මෙහෙ
එන්න දවස දෙක තුනකට කලින් මං අපෙ අම්මට කීවා මමමේ මට චූටි අම්මලේ ගෙදර ගිහින්
අඳින්න ලස්සන සයක් මහල ඕනේ කියල. එයා මගෙන් අහනවා ඇයි තියෙන ඒවා මදිද කියල. මං
ඉතින් කීවා අම්මේ මේ කලිසම් කොට ගහන් ගියොත් එහෙම එහෙ කොල්ලෝ මට පස්ස පැත්තෙනුත්
හිනා වෙයි කියල. ඒ පාර නිල් පාට මල් වැටුන රෙද්දකින් ලස්සන සායක් එයා මට මහල
දුන්න. මං ඒකත් ඇඳගෙන ටී එකකුත් දාගත්ත.
“මල්ලි
සරුංගල් අරින්න යන්කො.” පව්, පොඩි එකා ගණන් ගොඩක් හිර වෙලා.
“හෙට
මේ ටික හදන් යන්න ඕනේ බට්ටි අක්කේ.” මූ ඔලුව කහ කහ කිවුව විදියට දුකේ බෑ.
“හරි
හරි මං හවසට ඔය ටික හදන්න ටිප් ටොප් ක්‍රමයක් කියල දෙන්නම්කො. මෙහෙම හිටියට ඔයාගෙ
බට්ටි අක්ක හොඳ ගණන් කාරියක් හරිද.”
“අපෝ
අපි දන්නවා බට්ටිච්චි.....” අපි දෙන්න සරුංගලේ අරන් වේලට දිවුව. දැන් මං ඇවිත්
දවස් තුනක් විතරනේ. එදා සිද්දියෙන් පස්සේ ඇල පළාතේ ආවේ නෑ. මේ වගේ තැනකට ඇවිත්
කොහොම ගෙට වෙලා ඉන්නද අනේ. අපොයි, මං එළියට බැහැල තියෙන්නේ රාහු කාලෙනේ. මේ ගොරකයටත්
සරුංගල් අරින්න මතක් වෙන්නේ අපි එන වෙලාවටමනේ.
“ගගනයියේ.....
ඔන්න අපිත් ආව. අපෝ ඔයාගෙ සරුංගලේ උඩ යන් නෑනෙ. මගේ එක ඔයිට වඩා යනවනේ. බට්ටි
අක්කේ මේක අරිමුකෝ.”
කාට
කියන්නද? මේ මෝඩ පැටියට මෙවුව තේරෙන එකක්යැ.
“ඉසුරුවෝ,
පොඩ්ඩකට මේ නූල ගනිං. මං ටක් ගාල එන්නම්.” මේ ගල් භූතයා ඒ පාර කොහේ දුවනවද? මමනේ
දුවන්න ඕනේ. මං කරන්න ඕනේ එක හැම වෙලේම මේ යකා කරනවා. මට තනියම හිනා.
අපි
වෙට්ටු දදා සරුංගල් අරිය. ඉසුරු මලය නම් වයින් කොරපු බෝනික්ක වගේ කියෝනව.
අන්තිමේදී සරුංගල් දෙක පැටලුනේ නැතැයි. සරුංගල් කෙරුවාවත් එතනින්ම අහවරයි.
මෙහෙට
කෝල් එකක් ගන්නවත් සිග්නල් පොදක් නෑ. මට හරි කරදරේ. බොසාට මේල් එකක් යවාගන්න
දහදුක් විඳින්න ඕනේ.
“මල්ලි
කෝල් එකක් ගන්න විදියක් නෑනෙ.”
“බට්ටි
අක්කෙ යන් වෙලට. අපෙ අක්කත් කෝල් ගන්නේ වෙලට ගිහින්.” කොල්ල මාවත් ඇදගෙන වෙලට
දිවුව. වෙලේ නියරක් උඩ පොඩි බැංකු කෑල්ලක ලැප් ටොප් එකක් තියාගෙන එතනම බිම ඉඳං
ඉන්නවා කෙල්ලෙක්. කොහොමද වැඩේ. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි කීවලු. වැඩේ කියන්නේ
ඒ කෙල්ල මම වුන එකනේ.
“ෂා....
නියමයි බඩඉරිඟු. කොහෙන්ද මල්ලි.” මලය උත්තර දෙන්නත් කලින් මගේ ඉස්සරහින් බඩඉරිඟු
කරලක් මතු උනා. මාත් ඉතින් ගත්ත. අපායේ යම රජ්ජුරුවෝ හොඳ කෑමක් දුන්නත් මන ඉතින්
නොගෙන ඉන්නවැයි. එහෙම හොඳ නෑනේ. නේද......?
