Thursday, September 7, 2017

දුර්ග චාරිකා... ( ඇගේ පළමු සටහන)



මේ සියල්ලේම නිමාවද එසේත් නැති නම් ආරම්භයදැයි නොදනිමි.  ජීවිතයේ එක් කඩයිමකට පැමිණ ඇති බව පමණක් වැටහේ. ගෙවී ගිය වසර කිහිපය නැත කල්ප කිහිපය කෙසේ කෙලවර වුවා දැයි තිස් තුන් කෝටියක් දෙවියන් පවා නොදන්නවා ඇත. පොළොවේ පයගසා ජීවත් වන ඇට මස් ලේ නහර වලින් සැදී මවු කිරි තොල ගෑ දෙදෙනෙක් පමණක් ඒ පිළිබඳව සාක්ෂ්‍ය දරනු ඇත. ඒ මම සහ ඔහු පමණක්මය.

මම මම වනබවවත් ඔහු ඔහු එන බවවත් පිලි ගැනීමට තරම් චිත්ත ධෛර්යයක් නොතිබූ බව අපට අමතක කල නොහැකිය. බිලියන ගණන් ජීවීන් ජීවත් වන මේ ලෝකය තුල ඔහුත් මමත් තනිව ඇත. කවදා හෝ මෙය කියවන ඔබ මටත් මගේ ජීවිතය හා බැඳී සියල්ලටත් සාක්ෂ්‍ය දරනු ඇතැයි විස්වාස කරමි.

2032/6/23 මා ශ්‍රී ලංකාවේ පිළිගත් විශ්ව විද්‍යාලයකින් විද්‍යා විශේෂ උපාධි ධරිනියක ලෙසපිට වීමි. මගේ පලමු රකියාව පර්යේෂණ සහායිකා තනතුරක් ආචාර්ය ජේම්ස් කෝෆිල්ඩ් යටතේ. සර් ජේම්ස් හැර  සාමාජිකයින් දස දෙනෙකුගෙන් සමන්විත ජේම්ස් ටීම් හි මා හට පැවරුනේ  ගණිත අංශය හා පරිගණක අංශයේ කටයුතු සම්බන්දීකරනය කිරීම හා ඊට සමගාමීව සැලසුම් සකස් කිරීමයි. එකිනෙකට වෙනස් විෂයයන් යටතේ විශිෂ්ටත්වයට පත් වූ අවුරුදු 25ත් 30ත් අතර ප්‍රවීනයින් ජේම්ස් ටීම්හි ප්‍රධාන සාමාජිකයින් ලෙස එක් වී සිටියහ. නමුත් ජීව විද්‍යා අංශයේ වෙනස් පැතිකඩ හැදෑරුවන් කෙරෙහි සර් ජේම්ස් විශේෂ උනන්දුවක් දැක්වීය.


කෙසේ හෝ අවසානයේ එකිනෙකා නොහඳුනන දස දෙනෙක් එකම පොදු අරමුණක් සාක් ෂාත් කර ගැනීම සඳහා කැප වූහ. එනම් “නොහැකියාවට එරෙහිව” නම් වු එම ව්‍යාපෘතිය අපගේ ලේ මස් නහර බිඳගෙන අට මිදුළු දක්වා මුල් බැස ගැනීමට තරම් ශක්තිමත් විය.

එහි මුලික කටයුතු ඒ වන විටත් ආරම්භ වී තිබු බව සර් ජේම්ස් අප වෙත දැන්වීය. ඒ අනුව අර්ධ වාර්ෂික කාලයක් සර් ජෙම්ස්ගේ මග පෙන්වීම යටතේ කුඩා පරිමානයේ පර්යේෂණ අවම පහසුකම් යටතේ අප අතින් සිදු විය. නමුත් ශ්‍රී ලංකාව තුල ලබා ගත හැකි උපරිම පහසුකම් යටතේ වුවත් තව දුරටත් ඉදිරි පියවරක් ගැන සිතීම පවා අසීරු විය.

