Wednesday, May 29, 2013

ඔහු සිහින දැවටුණු පියාපත් ඇත්තෙකි.


කොහොමද යාලුවනේ? කාලෙකින් ලියන්න දෙයක් හිතුවා. කාලෙකින් මගෙ ජීවිතේට සමීප වුන කෙනෙක් ගැනයි මං කියන්න යන්නෙ. එයා ඉගෙනගන්නේ දහය වසරෙ. ම්ම්.....මං එයාට නමක් දෙන්නම් සහස් කියල. හැබැයි ඇත්ත නම නම ඒක නෙවෙයි. කාගේත් හිත සුව පිනිස මෙහෙම හොඳයි.

අපි හැමෝගෙම ජීවිත වල පාට පාට හීන ගොඩක් තියෙනවා වගේ එයාටත් ගොඩක් හීන තියෙනව.



සහස් මල්ලි ඉපදිලා ගෙනාවෙ අපේ ගෙදරට එහා ගෙදරට. එයාගේ අම්ම එයාගේ ජීවිතෙන් වැඩි කාලයක් හිටියෙ රට. දැනුත් රට. ඉතින් එයා හැදුනේ එයාගේ ආච්චි අම්ම ළඟ. එයාව බලාගත්තේ ආච්චි. දැනුත් එහෙමයි. එයාගේ තාත්ත ගැන කතා කරලා වැඩක් නෑ. ඕනෙ නැති විදියට නාස්ති වුන සමාජයටම බරක් වුන කෙනෙක්. එයාගේ අම්ම එයා පුංචිම කාලෙ ආපහු රට ගියා. එතකොට එයාට කොච්චර වයසද කියල මට මතක නෑ.
 
එයා ඉපදෙන කොට මට අවුරුදු හයයි. පුංචි කාලෙන් වැඩි හරියක් එයා අපේ අම්ම අතේ තමයි හිටියෙ. මටත් නංගිලා මල්ලිලා කවුරුත් නැති හින්ද මමත් එයාට ගොඩක් ලං වුනා. බහ තොරණ කාලෙ ඉඳන්ම අපේ අම්මගෙයි මගෙයි පස්සේ වැටිලා හිටි හින්දමද කොහෙද අපිත් එයාට ගොඩක් ආදරේ වුනා.


 එයාගේ අම්ම අපේ ගෙදරට කතා කරලා තමයි සහස්ගේ හැම ඕනෙ එපා කමක්ම අහන්නෙ? මොකද එයාගේ ආච්චි එච්චර දැනුම තේරුම ඇති කෙනෙක් නෙවෙයි. අම්ම ළඟ හිටියෙ නෑ කියල සහස් අම්මගෙන් එහෙම ඈත් වුණේ නෑ. ඒකෙ සම්පුර්ණ ස්තුතිය හම්බ වෙන්න ඕනෙ අපේ අම්මට. දවල් දවසම අපේ ගෙදර හිටි නිසා එයා අපේ අම්ම එයාගෙ හිත ගොඩක් හැදුවා. මාවයි මල්ලිවයි ලඟින් තියාගෙන එයා බත් කැවුව. කවුරු වුනත් මට කන්න දෙයක් ගෙනාවොත් එයාටත් එක්ක තමයි ගේන්නෙ. 


එයාට පුංචිලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් රට අනිත් කෙනා ලංකාවෙ. හැබැයි එයාගෙ තාත්ත නිසා එයාට ලංකාවෙ පුන්චිගෙන් පොඩි පොඩි කෙනෙහිලිකම් වුනා. ඒ හැම දේම අපේ අම්මගේ කනට ආවා.
සහස් මල්ලිව අපේ අම්ම හැදුවෙ කා එක්කවත් තරහ වෙන්න දන්නෙ නැති විදියට. අපේ අයියට වගේම එයාට ගොඩක් දේවල් කියල දුන්න. එයාට අකුරු කියවන නැකතෙ කියල තිබුණ පුංචි ලම් ලවා අකුරු කියවන්න කියල. ඒ චාන්ස් එක ආවේ මට. අද වගේ මතකයි එයා අයන්න කියපු හැටි.

