හමා..
හමී...
හමා..
හමී...
නවත්තගනිල්ල උඹලගේ ඔය අඬෝවැඩියාව. උඹලට අලි විසේද?
ඕක බොහොම සුලබ දෙබසක්. ඔහොම කෑ ගහගන්නේ අයියයි නංගියි. දෙන්නගෙ වයස් පරතරය අවුරුද්දයි. දෙන්නටම තියෙන්නේ පුදුම විසයක්. නිතරම වලි වුනාට දෙන්න හරි එකතුයි. අයිය නගෝ හරි ආදරෙයි. ආ... ඔය සැර දාන්නෙ එයාලගේ අම්ම. දැන් ඉතින් ඔය අයියල නංගිලා හමා හමී කියාගන්නවා එහෙම නෙමෙයි ඕං.
අයියට ඕනේ වුනා පොල් කොට කරත්තයක් හදන්න. කරත්තෙට ඕනේ කරන බඩුත් ටික ටික එකතු කළා. ඕක තල්ලු කරන්න කරුවක් තියන ලීයකුත් එපායැ. මෙයා ඉතිං දහ අතේ කල්පනා කළා මොකද්ද මේකට ගන්නේ කියල. ගේ ඉස්සරහ තිබුණ කපපු කජු ගහක්. ඒකෙ තිබුණ වැඩේට ගැලපෙන කරුවක්.කුස්සියේ තිබුණ මන්න පිහියත් අරන් අයිය ගියා කපන්න ඕනෙ කජු අත්ත ලඟට.
කොන්ඩ කරල් දෙකක් ගොතාගෙන චීත්ත ගවුම් කොටයක් ඇඳගෙන කජු අත්ත උඩට වෙලා කකුල් දෙකත් පද්ද පද්ද අත් දෙකත් ඉස්සරහ තියාන කෙලි පොඩ්ඩක් ඉන්නවා. ඒ තමයි මේ අයියන්ඩිගේ නගා පොඩ්ඩ.
“ඒ.... මට ඔය තමුසෙගෙ අත ළඟ තියෙන කරුව ඕනෙ. බහිනවා ඕකෙන්.”
“මට බෑ.”
“එහෙනං අත ගන්නවා.”
“මට බෑ.”
“ගන්ඩයි කිවුවෙ. ගන්නවද නැද්ද හොඳ හිතිං.”
“මට බෑ කිවුවොත් බෑ බෑ බෑ.....මයි.”
“එහෙනං ගන්නෙම නෑ. මං තුනට ගනිනව ගත්තේ නැත්තම් කොටනවා හරිද?”
“බෑ මං ගන්නෙම නෑ. නෑ. නෑමයි.”
“එකා....යි.”
“දෙකා....යි.”
“තුනා....යි.”
“අම්මේ..........”
“මේන් කෙල්ලගේ ඇඟිල්ල කපලා........” ඒ කෑ ගැහුවෙ ගෙයි බුලත් අමුණ අමුණ හිටපු සීය.
“අනේ මගේ කෙල්ල.” ලිඳ ගාව හිටිය අම්ම දුවගෙන ආවෙ අතේ තිබුන වතුර බාල්දියත් අරන්.
කෙල්ලගේ අතින් ලේ වැක්කෙරෙනවා. හැබැයි කෑ ගැහුවෙ නම් කෙල්ල නෙමේ. ඒ වෙලාවෙ ආ ගිය අතක් නැති කොල්ල. නියපොත්ත චුටි කෑල්ලක් ඉතුරු වෙන්න ඇඟිල්ලත් එක්ක කපිල ගිහින්. ඒක දැක්ක ගමන අම්ම දඩොන් ගාල බිම පත බෑවිච්චි. ඒ ඇයි දන්නවද? අම්මට ලේ බලන්න බෑ.
කෙල්ලගේ ඇස් වලින් කඳුළු බින්දු බින්දු ටික ටික එලියට පැන්න.හෙමින් හෙමින් පටන් ගත්ත ඇඬිල්ල අන්තිමේ පලාතම දෙවනත් වෙන කෑගැහිල්ලක් වුනා. කෙල්ලව දෑතට ගත්ත සීය එහෙමම දිවුවේ ඉස්පිරිතාලෙට. දොස්තර මහත්තය කියාපි කැපිච්ච ඇඟිලි කෑල්ල හොයන් එන්නය කියල. ගෙවල් ළඟ අයියෙක් දුවගෙන ආව ඇඟිලි කෑල්ල හොයන්න. මොන...... ඒ කජු කොළ ගොඩේ මොකක්වත් හොයාගන්න බෑ. අන්තිමේදී ඉතින් නිකම්ම බෙහෙත් දාල එවුව.
ගෙදර ආවට ඇඟිලි කපපු අන්ගුලිමාලය නම් පලාතෙ හිටියේ නෑ. ගෙදර කට්ටියම එකතු වෙලා කොල්ලව හෙවුවා. කොහෙවත් නෑ හොයාගන්න.
“අම්මේ... මේ සල්ලයිට් පෙට්ටිය ඇතුලේ මොකෙද්ද ඉන්නවා....” ඇදේ නිදියන් උන්න කෙල්ල කෑගැහුව. කට්ටිය ඇවිත් බලද්දී කොල්ල අර සන්ලයිට් පෙට්ටිය ඇතුලට වෙලා පියනුත් වහගෙන හැංගිලා. සෑහෙන ලොකු පෙට්ටියක්.
පස්සේ එලියට අරගෙන ආදරෙන් කතා කරලා එහෙම යන්තම් ශේප් කරලා. කොල්ල නොසෑහෙන්න බය වෙලා.
