මේ මම වෙමි.
මම ම වෙමි.
අන් කිසිවෙකු නොවේ.
මා ඔබ හඳුනතත් ඔබ මා හඳුනතත්
ඒ ඔබෙත් මගෙත් බාහිර පෙනුමින් පමණි.
මගේ සිත ඔබ කිසිවෙකු නොහඳුනයි.
මා ද ඔබ සිත් නොහඳුනමි.
මගේ සිත වැළපෙයි. ආත්මානුකම්පාවෙන්
මිරිකෙයි.
මගේ දෙනෙත් කඳුළු හෙලීමට අවසර පතයි සිය
දහස් වර.
ඊට මාගේ ආත්මය ඉඩ නොදේ.
ඔබට මා නොතේරේ.
ආදරය ඔබටවත්.
කිසිවකු මා ආත්මාර්ථයකු යැයි හංවඩු
ගසයි.
ඔහු හෝ ඇය මාගේ සිත නොහඳුනන නිසා මට කම
නැත.
දෛවය මට සරදම් කර ඇත මේ වසර ගණන
පුරාවටම.
එනමුදු මා නොනැවතුනෙමි මාගේ ආත්ම
තෘප්තිය තකා
නමුදු ලැබුණු ආත්ම තෘප්තියක් නැත.
ලෝක පාලක දෙවියකු සිටී නම් මා මේ
අමතන්නේ ඔහුටයි.
ඇයි ඔබ මෙවන් දුක් ගෙනෙන්නේ ජීවිතය
පුරා විඳවන්නට.
ඇයි ඔබට බැරි මෙවන් දුක් උපන් ගෙයි මරා
දමන්නට.
එවන් ජීවිත තමන් අතින් වැනසී නොයන්නට.
ඇයි? ඇයි? ඇයි?
සිතේ ඇති දෑ වදන් වලට පෙරලන්නට
නොහැකි තරමට සිත සැලී ඇත.
ඔබ මෙන් ලෝකය දකින්නට මම ද කැමැත්තෙමි
නමුදු ඊට ඉඩක් නැත.
දෛවය මා සමග තවත් කොතරම් කලක් මා සමග
සෙල්ලම් කරයි ද?
මම නොදනිමි.
මුවෙන් සිනාසුනද සිතින් සිනාසෙන්නට
තරම් සවියක් මට නොමැත.
සිය දහසක් අසල සිටියත් මගේ හුදෙකලාව
දුරු නොවේ.
මා මියෙන තුරා ගිනි ගෙන දැවෙන මගේ හද
මට රිදුම් දෙවි.
මේ කවියක් නොවේ. කතාවක් ද නොවේ.
නිසදැසක් ද නොවේ.
මේ මාගේ පියවි සිතිවිලිය.
සැබැවින්ම නිසල ගං දිය සසල වී ඇත.
හ්ම්ම්ම්.... මගේ හිතේත් දැන් තියෙන්නේ ඔය සිතුවිලිම තමා යාළු..
ReplyDeleteජීවිතේ ඒක පාරක් දුක දැනෙනකොට ඒ වෙනුවට සතුට සිය පාරක් දැනෙනවා. ඔයත් මගේ බෝට්ටුවේ නම් එහෙම හිතන ඒක සැනසීමක් වෙයි. මේකට කගේ හරි අදහසක් එනකල් මං බලා උන්නේ යාලු, ගොඩාක් ස්තුතියි.
Delete