ඒ වගේම මගෙ පුංචි උත්සාවේ ගත්ත කාලෙ එයා මං හිටි කාමරේ බිත්තිය ලඟට වෙලා පැය ගණන් කියෙවුවා. ඇති දේකුත් නෑ. අපේ අම්ම එයාට කියල තිබුනේ මට බෝවෙන ලෙඩක් හැදිල කියල. ඒත් බේරන්න ලේසි වුණේ නෑ. ඒ වගේ ලස්සන ආදරණීය මතක මට සහස් මල්ලි ගැන තියෙනවා.

එයාගෙ ඉස්කෝලේ වැඩ කෙරෙවුවේ අපෙ අම්ම. මොකද එයාගෙ ආච්චි ඉස්කෝලෙ ගියේ නැති කෙනෙක්. පුංචිත් ඒවා ගැන බැලුවේ නෑ. හැමෝම හිතුවට වඩා මල්ලි ගොඩක් දක්ෂ වුණා. හොඳ ළමයෙක් වුණා. ඒ වගේම ටිකක් දඟ වැඩත් කළා. අපෙ අම්මගෙන් ගුටි කාලත් තියෙනව සෑහෙන්න. එහෙමයි කියල එයා අපෙ ගෙදර නෑවිත් හිටියෙත් නෑ. තරහ වුනෙත් නෑ. ඒ තරමට මෙයා අපෙ අම්මට ලෙන්ගතුයි. අම්මත් නැතුව මෙයා මෙහෙම හොඳට හැදෙන ඒක ගැන ඇහේ කටු අනින්නා වගේ වුන කට්ටියකුත් ඉන්නවා. 


“ගහේ කටු උල් කරන්න ඕනෙ නෑනෙ. බලමුකො. අපිත් ඉන්නේ මේ ගමේනේ.” මේ වගේ කතා ගොඩක් මේ අහිංසකයට අහන්න වුණා. ගොඩක් ඒවාට අපෙ අම්ම ලස්සනට උත්තර දීල තිබුණ.

මෙයා ඉස්කෝලෙ ඇරිලා එන්නේ මාර වැඩේනේ අද මෙහෙම වුනානෙ. කෝටියක්‌ කතන්දර අරගෙන අපෙ අම්ම ලඟට. ඒ පුරුද්ද මටත් තියෙනව වෙලාවකට අම්මට වදයක් වෙන තරමටම කනක් ඇහිලා ඉන්න නැති තරමට.

පස්සෙ එයාගෙ අම්ම අපේ ගෙවල් වලට ටිකක් දුරින් ඉඩමක් අරගෙන ගෙයක් හැදුවා. එයා එහෙ ගියා. ආච්චි අම්මත් එක්ක. සරින් සැරේට අම්ම ඇවිත් යනවා. ඒත් එයා ටිකක් අපෙන් ඈත් වුණා. සහස් මල්ලිට ඕනෙ තරම් සල්ලි හම්බ වෙනවා. සල්ලි පාලනය කරන්නේ එයාගෙ ලංකාවෙ පුංචි. අපෙ අම්මට කතා කරනවා සතියකට වතාවක් විතර. ඒත් එයා බලාපොරොත්තු වෙන ලෝකෙ එයා ළඟ නෑ. ඒ ලෝකෙ හදන්න ආච්චිටත් බෑ. දැනුමක් තේරුමක් නෑ.

එයා ඉගෙනගන්න උනන්දුයි ගොඩක්. එයා දන දහය වසරෙ හින්ද මිනිහට ඕනෙ හොඳටම වැඩ කරලා අම්මට පෙන්නන්න. එයාට ඒවා මේවා කියන අයට පෙන්නන්න.

“අනේ නන්දෙ මට වසන්ත සර්ගෙ විද්‍යා පන්තියට යන්න ඕනෙ. මාව එක්ක යන්නකෝ.”

“අනේ මාව කොමස් පන්තියක් හොයල දාන්නකෝ.”

