Friday, October 5, 2012

මිහිරි සත්සර අවසාන කොටස.


“ලොකු පුතාට නං හොඳා. පුතා දන්නවද.... අර සුදු පුතාලගේ කලායතනෙට ආවෙ කෝකිලා කියල ගෑනු දරුවෙක්.” අත්තම්ම තමා අත්තම්ම. ඇඟට පතට නොදැනී කියන ලස්සන. රාජ ලීලාවෙන් හාන්සි පුටුවෙ ඉඳං උන්නු ලොකු හාමු පුටුවෙන් නැගිට්ටුනේ ඉබේම. මහා කුමාරිහාමිගේ මුණ කොරහක්‌ විතර. වතුර එක බිබී උන්නු ලොක්කට ඉස්පොල්ලෙත් ගියා. සුපුරුදු උදාන වාක්‍යය කන දෙක පිරෙන්න අහගත්තා.
“සුදු පුතේ, අපි දෙන්නට කරන්ට ලොකු ගනුදෙනුවක් තියනව. ඔයා අද යන ගමන් මාව ටවුමෙන් බස්සන්ට.” මං බයන්ට හදද්දිම අත්තම්ම ජේත්තුවට ඇඳගෙන දුවගෙන ඇවිත් බයිසිකලේට නැග්ග. අද පෙන්ෂන් දවසත් නෙමේ. මේ කොහෙ යන්නද කියල කියල මට අහන්න විදියක් තිබුණ නෑ. මොකද කාල බෝම්බයක් අත ළඟ. 