මමයි
මල්ලියි නියරේ ඉඳගෙන ඇලේ කකුල් ගහ ගහ කයියක් ගැහුවා. Mr බඩඉරිඟුත් අපි ළඟ උන්න.
“මල්ලි
මේ අබරගෙන් බඩඉරිඟු මල්ල උස්සමුද?” ඇහෙන නෑහෙන ගානේ මං ඇහුවේ.
“කවුද
බට්ටි අක්කේ අබරා.” අනේ මුගෙ ඔලුගෙඩිය ඇතුලේ තියෙන්නේ මැටිද මන්ද. ඔච්චර හයියෙන්
කෑගහන්න ඕනෙයැ.සමහරුන්ට කටට ගත්ත බඩඉරිඟු ඇට ටිකත් හිර වෙනවා හිනා වෙන්න ගිහින්.
“මල්ලි
අර රොසලින් නගාට කියන්ට මේ මල්ල උස්සනවා බොරු. තව ඕන නම් ඉල්ලන්ට කියල.” ඔය කොලේ.
දුවන්න පාරක්වත් නෑ. ඉසුරුව බඩ අල්ලන් හිනා වෙනවා. කට හින්දලුනේ මාළුවා නහින්නේ. ජීවිතේට
මෙච්චර පල් වෙලා නෑ.
“ඈ
බං අක්කෙ, අර වැටකෙය පඳුර අස්සේ තියෙන කැමරා කට්ට මොකද්ද?”
“අනේ
යකෝ උඹ ඒක අදද දැක්කෙ. ඒක ගගන මලයාගේ.” සති දෙක ඉවරවෙන්න තව තියෙන්නේ දවස් දෙකයි.
“එතකොට....”
“ඔව්
ඔව් මිනිහ ෆොටෝ පිස්සෙක්. හතර වටේ ගිහින් ෆොටෝ ගහනවා. මිනිහට මාර ඇහැක් බං
තියෙන්නේ. පට්ට ෆොටෝස් තියෙනවා. ”
“අනේ
බං මටත් බලන්න ආසයි.”
“හරි
මං ඉල්ලලා දෙන්නම්. උඹට කීවොත් ටක් ගාල දෙයි”
“පිස්සු
කෙලින්නේපා මැට්ටියේ. එහෙම නෙවේ. බැරිද ෆොටෝ ටිකක් උස්සන්න ෂේප් එකේ.”
“ඇයි
මොකද? සෙකන්ඩ් වෙයි කියල බයද? උබෙත් හොර හිතමයි. මට බෑ ඔය හොර වැඩ වලට හවුල්
වෙන්න.” අපොයි මෙයා හරි උපාසක අම්ම. අපි දෙන්න ගහල තියෙන ගේම් වල හැටියට මේව
මොනවද? මං ඊටපස්සේ පටන්ගත්ත මගේ අලුත් ප්‍රොජෙක්ට්
එක .....................
ඔන්න
මගේ අවසාන භෝජන සංග්‍රහය. මේ වගේ දුකක් වනේ වන හතුරෙක්ටවත් වෙන්නෙපා දෙයියනේ.....
මං අද ගෙදර යනවා. ඒ කියන්නේ වැඩට යනවා. ඒ කියන්නේ අර ගල් මූසලය පෙන මානෙට යනවා. ඒ
කියන්නේ මගේ ලේ රත් වෙනවා.
“පොඩ්ඩක්
ඉන්න. රොසලින් නංගි.” අකුරු පුංචි කළා වගේම ඕක කියපු කෙනාගේ කටහඬත්
ඇහුනේ හෙමින්. මගේ බෑග් එකේ ඉස්සරහ පොකට් එකට මොකද්ද මන්ද බ්‍රවුන් පේපර් කවරයක්
දාල යන්න ගියා. කවුද........? මගේ රත්තරන් හෙලේනා නෙමෙයි. අබරන් අයිය.
“ඈ බං වහින්ඩ එනව වගේ නේද බලපන්කො” මට මගේ රූම් ඒකට අඩියක් තියන්න බැරි උනා. මුන්
ටික මට පල් එක දානවනේ. මං
අහන්නේ..... සති දෙකක නිවාඩුවක් ඉවර වෙලා එන යාළුවෙක්ව පිළිගන්නේ මෙහෙමද?
