Monday, October 8, 2012

පෙම් හබයක් තියෙනව විසඳා ගන්න.....


පෙම්වතුනට ඇත මහ තොගයක් ප්‍රශ්න
හදවත් දෙකක් එකිනෙක පැටලී මෙන්න
ඩිංගක් එන්න මිතුරේ මේ බලනු මැන
පෙම් හබයක් තියෙනව විසඳා ගන්න


පෙම්වතා  

හී සැරයක් වෙලා මා පසුපස ආවා
හදවත වටැති මහ පවුරත් බිඳලූවා
උණු වී වැගිර ගිය සෙනෙහස ඔබ නෑවා
මගේ හද සුනු විසුනු කර දා පැන දිවුවා

    

       හැර ගිය පෙම්වතී

මහ මෙර තරම් දුක් ගොන්නක් මම වින්දා
මේ වන තුරා ලැබුවා අපමණ නින්දා
කම් නැත කිසි දෙයක් නොම දන්නා හින්දා
පහදා දෙන්න දැන් මට හැකි දෝ මන්දා

පෙම්වතා
ආලය සොඳුරු පිවිතුරු වූ දෙයක්මය
ඒ ඉදිරියේ කොහොම දුකත් සැපතක්ය
තුන් ලොව නැතිය බාධක නැති ආදරය
ඔබ මා හැර ගියේ මේවා නොමදැනය

       හැර ගිය පෙම්වතී

ආලය අරුම පුදුම වු මායාවක්ය
මිනිසුන් මත් කරවන රස බීමක්ය
ගැහැනුන් අන්ධ කරවන තෙල් බෙහෙතක්ය
දුක් ගොන්නක් ගෙන එන මිරිඟුවක්මය

පෙම්වතා
ආදරයට නින්දා නම් කරනු එපා
නොදන්නා දෙයක් මෙලෙසට කියනු එපා
තේරුම් නොගත් ආදරයක් කරනු එපා
මා වැනි මෝඩයන් වල්මත් කරනු එපා

       හැර ගිය පෙම්වතී

ජීවත් වෙන්න ආලය පමණක් ඇතිද
කන්න බොන්න දෙන්නේ මේ ආලයද
ගේ දොර යාන වාහන ලැබ දෙනවාද
දුප්පත් මට මේ දේවල් හීනමද

 මතු සම්බන්දයි හොඳේ. බලමුකො වැඩේ හැටි. පොඩි වලියක්.


  

20 comments:

  1. ඊළඟ කෑල්ලත් බලලම ඉමු!:)

    ReplyDelete
  2. පොඩි වලියේ ඉතුරු ටිකත් බලමුකෝ..:)

    ReplyDelete
    Replies
    1. පොඩි කීවට පොදිමත් නෑ අනේ. බරපතල කාරණාවක්

      Delete
  3. බොහොම අපුරුවට පටන් ගෙන තියෙනවා ඉතිරියත් බලමු

    ReplyDelete
  4. Replies
    1. තැන්කූ යාලු. ආයෙත් එමුකො.

      Delete
  5. මගේ ‍හිටපු ගෑණුළමයා මට ඔහොම කිව්වා.. මම එයාට මෙහෙම කිව්වා
    "තෝ එහෙනම් පල"
    (ඒක ඇත්ත සිද්ධියක් හොඳේ)

    දාන්ටකෝ ඉතිරියක්...

    ReplyDelete
    Replies
    1. ඔහෝ....... හ්ම්ම්ම්...... ඉක්මණටම දාන්නම්කෝ.

      Delete
  6. හි....නියම පද ටික.
    ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. තැන්කූ හිරු. මේ දවස් වල ඔයාගෙ වාස දේසේ බලන්න එන්න හැටියක් නෑ අනේ.

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඔව් යාලු ඇත්ත ඕක තමානේ. ඔයාවත් සාදරයෙන් පිලිගන්නවා මෙහෙට.

      Delete
  8. නියම සංවාදයක්නේ. ඉතුරු ටිකත් ඉක්මනට දාන්න.

    ReplyDelete
    Replies
    1. හොඳමයි සිතූ. ආයෙත් එන්නකෝ.

      Delete
  9. ඔයත් ඔහොමද රණ්ඩු වෙන්නේ ෂෝක් කවි ටික හොදේ

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ. මං නම් ඉතිං ගනු කඩුව. එනු සටනට තමයි.

      Delete
  10. කාර් බාර් ගෙවල් දොරවල් තියනවනම් කෙල්ලෝ කොල්ලන්ට කැමති වෙයි. හෙහ් හෙහ් හෙහ්. ඉතුරු කොටස කෝ දාමුද ඉක්මනට ?

    ReplyDelete
  11. හැබැයි ඉතිං හැම කෙල්ලම එහෙම නෑ යාලු. ඉක්මණටම දෙන්නම්කෝ......

    ReplyDelete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...