Saturday, September 29, 2012

මිහිරි සත්සර


“පුංචි කුමාරිහාමි... මං ගියා. මහා කුමාරිහාමිට රපොර්තු කොරන්ට.”
“කොහෙ ගියා කියලද මං අම්මට කියන්නෙ.?” අනේ අම්මපල්ල. උදේ පාන්දර පොඩ්ඩක් හිනා වෙලා ඉන්නවත් මෙකි දන නෑනෙ. මුණ පුම්බන් ඉන්නේ හරියට මාත් මේ ඉලවුවෙ වැඩ කරන දර දිය අදින එකෙක් ගානට දාල.
“යාලු වෙලා ඉන්න කෙල්ලව කැන්දන් එන්න ගියා කියන්ට.”

පේන් නැද්ද මන්ද මේකිට මගෙ කරේ තියෙන මල්ල.
යටගිය දවස බරණැස් නුවර නෙමේ අර කොහෙන්ද මන්ද ගත්ත බයික් රාජය වතුර පොදක් දැකල නෑනේ. හොරෙන් යතුර පන්න ගත්තට මොකද මේකේ යනවට මට ගානක් දෙන්ඩ වටිනවා. ආ.....පෝ....... මේකත් අපේ එකා වගේමයි.
වෙලාවට යා ගත්තේ නැත්තං ඉතින් ලෝක ප්‍රශ්නයක්. වෙලාවට වැඩ. අද නම් කාලගුනේ හොඳයි වගේ. වැස්සක් පෙන්න නෑ. මළා..... කෙලින්ම එන්නෙ කුනාටුවක්ද කොහෙද. වැහි නෙමේ වැලි.
නයාට අඳුකොළ. ම්හ් ඒක හරි යන් නෑ. මේ ඊයෙ පෙරේද අපේ ගෙවල් ළඟ නයි එනවට වවල තිබුණු අඳු ගාලක ඉඳලම නයෙක් හොයාගත්ත. නයයි මුගටියයි කියමු. මම මුගටිය එයා නයා. මොකද මා ළඟ විස දළ නෑ. ආ.. නයා නෙමේ නැයිනි.
“කෝ අර උඩැක්කිය?” ඒ අහපු විදියට මට බකස් ගාල හිනා ගියා. ගස්සගෙන ගියේ නැතැයි. මාත් ඉතින් ඔහේ පස්සෙන් ගියා. නොගිහින් බෑනෙ.
“ආ පුතා භාණ්ඩේ ගෙනාවද?”
“ඔව් සර්.” මං ගෙදරින් ගෙනාව උඩක්කිය සර්ගෙ අතට දුන්න. ඕන් වැරදියට හිතුවට මට නම් කොරන්ට දෙයක් නෑ. මං ආවෙ මං වැඩිපුරම ඉන්න කැමති තැනට. අපේ කලායතනයට. අපි ලොකු වැඩකට ලැස්ති වෙනවා. ලස්සන වැඩකට.
“පුතා හංස රාජිණී කොහොමද ඔයාගේ වැඩේට. ඔයාගේ කලර්ස් පෙන්නන්න ඒක හොඳයි.” මට සර්ව බදාගන්ට හිතුන.
“තව මං ලැස්ති කළා හොඳ වයලින් පාට් එකක්. ඔයාගේ හෙල්ප් එක ඕනෙ.” ඉවරයි අපොයි දෙයියනේ මං ඒ තරම් පව් කරලා තියනවද? නයෙක්ටයි මුගටියෙක්ටයි එකට සංගීත සාජ්ජ දැනට පුළුවනැයි.   
“මොකද බං පරක්කු. ගෙදෙට්ට වෙලා පොල් ගෑවද උඹ? බලපන් අදත් මිස් වුනානේ. ” හිත හොඳ කොල්ලෙක්. හැබැයි ඉතින් ඌටත් අනිත් එවුන්ට තියෙන දැවෙන ප්‍රශ්නේම තියෙනවා.
“නෑ බං. උඩැක්කි මෙහෙයුම හිතුවට වඩා අමාරු වුණා. දන්නවනේ අද අප්පච්චි ගෙදර. කරුංකට පින් සිද්ද වෙන්න යාන්තං ගොඩ ගියා. දැනටම ගිනි අරන්ද දන් නෑ. මොකෝ බං අර.” මං ඇහුවේ අර බෝම්බෙ පෙන්නලා.
“කවුද බං දන්නෙ . සඳ තනි වෙලා... අහසේ. හිරු තනි වෙලා....” මුගේ මේ පල් වැඩ තමා මට දිරවන් නැත්තේ. විහිළුවක් කරන්ට හොඳ වෙලාවක් තියනවනේ මනුස්සයෙකුට. බෝම්බයක් නෙමේ මිසයිලයක් වුනත් පැත්ත ගහල ඉන්නේ මොකක හරි අවුලක් තියන හන්දනේ. එහෙම වෙලාවට කාට වුනත් පාඩුවේ ඉන්ට දෙන්නෝනෙ.
