පෙම්වතුනට
ඇත මහ තොගයක් ප්‍රශ්න
හදවත්
දෙකක් එකිනෙක පැටලී මෙන්න
ඩිංගක්
එන්න මිතුරේ මේ බලනු මැන
පෙම්
හබයක් තියෙනව විසඳා ගන්න
පෙම්වතා
හී සැරයක් වෙලා මා පසුපස ආවා
හදවත වටැති මහ පවුරත් බිඳලූවා
උණු වී වැගිර ගිය සෙනෙහස ඔබ නෑවා
මගේ හද සුනු විසුනු කර දා පැන දිවුවා
හැර ගිය පෙම්වතී
මහ මෙර තරම්
දුක් ගොන්නක් මම වින්දා
මේ වන තුරා
ලැබුවා අපමණ නින්දා
කම් නැත
කිසි දෙයක් නොම දන්නා හින්දා
පහදා දෙන්න
දැන් මට හැකි දෝ මන්දා
පෙම්වතා
ආලය සොඳුරු පිවිතුරු වූ දෙයක්මය
ඒ ඉදිරියේ කොහොම දුකත් සැපතක්ය
තුන් ලොව නැතිය බාධක නැති ආදරය
ඔබ මා හැර ගියේ මේවා නොමදැනය
හැර ගිය පෙම්වතී
ආලය අරුම
පුදුම වු මායාවක්ය
මිනිසුන්
මත් කරවන රස බීමක්ය
ගැහැනුන්
අන්ධ කරවන තෙල් බෙහෙතක්ය
දුක්
ගොන්නක් ගෙන එන මිරිඟුවක්මය
පෙම්වතා
ආදරයට නින්දා නම් කරනු එපා
නොදන්නා දෙයක් මෙලෙසට කියනු එපා
තේරුම් නොගත් ආදරයක් කරනු එපා
මා වැනි මෝඩයන් වල්මත් කරනු එපා
හැර ගිය පෙම්වතී
ජීවත් වෙන්න
ආලය පමණක් ඇතිද
කන්න බොන්න
දෙන්නේ මේ ආලයද
ගේ දොර යාන
වාහන ලැබ දෙනවාද
දුප්පත් මට
මේ දේවල් හීනමද
මතු සම්බන්දයි හොඳේ. බලමුකො වැඩේ හැටි. පොඩි වලියක්.
ඊළඟ කෑල්ලත් බලලම ඉමු!:)
ReplyDeleteබලමු බලමු යාලු.
Deleteපොඩි වලියේ ඉතුරු ටිකත් බලමුකෝ..:)
ReplyDeleteපොඩි කීවට පොදිමත් නෑ අනේ. බරපතල කාරණාවක්
Deleteබොහොම අපුරුවට පටන් ගෙන තියෙනවා ඉතිරියත් බලමු
ReplyDeleteතැන්කූ තැන්කූ
Deleteහ්ම්... නියමයි ඈ.
ReplyDeleteතැන්කූ යාලු. ආයෙත් එමුකො.
Deleteමගේ හිටපු ගෑණුළමයා මට ඔහොම කිව්වා.. මම එයාට මෙහෙම කිව්වා
ReplyDelete"තෝ එහෙනම් පල"
(ඒක ඇත්ත සිද්ධියක් හොඳේ)
දාන්ටකෝ ඉතිරියක්...
ඔහෝ....... හ්ම්ම්ම්...... ඉක්මණටම දාන්නම්කෝ.
Deleteහි....නියම පද ටික.
ReplyDeleteජයම වේවා!
තැන්කූ හිරු. මේ දවස් වල ඔයාගෙ වාස දේසේ බලන්න එන්න හැටියක් නෑ අනේ.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඔව් යාලු ඇත්ත ඕක තමානේ. ඔයාවත් සාදරයෙන් පිලිගන්නවා මෙහෙට.
Deleteනියම සංවාදයක්නේ. ඉතුරු ටිකත් ඉක්මනට දාන්න.
ReplyDeleteහොඳමයි සිතූ. ආයෙත් එන්නකෝ.
Deleteඔයත් ඔහොමද රණ්ඩු වෙන්නේ ෂෝක් කවි ටික හොදේ
ReplyDeleteඅපෝ නෑ. මං නම් ඉතිං ගනු කඩුව. එනු සටනට තමයි.
Deleteකාර් බාර් ගෙවල් දොරවල් තියනවනම් කෙල්ලෝ කොල්ලන්ට කැමති වෙයි. හෙහ් හෙහ් හෙහ්. ඉතුරු කොටස කෝ දාමුද ඉක්මනට ?
ReplyDeleteහැබැයි ඉතිං හැම කෙල්ලම එහෙම නෑ යාලු. ඉක්මණටම දෙන්නම්කෝ......
ReplyDelete