මෙහෙ
එන්න දවස දෙක තුනකට කලින් මං අපෙ අම්මට කීවා මමමේ මට චූටි අම්මලේ ගෙදර ගිහින්
අඳින්න ලස්සන සයක් මහල ඕනේ කියල. එයා මගෙන් අහනවා ඇයි තියෙන ඒවා මදිද කියල. මං
ඉතින් කීවා අම්මේ මේ කලිසම් කොට ගහන් ගියොත් එහෙම එහෙ කොල්ලෝ මට පස්ස පැත්තෙනුත්
හිනා වෙයි කියල. ඒ පාර නිල් පාට මල් වැටුන රෙද්දකින් ලස්සන සායක් එයා මට මහල
දුන්න. මං ඒකත් ඇඳගෙන ටී එකකුත් දාගත්ත.
“මල්ලි
සරුංගල් අරින්න යන්කො.” පව්, පොඩි එකා ගණන් ගොඩක් හිර වෙලා.
“හෙට
මේ ටික හදන් යන්න ඕනේ බට්ටි අක්කේ.” මූ ඔලුව කහ කහ කිවුව විදියට දුකේ බෑ.
“හරි
හරි මං හවසට ඔය ටික හදන්න ටිප් ටොප් ක්රමයක් කියල දෙන්නම්කො. මෙහෙම හිටියට ඔයාගෙ
බට්ටි අක්ක හොඳ ගණන් කාරියක් හරිද.”
“අපෝ
අපි දන්නවා බට්ටිච්චි.....” අපි දෙන්න සරුංගලේ අරන් වේලට දිවුව. දැන් මං ඇවිත්
දවස් තුනක් විතරනේ. එදා සිද්දියෙන් පස්සේ ඇල පළාතේ ආවේ නෑ. මේ වගේ තැනකට ඇවිත්
කොහොම ගෙට වෙලා ඉන්නද අනේ. අපොයි, මං එළියට බැහැල තියෙන්නේ රාහු කාලෙනේ. මේ ගොරකයටත්
සරුංගල් අරින්න මතක් වෙන්නේ අපි එන වෙලාවටමනේ.
“ගගනයියේ.....
ඔන්න අපිත් ආව. අපෝ ඔයාගෙ සරුංගලේ උඩ යන් නෑනෙ. මගේ එක ඔයිට වඩා යනවනේ. බට්ටි
අක්කේ මේක අරිමුකෝ.”
කාට
කියන්නද? මේ මෝඩ පැටියට මෙවුව තේරෙන එකක්යැ.