Tuesday, October 16, 2012

තවත් එක් ශෝකාන්තයක්


මිනිස්සුන්ගේ ජීවත මහා පුදුමාකාරයි. කොයි වෙලාවේ මොනවා වෙයිද කියල හිතාගන්නවත් බෑ. මේක කියවලම බලන්නකෝ. මේකෙත් නම් ගම් මනඃකල්පිතයි. හැබැයි ඇත්ත කතාවක්.
සුජාතා තමයි මේ කතාවේ කතා නායිකාව මං හිතන්නේ. මං හරිද කියල ඔයාල තීරණය කරන්න. සුජාතා බැන්දේ ලයනල්. දෙන්න සතුටින් ජීවත් වුනා. කල් යද්දී එයාලට දරුවෝ ලැබුන. වැඩිමල් පුතා නිසල්. මද්දුම දුව සුරංගි. බඩ පිස්සි නිරෝෂිනී.  ඒ කැදැල්ලේ සතුට වැඩිකල් රැදුනේ නෑ.

 ලයනල් නරක ආශ්‍රයට වැටුන. තනිකරම බේබද්දෙක් වුනා. ගෙදර ඇවිත් සුජාතටයි දරුවන්ටයි කරදර කරන්න පටන් ගත්ත. නිසල් දැනුමක් තේරුමක් තියෙන කාලෙට එද්දී ගෙදර තත්වේ අන්තිම නරකයි. හරියට බතක් ඉදුනේ නෑ ගෙදර. වැඩි හරියක් හිටියේ බඩගින්නේ. ලයනල් අසාමාන්‍ය විදියට සුජාතට වද දුන්න. නිසල් ඉස්කෝලේ ගමන නැවැත්තුව. නන්ගිලවයි අම්මවයි බලාගෙන ගෙදර උන්න. සුජාත ඉඳල හිටලා හම්බෙන කුලී වැඩක් කළා. කුලී ගොයම් අදින්න ගියා.
නිසල්ට හැම දේම එපා වුනා අම්මයි නන්ගිලයි විදින දුක දැක්කම. නිසල් ගෙදරින් ගියා. කාටවත් කීවේ නෑ යන තැනක්. නිසල් ගියාට පස්සේ සුජාතට තිබුන කරදර තවත් වැඩි වුනා. නිසල් ගෙදරින් ගිය පිටින් දාල ලයනල් සුජාතට තව වද දුන්න අමානුෂික විදියට. අර හයක හතරක් නොතේරෙන ගෑණු දරුවෝ දෙන්න තාත්තට බයේ හැංගුනා. සුජාතට ගෙදර අපායක් වුනා. අන්තිමේදී සුජාතත් ඇඳුම් කඩමලු ටිකත් අරන් පාරට බැස්ස. ගෑණු දරුවෝ දෙන්න තනි වුනා.    
සුජාත ගියේ තමන්ගේ යාලුවෙකුගේ ගෙදරට. යාළුවගේ මාර්ගෙන් කුලියට කාමර කෑල්ලක් හොයාගන්න එයාට පුළුවන් වුනා. ඊට පස්සේ වෙළඳ කලාපේ රස්සාවකුත් කළා. සුජාතට කාලයත් එක්ක පරණ ජීවිතේ අමතක වෙලා ගියා. සුජාතට අලුත් ආදරයක් හම්බ වුනා. ඒ නිශාන්ත. සුජාත නැවතිලා හිටියේ නිශාන්තලගේ ගෙවල් කිට්ටුවමයි. දෙන්න වැඩට ගියෙත් එකට. ඒත් නිශාන්ත සුජාතට වඩා ගොඩක් බාලයි. හැබැයි සුජාතගෙ වයස පේන් නෑ. ළමයි තුන දෙනෙක් ඉන්න අම්ම කෙනෙක් කියල කියන්නවත් බෑ.
සුජාතගේත් නිශාන්තගේත් ආදරේ කාලයත් එක්ක දළු දාල වැඩුනා. නිශාන්ත සුජාතව කසාද බැඳලා කුලියට ගෙයක් ගත්ත. ටික කාලයක් එකට ජීවත් වුනා. එයාලට ඕනේ වුනා තමන්ටම කියල ගෙයක් හදාගන්නත්. කලාපේ ගිහින් විතරක් ඒ හීන හැබෑ කරගන්න බෑනේ. සුජාත තීරණය කළා රට යන්න. ඒකත් ඉතින් ලේසි පහසු වැඩක් නෙවේනේ.
දවසක් සුජාතාව හොයාගෙන වයසක මනුස්සයෙක් ආව. ඒ මනුස්සය ඇවිත් තිබුනේ හාමුදුරු කෙනෙක්ගේ පනිවිඩේකට. සුජාත ගැන හොයල බලන්න. සුජාතට දැනගන්න ලැබුන ඒ වෙද්දී තමන්ගේ එකම පුතා නිසල් මහන දම් පුරනවා කියල. සුජාත සෑහෙන්න සතුටු වුනා. පොඩි හාමුදුරුවොත් සුජාතාව බලන්න ආව. ඒ වගේම පොඩි හාමුදුරුවෝ තමන්ගේ අම්මට මිල මුදල් වලිනුත් උදවු කළා. අම්මගේ අලුත් ජීවිතේ ගැන සන්තෝස වුනා.
බැංකු ණයකුත් අරගෙන සුජාතයි නිශාන්ති ඉඩමකුත් ගත්ත. පස්සේ සුජාත රට ගියා අවුරුදු තුනකට. නිශාන්තට සල්ලි එවුව ගේ හදන්නයි වියදමටයි. නිශාන්ත ලංකාවේ ඉඳං ගේ හැදුව. අවුරුද්දක් දෙකක් විතර ගෙවුන. ගේ සම්පුර්ණයෙන්ම වගේ හැදුව. ගත්තු ණයත් ඉවර කරල අවුරුදු තුන ඉවර වෙලා සුජාත ලංකාවට ආව. හැබැයි නිශාන්ත සුජාතාව එක්ක යන්න කටුනායකටවත් ආවේ නෑ.