ඒ අනුව ජීවිතයේ ඉතාම වැදගත් තීරණයත් නොවැදගත් ආකාරයෙන් ගැනීමට ජේම්ස් ටීම්හි දස දෙනාට සිදු විය. මන්ද කිසිවෙකුට ආපසු හැරීමට නොහැකි ආකාරයට වැට බැඳී තිබිණි. වසර දෙකක් සඳහා ගිවිසුම් අත්සන් කළ ජේම්ස් ටීම් ඇමරිකා එක්සත් ජනපදය බලා පියාසර කෙරිණි. .

 ඒ පියාසැරිය ජීවිතය කණපිට පෙරලන්නක් බව එදා අප දස දෙනාගෙන් එක අයෙක් හෝ දැන සිටියා නම්....
අප දස දෙනා අතර මා සමග වඩාත් කුළුපග වු හිතවතුන් දෙන්නෙක් විය. ඔවුන් නමින් පැහැසර සහ ශලනි විය. පරිගණක අංශයේ සියලු කටයුතු පැහැසර අතින් සිදු විය. මට පැවරී තිබූ කාර්ය භාරයෙන් වැඩි කොටසක් ඔහුත් සමග සහයෝගයෙන් සිදු කළ යුතු ඒවා විය. ශලිනි ඉතාමත් හොඳ මිතුරියක් ලෙස දැක්විය හැක. ඇය ජීව විද්‍යා විශේෂ උපාධි ධාරිනියක් ලෙස ඇගේ දායකත්වය ජේම්ස් ටීම් වෙත ලබා දුනි.

ඒ තාක් අප විසින් සිදු කරන ලද ඉතාම කුඩා දේ පවා සර් ජේම්ස් විසින් නිරීක්ෂණය කර වෙන් වෙන් වශයෙන් සැම අයෙක් පිළිබඳවම යම් යම් නිගමනයන්ට එළැඹී තිබිණි. ඒ වගේම අප ලද විවේක කාලය ඉතාම කෙටියි. එකිනෙකාගේ තොරතුරු හුවමාරු කරගෙන දැන හඳුනා ගැනීමටවත් කාලයක් නොතිබුන තරම් විය. එය එලෙස සිදු වන්නට සර් ජේම්ස් වග බලා ගත් බව පසුව වැටහිණි.  නමුත් ලංකාවේ කුමන හෝ විශ්ව විද්‍යාලයක අවුරුදු කිහිපයක් ඉගෙන ගත් පිරිසක් ලෙස අපිට එකිනෙකා හඳුනාගැනීම බරපතල ගැටළුවක් වුනේ නොවීය.


නිව්යෝක් සිට සර් ජේම්ස් අපිව අරගෙන ගියේ ඉතාම සුන්දර ගම්බද ප්‍රදේශයක පිහිටි විශාල නෑ අති විශාල පර්යේෂණාගාර සංකීර්ණයකටය. මා කොතරම් වාසනාවන්ත විය යුතුද? එදා මගේ බොළඳ සිත මට පැවසීය. ඒ ලැබුණු උණුසුම් පිළිගැනීම මා විශිෂ්ටයෙක්ය යන සිතුවිල්ල මගේ හිසට ඇතුල් කළේය. දින දෙකක විවේක කාලයක් අපට ලැබිණි. ඒ ඇතුලත පවුලේ අයට මිතුරන්ට කතා කිරීමේ අවකාශය හිමි විය. අන්තර්ජාල පහසුකම් හිමි විය. එම ගොඩනැගිලි සංකීර්ණය පිලිඹද අපට තිබිය යුතු අවම දැනුම ඒ දින දෙක ඇතුලත ලබා දීමට ඔවුන් උත්සුක විය. මාර්ගෝපදේශකයන් සමග රිසි සේ ඇවිද යාමේ ඉඩ කඩ අපට හිමි විය.