“යන දිහාක කාරෙකේ යන්ට බැරුවයැ. අපි කවදාවත් කොල්ලො වාගෙ බයිසිකල් වල ගියේ නෑ.”
“අපිට ඕව ඇහෙන් නෑ නැද්ද අත්තම්මේ....” වලවුව කියල වෙනසක් නෑ නැන්දම්මා ලේලි අර්බුද මෙහෙත් තියනව. මග දිගට ඇහුව කිවුවෙ නෑනෙ කොහෙ යනවද කියල.
“හරි . කට්ටියම රෙඩි නේද? ඔකෙස්ට්‍රා එක අන්තිම රියසල් එකට ලැස්ති වෙන්න. එතකල් පුතා ඔයාල දෙන්න පටන් ගන්න.”
තබ්ලා වයලින් සුසංයෝගය පට්ට පට පට. ඊටත් එහා හංස රාජිණී. මේ දවස මගෙ ජීවිතේ සතුටුම දවස වෙයි.
“”සුදු අයියෙ ඊයෙ දවල් මාර වැඩක් වුනානෙ. මට කියන්න අමතක වුනා.”
“මොකද්ද කොල්ලෝ? උඹ පොඩි කාලෙ වගේ කරුංක ගෙඩියක් වගේ එකක් යැවුවද?”
“හරි හරි විහිලු කරන් නෑ. කියමු බලන්න. උඹ ඉතින් කේලම් මල්ලනේ.”
“අත්තම්ම ලොකු හාමුට කීව. ලොකු බේබිට දැන් 28 ක්නේ. බන්දල දෙන්නෙ නැද්ද කියල. පස්සේ ලොකු හාමු කීව මමත් බැන්දේ 30 න්. හදිසි වෙන්න ඕන නෑ. එයාට ඕනෙ දේවල් කරන්න දෙන්න බෑ. ඒවා කෙරෙන්නේ මට ඕනෙ හැටියටය කියල.”
“නෑ.... ඉතිං.”
“අත්තම්ම හොඳටම දොස් කිවුව. ලොකු හාමු නෙමේ කනකට ගත්තේ.”
මුගෙ කතාවෙයි අද අත්තම්ම ගිය ගමනෙයි කොනක් පටලැවිල ඇති. මගේ හිත මට කීව. අත්තම්මගේ කතාව නං ඇත්ත. අපේ එකා ගෙදෙට්ට නාකි වෙනවා.
..........................................................................................................................................................................
දන්නෙම නැතුව මාස ගානක් කාපු සුපිරි කට්ටෙ අවසාන අදියරටම ආව. සෙනග ගොඩ දැක්කම හිතට අමුතුම ෆිට් එකක් ආවේ. මේ සෙනග ගොඩ අතරෙ අපේ ලොකු හාමු මහා කුමාරිහාමි ලොකු බේබි පුංචි කුමාරිහාමි එහෙමත් හිටිය විශේෂ සැලකිලි රහිතව. අත්තම්මයි කරුංක හෙවත් සඳකැලුම් දෙන්න තිරය පිටුපස ලොකු ගේමක් ගැහුවා. ඒක මං හිතලම කරපු වැඩක්.ඒවා එහෙම තමා. මේ මංගල්ලේ අපි නොදන්නා හරියකුත් තිබුන.
“සත්සර නාදය සුළඟට මුසු කරන්න මිහිරි සත්සර.”
යකට කට එහෙම කියද්දී තිරය ඇරුණ. අද දවසෙ උදේ ඉඳං මේ වෙනකල් වෙච්චි උණු උණු සිදුවීම් පෙළ එකක් නෑර මට චිත්‍රපටියක් වගේ මගේ ඉස්සරහ මැවුනා.
මගේ අත් මටත් හොරා තබ්ලාව ගහනවා. මිහිරිගේ වයලින් එක වදින්න පටන්ගත්ත. මගේ හිතට කවදාවත් මේ වගේ සැනසිල්ලක් දැනිල නෑ. මට මහා ලොකු හීන තිබුනේ නෑ. මේ චාන්ස් එක ඒ හීන වලින් එකක්. සුනිල් අයියගේ හංස රාජිණී එදා මං මගේ කරගත්ත. දෙදරලා යන්න අත්පුඩි වදිනකොට මං මිහිරිගේ මුණ දිහා බැලුව.
“සත්සර, ආ” ඔය සත්සර කියන්නේ මං. මිහිරි මට තේ කෝප්පයක් දුන්න.
“නියමයි නේද?”
“හ්ම්. මරු.”
“මොකද්ද?”
“අර කපල් එක.” අපි දිහාවට එන ජෝඩුව පෙන්නලා මිහිරි කියන්නේ. සිරාවටම පට්ට පට පට.
“මුතුලතා කුමාරිහාමි, මගෙන් ඔබට උත්තමාචාර.”වැලිතලපයි අනෝද මලුයි ලොකු බන්දේසියක් අරගෙන මා ලඟට ආව අපේ සූර වීර අත්තම්මට දෙකට නැමිලා ආචාර කරන ගමන් මං කීව.
“ඉතිං දැන්වත් මට නොදන්නා දේවල් දැන ගැනීමට අවසරද? මුල සිට සරලව පැහැදිලි කරනු මැන” වැලිතලප කෑල්ලක් කටේ ඔබග්ග ගමන් හරි බැරි ගැහිලා ඉඳගත්තේ සූර වීර අත්ත්යම්මගේ වීර කතාව අහන්න හිතාගෙන.
“සුදු පුතා මට අයිය ගැන කීව දාට පහුවදාම මම එයාගෙ කෝකිලා හොයාගෙන ගියා. විස්තරේ දිග පළල දැනගත්ට මට දවස් තුන හතරක්ම ගියා. කෙල්ල හිතුවේ මාත් බනින්ට ආවය කියල. පස්සේ ඉතිං වෙලපත්කඩේ ඉල්ලගෙන වෙද මාමට කියල බැලෙවුව. 20න් 16ක්ම ගැලපුනා. අයෙ කාගෙන්වත් අහන්ට දෙයක්යැ. මේ මිහිරි දුවයි මමයි පුළු පුළුවන් විදියට සේරම ලැස්ති කොලා.” මේකිත් හිමිජ්ජි වගේ ඉඳල ඇගෙවුවේවත් නෑනෙ.
“ඇයි ඔය විස්තරයක් අත්තම්ම මට කිවුවේ නැත්තේ?”
“සුදු පතාට ඉතිං කට වහගෙන ඉන්ට පුළුවන් එකක්යැ.”
යකඩෝ... මේකට මූලික අත්තිවාරම වැටුනේ කාගෙන්ද? මගෙන්. ඒ වුනාට මං මොකවත් දන් නෑ. ඒකෙත් ඉතිං ලොකු අරුමෙකුත් නෑ. බඳින එකාවත් දැනන් උන්නේ නෑනෙ ඌ අද බඳිනවා කියල. මේ අද දවස ගැන පොඩි සමාලෝචනයක්.
මං උදේ කෑමට හුස්සිය පැත්තට ගියා. මුලින්ම දැක්ක මනස්කාන්ත දර්ශනය තමයි වෙනදට කිළුටු හැට්ටෙකුයි චීත්තෙකුයි ඇඳන් ලිප්බෝක්කේ හැපෙන හාමිනා අද ලස්සන මල් වැටිච්ච ඔසරියක් ඇඳගෙන කෑම මේසේ ලැස්ති කරනවා. මං ඇස් දෙක පිහදාලත් බැලුව. මොකද කරලියද්ද වලවුවේ මේ වගේ දෙයක් දකින්න නම් ඉතිං ඉර බස්නාහිරින් පායන්න ඕනෙ. සරම් පොඩියකුයි වැඩ දාපු ෂර්ට් එකකුයි ඇඳගෙන මං ඉස්සරහට ආව පොඩි එකා දැක්කම මට දුකත් හිතුණා. අද කෑම මෙසේ මගුල් මේසයක් වගේ.
“සුදු පුතේ අද පොඩි උත්සවයක් තියනවා. කාල ඉවර වෙලා කාමරේ ඇති සූට් එකක්. එක අන්දගන්ටකෝ. වැඩි වෙලාවක් යන් නෑ. ඔයාට ඉක්මනට ගියතැකි. ලොකු පුතා ඔයත් ලැස්ති වෙන්ට. පොඩි එකෝ මේ බබාලා දෙන්නව ලැස්ති කරගෙන ඉක්මනට එන්ටකෝ.” මූ ඔක්කොටම හපන්. අපේ අප්පච්චි වගේ අපි දෙන්නව ලැස්ති කලේ.අහන්න ප්‍රශ්න කෝටියයි. කොහෙද එකකටවත් මේක නෙමෙයි උත්තර දෙන්නේ.
අපි දෙන්නත් ඉතිං ගොන් දෙන්න වගේ කියන කියන දේ කළා.එලියට බහිනකොට මල් දාපු වතුර වීදුරුවක්‌ අරගෙන ඉස්සරහට ආවේ සුර දුවක් වගේ අපේ අත්තම්ම. මට ලාවට වගේ අදහසක් ආවත් අබුද්දස්ස කාලෙ මොන මොනවා වෙන්න බැරිද කියල හිතට ලෝක එකක් දාගෙන වාහනේට නැග්ග. අපේ වෙලාවට උදේම මහා ජෝඩුව වතු පිටි බලන්න ගිහින්.
වාහනේ ගියා නුවර හොටෙල් එකකට. සූ ගාල 10ක් විතර හිටිය. අපි දෙන්නට අන්දුන් කුන්දුන්. උඩරට මැණිකේ කරලියට ආවේ ඔය අතරෙ තමා. අපි හිතල නැගිට්ටේ නෑ. නැගිට්ටුනා.