සුජාත තනියම ගෙදර ආව. එයා හරි ආසාවෙන් හිටියේ තමන්ගේ දාඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් නිශාන්ත හදපු ගේ පොඩ්ඩ බලන්න. හීන ගොඩක් හිතේ තියාගෙන නිශාන්තත් එක්ක ලස්සන ජීවිතයක් ගෙවන්න හිතාගෙන සුජාත ගෙදර ආව.  
සුජාත ගෙට ගොඩ වෙන්නත් කලින් එයාට දකින්න ලැබුනේ මාස හතක විතර ගැබක් තියාගෙන ඉන්න ගෑණු කෙනෙක් ඉස්සරහ වාඩිවෙලා ඉන්නවා. නිශාන්ත ඒ ළඟම ඉඳගෙන එයාට කෑම කවනවා. සුජාතට එයාගේ ඇස් අදහගන්නත් බැරි වුනා.
එයා නිශාන්තට කතා කළා. සුජාතාව දැක්ක ගමන්ම නිශාන්ත යක්ෂාවේශ වුනා. සුජාතට හොඳටෝම බැන්න. හරිම කැත විදියට. අහන් ඉන්න බැරි විදියට. සුජාතව නශාන්ත එලවල දැම්ම. ගෙට තියා ඉඩමටවත් පය ගහන්න දුන්නේ නෑ. සුජාතා ගියේ කලින් නැවතිලා උන්නු කාමර කෑල්ලට. පහු වෙනිදාම එයා පොඩි හාමුදුරුවෝ හොයාගෙන ගියා.
ඒත් ඒ වෙද්දී පොඩි හාමුදුරුවෝ පන්සලේ උන්නේ නෑ. පන්සලෙන් කීවේ පොඩි හාමුදුරුවෝ සිවුරු ඇරලා ගියාය කියල. සුජාතා නොදන්නා ගොඩක් දේවල් එයා නැති අවුරුදු තුනේදී වෙලා තියෙන විත්තිය සුජාත තේරුම් ගත්ත. නිසල් ආපහු ගමට ගියා කියල සුජාතට කනින් කොනින් දැනගන්න ලැබුන.
සුතාතත් ආපහු ගමට ගියා. පරණ ගෙදරට. නිසල් අම්ම ආව එක ගැන හරියට සන්තෝස වුනා. ලයනලුත් කිසිම දෙයක් කීවේ නෑ. සුජාතට වුනු හැම දෙයක්ම එයා නිසල්ට කීවා. 
සුජාතාගේ ලොකු දුවත් ඒ වෙද්දී මල්වර වෙලා. එයා ගෙදර නන්දලු බලා කියාගත්තේ ඒ දවස් ටිකේ. ලයනල් කෙල්ලෝ දෙන්නටත් හොඳටම ගැහුවලු. නිසල් එන්න කලින් ළමයි දෙන්න හරියට දුක වින්දලු. සුජාත ගොඩක් පසුතැවුන එයා කරපු දේවල් වලට.
නිසල් සුජාතාගේ හිත හැදුවේ පහු ගියා දේවල් අමතක කරල ලස්සන පවුලක් විදියට ජීවත් වෙමුයි කියල. එයාල ඒ විදියට ආයෙත් ජීවිතේ පටන් ගත්තා. සුජාත සරින් සැරේ නිශාන්තගේ ගෙදරත් ගියා. තමන්ගෙන් කඩා වඩා ගත්ත දේවල් ගැන කියල දෙස් දෙවොල් තිබ්බ. සාප කළා. ඒත් වැඩක වුනේ නෑ. නිසල් බැලුවේ නිතීමය පැත්තෙන් මොනවහරි කරන්න පුළුවන්ද බලන්න. ඉඩම ගත්ත වෙලාවේ ඒකත් ලියල තිබුනේ නිශාන්තගේ නමට හන්ද ලොකු වාසියක් තිබුනේ නෑ. කොහොමත් වියදම් වලට සල්ලිත් නැති හන්ද නිසල් ඒවා අත් ඇරලා දැම්ම.
නිසල් පොඩි රස්සාවක් හොයාගත්ත. ලයනල් හෙවුව තුට්ටු දෙකෙනුත් බිවුව. අගු පිල් වල නිදාගත්තා. ඒත් සුජාතටවත් ලමයිටවත් කරදර කරන්න ආවේ නෑ. සුජාතාගේ පවුලට වසන්තය උදා වේගන ආව. ඒත් එයාල නොදන්නා තවත් දේවල් තිබුන. පිපෙන්න පටන් ගත්ත මල විනාස වෙලා.
දවසක් නිසල්ගේ ලොකු නංගි නිසල්ට කීවා අහස පොලව නුහුලන අපරාද කතාවක්. එයා කීවා ලයනල්, ඒ කියන්නේ තමන්ගේම තාත්ත එයාව විනාස කළා කියල. කරදර කරනව කියල. කාටවත් කීවොත් මරනවා කීව කියල. නිසල්ට තමන්ගේ නංගි කිවුව කතාව දරාගන්න බැරි වුනා.
අර තරම් බුදු බණ දන්න නිසල් වහ බිවුව
ප. ලි. මේ කතාවේ මං නොදන්නා දේවලුත් තියනවා. ඒවා මං ලිවුවේ නෑ.  
ප.ප.ලි. කලින් ලියූ ලිපියකි. මොකද්දෝ හේතුවක් නිසා මෙය පල කරන්නට සිතුනේම නැත. එහෙත් නිසල ගං දිය පාලු වෙන්න ඉඩ දිය නොහැක.          