මහල් 67කින් සමන්විත් එහි මහල් 5ක් අප වෙත හදුන්වා දෙනු ලැබීය. ඇත්තෙන්ම එය ඉතාම වැදගත් සිත් ගන්නා සුළු පර්යේෂණ රැසක් සිදු වන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජීව විද්‍යාගාරයක් විය. සත්ව හා ශාක සංරක්ෂණ ව්‍යාපෘති සඳහා ඔවුන් වැඩි පරිශ්‍රමයක් දරන බව අපිට පෙනෙන්නට තිබිණි. සුන්දර දින දෙකක් එලෙස නිමා විය. ඒ වන තුරුත් අප දැන නොවුන් එක විශේෂිත කරුණක් දෙවන දින රාත්‍රියේ අපට දැනගන්නට ලැබිණි.

එනම් ජේම්ස් ටීම් හා සමගාමීව ලෝකයේ තවත් රටවල පිහිටුවා වූ කණ්ඩායම් 9ක්(අප හැර) ඒ වන විට එහි පැමිණ ඇති බවයි. විශේෂත්වය වුවේ ඒ සියල්ලන්ම ආසියාතිකයින් වීම සහ අප පැමිණි දිනයේම ඔවුන් සියල්ලන්ම පැමිණියත් කිසිවෙකු දෙවන දින රාත්‍රිය වන තෙක් ඒ පිළිබඳව නොදැනා සිටීමයි.. අපට එය විශාල ප්‍රෙහෙලිකාවක් විය. සාමාජිකයින් සියයක්. සර් ජේම්ස් පෙර අප දැනුවත් කලේ ජේම්ස් ටීම් පමණක් මෙහි පැමිණෙන බවයි. අප ඒ සම්බන්ධව කිසිවක් නොදැනීම ඇත්තෙන්ම භයානක තත්වයකි.

අප වෙත රීහි මාලාවක් ඉදිරිපත් කෙරිණි. එය එසේ හැදින්වුවත් ඇත්තෙන්ම එය නීති මාලාවක් විය.
තම පුද්ගලික කාමරයේ හැරෙන්නට වෙනත් කිසිදු ස්ථානයක ඔවුන් අපට ලබා නිල ඇඳුමෙන් බැහැර නොවිය යුතුයි. (ඒ වන විට අපට පුද්ගලික කාමර නොතිබිණි. එකට යා කරන ලද ඇඳක් මේසයක් සහ අල්මාරියක් බැගින් දමා සකසන ලද අවකාශයක් අප දස දෙනාට හිමිව තිබුණි.)

විශේෂ හේතුවත් මත හැරුනු කොට තමන් අදාළ සේවා ස්ථානයෙන් බැහැර නොවිය යුතුය.විශේෂ හේතුවක් මත වුවද තමන් සිටින මහලේ ආරක්ෂා අංශය සමග ගමන් කල යුතුය.

සතියකට වතාවක් පවත්වනු ලබන වෛද්‍ය පරීක්ෂණයට මොන යම් තත්වයක් මත වුවද සහභාගී විය යුතුය.(ඒ වන විටත් අප සියල්ලන්ම ලේ සාම්පල පරීක්ෂණ මුත්‍ර සාම්පල පරීක්ෂණ හා අනෙකුත් සියලු පරීක්ෂණ වලට බඳුන් කර තිබුණි.)

දැරිය නොහැකි තවත් එක් කරුණක් විය. එතැන් සිට තම දෙමවුපියන්ට හිතවතුන්ට කතා කල හැක්කේ මසකට එක වතාවක් පමණි. නමුත් ඔවුන් පිලිබඳ සියලු තොරතුරු දැන ගැනීමේ අවකාශය ලබා දෙන බව ඔවුන් අපට සහතික විය.