“අද
උදෙත් බොසා උඹව මතත් කළා. අලුත් වැඩක පටන් ගන්න යනවද කොහෙද?” ඒ මගේ ඔෆිස් එකේ
කෑල්ල. වරදවා තේරුම් ගන්න එපා. මෙයා කෙල්ලෙක්. කොල්ලෙක් වගේ ඉන්න කෙල්ලෙක්. මෙයා
ටිකක් අපේ නෙලුම් වගේ. ගිනි බෝම්බයක් වුනත් මට නම් පන ඇරල. මං මෙහෙම කීව කියල
දැනගත්තොත් එහෙම මට පංචිකාවත්තෙන් කෑලි ගෙන්නන්න වෙනවා.
“ගුඩ්
මෝනින්, සර්,”
“ආ...
ගුඩ් මෝනින්. මං හිතුව ඔයාට අපිව අමතකත් වෙලා ඇති කියල. ඉතින් ඉතින් නිවාඩුව
කොහොමද?”
අම්මේ
ඇත්තමයි මේ මනුස්සය උදේ දකිනවා කියන්නේ දවසම සිරියාවයි. ඒකටත් එක්ක අර කැස්වටුව. මෙයාගෙ
පුතෙක් කියල කියන්නවත් බෑ. උදේ පාන්දර මනුස්සයෙක්ගේ මූණ බලල හිනාවෙයන්. මොකෝ
කවුරුවත් ගිලිනවැ හිනා වුනා කියල.
“අලුත්
වැඩකට අතගහන්න හදන්නේ දරුවෝ. අපේ පුතාගේ අදහසක් තියනවා පොඩි ප්‍රදර්ශනයක් කරන්න.”
“මොන
වගේ ප්‍රදර්ශනයක්ද සර්?” අනෙ! මේ ගල් බුතය කොරන ප්‍රදර්ශන. හිතා ඉන්නේ නම් එලිසබෙත්ගෙ
මස්සිනා කියල.
“මේක
ඡායාරුප ප්‍රදර්ශනයක් පුතේ. මෙයා රට ඉන්න කාලේ ෆොටෝස් එකතු කරලා තියෙනවා ගොඩක්.
ඒවත් දාල තව ෆීල්ඩ් ඒකට අලුත් අයවත් සම්බන්ද කරගෙන කරන්න තමයි හිතුවේ. මං මේ
හදන්නෙත් පේපර් ආටිකල් එකක්.” ගණන ගන්නෙපා. අපේ සර් අපිට කතා කරන්නේ පුතේ දුවේ
කියල.
“කරනවා
නම් අන්න නියම වැඩක් සර්, හැබැයි ආවට ගියාට නම් බෑ. පල් වෙන්න ඕන නෑනේ. මට ඒ
ෆොටෝස් බලන්න පුලුවන්ද සර්?”
“මොකද
බැරි? ඔයා එනකල් තමයි හිටියේ. අපි. මේකට අතගහන්න.”
“තාත්ත
ඕක ඉවර නම් ඉක්මනට දෙන්න මං Mr මහේෂ්ට දෙන්නම්.”
“පොඩ්ඩක්
ඉන්නවද සර්. මා ලඟත් තියෙනවා හොඳ ෆොටෝස් වගයක්. ඕක යවන්න කලින් ඒ ටිකත් බලල
ඉන්නකෝ.” මං කීවේ අපේ සර්ට. අර පිස්සු පූසට නෙමේ. රවන හැටි විතරක්. පස්සේ මං අර ප්‍රොජෙක්ට්
එකෙන් ගත්ත ෆොටෝස් ටික සර්ට දීල අරයකාගේ මහා ලොකුවට කියන ෆොටෝස් ටික බැලුව. අපොයි
දෙයියනේ..... මේ මොනවද මේ? විලි ලැජ්ජාවේ බෑ. හෙළුවැලි කෙල්ලෝ ටිකක්. ඇල කොරගෙන
ඉන්න හැටි විතරක්. අනේ අම්මප මෙවුව ගන්න උන් ඔක්කොටම හපන්. මේව දැම්මොත් එහෙම පටි
රෝල්.
“අනේ.
සර්. තරහෙ වෙන්නෙපා මෙහෙම කීවට......” මං කියාගෙන ගියේ ලොකු සර්ගේ ඔෆිස් එක ඇතුලට.
හැබැයි මට වෙන මුකුත් කියන්න හම්බුනේ නෑ.
