“කොහෙද
ගියේ? වීඩියෝ එක නම් පට්ට පට පට බං. ෆොටෝ ටික. ඇස්වහක් කටවහක් නෑ. හරියට කාජල් වගේ.
පොඩ්ඩක් හැරියන් බලන්න. උඹේ කොන්ඩේ එච්චර ලස්සනද බං. එච්චර දිගද?” මගුලක් කතා
කරනවා.
“සර්
මට ෂෝට් ලිව් එකක් ඕනෙ.” කකුල් දෙකට හයිය අරන් මං ගියා ඔෆිස් එකට. මෙහෙම ගියොත් මට
යන්න වෙන්නේ ෂෝට් ලිව් නෙමේ ලෝන්ග් ලීව්. අහලක පහලක ලිඳක්වත් නෑනේ. මොකටද
අහන්නෙපා. පනින්න.
“ආ..
දෙන්නම්. හැබැයි මට පොඩි උදවුවක් කරන්න ඕනෙ. ඔයා මේ ගෙනත් දීපු ෆොටෝස් ගත්ත කෙනාගේ
එඩ්රස් එක හරි ෆෝන් නම්බර් එක හරි දීල යන්නකෝ. අද වැඩි වැඩකුත් නෑනේ. ඔයා යන්න.”
මේ යකා කතා කරන්නේ ඇඟට පතට නොදනී. මගේ මේ කන දෙකෙන් කොහොම අහන් ඉන්නද? කොලයක්
අරගෙන ලියල දීල මං ආව. දැන් හිතනවා ඇති මං කොහොමද ඕව දන්නෙ කියල.
දැන්
ඉතින් කෝල් කරලා පල් වෙන නැතැයි. මගේ මොකෝ. මං නම ලියල ආවේ නෑනේ. මට කෝල් කලොත්
ගන්නෙත් නෑ. මං මේ අනුන්ගේ පිටින් අරින්නේ මා එක්ක තියෙන තරහම නේද?
වැඩට
නොගියොත් පඩිත් නෑනේ. මරන්න ගෙනියන එළදෙනක් වගේ අනිත් දවසෙත් මං ගියා. අපේ එවුන්
ටික මොනවදෝ එබී එබී බලනවා. රිසෙප්ෂන් එක පැත්තේ. අඹ ගහේ ජම්බු. කොල්ලෙක් ඔලුව කහ
කහ අත පය දික් කර කර සොනාලිට මොනවදෝ කියනවා.
“බලපන්කො
බං. පොර නිකම් රිතික් වගේනේ. මොකටද දැන් නෑ ආවේ.” වටින පිටින් මට ඇහුනේ ඔහොම කතා
කොහෙද තාම මං මූණ දැක්කෙ නෑනේ. අපේ කෙල්ලෝ ඔහොමමයි. ඇහැට කනට පෙන එකෙක් දැක්කොත්
ඉවරයි. මුන් ලංකාවේද කියල හිතෙනවා. මතක් කරන්නෙම ඉන්දියන් කෑලි. මට කවුරුවත්
දැක්කම මේකා ලස්සනද කැතද කියල මොකවත් හිතෙන් නෑනේ. ඒ මගේ හැටි. අනිත් වුන මැරෙන්න
හදන ලස්සන මං දකින්නේ ටික ටික.
“අඩෝ
මචෝ... “ අ මේකිට මොකද වෙලා තියෙන්නේ. මහසෝනා දැකල වගේනේ.
“අරූ
ඇවිත්... උඹව හොයනවා.” අරූ, මාත් ටිකක් ඩිම් වුනා මොකද අරූල මාව හොයන එන් නෑනේ. එන
තරමක් එන්නේ අරකිලානේ.
ඊයෙ
රෑ තිස්සේ කල්පනා කරලත් උත්තර හම්බ නොවුණු ප්‍රශ්නේ ඔන්න ඇවිත්. ගගන. ඒක පුදුම
ගගනක්.
“මාර
චාටරේ බං. පොර උඹේ නම දැන් නෑ. ඊයෙ කෝල් කලාට සර් කියලත් නෑ වගේ. ඔය උඹේ හැඩ රුව
කියන්නේ. මිනිහ ටිකක් බය වෙලාද කොහෙද බං පව්.” මට පුදුම මූට අක්ක හරි ඉසුරු හරි
මගේ නම නොකිවුව එකනේ. අපි දෙන්න ෂේප් එකේ කිට්ටු වුනා.
