Friday, September 7, 2012

අබරන් රොසලින් ආදර අන්දරය......... 1 කොටස


අපෙ අක්කේ.... බට්ටිය එනවෝ....”
ඉසුරු මල්ලි කෑගැහුවේ හරියට ගමට සුනාමියක් එනව වගේ. අද ඉස්කෝලේ නිවාඩු දෙන දවසනේ. ඉතින් මෙයා ඉස්කෝලේ ඇරිලා ඇවිත් කලිසම් කොටේ පිටින් වෙලට පැනල සරුංගල් අරිනවා. ඒ අතරේදී තමයි කොල්ල මාව දැක්කේ. එහෙමම පැනල මූට ටොක්කක් අනින්නමයි මට හිතුනෙ.  
“පුළුවන් නම් මාව වට්ටනවකෝ. මේ සයිකල් කට්ටේ දාන් ගිහින්.” මං ආවේ දිල් අයියගේ සයිකල් කට්ටේ. දිල් අයිය කියන්නේ මගේ මස්සිනා. අම්මයි තාත්තයි මමයි අපෙ නෑයෝ බලන්න යන ගමන්. මං වැඩියෙන්ම ආස චූටි අම්මලේ දිහා ඉන්න. එහෙ මරු.
මෙයා බයිසිකලේ වලවල් වල දානවා ඉවරයක්‌ නෑ. පාරත් සුපිරි. එකයි අවුල. ඔයාල දන්නවද? බයිසිකලේ ඉඳං යන්නත් කලාවක් තියනවා. මං ඉතින් වැඩ දන්න හන්ද හොඳයි. මං මෙහෙ ආවේ මාස තුනකට පස්සේ. අපෙ චූටි අම්ම මාර හොඳයි. එයා හදන කෑම ඔක්කොටම වඩා හොඳයි.
“නෙලුමියෝ මං ආවෝ......” නෙලුම්, එයා තමයි මං මෙහෙ එන ප්‍රධානම ඉලක්කය. එයා නෙවි එකේ. හරි දක්ෂයි. දක්ෂම වෙඩික්කාරිත් වුනා. මේ දවස වල නිවාඩු. උණක් හදාගෙන. හැදිලද හදාගෙනද දන් නෑ. අහල බලමුකෝ. අපි දෙන්න සෙට් වුනොත් රටක වුනත් ඇල්ලුවැකි.
දීලා මාව බස්සල යන්න ගියා කෙල්ල බලන්න ඕනේ කියල. ඔය දිලා ඉන්නවා නේද? මාර බුලට් එක. ඕනේ කෙනෙක්ගේ කනෙන් රිංගයි. එයාගේ මොලේ නිකම් බුද්ධි අන්ශේ වගේ.
චූටි අම්මේ මට බත් ඕනේ.” ඉසුරු මල්ලි කීවේ මට ඇද කරල. ඇත්තටම ඉතින් මං කියන්න ගියෙ ඒකම තමයි. මෙහෙ ආවම ඕක මගේ උදාන වාක්‍ය වගේ. රුවන් වැලි මහා සෑය වගේ බත් එක චූටි අම්ම මගේ අතේ තිබ්බ.
අනේ දෙයියනේ, මීට වඩා සැපක් තියනවද මං අහන්නේ. ලිඳ ළඟ තියෙන මාළු ටැංකියෙ පඩිය උඩට වෙලා අපෙ චූටි අම්මගේ අත් ගුනෙට හදාපු මේ බත් එක කනවා තරම්. සුදූ හාලේ බතුයි, වැවු මාලුයි කන්කුන් තෙල් දාලයි වේලෙන්න හදපු පරිප්පුයි, ම්ම්.... තවත් මොනාද? කරේ දැන් උන්නු බෑග් එක පුටුවට දාපු මං අක්කවත් ඇදගෙන මාළු ටැංකිය උඩට දිවුව.
“යසයි කෙල්ල හැදෙන අපුරුව.” ඒ අපෙ අම්ම. හරියට ඉස්කෝලේ විනය භාර ටීච වගේ. එයාව දැක්ක ගමන් උඩින් තියන් උන්නු කකුල බිමට ගත්ත මං. ගත්ත නෙමෙයි ගැනුන.
“අනේ විනීතක්කේ කෙල්ලට නිදහසේ ඉන්න දෙන්න. තාම පොඩි එකීනේ. මෙහෙ පිට තැනක්යැ.” අනේ මගේ ගැලවුම්කාරි, සුර දුතිකාව. අපෙ චූටි අම්ම. නමින්ම පේනවනේ අපෙ අම්මගේ තරම. මං හොරෙන් බලාන අපෙ අම්ම චූටි අම්මටත් ගෙට ගොඩ වෙද්දීම දෙස්ස කපනවා. ඒවා වැඩක් නෑ.  මේ ගෙදර තියෙන්නේ මාර තැනක. වෙල කටේ. ලස්සනේ බෑ. පට්ට පට පට ඇලකුත් තියෙනවා. මගේ වයසේ කෙල්ලෙක්ට සතුටු වෙන්න මීට වඩා මොනවද ඕනේ?