“අනේ නැන්දෙ මගෙ පන්ති කවේට එනවද? පුංචිට බැලූ.” ඒ වගේ ඉල්ලීම් ගොඩක් පහු ගිය ටිකේ අපෙ අම්මට ආවා. කිසිම දෙයක් බෑ නොකිය අම්ම කරලා දුන්නා.

මේ දවස වල එයාගෙ ආච්චිට සනීප නැති හින්ද ඔයාලට කියන්න අමතක වුන මාමගේ ගෙදර තමයි දැන් ඉන්නෙ. ඒ කියන්නෙ එයා ඉපදිලා ගෙනාව ගෙදර. ඒ වුණත් මාමගේ නාන්දගෙන් ටිකක් කරදර. දැන් ඒවා එයාට හුරු වෙලා. මේ දවස වල මං ගෙදර ඉන්න හින්ද ඉස්කෝලෙ ඇරිලා ඇවිත් අම්මයි මමයි එක්ක කතා කර කර ඉන්නවා අපෙ ගේ ඉස්සරහ බැංකුවෙ ඉඳන්.
 
“චූටි අක්කෙ, මට පොඩි උදව්වක් කරනවද?”

“මොකද්ද මල්ලො?”

 “ඔයා මේ ටිකේ ඉන්නවනෙ. මට ඉංග්‍රීසි ටිකක් කියා දෙන්නකො. තාම පන්තියක් නෑනෙ.”

එයා ගියෙත් මං ගිය ඉංග්‍රීසි සර් ළඟටමයි. ඒත් අවාසනාවකට අපෙ ඉංග්‍රීසි සර් මේ ලෝකෙ දාල යන්න ගියා.
ඉතින් මේ දවස් වල මං එයාට ඉංග්‍රීසි ටිකක් කියල දෙනවා. මාත් ඉතින් මහා ඉංගිරිස් කාරියෙක්යැ. හී.... හී.............

එයාගෙ නැන්දගෙන් එයාව බේරගන්න මෙහෙයුම අපෙ අම්ම මේ දවස් වල කරනවා.ඒ ගෙදර අය 8.30 වෙද්දී නිදාගන්නවා. ඉතින් මල්ලි පොත් ටිකත් උස්සගෙන මෙහෙ එනවා ඉස්කෝලෙ වැඩ පන්ති වැඩ කරන්න. ඒවා ඉවර කරලා ටිකක් වෙලා අපි එක්ක ටී වී බල බල ලෝකෙ නැති කතා කියා කියා ඉන්නෙ නිදහස් කුරුල්ලෙක් වගේ.

එයා ආසයිලු අම්මයි තාත්තයි එක්ක මේ වගේ ඉඳගෙන ටී වී බල බල ඔහේ කියෝ කියෝ ඉන්න. ඒත් ඒක කවදාවත් හැබෑ වෙන හීනයක්‌ නෙවෙයිලු. අපෙ අම්ම වගේ අපෙ තාත්ත වගේ එයාගෙ අම්මයි තාත්තයි එයා ගැන හොයල බලනවා නම් එයාට ඊට වඩා මොනවත් ඕනෙ නෑලු. එයාගෙ අම්මව ඉස්කෝලෙට එක්ක යන්න ඕනෙලු.

“මාත් ආසයි චූටි අක්කෙ ඔයා වගේ කැම්පස් යන්න.” මල්ලිගේ කටේ වැඩිපුරම තියෙන්නෙ ඔය තියන මුල් වචන ටික.   

ඒත් එයාල මේ දේවල් ගැන හිතන්නේ නෑ. එයාගෙ තාත්ත ගොඩක් සැරයි. මෙයා ගොඩක් අහිංසකයි. මේක අතිශයෝක්තියක් නෙවෙයි. ඔයාල හිතයි මෙහෙම ළමයි ඉන්නවද කියල. එකට උත්තරේ ඔව්. එයාගෙ පසුබිම නරකයි. ඒත් සහස් මල්ලි ගොඩක් හොඳයි. වෙන කාට නැතත් මටයි අපෙ අම්මටයි ලොකු විස්වාසයක් තියෙනව එයා හොඳට ඉගෙන ගනීවි කියල. මේ වගේ ළමයිව සමාජයෙන් පාගල දානවා. ඒ වගේ පසුබිමක සහස් මල්ලි මේ ආව දුරත් ලොකු දෙයක්.

