉවර වුනාම
කට්ටිය මට අත්පොඩියකුත් ගැහුවා. මට ඒ වෙලාව හිතට ගොඩාක් දැනුනා. හරියට හිතේ තිබුණු
ලොකු ආශාවක් ඉෂ්ට උනා වගේ.
වයලින් කතන්දරේ ඉවර කරලා
සටහන දෙන්න ගත්තම තමයි අපේ අද කතාවේ නායකයාගේ කට ඇරුනේ.
“පුතේ දැන් ලියාගන්න.
වයලීනය, ගිටාරය, සිතාරය ආදී සංගීත භාණ්ඩ..” මට කියන්න ලැබුනේ මෙච්චරයි.
“ආ මැඩම් මේ දවස් වල ආදී
දුකෙන් ඉන්නේ, අඬ අඬ එයාගේ ඉෂී අම්ම එල්ලුම් ගස් ගියානේ.” කටකාර දඟ මල්ල තුෂර එහෙම
කීව.
මේ දවස් වල කතාව බොහොම
ප්‍රසිද්ධයිනෙ. අමාරුවෙන් හිනාව නවත්තගෙන මම ඇහුව.
“කවුද පුතේ ආදී?”
“අයි මැඩම් අර මේ ආදරයයි
එකේ ඉන්නේ.”
ඉන් පස්සේ මම ධ්වනිය
පාඩම පැත්තක තියල කතා බැලීමේ ආදීනව, ටීවී බලීමන් සිදු වන අහිතකර බලපෑම ගෙන කට්ටියට
පැහැදිලි කරන්න පටන්ගත්ත. ඔය එකක් විතරයි. මම යන පාසල් සේවයේ(ස්කූල් වෑන්) ඉන්නවා 2,
3 පන්ති වල පොඩි පන්චෝ ටිකක්.
“මන් පතනවා මේ මට වඩා...”
කියල තමයි කට්ටියගේ සින්දු පටන්ගන්නේ.
ඇහෙන සින්දු සේරම ගිරව්
වගේ ඔහේ කියවනවා තේරුමක් දැන හෝ නොදැන. මට මතක විදියට මන් පුංචි කාලේ මේ තරම් කචල්
සින්දු වැඩිය ඇහුනෙත් නෑ. ළමයි ඒවා කියවන්න පෙලඹුනත් ගොඩක් අඩුයි.
පොඩි දරුවන්ගෙන් මේ දේවල්
ඈත් කරන එක හරිම අමාරු වැඩක්. ඔක්කොටම කලින් අම්මල තාත්තල දැනුවත් වෙන්න ඕනේ තේරෙන
වයසක්වත් වෙනකල් ඒ දේවල් වලක්වන්න බලෙන් හරි. එහෙම නැති වුනොත් එයාලට හොඳ නරක
මොකද්ද කියලවත් හරියට අදුනගන්න බේරී වෙයි අනාගතේදී. දැන් දරුවෝ ගොඩක් බුද්ධිමත්.
හැබැයි එයාලව හරි පැත්තට යවන්න ඕනේ. මොකද එයාලගේ බුද්ධිය වැරදි පැත්තකට යන්නත්
පුළුවන්. දරුවන්ගේ බුද්ධිය ගැන කියද්දී මට තවත් පොඩි සිද්දියක් මතක් වුනා.
8 වසරට තියෙනවා සත්ත්ව
විවිධත්වය ගැන පාඩමක්. අපි ඒ යටතේ වෙනම කතා කරනවා කුරුල්ලෝ ගැන.
“පුතේ මට කියන්න බලන්න
කුරුල්ලන්ව කොපි කරලා මිනිස්සු හදල තියෙන වාහනයක්.”
“ප්ලේන් එක.....” වැඩි දෙනෙක්
උත්තර දුන්න. ලොකු කල්පනාවක හිටිය උත්තර නොදුන්නා එක පුතෙක් මන් දිහා බලාගෙනම
හිටියා හරියට එයාට කියන්න දෙයක් තියෙනවා ඒත් කියන්න බෑ
වගේ.
“මොකද දෙනෙත්? මොනවද හිතන්නේ?”
“නෑ මැඩම් ප්ලේන් එක
කුරුල්ලා වගේ කීවට එහෙමම නැනේ. කුරුල්ලෝ තටු ගහනවා. ප්ලේන් එක තටු ගහන්නේ නෑනෙ.”
“ඇයි දෙනෙතෝ ප්ලේන් එකට
එන්ජිමක් තියෙනවනේ. එතකොට තටු ගහන්න ඕනේ නැනේ.” මට කලින් එයා ළඟම හිටිය කවීෂ පැනල කීව.
“එතකොට මැඩම් අර
ඉගිල්ලෙන්න බැරි කුරුල්ලෝ එහෙමත් ඉන්නවනේ. උන්ටත් එන්ජින් එකක් හයි කලොත්
ඉගිල්ලෙන්න පුළුවන්නේ.”
එකේ තියෙන සංකීර්ණ බව දෙනෙත්ට
මට තේරුම් කරන්න වුනා. හැබෙයි එකේ තිබුන අහිංසක බලාපොරොත්තුව මට දෙනෙත්ගේ කතාවෙන්
තේරුනා.අනිත් හැම කුරුල්ලෙක්ම පියාඹද්දී පියාඹන්න බැරි කුරුල්ලෝ පව් කියල දෙනෙතට
හිතුනා. මේ වගේ චුටි අදහසක් ඇති දරුවෙක්ට ලොකු හීනයක් ලොකු අනාගතයක් හදාගන්න.
ඔයාල කොච්චර දුරට මා
එක්ක එකඟ ද කියල මන් දන්නේ නෑ. හැබැයි පොඩි කාලේ අත්දැකපු දේවල් මට නම් මේ වෙනකල්
ලොකු උදව්වක් වුනා. ඔයාලගේ අදහස් වලට පහල ඉඩ තියෙනවා.
ළමයි ටික නම් මාරු වගේ ... ඉස්කෝලේ යන කාලේ මතක් වුනා :) :)
ReplyDeleteඔයත් ඒ කාලේ මේ වගේ දඟ මල්ලක්ද....?
Delete