ඉතාම වැදගත් හා මගේ ඔලුවට කිඳා බැස තිබු කරුණු කීපයක් පමණක් මෙහි සටහන් කලෙමි. දාහක් ප්‍රශ්න තිබුනත් ඒ එකකටවත් පිලතුරු ලබා ගැනීමට කෙනෙකු අප වෙත නොවීය. ඉතාම සුව පහසු සිත් ගන්නා සුළු කුටියක් බැගින් අපට හිමි විය. අංග සම්පුර්ණ නිදන කාමරයකි. සුව පහසු ඇඳක්,විශාල අල්මාරියක්, දුරකතනයක්(ප්‍රධාන කාර්යාලය හා සම්බන්ද වීමට පමණක්), නාන කාමරයක් සහ විශාල ප්‍රමාණයේ තිරයකින් එය සමන්විත විය. 

මා ඔබට කලින් සඳහන් කල පරිදි ඔබට මතක නම් ආසියාතිකයින් සියයක් සඳහා ඔවුන් මෙසේ පහසුකම් සලසා දී තිබිණි. පසු ගිය දෙදින මා වැඩියෙන්ම ගත කලේ ශලිනි සමගයි. මා සිතන අයුරින් ඊට එක හීතුවක් නම් අප දෙදෙනාම ගැහැනුන් වීමයි. නමුත් මට අයව හා ඇයට මා අත්‍යවශ්‍ය මොහොතක එනම් කුටි බෙදා දීමේදී ඇයට හිම වුනේ සිව් වන මහලයි. මට හිමි වූයේ දෙවන මහලයි. කුමක් කරන්නද?

ඔබට ප්‍රශ්න රාශියක් ඇති මගෙන් විමසීමට. මා ඒවා එකින් එකට පිළිතුරු සපයන්නම්  මේ කතාව ඔබට පවසන විට මගේ පවුල හිතවතුන් විශේෂිත පුද්ගලයින් නොවැදගත් සාධක බවට පත් කරන්නට මට සිදු වේ. ඒ මන්දැයි ඉදිරියේදී ඔබට වැටහේවි.      


මම දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලක තෙවැනි දරුවායි. මගේ ලොකු අයියා පවුලේ වැඩිමහල් දරුවා දැනට ලංකාවේ විෂ්ව් විද්‍යාලයක කථිකාචාර්ය වරයෙක් ලෙස කටයුතු කරයි. මගේ පොඩි අයියා පවුලේ දෙවන දරුවා චීනයේ පවුද්ගලික සමාගමක ඉන්ජිනේරුවරයකු ලෙස සේවයේ යෙදේ. දනට ඔබට එය ප්‍රමාණවත්.

ලංකාවේදී අවසන් කල නොහැකි වූ ව්‍යාපෘති තුනක් අවසන් කිරීමට අපට විධාන ලැබිණි. මම එයින් ඉතාම සතුටට පත් වුයෙමි. මන්ද නැවතත් ශලිනි මුණගැසී කතා බහ කිරීමේ අවකාශය මේ හරහා ලැබෙන නිසාවෙනි. නමුත් මා වැරදිය.මට හමු වුයේ පැහැසර පමණි. මා සමග වැඩ කල  ඉතිරි සියල්ලන් මා නොහදුනන්නවුන්ය.
පැහැසර, ඔහු ඉතා ප්‍රසන්න විනෝදශීලී තරුණයෙකි.නිතර දොඩමලු වන්නට ඔහු බොහෝ සෙයින් ප්‍රිය කරයි. අසුන්දර ස්ථානයක් සුන්දර කරගන්නට ඔහු ඉතා හොඳින් දැන උන්නේය.

අපේ කාර්යයන් පිළිබඳව තවමත් ඔබ තුල පැහැදිලි නිරවුල් දැක්මක් නැත. අප සිදු කලේ ආබාධිත සත්ත්වයින් උදෙසා ඔවුන්ගේ අපහසුකම් මග හරවා ගැනීමට අවශ්‍ය ආදේශකයන් නිමවීමයි. ජේම්ස් ටීම්හි මේ සම්බන්ද අවම දැනුමක් ලද්දෝ මාත් පහසරත් වීමු. නිතරම අලුත් දෙයක් ඉගෙන ගනිමින් ඉදිරියට යාමට අපිට සිදු විය. විටෙක එය විනෝද ජනක වුවත් විටෙක මහත් වදයක් විය.