“අක්කේ, කොහොමද බං ඉතින්. නිවාඩු නේද?”
“අනේ බං උඹල වගේ නංගිලා ඉන්නවනේ ඇත්තමයි. දැන්ද උඹට මාව මතක වුනේ. සේරටම වැඩිය ලොකු බත් එක.”
අම්මෝ මේකිගේ මුනේ අබ පුපුරනවා.
“ඉතින් මගේ සුදූ අක්කේ බං, උඹ හිතුවද මං මේක කාල අපහු යනවා කියල. උඹේ සැප දුක අහන්න මට සති දෙකක්ම තියෙනවා බං.”
“අනේ අක්කේ අයියෝ මට කලන්තේ වගේ. අනේ අයියෝ.” ඉසුරු මල්ලි වැනි වැනි කෑගැහුව.
“ඒයි.... මගෙන් කනවා පාරක්. දෙන් නෑ තමුසෙට ගෙනාපුවා. මං ටොප් වීඩියෝ ගේම් එකක් ගෙනාව. කොල්ල මුනත් ඇද කරන් යන්න ගියෙ.
“ඒයි සලමොන් මලේ, වරෙන් බත් කටක් කවන්ට.” මේක ආවේ පැනගෙන. පව්. තාම පොඩි එකානේ.
“මේ එනවා රොසලින් අක්කේ මේ එනවා.....” ඇත්තමයි මූ හොඳයි වේදිකා නාට්‍යක රඟපාන්න අරින්න. බත් කටවල් දෙක තුනකුත් කැවුව.
“අක්කේ යමන්කෝ බං නාන්ඩ.”
“මං මොකටද ගිහින් නා ගනින්. අර තියෙන්නේ ලිඳ වැලේ ඇති චීත්තෙ.” අනේ අම්මප මේකිගේ ගනකොම. තරහෙ ඉන්නේ දැන් මා එක්ක. මාත් ශේප් ඒකෙ ලිඳ ලඟට පැන්න. ගණන බැස්සම වරෙන්කො  කියල හිතින් කියාගෙනම.මට ඕනේ උනේ ලිඳේ නාන්න නෙමේ. ඇලට යන්න. කොහෙද ඉතින් මේ ගෙම්බිත් එක්ක බෑනේ.
“මල්ලියේ යමන්කෝ ඇලට. ලිඳේ නාන්න බෑ බං.” උගෙ මුණ පිපිලා ආවේ නිකම් නෙලුම් මල වගේ. අපි දෙන්න හොරෙන්ම ඇලට පැන්න. ටිකක් වෙලා යනකොට අර ගණන් උස්සපු එක්කෙනත් එන්නෙ වන වන.
“බට්ටි අක්කේ, පුලුවන්ද ඒ දන්ඩේ යන්න.” ඇල හරහා දාල තිබුන පොල කොටයක් පෙන්නලා මූ මගෙන් අහනවා.
“මොකෝ මට බැරි මං පණ්ඩිත නෑනේ. අර ඉන්නේ පණ්ඩිත ආච්චියෙක්. එයාට නම් බැරි වෙයි.” අක්කගේ දිහාවට ඇඟිල්ල දික් කරල මං කීවේ ටිකක් අවුස්සන්න. කීවට මොකද ලඟට ගියාම තමයි දැක්කේ ඒක සෑහෙන පටුයිනෙ. දැන් මොකද කරන්නෙ  මේ පොඩි එකාට සෙකන්ඩ් වෙන්නත් බෑ. ඕනේ එකක් කියල මාත් අත් දෙක දෙපැත්තට විහිදගෙන ගමන පටන්ගත්ත. කකුල් වෙවුලනවා. අඩිය තියාගන්නත් බෑ. කොහොම කොහොම හරි මැදටම ගියා කියමුකෝ.  
“අක්කේ..... එන්නකෝ. දිය රෙද්ද පැටලිලා මට ඒක ගලෝගන්න බෑ. හෙල්ලෙන්නවත් බෑ.” බය වුන පාර මං යටිගිරියෙන් කෑ ගැහුවා. වක්කඩේ සද්දෙට මුකුත්ම ඇහෙන් නෑ. වතුරත් වැඩි. හුස්ම ගන්නත් බෑ. මං හොඳටම බය වෙලා. මේ මොකාද මේ?
නංගි නංගි ඔයාට කොහොමද?” මං ඇස් ඇරියා. මගේ ළඟ ඉඳගෙන කම්මුල් දෙකට තට්ටු කරනව. මම කැස්ස. වතුර පෙවිල. කොහෙද පීනන්න දන්න එකක්යැ.මම නැගිට්ට. පුළුවන් තරම් හයියෙන් දුවනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුනෙම නෑ.