“මීනු, මොකද යාලුවට මුකුත් අවුලක්ද?” ඒකිට පුදුමයි මං එහෙම ඇහුවම. මොකද කට්ටියගෙම මං ගැන තියෙන්නෙ වැරදි ආකල්පයක්නේ. මං ඇහුවේ නැයිනිගේ bf ගෙන්. ඕන් ඉතිං ආයෙත් වැරදියට හිතුව. boy friend නෙමෙයි best friend.
“ආ.. නෑ නෑ හිසේ රදේලු.”
“මොන බොරුද? මං නොදන්නවැයි කෙල්ලන්ගේ මායං. අර අපේ දිහාත් ඉන්නෙ එකියක්. අර හැට හතරක්ම තියනව කියනවනේ. මගේ මොකෝ.” කීවේ නෑ හිතුව විතරයි. ඕව කියල අගේට තියෙන කම්මුලේ බාට මාක් තියා ගන්න ඕනෙයැ.
“පුතා කොහෙද ගියේ? යන අහක කියල යන්ට බැරිද? මොනවද ඔය අඳින හැටි ආ...? බාච්චු කලිසං. පාරේ බැහැල යන්ට පුලුවන්ද?” ඔන්න ගෙට ගොඩ වෙද්දීම මට ලැබෙන පිළිගැනීම. ආසාවේ බෑ අප්පා. මීට වඩා හොඳයි පිළිකන්න පැත්තෙන් ආව නම්.
“අත්තම්මේ මට තේ තිබා....හයි.” ගෙදරදී හිතට අල්ලලා යන චරිත වලින් එකක්. අප්පේ ඔලුව කහ කහ ඔය එන්නෙ මගේ ෆිට් එක.
“කොහොමෙයි කරුන්කෝ....” මූ හැදුනේ අපේ දිහාමයි පොඩි කාලේ ඉඳන්ම. ඇඹිටිල්ලන් කොලු ගැටයෙක්. ගස් ගඳේ බෑ. වැඩේම ගස් බඩගාන එකනේ.
“ඉඳා මොකෝ බං ඔරවන්නේ? මා එක්ක තරහද?”
“කළු කපුටා සුදු වෙන කල් මෝල් ගැහෙ දළු එනකල් යාලු වෙන්නේ නෑ...” අප්පච්චියේ වැඩේ ෆුල් සීරියස් වගේ. බෙරිහන් දීගෙන මූ කියන හැටියෙන්ම පේනවා.  
“සුදු පුතේ තේ බීල හිටිං. ආ පුතේ උඹටත්.” අපේ අත්තම්ම මාර හොඳයි.
“ආ... සුදු පුතේ අර....” අත්තම්ම මොකාටද එන්න හදන්නේ....?
“සීයගේ උඩැක්කිය ඔයා ගත්තද?” අත්තම්ම ඇගට පතට නොදනී අහපු තාලෙට මගේ ඉහ මොළ රත් වුණා. මං අත්තම්ම ලඟම බිම ඉඳගත්ත.
“අනේ අත්තම්මේ අප්පච්චි දනගෙනද? මං තමා ගත්තේ. අනේ අත්තම්මේ කමක් නෑ නේද?”
“මට නම් කමක් නෑ සුදු පුතේ. ඒ වුනාට මේ අහිංසකය තමා ඒකට අහු උනේ.” මට ආව තරහ කියන්න වචන නෑ. මට කෑගහන්න හිතුන. සේරටම බනින්න හිතුන.  
“අයියේ, මොකද බං අද වැඩට ගියේ නෑ?” අපෝ මු ඉන්න විදියට මට මහණ වෙන්න හිතෙනවා.
“නෑ බං. මං කෝකිලා අක්කව අතැරිය.”  
“ආ... මොකක්? උඹට මොලේ අමාරුවක්වත් හැදීගෙන එනවද?” යකඩෝ. මූව ඉහේ ඉඳං පට්ට ගහන්නෙපැයි.
“සිරාවට කියන්නේ. එයා හොඳයි. එත් මට හරියන් නෑ.” මං මොනවත් කීවේ නෑ. ඔහේ අහගෙන හිටිය. කෝකිලා කියන්නෙ මාරම හොඳ අක්කෙක්. මගෙ නෑන වෙන්න ඊට වඩා කෙනෙක් නෑ. ඒ වුනාට ඉතිං අරුණ කරලියැද්ද කියන්නෙ එඩ්වඩ් කරලියැද්දගෙ කුළුඳුල් දරුවනේ.