“දෙයියනේ කෝකිලා.” මම නෙමෙයි කීවේ. අපේ අයිය.
අත්තම්ම හිනා වෙවී කෝකිලා අක්කගේ අතින් අල්ලන් ඇවිත් මෙසේ ඉස්සරහ ඉන්දෙවුව. සන්දකලුම අපේ අයියාවත් ඇදගෙන ගිහින් ඉන්දෙවුව. විනාඩි දහයයි ගියේ මුන් දෙන්නව බන්දල දැම්ම. හීනයක්‌ වගේ.
“පුතේ මට උඹ වෙනුවෙන් කරන්න පුළුවන් මෙච්චරයි” පොඩි කවරයක් අයියගේ අතේ තියන ගමන් අත්තම්ම කීව.
තව වෙන මොනවා කරන්නද අප්ප. කහට ගහ ගෙදර යතුරයි ඔප්පුවයිත් දුන්නට පස්සේ.
ඔන්න ඔහොමයි අරුණෝදයට කොකිලාවියක් සින්දු කීවෙ.
ඒ වගේම......                                                                                                       
                සත්සරත් මිහිරි වුනොත් හොඳයි වගේ......  අනේ මටත් අපේ එකාට වගේම අත්තම්ම සරණයි.
                                           ඉවරයි ඕං 