“මං
හිතන්නේ මිස්, මං කියන මිස් වැඩ කරන්නේ මෙහෙ. අර කොන්ඩේ දිග සුදු ලස්සන.....” මූ
අදහන්න වටිනවනේ. මේ වර්ණනාව රෙකෝඩ් කරගන්න වටිනවා. කමක් නෑ බොසා ආවම කතා කරන්
නැතැයි. එතකල් කට්ට කාපුවාවේ.
අපි
දෙන්න දැන් ඉඳං රහස් ඔත්තු නියෝජිතයෝ. බොසාගේ වර්ණනාව නම් මාරයි. ලේසියෙන් හොඳක්
අහගන්න බෑ මේ යකාගෙන්. ඒකටත් එක්ක අද. අපේ අබරන් අයිය වෙවුලනවද මන්ද.
“හරි
ගගන මේ වැඩේ කෙරෙනවා. ඉස්සරහ රූම් එකට යන්න.”
නන්නත්තාරයි.
මාට්ටු. විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ. අපි රූම් එකට පැනගන්න කලින් මූ දැක්කනේ. අතින්
කට වහගෙන මේකා හිනාවෙන හැටි.
“ඉඳගන්න
Mr ගගන.” අමාරුවෙන් වචන අහුලගත්ත. පස්සේ ප්‍රොෆෙෂනල් විදියට අපි කතා කළා.
“එහනම්
මම ගිහින් එන්නම් බට්ටි නංගි.” අපොයි දෙයියනේ.
මගේ
ඔලුව නිකම් යකාගේ කම්මල වගේ. මාරම අමුතුයි. මෙලෝ වැඩක් කරන්න හිතෙන් නෑ. කන්න
හිතෙන් නෑ බොන්න හිතෙන් නෑ. මට කන්න නොහිතෙනව කියන්නෙ ඉතින් සෑහෙන බොන්ඩ ඕනෙ ප්‍රශ්නයක්.
බෝතලයක්වත් ගහන්න වෙනවා. ආ ඔයාල හිනා වෙනවා නේද....? මං බීල තියනවා. හොරෙන්. අපේ
තාත්තගෙ කාමරේ තිබිල දවසක් උගුරක් බීල බැලුව. අප්පේ.... මතක වෙනකොටත් මාවත් හිරි
වැටිල කටත් හාරවාගෙන යනවා. කොහොම බොනවද මන්ද අනේ එයාලට නිකං දිව ඔසුවක් වගේනේ.
ඒක
නෙමෙයි. ඉතින් අහන්නකො. මං ඔහෙ දාපු අතේ දාල ඉන්නවා. සති ගාණක්. කාවවත් පේන්නත්
බෑ. අන්තිමේදී මං ස්වේච්චාවෙන් ඉදිරිපත් වුනා අයියගේ
බබාව මොට්ටසොරියෙන් අරන් එන්න. ඌ ලෝක අන්ඩයෙක්. අපි දෙන්න බීච් ගියා. ඒකෙන්වත් හිත
පොඩ්ඩක් හරි යයිද බලන්න. කොහොමත් මගේ ප්‍රශ්න වලට ගොඩක් උත්තර පොඩි එකා ලඟත්
තියෙනවා.
“නැන්දියේ,
අර” කොල්ල මට පෙන්නුවේ බීච් එකේ ඇඳලා තිබුන හාට් එකක්. ඇතුලේ බට්ටි කියල ලියල. මේ
දවස් වල වෙන්නේ ඇඟ කිලිපොලා යන දේවල්නේ. මගේ කකුල් පන නැතුව යනවා වගේ. අයිස් ක්‍රීම්
තුනක් අතේ තියන ගගන එනව.
“බබෝ,
ඔයාගේ නැන්දීගේ නම මොකද්ද?”
“අපේ
අම්මි නම් කියන්නේ නැන්ද මේ වගේ කියල.” මොට්ටසොරි ගියාට මූ අපේ අයියගෙත් කිරි
මුත්තා. මුහුද දිහාට අත දික් කරගෙන කිවුව ලස්සන.