නම්බුව නමැති පිට්ටු බම්බුවේ එක රොත්තට තැම්බෙන අපි කවදා ලිපෙන් බායිද දැන් නෑ. මටත් වඩා අයිය. මං මේවට අතදාන්න කැමතිම නෑ. හැබැයි මූ ඉන්න හැටි දැක්කම අත නොදා බෑ වගේ.
“මොකද බං දඟලන්නේ කැපිච්ච පණුව වගේ. එක විදියකට ඉඳගෙන හිටහන්කෝ.” මා එක්ක පැදුරේ ඉඳගෙන උන්නු කරුංකට මං සැර දැම්ම.
“නෑ සුදු අයියෙ. ම.ම මට ඉඳං ඉන්න බෑ.” මූ අඬන්න ඔන්න මෙන්න.
“ඒ මොකෝ.”
“මේ....” දෙයියන්ට ඔප්පු වෙච්චාවේ. තට්ටම පුරාම ලේ පුරපු පාරවල්. මේ පොඩි එකා කොහොම ඉවසන්නද මේවා.
මූ පොඩි කාලේ ඉඳං මමයි අත්තම්මයි කොච්චර ආදරෙන්ද හැදුවේ. ඉපදෙද්දී අම්ම නැති වුනා. මූට බත් කැවුවේ අත්තම්ම. ගෙදරට හොරෙන් වෙලාවක් බලල අකුරු කියෙවුවෙ මම. ඉස්කෝලෙට බාර දුන්නේ අත්තම්ම. මුලු පැන්ෂන් එකම වියදම් කෙළේ මේ පොඩි එකාව ඉස්කෝලේ අරින්න. එහෙවු අම්මගේ පුතා තමා මෙහෙම ඔලමොට්ටල වැඩ කරන්නේ.
වැඩ කාරයන්ට සලකන විදියක් තියෙනවලු . මොන පොතෙන්ද දැන් නෑ ඉගෙනගත්තේ. මගෙ හොර වැඩ වලට අද වෙනකල් මේ අහිංසකයට ගුටි කන්න වෙලා නෑ. හිතට අමාරු ඒකයි. දැන් ඉතිං මොනවා හරි කරන්නෙපැයි.
ඇගේ අමාරුව අරිනාවට වඩා අමාරුයි කොල්ලගෙ හිතේ අමාරුව අරින එක. දෙන්න එක්ක සෙට් වෙලා සින්දුවක් දෙකක් කියල පොඩි සාජ්ජ පාරක් දැම්මම ඉතිං ඔය ඔක්කොම අමාරු ඉවරයි.
“සුදු අයියේ ලොකු බේබි අයි අරෙහෙම ඉන්නේ?” ඔය කියන්නේ අපෙ අයිය ගැන.
“කොහොමද බං?”
“අර කජු ගහ යට බංකුවට වෙලා නිදියන් ඉන්නේ.” මාවත් උඩ ගියා. කවදාවත් මිනිහ එහෙම ඉන්නෙ නෑනේ.
“අයියෙ. අයියෙ.” ම්හ් සද්දයක් නෑ. ඒ නැකිටපන් බං.
“වද නොදී පලයන්.” අඩේ මූ අඬනවනේ.
“මේ මොකද බං? මොකද්ද අවුල.” මොනවා වුනත් මට මේ වෙලාවෙ මතක වුනේ මේ ඊයෙ පෙරේද මට ආව sms එකක්.
                  “ගලක් වගේ හිතක් තියනවා කියල පෙන්නුවට කොල්ලන්ගේ ඇහැට කඳුලු ඉනුවොත් උනන්නේ ඒ කෙල්ලෙක් හින්ද විතරමයි.........”
දිග හෑල්ලක් තිබුණ. මට මතක ඔය ටික තමා. දැන් බලන් ගියාම ඒ කතාවත් ඇත්ත වගේ. මං තවම ඔය කට්ට කාල නෑනෙ.
“ඒකිව මට අමතක කරන්න බෑ බං. මං ඒකිව වෙනස් කරන්න උත්සහ කළා. ඒත් මට ඒක කරන්ඩ බෑ බං. ඒකි කැමති අපේ පවුලට නොගැලපෙන දේවල් කරන්නමයි.” අනේ අයියෝ!!!!! කොහොම හිටපු කොල්ලෙක්ද මේ මං ඉස්සරහ හොටු හූර හූර අඬන්නේ.
“උඹ දන්නවද, ඒකි මට කියනව දවසක් අපි දෙන්න බැන්දම යන්ලු දවසක සංගීතයක් බලන්න. බාච්චු කලිසමක් ගහල ටී එකක් ඇඳලා උකුස්සෙක් ඉන්න පෙන්ඩන්ට් එකක් තියන සුදු යකඩ මාලයක් දාල මාලු තොප්පියක් දාගෙන ගිහින් ඇති වෙන්න නටල එමුලු.........” ඇස් පොඩි කර කර කඳුලු පිහ පිහ මේක කියවන්නේ පොඩි එකෙක් වගේ. 