20 comments:

  1. හරිම අනුවේදනියයි....

    ReplyDelete
    Replies
    1. මෙහෙම ජීවිතත් තියෙනවා.

      Delete
  2. සංවේදජනක කතා පුවතක්..

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම දුක හිතෙනවා.

      Delete
  3. ඇඩෙනවා නෙහ් :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජ වරුන්ටත් ඇඩෙනව නම් තව මොනාද?

      Delete
  4. අනේ මන්ද අප්පා..පිස්සු හැදෙනවා..

    ReplyDelete
    Replies
    1. මේක මං මේ කීවෙ මගේ වචන වලින්නෙ. ඇත්තටම මේක අහන් උන්න නම් ඇස් වලට කඳුළු එන එක නවත්තන්න බැරි වෙයි.

      Delete
  5. ඇත්ත කතාවක් කියල හිතන්න බැරි තරම් සංවේදියි නංගි

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කෙ, මේ වගේ සිද්දි වෙන්න තරමටම අවාසනාවන්ත වුනු මිනිස්සු ඉන්නවා කියන්නෙ හිතාගන්නත් අමාරුයි.

      ගොඩක් ස්තුතියි අක්කෙ මේ පැත්තෙ ආවට. ආයෙත් එන්නකෝ.

      Delete
  6. හරිම අවාසනාවන්ත සිද්දියක්....

    ඊට පස්සෙ සුජාතටයි දූල දෙන්නටයි මොකද උනේ

    ReplyDelete
    Replies
    1. ඒ ගැන කියන්න නම් මං දන් නෑ යාලු. කාලෙකින් නේද මේ පැත්තෙ ආවෙ. ගොඩක් ස්තුතියි හොඳේ

      Delete
  7. අපරාදේ ජීවිතේ...දුකයි....
    :(

    ReplyDelete
    Replies
    1. ‍මො‍න‍වා ‍ක‍රන්‍‍න‍ද ‍යා‍ලු.

      Delete
  8. සම්පුර්ණ යථාර්තය.මේ වගේ දේවල් අහන්නෙත් අපි කරපු පව් නිසා..
    http://manasindiviyata.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඇත්ත තිත්තයිලුනේ යාලු. සාදරයෙන් පිලිගන්නවා මෙහෙට.

      Delete
  9. මෙහෙමත් දේවල් වෙනවද අනේ...

    ReplyDelete
  10. මෙහෙමත් දේවල් වෙනවද අනේ...

    ReplyDelete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...