මධුගේ අසාර්ථක කතාවක අවසානය. මේ ගැන කියන්න දේවල් ටිකක් තියෙනවා. ඒවා වෙනම පොස්ටුවකින් දාන්නම්කො.   
        

14 comments:

  1. අදමයි ආවේ මේ පැත්තට නියමෙට තියනවා. ආයිත් එන්නම්
    ඔබට ජය.
    එන්න සමකය වටේ යන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලු. එන්නම්කො. කදමලු බැඳගෙන.

      Delete
  2. ඇති යන්තම් පිස්සුවක් ඉවර උනා....

    හි.. හි...

    ReplyDelete
    Replies
    1. ආදර කතා ඇලජික්ද යාලු. හී. හී....

      Delete
  3. Replies
    1. එක දෙයක් ඉවර වෙනව කියන්නෙ තව දෙයක් පටන් ගන්නව මලේ.

      Delete
  4. Replies
    1. හුරේ!!!!!!! සෑම් අයියත් අවිල්ලෝ... තැන්කූ තැන්කූ අයියෙ. මට ජය වේවා!!!!!

      Delete
  5. හ්ම්ම්ම් ලස්ස්න කතාවක අවසානය මෙසෙ සටහන් වු වගයි....

    ReplyDelete
    Replies
    1. ඔයාට එහෙම හිතෙනවද යාලු. මට දැනෙන්නෙ මේකෙදි මං ගොඩක්ම අසාර්ථකයි වගේ. කොහොම වුනත් තැන්කූ.

      Delete
  6. කතාවේ එකිනෙකක් මීට වඩා සම්බන්ධ උණා නම් හොඳයි කියල හිතනවා!අව්ලක් නෑ ඊළඟ එක මීට වැඩ හොඳට ලියමු!:)

    ReplyDelete
    Replies
    1. මං ලිවුව කතා හතරෙන් මං ආසම අබරන් රොසලින් ආදර අන්දරයට. මං වගේම ඒකට ගොඩක් අය ආස වුණා. මේක තමයි ගොඩක්ම අසාර්ථක වුනේ.මේක අග ලියද්දි මට මුල මතක නැති අවුලක් තිබුණ. මං හිතපු කතාව මං අතින් ලියවුනේ නෑ යාලු.

      හැබැයි මං දන්නව දෙයක් හොඳටම සාර්ථක වෙන්නෙ මුලින් වැඩිපුර අසාර්ථක වුනාම කියල. වැරදි හදාගන්න මට හොඳ චාන්ස් එකක්. ගොඩක් ස්තුතියි යාලු.

      Delete
  7. අසාර්ථකයි කියන්නේ ඇයි අප්පා..
    :)
    කොහොම උනත් එහෙනම් අලුත් දේකින් හමුවෙමු.
    ජයම වේවා!

    ReplyDelete
  8. අනේ මන්ද යාලු මට එහෙමමයි හිතෙන්නෙ. හිතපු කතාව නෙවෙයි ලියලිලා තියෙන්නෙ. ඔව්. ඔව්. උණු උණු කැවුම් වගේ බලන්න දෙයක් දෙන්නම්කො තව ටිකකින්.

    ReplyDelete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...