“චූටි හාමිනේ. කොහොමද අද පේපර් එක?” ඉස්කෝලේ වාර
විභාග ප්‍රශ්න පත්තර වලට උත්තර ලියල ඇවිත් ගෙට ගොඩ වෙද්දීම ගෙදර ප්‍රශ්න පත්තරේ
තමයි. ඔන්න අපේ අම්ම අහනවා.
“අද නම් මරු අම්මේ පාඩම් කරපු සේරම ආව. හෙන
ලේසියි. කිරි කජු.” මගේ මුණ මලක් වගේ. ෆයිල් ඒක මෙසේ උඩට විසි කරන ගමන් මං කිවුවා.
මුළු පේපර් එකම අම්මගේ කනේ තිබ්බ. හරියට එයා ලිවුවා වගේ මගේ විස්තරේ ඇහුවම එයාට
උත්තර දුන්නැකි. මං ඉතින් එහෙමම තමයි. ඔයාල දන් නෑ. මං මොට්ටසොරි යන කාලේ මං කවි
පාඩම් කරන්නේ අම්ම පාඩම් කලොත් විතරලු. ඒ හන්ද එයාටත් මං පාඩම් කරන ඒවා හොඳට මතකයිලු.
මට ඉන්නවා ලොකුම ලොකු අයිය කෙනෙක්. ලොකුයි
කියන්නෙ උස මහත නෙමේ හොඳේ. එයා මං එක්ක වැඩිය කතා කරන්න කැමතිත් නෑ. මං කියෝනව
වැඩීලු. ගමේ ඉස්කෝලේ යනකොට එයා එක්ක මාව බයිසිකලේ ඉස්කෝලේ යවනවා අපේ අම්ම. මං ඒවා
මේව අහනකොට මාව බය කරනවා බයිසිකලෙන් වට්ටලා මග දාල යනවා කියල. ඒ හන්දම මං අකමැතිම
දේවල් වලින් එකක් තමයි එයා එක්ක ඉස්කෝලේ යන එක. ඒක ඉතින් එයාගේ වරදක් නෙමෙයි. අපි
දෙන්නගේ වයස් පරතරයේ වරදක්. මොකද එයා මට වඩා අවුරුදු ගොඩක් වැඩිමල්. එයා හන්ද මට
පොඩි පොඩි වාසිත් තියෙනවා. එයා යාලු වෙලා හිටිය අපේ ඉස්කෝලේ ලස්සන අක්කෙක් එක්ක.
මට ටොපි මුරුක්කු පැකට් එහෙම අරන් දෙනවා. අපේ අයියටත් බොහොම සිත්කළු පෙනුමක්
තිබුන.
මං පුරුද්දක් වශයෙන් දවසට එක පාරක් හරි අයිය එක්ක
වලියක් දා ගන්නවාමයි. නැත්තම් ඉතින් මට නින්ද යන්නෙත් නෑ. එයාට නින්ද යන්නෙත් නෑ.
අයියල නංගිලා ඉන්න කට්ටිය ඉතින් අත්දැකීමෙන් දන්නවා ඇතිනෙ. මං අයෙ අමුතුවෙන්
කියන්න ඕනෙයැ. මං ඉතින් දොඩම ගෙඩි දෙකක් තරම්වත් උස නෑ පණ්ඩිතකමට එයා එක්ක
හැප්පෙන්න ගියාට.
ඒවා ඉතින් පුරුදු පරිදි වුනා. රෑ වෙලා ඊලග දවසේ
ගෙනියන්න ෆයිල් එක ලැස්ති කරන්න හිතාගෙන මං මෙසේ ලඟට ගියා.
“අම්මේ, අම්මේ, අනේ” මං හයියෙන් කෑ ගැහුවා.
හයියෙන් ඇඬුව. අම්ම බය වෙලා මාව මොකෙක් හරි සතෙක්වත් කාලද කියල දුවගෙන ආව. මං
ෆයිල් එක අම්ම අතට දුන්න. අම්මත් සෑහෙන බය වුනා. දැන් ඉතින් මොකද කරන්නේ?