වීඩියෝ
එකක්. කෙල්ලෙක් සරුන්ගලයක් අරගෙන වෙලක් දිගේ දුවනවා. ටිකක් දැකල පුරුදුයි වගේ. මගේ
සර්වාන්ගේම සීතල වෙලා ගිය. ඇඳගෙන උන්නු සාරිය ගැලවිලා යන්න එනව වගේ දැනුන. මං
දිවුව පුරුදු පරිදි. බෑග් එක ඇතුලේ තිබුන ඔෆිස් එකේදී බලන්න හිහාගෙන ගෙනාව අර බ්‍රවුන්
පේපර් කවරේ තිබුන dvd එක වෙවුල වෙවුල දැම්ම. හිතුව හරියටම හරි. බඩඉරිඟු කරලක් කටේ
ඔබාගෙන ඇලේ කකුල් ගහ ගහ ඉන්න කෙල්ලෙක්. බුදු අම්මෝ. මේ මමමද? ෆොටෝ සීයක් විතර. ඒ
මදිවට වීඩියෝ. උන් හිටි තැන් අමතක වුනා. මං ගෙදර ගියා. නෑ ඔෆිස් එකෙන් එලියට ආව.
පාර දිගේ ගියා.
“අම්මේ
අම්මේ අර අක්කි බය වෙලා වගේ. එයාගේ මුණ හොඳයි අපායේ කැලැන්ඩරේට නේද අම්මේ.”
ඕන්
පාරේ යන පොඩි එවුන මට කියපුව. මහා එවුන් මොනවා කියන්න ඇත්ද? මොකටද බය වෙන්නේ? මං
ආපහු ඔෆිස් එකට ගියා.
------------තව එක කොටසයි හොදේ----
නියමෙට කතාව නැගල යනවා නේ එල එල ඔහොම යන්
ReplyDeleteතැනක් යු. හොඳේ.... මෙහෙම කෙල්ලෝ නැද්ද....?
Deleteබඩඉරිඟු කාපු කාලයක් මතක නෑ අප්පා. ඉරිදා පොලෙන්වත් ගේන්ඩ ඕනා.
ReplyDeleteකතාව ලස්සනයි මධූ !
ඔව් ඔව් බොහොම ගුණදායක ආහාරයක්. කන්ට. කන්ට.
Deleteඔයා නුවරද ? කන්ට කන්ට කියලා කිව්ව නිසයි ඇහුවේ... 'ට' සද්දේ... !
Deleteඅපොයි නෑ යාලු. ට සද්දේ පුරුදු වුනේ මගේ යාලුවෙක්ගෙන් නුවර. අන්න එයාගෙන්.
Deleteමරු ලියවිල්ල.... කම්මලි නැතුව කියවන්න පුළුවන්
ReplyDeleteඉක්මනට ඉතුරු කොටසත් දාන්න... ඒකේ යටින්ම " තව එක කොටසයි " කියල තියෙන එකක් නෑ නේද???
ගොඩක් ස්තුතියි යාලු. මේව චන්ද පොරොන්දු වගේ නෙවේ යාලු බය වෙන්නෙපා. තව එකයි.
Deleteඉතුරු කොටහත් බලමු
ReplyDeleteහොදට ලියලා තියෙනවා කතාව ....
ගොඩක් ස්තුතියි. බලමු බලමු.....
Deleteඅපුරුයි 1 වෙනි කොටස වගෙම...............
ReplyDeleteම්ම්.... ඊළඟ කොටසත් බලමුකෝ.......
Deleteනියම කතාවක්. හරිම රසවත්. ලබන සැරේ බුක් ෆෙයාර් එකෙන් ඔයාගෙ නවකතාවක් කියවන්න ලැබේවා. ජය...!
ReplyDeleteගොඩක් ස්තුතියි. මට ඒ හීනෙ හරිම වටිනවා යාලු. දුර වුනාට මං ඒ හීනෙ ලේසියෙන් අතාරින් නෑ.
Deleteඅනේ ඇත්තමයි.. මටත් බඩ ඉරිඟු කන්න ආසාවක් ආවා..
ReplyDeleteනියම කතාව
ම්ම්... ඇත්තටම හරිම රසයි යාලු. ගොඩක් ස්තුතියි...
Deleteනියමයි නියමයි..:) ඔහොම ලියමුකො .හැබැයි ඉක්මනට ඕන.මොකද මට අමතක වෙන ලෙඩේ ඇත.:)
ReplyDeleteමේ කතාව නම් එහෙම ලේසියෙන් අමතක වෙන නෑ යාලු. මං වගකීමෙන් කියන්නේ. මේකා ලිවුව මං මේ පරිසරයට හරිම ආදරෙයි. මං දන්නවා ඔයත් එහෙමම ඇති.
Delete