Thursday, October 11, 2012

පෙම් හබේ ඉවර වුණේ මෙහෙමයි.


පෙම්වතා

ආදරයේ බලය සුලු කොට තකනු එපා
ලෝභ කමින් දිවියෙන් පලි දරනු එපා
සුර සැප වලට මග වරදා ගනුද එපා
දුර නොසිතා ගිනි ගොඩකට වැටෙනු එපා




       හැර ගිය පෙම්වතී

මොන බලයක් තිබුණත් ඔය ආලයට
නොදැනේ කිසිඳු සැපතක් ඇති කියා මට
සියල්ල යටයි අද රුපියල් සත වලට
සැප සම්පත් වල ඇත සියලුම සතුට

පෙම්වතා
 
ඔබ නම් නොවේ මා පෙම් කළ කිරිල්ලී
පෙම් බස් දොඩා ළඟ දැවටුණු මල් කැකුලී
සිත සනසවා සිටි මා ළඟ නොසෙල්ලී
කොහිද සැඟවුනේ සිත් ගත් බිනර මලී

       හැර ගිය පෙම්වතී
 
සැමදා එක ලෙසට සිත නොම පවතින්නේ
සැම දේ වෙනස් වන බව ඇයි නොතකන්නේ
මට පමණක් නොවෙයි ඔබටත් පොදු වන්නේ
විඳිනා දුක නිසයි මා අද වෙනස් වුනේ

පෙම්වතා
 
මොනවා වෙනස් වූවත් මේ ලෝ තලයේ
වෙනසක් නොවේ සැබෑම වූ ආදරයේ
කාගේ වුවත් හද මල විකසිත වන්නේ
එක් හදකට පමණයි දැනගනුය ප්‍රියේ

       හැර ගිය පෙම්වතී
 
මිහිරි මතකයන් ඇත ඔබ මා හා බැඳුනු
උත්සහ කළත් බෑ ඒවා වලදමනු
එනමුදු කෙලෙසකද මා ඔබ හා බැඳෙනු
ඔබට නොහැක මාගේ ලොව ගොඩනගනු

පෙම්වතා
 
ඔබ ගිය දා පටන් මා සුසුමන් හෙලුවා
සක්වල ගලද සසලව යන්නට ඇතුවා
එදා පටන් මා ළඟ නිතරම හිඳුවා
ඔබ මෙන් නොවේ ඇය මා සිත සන්හිඳුවා

       හැර ගිය පෙම්වතී
 
කොපමණ හෙලුවාද මගෙ නෙතු කඳුළු කැට
සත් සමුදුරු දියත් ගලනට ඇත ගොඩට
ඇය සොඳ නම් මට දොස් නගනුයෙ කුමට
හැකි නම් කියනු මැන ඇය කවුරුන්ද මට

පෙම්වතා
 
ඇය හැර නොයයි මාගේ ජීවිතය සදා
තනිකම තමයි මගේම පෙම්වතිය මෙදා
ඔබෙ හදවතින් පැරදී මා තනි වූ දා
මගෙ ඉරණම කොයි ලෙස දේවිද විසඳා

       හැර ගිය පෙම්වතී
 
කුමක් කියනෙම්ද නොදනිමි ඔබට මෙමා
හැකි නම් ඔබෙ දෙපා ළඟ අයදිනෙමි සමා
ඔබෙ ආදරය හඳුනා නොම ගත් සේමා
විඳවන්නෙමි වෙන තුරු මගෙ දිවිය නිමා

 ඔන්න ඔහොමයි ඒ දෙන්නගෙ වාදේ ඉවර වුණේ. මොනවා කරන්නද පෙරහැර ගිහින් ඉවරයිනේ. ඔයාල මොකද හිතන්නෙ.......? 

සංවාදෙ පලවෙනි කොටස බැලුවෙ නැත්නම් බලමුකො මේන්න මෙතනින්.

17 comments:

  1. Replies
    1. එහෙම තමයි අහවර වුණේ. කාලෙකට පස්සේ මුණ ගැහුනොත් බලමුකො.......

      Delete
  2. Replies
    1. මොකෝ යාලු. ඕව ඔහොම තමයි ජීවිතේ හැටිනෙ.

      Delete
  3. මලා..... :0

    එතකොට ඒකත් ඉවරද?

    ReplyDelete
    Replies
    1. අම්මෝ රජත ආවද හබේ බලන්න. සෑහෙන කාලෙකින් නොවැ. තැන්කූ තැන්කූ මේ පැත්තට ආවට.

      Delete
    2. ඒක කිවුවෙ මොකද්ද රජෝ?

      Delete
  4. ලස්සන කවි ටික

    ReplyDelete
    Replies
    1. රස වින්දට ගොඩක් ස්තුතියි.

      Delete
  5. හ්ම්ම්.. මෙහෙමත් පෙම් සබඳතා අවසන් වෙනවා නේ.. ලෝකේ හැටි තමා..
    When poverty enters from the front door love fly away from the window.. :)

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නෙ හිත දුප්පත් හින්ද යාලු. මොන සැප සම්පත් තිබුණත් වැඩක් නෑ හිත දුප්පත් නම්. වැඩේ කියන්නෙ ගොඩක් අය ඒක තේරුම් නොගන්න එකනේ.

      Delete
  6. අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා!;)

    ReplyDelete
  7. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........ මොන කරන්නද ඉතින්.... දුක තමා..

    ලස්සනට ලියවිච්ච කවි ටිකනම් අපූරුයි!!!

    ReplyDelete
    Replies
    1. මෙවුව හොඳ පාඩම් යාලු. ගොඩක් ස්තුතියි.

      Delete
  8. කවි ටික නම් නියමයි! ජය!

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු යාලු.

      Delete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...