“පුතේ මාර වැඩේනේ, නංගි අද ලියපු සමාජ අධ්‍යයනය
පේපර් එක එයාට බාර දෙන්න අමතක වෙලානේ. මක කරන්නද මන්ද. කෙල්ල හෝ ගාල අඬනවා.”
අයිය මා ලඟට ඇවිත් මාව ඔඩොක්කෙන් ඉන්දවගත්ත. මං
තව හයියෙන් ඇඬුව. ඉකි ගගහ බෙල්ල බදාගෙන ලෝකේ පෙරලිලා වගේ ඇඬුව.
“අපරාදේ අයියේ, ඒකට මට ලකුණු 90ක් විතර ගන්න
තිබ්බ. ඉහි ඉහි.... මේ පාර දෙවනියාවත් වෙන්න බැරි වෙයි. ඉහි ඉහි....” හුස්ම
අල්ලන්නෙත් නැතුව මං කියෝනව. අපේ අයිය හිනා වුනා. පේපර් එක අරන් බැලුව.
“අයියෝ ඔයා අඬන්න එපා චූටි. බලනවකො මං ඉස්සර
හැමදාම පන්තියේ අගින් දෙකනේ.” අන්න බේත. එයාට වඩා මං දක්ෂයි කීව ගමන් මං උඩ යනවා.
එතකොට ඇඬිලි සේරම ඉවරයි.
“අම්මේ මෙකි අඬන්නේ බයට නෙමෙයි. පන්තියේ පළවෙනිය
වෙන්න බැරි වෙයි කියල. මං කියන්නම් ඕක යවන්නෙපා. දන්නැති විදියට ඉන්න කියමු. ඕක
ආපහු දෙන්න ගියොත් හෙන ලෙඩක්.” අයිය කීවේ එහෙම. අම්ම නම් තරයේම විරුද්ධ වුනා. එහෙම
හොඳ නෑ කීව. ඒත් අන්තිමේදී අයිය මට පුර්ණ උපදෙස් මාලාවක්
දුන්න.
“ඔයා පේපර් එක බාර දුන්න ඉන් එහා මුකුත් නෑ.
ඇහුවොත් ඔයා දැන් නෑ. හරිද?” අපේ අයිය මාව පුහුණු කළා. මාත් ඉතින් එයාගෙම නංගිනේ.
කීව විදියටම කළා. හැබැයි මිස් මගෙන් එ ගැන වචනයක්වත් ඇහුවෙ නෑ. මට හරි පූදුමයි.
සමාජ අධ්‍යයනය ලකුණු ලිස්ට් එකත් පන්තියට ආව. මට හීන් දාඩිය දැම්ම. ෂේප් එකේ
බැලුව. මගේ නම ඉස්සරහින් ලකුණු 88ක් බැබලි බැබලි තියෙනවා. මාව නිකං කරකෝල අතෑරිය
වගේ. හැබැයි කාගේවත් පේපර් අතට හම්බුනේ නෑ. ගෙදර ඇවිත් විස්තරේ කීව. එදා අයිය මට
කීව.
“චූටි, අපි කලේ හොඳ වැඩක් නෙවේ. ඔයාගේ ටීච පේපර්
ඒක නැතුවම හරියට අසරණ වෙන්න ඇති. හැබැයි මේක ගිහින් දුන්න නම් ඔයාට නරක නාමයක්
ගෑවෙනවා. හොරෙන් ගෙදර ගෙනත් හදල ගෙදර අයට අහු වෙලා ගෙනත් දුන්න කියල. මං හිතුවේ
ඔයාගේ නම ඉස්සරහ ලකුණු නැති වෙයි කියල. බලන ගියාම ටීචත් හොර වැඩක්නේ කරලා
තියෙන්නේ? එයා පේපර් ගණන් කරලත් නෑ. අඩු තරමින් පස්සේ හරි ඔයාගෙන් අහන්න තිබුනනේ.