අවුරුදු දෙක තුනකට කලින් හිටි අයියයි දැන් ඉන්න අයියයි කොච්චර වෙනස්ද? ඒක වයසේ වරදක්ද කොහෙද. තව වයස යනකොට මටත් ඔය සන්තෑසියම වෙයිද දන් නෑ. මං කල්පනා කළේ අයියගේ කාමරේ බිත්තියේ ගහල තියන මයිකල් අයියගේ පින්තුරෙ දිහා බලාගෙන. අපේ අයිය අඳින පලදින විදිය වෙනස් කලාට ඉස්සර හිටිය දඟකාර කොල්ල අපේ අප්පච්චිගේ සුවච කීකරු බලු පැටියෙක් බවට පත් වුනාට උගේ හිත කවදාවත් වෙනස් වුනේ නෑ. තාම මේ බිත්තියේ එල්ලෙන මේ පින්තූර වලින් ඒක ඕනෙ හරකෙක්ට තේරෙනවා. මුගේ මේ කබර හම ගලවල දාන්න ඇත්තම් මට. 

                   -තව කොටස් දෙකයි හොඳේ....-

සැ.යු: ඔන්න  මධූ ආයෙත් පොඩි කතාවක් ලීවා. කොච්චර         සාර්ථකද කියල බලන්නකෝ. මේක ලියන්න මට ටිකක් 
        අමාරු වුණා.

14 comments:

  1. මේ කොළු චරිතයකට සමවැදිල ලිපු එකක් නේ.....සාර්ථකයි ඉතුරුටිකත් ලියන්න...

    දෙබස් කියවද්දි චරිත හඳුනා ගන්න අපහසුවක් දැනුනා ( මගේ දුර්වලකමක්ද දන්නෙ නෑ )

    ReplyDelete
    Replies
    1. ඔව් යාලු එහෙම එකක් තමයි. ඒක ඔයාගේ දුර්වලකමක් නෙවෙයි යාලු. පස්සේ මටත් ඒක දැනුන. ඒත් වෙනස් කරන්න ගියොත් මට අවශ්‍ය දේ වෙන් නෑනෙ. ඒ නිසා වෙනස් කලේ නෑ.

      Delete
  2. මං බබීනම් තාම ඕලෙවල්....මං හිතන්නෙ උයා අක්කි බබෙක්....

    අදයි මේපැත්තට ආවේ....දිගටම ලියන්න අක්කෝ....ජයෙන් ජය...!!

    එක එක චරිතෙට එක එක පාටින් දෙබස් ලියන්න පුළුවන්නම් ගොඩක් හොඳයි...ඇත්තටම සුපිරියටම ලියල තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් නැඟී බබෝ. මං අක්කි බබෙක් තමානේ. ගොඩක්ම ගොඩක් සාදරයෙන් පිලිගන්නවා ඔයාවත්. හොඳද?

      ඔයාගෙ අදහස නම ඇත්තටම හොඳයි. මට ඕක හිතුන නෑනේ. තැන්කු හොඳේ. ආයෙත් එන්නකෝ.... ඔයාලගේ අදහස් යෝජනා චෝදනා සේරම මට ගොඩාරියක් වැදගත්.

      Delete
  3. අන්න ඒ තාවෙ නම් පොඩ් වෙනස් කමක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ම්ම්.... ඉතුරු ටිකත් බලන්නකෝ. ඉක්මණටම පුළුවන්.

      Delete
  4. මී ගොඩය කියපු අඩුපාඩුව මටත් ටිකක් තේරුනා!දෙබස් වලින් චරිත අදුරගන්න අමාරුයි වගේ!අව්ලක් නෑ ඊළඟ කොටස වැරදි හදාගෙන ලියමු!:)

    ReplyDelete
    Replies
    1. අඩු පාඩු පෙන්නලා දෙනවට ගොඩක් ස්තුතියි යාලු. ඊලග කොටසින් බලමුකෝ.

      Delete
  5. ලස්සන කතාව.. :)තව ලියමු .. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ යාලු ඊලග කොටසත් බලන්න එන්නකෝ.

      Delete
  6. කතාව නම් ෂෝයි කියවද්දී කවුරු කියන දෙබස් කියල හොයාගන්න ටිකක් වෙලා යනවා ජය වේවා

    ReplyDelete
    Replies
    1. තැන්කූ අනේ. ඒ වරද ඊළඟ පාර හදන්න බලන්නම්කෝ.

      Delete
  7. හේ...මරු මරු..
    අනිත් ටිකත් ඉක්මනටම..
    ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. තැන්කූ හිරු. ඔයාට අමතක වෙන්න කලින් දාන්නම්කෝ..... හී. හී....

      Delete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...