“අම්මියෝ....”කොල්ලගේ
කෑ ගැහිල්ලට මාත් ඉබේම පිටිපස්ස බැලුව. පටි රෝල් මේ ජෝඩුවත් ඇවිත්.
“කෙල්ලේ
උඹට හරියන්නේ මෙකවම තමයි. අම්ම මගුල් හොයනවා උඹට. මේන් මං උඹට හොයපු මගුල. හැබැයි
මල්ලියේ මේකිට කන්න දෙන්න උඹට රස්සාවල් තුන හතරක්වත් හොයාගන්න වෙයි. පුළුවන් නම්
මකල හදපන්. අපේ අම්මටවත් බැරි වුනා.
නංගියේ, උඹ කියපන් මූ අහන් ඉඳි.” අපේ අයිය නිකම්
මහදැන මුත්තා වෙලා. හැබැයි වුනේ අයිය කියපු දේ නෙවෙයි. එයා කිවුවා මං අහන් හිටියා.
“ඉතින්
සයුරි. තැන්ක්ස්. ඉසුරු මල්ලි එක්ක මාව බොරුවට ටවුන් යවල ඔයා මගේ කාමරේට පැන්න
කියල මං දන්නවා. තිබුන සේරම ෆොටෝස් අරගෙන ඔයාගේ නමින් තිබුන ෆෝල්ඩර් එකත්
දාගත්ත.ඔයාවත් බලන් නැතුව සර්ට දීල පටි රෝල් කරගත්ත. ඒ තරහට මං ඔෆිස් එකට ඇවිත්
අච්චර චාටර් වෙද්දී හැංගිලා බලන් හිනා වුනා. අර මැන්ටල් කේස් එක මට හිනා වෙච්ච
තරම්.
දඬුවම
තමයි. මේ අත අතාරින්න බෑ ජීවිතේට.” මගේ අතින් අල්ල ගත්ත. දැන් නම් මට ගගන ඇත්තටම
හරිම ලස්සනයි.
“රොසලින් නගේ, අබරන් අයියත් එක්ක රැල්ල පාගන්ට
යමුද?”
මේ තමයි ගගන සයුරි හෙවත් අබරන්
රොසලින් ආදර අන්දරය.........
ඔන්න අපිත් ආව. ආදර කතාවක්... ලස්සනයි.. ජයවේවා!!
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා මෙහෙට. ගොඩක් ස්තුතියි.
Deleteනියමයි කතාව
ReplyDeleteගොඩක් ස්තුතියි හොඳේ.....
Deleteනියමයි!!!
ReplyDeleteඅන්තිම ටික කලබලෙන් වගේ ලියල තියෙන්නේ.. ඔයාට ලස්සනත ලියන්න පුළුවන්.. පිරිමි චරිතෙකට ආරූඩ වෙලා එකක් ලියල බලන්න හුඟක් සාර්ථක වෙයි.. කොළු වචන සැට් එකක්ම ඔයා ගාව තියෙනවා
ඔයාගේ අදහසට ගොඩක් ස්තුතියි. උත්සහ කරලා බලමුකෝ යාලු යතා කාලේදී. අන්තිම ටික කලබල වගේ වුනේ ඇයි දන්නවද? මට හිතුන කතාව ඇදිල යනවා වැඩී වගේ කියල. දිග වැඩි වෙයි කියල.
Deleteආදරේ උතුරලා උතුරලා දෝරෙ ගලා යනවා මේ...
ReplyDeleteහික්ස්...
ම්ම්.... ඇත්තට..... මරුනේ. හී හී....
Deleteකතාව නියමයි !
ReplyDeleteකතාව ගලාගෙන යන විදිහත් මරු !
ගොඩක් ස්තුතියි යාලු.අයෙ මේ වගේ රස කතාවක් බලන්න බැරියැ......
Delete'අම්මියෝ....' වචනෙට මම මාරම ආසයි..
ReplyDeleteලස්සනයි යාලු කතාව..:)
ජය!
ම්ම් මමත් හරි ආසයි. ගොඩක් ස්තුතියි හොඳේ.
Deleteවෙන්දා වගෙම අදත් රස වින්දා >>>>>>>>>>
ReplyDeleteගොඩක් ස්තුතියි යාලු. ආයෙත් එන්නකෝ ලස්සන කතාවක් බලන්න.
Delete