එ කියන්නෙ ටීචට ටීචාව සුවර් නෑ.එයා හිතන්න ඇති එයා අතින් නැති වුනා කියල. ඔයා බොරු
කරන ළමෙක් නෙවේ. මං දන්නවනේ. එකයි මෙහෙම කලේ හරිද? මීට පස්සේ සිහි කල්පනාවෙන් වැඩ
කරනවා. ආයෙ මෙහෙම ඒවා මට නම් කියන්නෙපා.” මගේ කණත් මිරිකලා අයිය කීව.
“තව දෙයක් ඔයාට හම්බුන ලකුණු බොරු නෙවේ. ඔයා හොඳට
ලියල තියෙනවා.”
මිස් ගොඩක් හොඳයි. ළමයින්ට ආදරෙයි. මිස්ට මං ගැන
විස්වාසයක් තිබුන. එකයි එයා අහුවෙවත් නැත්තේ. ඒත් මං බොරුවක් කලානේ. මං ඒ ගැන
අදටත් පසුතැවෙනවා. පේපර් එක දීල එදා බැනුම් ඇහුව නම් එකක්.
මිස් ආසයි මං සින්දු කියනවා අහන්න. මට මතකයි
මගේ දරු පැටවූ අහසට දෑත දිගු කරන්.....
මේ
සින්දුවට හරි ආසයි මිස්. සතියකට පාරක්වත් එයා මට කියනවා සින්දුවක් කියන්න කියල
පන්තියේ.
ඕකයි කතාව. අනේ මේක නම් මං හදපු කතාවක් නෙවෙයි
හොඳේ. මම කියන්නෙ මධූ ම තමයි. මං 7 වසරේ අන්තිම වාර විභාගෙදි තමයි මට මෙහෙම වුනේ.
හොඳ සිහි කල්පනාවෙන් වැඩ කරන්න ඕනෙ.
ඒක ඇත්ත බොරුවක් කිව්වම හිත දුක් විදිනවා නේ
ReplyDeleteඔව් යාලු මම තාමත් ඒ ගැන පසුතැවෙනවා.
ReplyDeleteවංචාවක් කලේ නැති නිසා අවුලක් නැහැ
ReplyDeleteමාත් ඔහොම හිතල හිත හදාගන්ට උත්සහ කොරනව කෝරලේ මහත්තයෝ....
Deleteමෙයත් කරන වැඩ... ඔයාගේ අයය ටමයි අය්යා.. ඔව්වට කියන්නේ සම්‍යක් ප්‍රයෝග කියලා
ReplyDeleteකියල වැඩක් නෑ යාලු. හැබැයි එදා අපේ අයිය එහෙම නොකරන්න මං හොඳ නෑමක් නානවා.
Deleteහිතට අවංකවම ලියපු දේ වෙනුවෙන් ලකුණු ලැබුනනේ... අන්න ඒකයි ඇත්තම සතුට... අපි හැමදේම 100% ක් හරියට කරන්න දෙවියෝ නෙවෙයිනේ...අපි කවුරු අතිනුත් වැරදීම් වෙනවා. ඒක මනුස්සයෝ විදියට බලනකොට සාමාන්‍ය දෙයක්...අපෝ මම ඉස්කෝලෙ යන කාලේ අද වගේ මතකයි පන්තියි ඔක්කොම ලමයි 62ක් හිටියා 5-ඒ පන්තියේ... මගේ තැන තමා 54 57 ආහ් අන්තිම එකේ මම 61ත් ආවා...
ReplyDeleteඒ කාලේ ඕව මහා ලොකු දේවල් කියලනේ හිතන්නේ යාලු. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට.
Deleteබොරුව ලොකයම වෙලා අරන් ඉවරයි........... මොනා වුනත් ඔයා එ ලොකයට පොඩි ආදර්ශයක් දිල තියනවා........
ReplyDeleteවැරද්දක් කලාම ඒක පිලිගන්නත් පුළුවන් වෙන්න ඕනෙ යාලු.
Deleteමරු වැඩ තමා මේයැයිත් කරලා තියෙන්නේ...
ReplyDeleteපොඩි කාලේ ඔය වගේ වැඩක් කලොත් සෑහෙන කාලයක් යනකන් මතක හිටිනවා.
අනේ ඔව් යාලු. මට ඕක නම් ජීවිතේට අමතක වෙන නෑ.