“මං හිතුවේ ඔයා අත ගනී කියලනේ. ඔයාට ගොඩක් රිදෙනවද?” අයිය නංගිගේ අන්ද ලඟට වෙලා අතින් අල්ලාගෙන කඳුළු පුරෝගෙන ඉකි ගගහ අහනවා.
“ම්හ්. දැන් රිදෙන් නෑ....” මොකද නැත්තේ. රිදෙනවා. අයියව දැක්කම ඇත්ත කියන්න මේ නංගිට හිතුන නෑ.
“ඉතින් ඇයි ඔයා අත ගැන නැතුව හිටියේ?” අයිය ආයේ අහනවා.
“මං හිතුවේ ඔයා ඇත්තට ගහන් නැති වෙයි කියලනේ.” ඕං ඒ පාර නංගි කියනවා.
නංගිගේ තුවාලෙ සනීප වෙලා ආයෙත් පුරුදු විදියටම දෙන්නගේ රණ්ඩු පටන්ගත්ත. හැබැයි ඇඟිල්ල චුට්ටක් කොට වුනා. නියපොත්තත් ආව.
“ඇඟිලි කෙට” ඕං අයියට තරහ ගියාම නංගිට කියනවා. නංගි ඇඟිල්ල කැපුන වෙලාවෙවත් කෑ ගැහුවෙ නැති තරම් හයියෙන් කෑ ගහනවා.
“කට වහගෙන හිටු. කෙල්ලගේ ඇඟිල්ලත් කපලා එනවා මෙතන තව ඒකිට ඇඟිලි කෙට කියන්ඩත්.” අම්ම දුන්න චන්ඩි අයියට මතක හිටින්නම පාර.
මේක මේ අදක ඊයෙක වුන දෙයක් නම් නෙවෙයි. දැනට අවුරුදු තිස් පහකට හතළිහකට උඩ සිද්ද වුනේ.එතකොට ඔය නගාට ඇති වයස 10ක් විතර.
හැබැයි එදා ඇගිලි කපා ගත්ත අයියයි නංගියි අද කිරි පැණි වගේ. හිතාගන්න බැරි තරම් ආදරෙන් ඉන්නවා. ඒ දේවල් අද මතක් කරද්දී දෙන්නගේ මූණු රතු වෙනවා.
ඉතිං...... ඔයාල දන්නවද මේ කවුද කියල. එදා ඒ හුරතල් කෙල්ල තමයි අද මගේ ආදාරනීයම චරිතය.
මගේ අම්ම.......

ලස්සන කතාවක් අම්ම වගේම වෙන්ටැති දුවත් නේද...........?
ReplyDeleteඅපෝ මං සාන්ත දාන්ත තීන්ත කුඩුවක්නේ. උණු වතුරත් නිවල බොන්නේ. තැන්කු හොඳේ.
Deleteඅනේ පව් අෆ්ෆා.... මේ ටිකේ දිගටම මේ වගේ සහෝදර ප්‍රේමය බේරෙන කථා... පුදුම සංවේදී මේ ලියන ලියමන
ReplyDeleteමේ දවස වල මධූ කාර්යබහුලයි යාලු. කතාවක් වත් ලියන්න වෙලා නෑ.සහෝදර ප්‍රේමය කියන්නෙත් එක්තරා ප්‍රේමයක්නේ. නේ.....ද?
Deleteඅම්මගේ ළමා කාළය කොහොම තිබ්බ එකක් ද කියලා මේ කතාවෙන්ම හිතා ගත්තෑකි !
ReplyDeleteඔව්. ඔව්. එයාගෙ ළමා කාලය දඟ වැඩ වලින් පිරිලා.
Deleteසුළගට යන කතා
ReplyDeleteම්ම්.....?
Deleteසෝක් නේ..
ReplyDeleteඒ පොඩි කාලෙම අපි හැමෝන්ටම දිගටම ඉන්න තියේනම් නෙහ්
අනේ ඔව් යාලු. පුදුම සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. හිතට කිසිම බරක් නෑනේ.
Deleteඅනේ...:)
ReplyDeleteආදරේ හිතෙනවා.
ම්ම්. යාලු මගෙ අයියත් මට වඩා චුට්ටක් වැඩිමල් වුනා නම් හොඳයි යාලු.
Deleteහ්ම්ම්ම් අපුරුයි.......
ReplyDeleteපොඩි කාලෙ ඇත්තටම මරු යාලු.
Deleteෂෝයි හලෝ :)
ReplyDeleteෂෝයිම ෂෝයි යාලු..
Deleteඅයියයි නංගියි නියම යාළුවො වගෙයි..ඒ සහෝදරකම් තමයි අදටත් ඒ විදිහටම ඇත්තේ පොඩි කාලේ ඇඟිලි කැපුවත්. මමත් අපේ මලයට ඔහොම එකක් කරල මතක් වෙද්දී ඇඟ හිරිවැටිලා යනවා
ReplyDeleteඔව් යාලු ඒ දෙන්න හරි එකතුයි. ඔහොම වැඩක් වුනාම ජීවිතේට අමතක වෙන් නෑනේ.
Deleteසාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට හොඳේ.
කලෙකින් ආසාවෙන් කියවපු අමුතුම ලිපියක්
ReplyDeleteහැමෝගෙම ජීවිත වල මතක හිටින සිද්දි තියනවා යාලු. ගොඩක් ස්තුතියි හොඳේ.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඔයා ලස්සනට ලියනවා මදු ,තවත් ලියමුකො එන්නම් බලන්න.
ReplyDeleteඅම්ම වගේම දුවත් දගමල්ලක් වෙන්නැති :)
ගොඩක් ස්තුතියි යාලු. සාදරයෙන් පිලිගන්නවා. ආයෙත් එන්නකෝ.
Delete