“ආව දාම ඇල්ලුවා නේද හොඳ අඩවුවක්. පඬි වැඩ කරනවට හොඳ වැඩේ.” මට පෙන්න බැරි ඔන්න ඔය කතා තමයි. අක්ක එහෙම කීවේ මගේ පස්සෙන් දුවගෙන එන ගමන්.
“මේ ගැන වචනයක්වත් ගෙදරට කියන්නෙපා. එච්චරයි. දෙන්නටම කිවුවේ.”ඇත්තටම මට සෑහෙන්න තරහ ගියා.
“නංගි මං හිටියේ නෑ ළඟක. මං හිටියේ වෙළෙන් එගොඩ.” දැන් එනවා මෙතන උත්තර බඳින්න. අන්තිමේ අපි හිමිජ්ජෝ ටික වගේ ගේ ඇතුලට පැනගත්ත. බාගෙට නාල මට හෙම්බිරිස්සාව වගේ. මොනවා වුනත් චූටි අම්ම රෑට හදල තිබුන ඉඳිආප්ප ටිකයි අල කොළ මල්ලුමයි නම් පංකාදු පහයි. කාවට පස්සේ නම් ඉතින් මැරිලා ඉපදුනා වගේ.
“ඈ බං දවල් මොකෝ වුනේ. පණ්ඩිතයන්ට ඒ දන්ඩේ යන්න බෑනෙ බං.”අනේ අම්මප මේකි අහන ලස්සන විතරක් විරිත්ත විරිත්ත. ඉසුරුවත් සෑහෙන්න බය වෙලා මුණ ඇඹුල් කරන ඉන්නවා.
“ඇස් අරිනකොට දිය රෙද්දවත් හරියට තිබුණ නෑ. නිකම් උඩින් දාල විතරයි. මං බූරුවා එහෙමම නැගිට්ට. ඉතින් දුවනවා ඇරෙන්න වෙන මක් කරන්නද?”
“ඔහොම වෙලාවට ඕව බලන්න කොල්ලන්ට මතක් වෙන් නෑ බං. අනික ගගන මල්ලි එහෙම නරක ළමයෙක් නෙමේ. හරි හරි මේ දැන් ඒක ඉවරයි. කියපන් බලන්න උඹ ආවේ ඔය නිවාඩු දාලද? ”
ඔව් ඉතින් දැන් ඕක ගැන කියෝලා වැඩක් තියේයැ.
“උඹ හිතුවද මාව ලොක්ක එළියට දැම්ම කියල.”
“ ඔව්, ඉතින් උඹ කරන වැඩ වල හැටියට එහෙම නොකලොත් තමයි පුදුමේ.” ඒ රිලවී විරිත්තාගෙන කියන කැත.
“නෑ බං තාම නම් එහෙම වුනේ නෑ. අපෙ ලොක්කගේ පුතා ඇවිත් රට ඉඳං. මට මෑන්ව අල්ලන් නෑ. මං බොසාට කීවා. සර්, මට නිවාඩුවක් දෙන්න පුලුවන්ද කියල. මිනිහට තේරිලාද කොහෙද? අපි එයාගෙ පුතා ආවට අවුල කියල. ඒ යකා හෙන අමුතුයි බං. රූම් ඒකට වෙලා පොඩි සින්දු කෑල්ලක් කියා කියා උන්නත් ඔලුව දාල රවල යනවා. අපිට ඕව අල්ලන් නෑ බං. අපි බොහොම නිදහසේ වැඩ කරන්නෙ. නිදහස කියල වැරද්දක් කරන නෑනෙ බං. උගෙ නීති මට වැඩක් නෑ බං. මං එ යකා එනකොට හයියෙන් සින්දු කියනවා. අපෙ සර් මට කීවා කෙරෙන්න ඕනේ වැඩ ටික ගෙදර ඉඳං කරන්න කියල. ඒ අතින් නම් මිනිහ රත්තරන්. මට තියෙන්නේ මේල් යවන්න විතරයි.”
“අනේ උඹ තමයි බං දවසකටවත් ගෑණි. මේ ඒක නෙමෙයි, හෙටත් යන්ද ඇලේ නාන්න.”මේකි මගේ යකා අවුස්සනවනේ ඉතින්.    
“මේ ඇත්තටම උඹට අපෙ ගගනයව මතක නැද්ද බං.” මං ඔලුව වනුවේ නෑ කියන්න.
“අර ගිය සැරේ උඹ ගෙදර යද්දී බස එකේදී ෆෝන් නම්බර් එකක් දුන්නෙ.” මේකිට මාර රේඩාර් සර්විස් එකක්නේ තියෙන්නේ. මෙකි කොහොමද මේවා දන්නේ.
“මොකද නිකම් යකෙක් දැකල වගේ. ඒ මිනිහ තමයි.” මේක මාර බඩුවක්නේ. මට ෆෝන් නම්බර් ඒක දීල ඒක අක්කටත් කියලද? මගේ මොලේ කචල්ද? එහෙම නැත්තම් කනේ අමාරුවක්ද? 