ලංකාවේදී ආරම්භ කරන ලද කෘතීම සත්ත්ව හස්තයක ඉතිරි කොටස චීන තාක්ෂණය ඔස්සේ ඉදිරියට කරගෙන ගියෙමු. මෙය එක් නිදර්ශනයක් පමණි. විවිධ සතුන්ගේ සිරුරේ පද්ධති වල ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරමින් කන් ඇස පාද අත්ල ආදී ඉන්ද්‍රීය කොටස් සඳහා ආදේශක අපි අතින් නිර්මාණය විය.
සතියක් ගෙවී ගිය කල අපට අදාළ වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමත් වෛද්‍ය උපදෙස් ලබා දීමත් සිදු කෙරුණි. ඉතාම දක්ෂ වෛද්‍ය වෘත්තියේ කෙල පැමිණි ප්‍රවීනයින් මේ සඳහා යොදවනු ලැබීය. වෛද්‍ය ජෙසී කොලින්ස් මට අමතක කල නොහැකි චරිතයකි. මගේ මුල්ම වෛද්‍ය පරීක්ෂණය සිදු කෙරුනේ ඇය අතිනි. අපේ වැඩ ආරම්භයෙන් පසුව ඇමතුම් ලබා ගැනීමේ පහසුව සපවුයේ ද එදිනමය.

මා මගේ මව්පියන් අමතුවෙම්. මා ඉතා සතුටෙන් සුවෙන් සිටි බවත් කිසිදු ගැටළුවක් නොමැති බවත් හිත යට කිව යුතු දහසක් දේ සඟවාගෙන පැවසුවෙමි. මා දෙවැන්න ඇමතුම ලබා ගත්තේ එතෙක් මගේම වූ ඔහුටයි. ඔබ තවම නොහඳුනන මගේ පෙම්වතාටයි. වසරක් ඉක්ම ගිය පසු ඔහු ඇමරිකාව බලා පැමිණීමට නියමිතව තිබුනි.
 


                             
                                   විරාමයක්...

කොහොමද යාල්වනේ... ගොඩක් කාලෙකට කලින් ලියල තිබුණු කතාවක් ආයෙත් හම්බුනා. ලියන්න වෙලාවක් හොයාගන්න මේ දවස් වල ටිකක් අමාරු නිසා නිසල ගං දිය පාළුවේ තියෙන එකත් අපරාදේ නිසා මේක දාන්න හිතුනා. හොඳද බලන්නකෝ. මේක ටිකක් වෙනස් අදහසක්. ජීවිතේ මහා බර අත්දැකීම් ගොඩකට මුහුණ දීපු කෙනෙක් එයාගේ අභිරහසක් වෙලා තිබුණු ජීවන චාරිකාව ගැන කවදාහරි දවසක තව කෙනෙක් දැනුවත් කරන්න හිතාගෙන ලියපු සටහනක් විදියට ලියන්න තමයි මම උත්සහ කලේ. කොච්චර සාර්ථකද කියල කියවල බලල ඔයාලගේ අදහස් මං වෙනුවෙන් ලියල යන්න අමතක කරන්න එපා....

8 comments:

  1. මං හිතනව හොඳ කතාවක් කියවන්න ලැබෙයි කියල. දිගටමලියන්යමු
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.දිගටම බලන්න යාලු...

      Delete
  2. කතාව සුපිරියි.... දැන් ඉතින් දිගටම ලියමු. හා ද ........ ?

    ReplyDelete
    Replies
    1. හාකෝ.හාකෝ. දිගටම සුපිරි වෙයිද දන්නේ නම් නෑ...

      Delete
  3. කාලෙකින්.... දිගටම ලියමු..නවත්වන්න එපා.....

    ReplyDelete
  4. හ්ම්ම්ම්.... බලන්නත් එන්නකෝ.... දිගටම

    ReplyDelete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...