පෙම්වතා
ආදරයේ බලය සුලු කොට තකනු එපා
ලෝභ කමින් දිවියෙන් පලි දරනු එපා
සුර සැප වලට මග වරදා ගනුද එපා
දුර නොසිතා ගිනි ගොඩකට වැටෙනු එපා
හැර ගිය පෙම්වතී
මොන බලයක්
තිබුණත් ඔය ආලයට
නොදැනේ
කිසිඳු සැපතක් ඇති කියා මට
සියල්ල යටයි
අද රුපියල් සත වලට
සැප සම්පත්
වල ඇත සියලුම සතුට
පෙම්වතා
ඔබ නම් නොවේ මා පෙම් කළ කිරිල්ලී
පෙම් බස් දොඩා ළඟ දැවටුණු මල් කැකුලී
සිත සනසවා සිටි මා ළඟ නොසෙල්ලී
කොහිද සැඟවුනේ සිත් ගත් බිනර මලී
හැර ගිය පෙම්වතී
සැමදා එක
ලෙසට සිත නොම පවතින්නේ
සැම දේ
වෙනස් වන බව ඇයි නොතකන්නේ
මට පමණක්
නොවෙයි ඔබටත් පොදු වන්නේ
විඳිනා දුක
නිසයි මා අද වෙනස් වුනේ
පෙම්වතා
මොනවා වෙනස් වූවත් මේ ලෝ තලයේ
වෙනසක් නොවේ සැබෑම වූ ආදරයේ
කාගේ වුවත් හද මල විකසිත වන්නේ
එක් හදකට පමණයි දැනගනුය ප්‍රියේ
හැර ගිය පෙම්වතී
මිහිරි
මතකයන් ඇත ඔබ මා හා බැඳුනු
උත්සහ කළත්
බෑ ඒවා වලදමනු
එනමුදු
කෙලෙසකද මා ඔබ හා බැඳෙනු
ඔබට නොහැක
මාගේ ලොව ගොඩනගනු
පෙම්වතා
ඔබ ගිය දා පටන් මා සුසුමන් හෙලුවා
සක්වල ගලද සසලව යන්නට ඇතුවා
එදා පටන් මා ළඟ නිතරම හිඳුවා
ඔබ මෙන් නොවේ ඇය මා සිත සන්හිඳුවා
හැර ගිය පෙම්වතී
කොපමණ
හෙලුවාද මගෙ නෙතු කඳුළු කැට
සත් සමුදුරු
දියත් ගලනට ඇත ගොඩට
ඇය සොඳ නම්
මට දොස් නගනුයෙ කුමට
හැකි නම්
කියනු මැන ඇය කවුරුන්ද මට
පෙම්වතා
ඇය හැර නොයයි මාගේ ජීවිතය සදා
තනිකම තමයි මගේම පෙම්වතිය මෙදා
ඔබෙ හදවතින් පැරදී මා තනි වූ දා
මගෙ ඉරණම කොයි ලෙස දේවිද විසඳා
හැර ගිය පෙම්වතී
කුමක්
කියනෙම්ද නොදනිමි ඔබට මෙමා
හැකි නම්
ඔබෙ දෙපා ළඟ අයදිනෙමි සමා
ඔබෙ ආදරය
හඳුනා නොම ගත් සේමා
විඳවන්නෙමි
වෙන තුරු මගෙ දිවිය නිමා
ඔන්න ඔහොමයි ඒ දෙන්නගෙ වාදේ ඉවර වුණේ. මොනවා කරන්නද පෙරහැර ගිහින් ඉවරයිනේ. ඔයාල මොකද හිතන්නෙ.......?
සංවාදෙ පලවෙනි කොටස බැලුවෙ නැත්නම් බලමුකො මේන්න මෙතනින්.
ඒකත් එහෙමද???????
ReplyDeleteඑහෙම තමයි අහවර වුණේ. කාලෙකට පස්සේ මුණ ගැහුනොත් බලමුකො.......
Deleteඅයියෝ! :(
ReplyDeleteමොකෝ යාලු. ඕව ඔහොම තමයි ජීවිතේ හැටිනෙ.
Deleteමලා..... :0
ReplyDeleteඑතකොට ඒකත් ඉවරද?
අම්මෝ රජත ආවද හබේ බලන්න. සෑහෙන කාලෙකින් නොවැ. තැන්කූ තැන්කූ මේ පැත්තට ආවට.
Deleteඒක කිවුවෙ මොකද්ද රජෝ?
Deleteලස්සන කවි ටික
ReplyDeleteරස වින්දට ගොඩක් ස්තුතියි.
Deleteහ්ම්ම්.. මෙහෙමත් පෙම් සබඳතා අවසන් වෙනවා නේ.. ලෝකේ හැටි තමා..
ReplyDeleteWhen poverty enters from the front door love fly away from the window.. :)
එහෙම වෙන්නෙ හිත දුප්පත් හින්ද යාලු. මොන සැප සම්පත් තිබුණත් වැඩක් නෑ හිත දුප්පත් නම්. වැඩේ කියන්නෙ ගොඩක් අය ඒක තේරුම් නොගන්න එකනේ.
Deleteඅම්මා නැති අපට බඩගිනි වෙන්න එපා!;)
ReplyDeleteම්ම්......
Deleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........ මොන කරන්නද ඉතින්.... දුක තමා..
ReplyDeleteලස්සනට ලියවිච්ච කවි ටිකනම් අපූරුයි!!!
මෙවුව හොඳ පාඩම් යාලු. ගොඩක් ස්තුතියි.
Deleteකවි ටික නම් නියමයි! ජය!
ReplyDeleteතැන්කු තැන්කු යාලු.
Delete