 ------තව කොටස් දෙකයි හොදේ ------

16 comments:

  1. මොකා වුනත් හැකර කටක් තියන කෙල්ලෙක්

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ ඔයා දැකල නැද්ද මේ වගේ කට්ටිය?

      Delete
  2. අර කිව්වත් වගේ කෙල්ලගේ කට තමා කට !

    අනිත් අයගේ කතා වලින් මේ කතාව වෙනස් වෙන්නේ මේ කතාවේ රූප රාමු සට සට ගාලා මාරු වෙනවා. පාටකයාට ටික වෙලාවක් එක රූප රාඅමුවක රැදෙන්න දෙන්නෙම නෑ... හික්ස් :)

    මේ ඔයාගේ ස්ටයිල් එක වෙන්ටෑ. කතාව ලස්සනයි !!!

    ReplyDelete
    Replies
    1. ම්ම්... එහෙම තමයි. හැමදාම එක වගේ හරි යන නෑනේ......

      Delete
  3. අයියෝ...... තවත් ආදර කතාවක ආරම්භයක්

    ReplyDelete
    Replies
    1. නිකම්ම නිකං ආදර කතාවක් නොවේවා......!!!!!!

      Delete
  4. ඊලග එකත් දාමු බලන්න...

    ReplyDelete
  5. හී හී..මොනා උනත් ආදරේ නම් අරහන්..කොහොම ලියවෙයිද අනිත් ටික..:) ;)
    ජයෙන් ජය! :)

    ReplyDelete
    Replies
    1. කියවලම බලන්නකෝ යාලු.....

      Delete
  6. සිරා කථාවක්නේ... සිද්දි ටික මැවිල පේනවා.... අර කෑම ජාති ටික කියද්දි කටට කෙල ඉණුවා....

    අල කොළ මාළුව... ම්ම්ම්ම්ම්... කොහෙද අදකාලේ එවුන් ඔව්ව උයන්න දන්න එකක් යෑ..

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි මටත් ඕනෙ වුනේ යාලු. ගොඩක් ස්තුතියි. ඉතුරු ටිකත් ඉක්මණටම කියවතැකි.

      Delete
  7. කෙල්ලගෙ කට කාර කමට නම් මං අසයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඕක පුදුම කටක් යාලු. බලන්නකෝ ඉස්සරහට.

      Delete
  8. ඉතිරිය කවද්ද ලියන්නේ

    ReplyDelete
    Replies
    1. දෙවෙනි කොටසත් බලල ඉන්නකෝ

      Delete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...