අපි බලමු මොකද වෙන්නේ කියල. එයාගෙ අනාගතේ හොඳ කර ගන්න එයාට ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඒත් එයා ඒ මහන්සිය දරයි. මොනවා වුණත් අපි එයාට පුළුවන් උපරිම විදියට උදව් කරනවා.

       එහෙනම් ඉතින් අපේ සහස් මල්ලිට ජය වේවා...............!!!

කාලෙකින් ලියපු හින්ද මොන මොන අඩුපාඩු තියනවද දන් නෑ. එහෙම නම සමාවෙන්න හොඳේ. බලපු එකේ මොනාහරි ලියලම යන්ඩෝ.
     

14 comments:

  1. හ්ම්ම් මේ මලයාව මමත් දන්නවාය..........කොලුවා අහිංසකය වටේ පිටේ එකාලා මොක කීවත් ළමයා හොදය .......

    තනියම නැගිටින්නට වෙර දරන තවත් ඕනා තරම් මේ වගේ අය සිටින්නේය

    ඒ සැමටම ජය වේවා .................. කාලෙකින් නේ ලිව්වේ දැන් නම් දිගටම ලියමු හොදේ ... ජය වේවා

    ReplyDelete
    Replies
    1. හ්ම්...... ඇත්ත ඇත්ත.ඔයාටත් ජය වේවා.....!
      අද පළවෙනිය වෙලානෙ. තැන්කු හොඳේ.

      Delete
  2. ඔයා පුළු පුළුවන් විදිහට උදව් කරන්න ...මහා ලොකු බලාපොරොත්තු තියා ගන්නත් එපා..ඒවා කැඩුනහම දුකයි නෙව..

    ReplyDelete
    Replies
    1. හ්ම්....... ඒකත් ඇත්ත තමයි යාලු.
      තැන්කු හොඳේ. ආයෙත් එන්න මේ පැත්තෙ.
      ජය වේවා........!

      Delete
  3. Replies
    1. ඔව් ඔව් යාලු.

      Delete
  4. ළමුන් සමගම වැඩ කරන මට මෙවැනි ළමුන් ඕනෑතරම් හමුවීඇත. සංවේදී විය හැකිඅය සංවේදී විය යුත්තේ ඔවුන්ට ය. සමරහර විට අපිටද වඩා දක්ෂයන් ය. ඒ මල්ලි වෙනුවෙන් ඔයා කරන දේ හරියටම හරි

    ReplyDelete
    Replies
    1. මේ වචන ටිකට ගොඩක් ස්තුතියි යාලු. එයත් දක්ෂයෙක් වෙයි. එයාගෙ අතේ වරදක් නැතුව එයාගෙ ජීවිතේට ගෑවිලා තියෙන කළු පැල්ලම් මකිලම යාවි.

      Delete
  5. කළ හැකි උදව්වක් කිරීම තුළ ඔබේ හිතට සුවයක් ගෙන දේවි. එය ඔබට සැනසිමක්ම වේවි.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම ඔව්. ගොඩක් ස්තුතියි.

      Delete
  6. ඒ මල්ලිට ඉගෙනගන්න උදවු කරන එකම ලොකු පිනක්..........පුළුවන් විදිහට උදවු කරන්න.....උදවු කරන්න අවස්ථාවක් ලැබෙන එකත් ලොකු පිනක්නේ....

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම හිතනවා යාලු. ගොඩක් ස්තුතියි. ආයෙත් එන්න.

      Delete
  7. ඉගෙන ගන්න ආස එකෙක්වත් ඉන්න එක හොඳා. පුළුවන් හැටියට උදව් කරල පොඩි එකා දියුණු කරමු.

    ReplyDelete
    Replies
    1. මට පුළුවන් උපරිමය කරනවා. තැන්කු අයියෙ.

      Delete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...