Deleteඒ තකාව කියෙව්වම මට මොකක්ද උණා. මට අයියලා නෑ. මේක මගේ හිතට තදින්ම වැදුනා. ඇත්තමයි කරපු වැඩේ වැරදි තමා. ඒත් ඉතින් කවුද වැරදි නොකරන්නේ. මම මේ වැරුද්ද සාධාරණය කරනවා නෙමෙයි. ඒත් ඒ අතරින් මතු උණ අයියාගේ සෙනෙහස මගේ හිතට තදින්ම වැදුනා. ඒ මට අයියලා නැති නිසා වෙන්න ඇති.....
ReplyDeleteඔයාට සුබ පතනවා!!!!!
ආයේ ඔහොම වැඩ කරන්න එපා හොදේ :D
මම 7 වසරෙන් පස්සේ කොපි කළේම නෑ (ඒ වෙනකල්ම කොපි කළා LoL :D)
සාදරයෙන් පිලිගන්නවා යාලු මේ පැත්තට. මං කවදාවත් කාගෙන්වත් බලාගෙන ලියල නෑ යාලු.
Deleteම්ම් අයියල හරි වටිනවා තමයි යාලු. හරිම හොඳයි.
හිහිහි... මගේ යාළුවෙක් ඕලෙවල් ගණන් පේපර් එකේ ප්‍රස්ථාර ගාන ගෙදර ගෙනත්.. හැබැයි ඉතින් අවුලක් වුනේ නැ.. A එකක් ආවා. ඒත් ඉතින් A එකක් නාවා නම් දුක් වෙන්න වෙනවා.. :)
ReplyDeleteඅම්මෝ... මගෙ වෙලාවට ඒක ඕලෙවල් නොවුනේ යාලු.
Deleteඅයියයි ටීචයි දෙන්නම මරු ඩබල...
ReplyDeleteහී හී... මාරු තමයි යාලු.
Deleteඅනේ අනේ ඔයාටත් වෙන වැඩ :) :) හී හී
ReplyDeleteකමක් නැහැ වංචාවක් නැතුව ලකුණු ටික තියනවනේ :) :)
මට හොඳ පාඩම් යාලු. එදායින් පස්සේ පස් හය පාරක්ම බලනවා. හී හී....
Deleteඔයාටත් මාර වැඩ තමා වෙන්නේ අප්පා.......ඔයා ඉතිං පළවෙනිය වුනාද ???
ReplyDeleteඔව් ඔව් අනේ. පළවෙනිය නම් වුණා. ඒ වුනාට මට හිතුන පළවෙනිය නොවුන නම් හොඳයි කියල.
Deleteපොඩ්ඩක් මේ වගේ වැඩ කළාට කමක් නෑ අනේ
ReplyDeleteමතක කර කර හිනා වෙන්නවත් පුළුවන්නේ නේද යාලු. ගොඩක් ස්තුතියි මේ පැත්තට ආවට.
Deleteඅහ් සෝක් ටීච.. අයියා නම් කෝමත් කොල්ල නිසා ගණ දෙවි නුවණ ඇති. ඒකෙන් පාඩුවක් උනේ නැති නම් කමක් නෑ.
ReplyDeleteනැතිනම් අයියට වෙන්නේ හොරකං කරන්න උගන්නපු අම්මට උණු දේ තමා
ඈ.... කොල්ලන්ට විතරද ගණදෙවි නුවණ තියෙන්නේ? අන්න ඒ කතාවට නම් මං විරුද්ධයි හොඳේ. හී හී....
Deleteහිකිස්!! මං පනුච්චිටත් අයියා මතක් උනා... :) :)
ReplyDeleteඅවංකව කරපු හොර වැඩක් නේ.. ඒක ගණන් ගන්න එපා එච්චර... ඔය වගේ ඒක දෙයක් උනහම මදැයි ජීවිතේටම ආයිත් නොකරන්න.. නේද යාළු.. ;)
අනේ ඔව් යාලු. සිහි බුද්ධියෙන් වැඩ කරන්න හොඳ පාඩම්.
Delete