Friday, August 24, 2012

අඳුරු වලාකුළු -2


“ඇයි රත්තරනේ ඔයා මට කියන්නෙත් නැතුව ගියේ?”
මේ විදියට පටන් ගත්ත රවිඳුගෙන් සඳලිට ප්‍රශ්න කෝටියක්‌ විතර හම්බුනා. එයාල පන්සල ඉස්සරහ තිබුන රෙස්ටෝරන්ට් එකකට ගියා.
“අපිට කෝපි ගේන්න.”සඳලි කීවේ බොහොම සැහැල්ලුවෙන්. කාලෙකට පස්සේ එයාගේ හිතට සැනසුමක් ලැබිල.
“ඔයාගේ හැම ප්‍රශ්නෙට උත්තර මං අද දෙන්නම් රවීඳු. මං ඔයාව හම්බ උනේ අවුරුදු හතරකට පස්සේ. අගේ අයියගේ හත දවසේ දානෙට කලින් දවසේ මට ලියුමක් ආව. ඒ මගේ පලවෙනි ගුරු පත් වීම. මං දැන් මගේ අයිය වගේම maths teacher කෙනෙක්. මට ඔයාලව දාල එන්න ලොකු හේතුවක් තිබුන.
ඔයාට මතකද දවසක් මට අයියගේ ඩොක්ට කෝල් කළා. එයා මට කීව අයියගේ වෛද්‍ය වාර්තාව දෙන්න එන්න කියල. මං ගියා. ඒ වෙලාවේ මං ගොඩක් දේවල් දැනගත්ත. මගේ අයියට තිබුනේ ජාන වලින් එන අසනීපයක්‌. ඒක ගොඩක් විරලයි. ඔයා දන්නවනේ. එයා සිගරට් එකක්වත් බීව කෙනෙක් නෙවෙයි කියල. ඒක කැන්සර් එකක්ලු. ඒත් සාමාන්‍යයෙන් හැදෙන ජාතියේ එකක් නෙවෙයිලු. ඉතින් මං එයාගෙම නංගිනෙ.ඒක මටත් තියෙන්න පුළුවන් කියල මං දැනගත්ත.

ඒක තමයි මං මෙහෙම ඉන්න ලොකුම හේතුව. මං ආදරේ කරන කාටවත් දුකක් වෙන්න දුකක් දෙන්න මට ඕනේ නෑ රවීඳු. දෛවය වෙනස් කරන්න අපිට බෑ. ඒක තේරුම ගත්ත නිසා තමයි අයියව ගෙනියද්දි ඒක කඳුලක්වත් එලියට දැම්මේ නැත්තේ. මේ අවුරුදු හතර පුරාම මං මාස හයකට වතාවක් ෆුල් චෙකප් එකක් කළා. ඒත් කිසිම ප්‍රශ්නයක් අද වෙනකල් නෑ. මං මෙහෙම ආවේ ඔයා කවදාවත් මාව අමතක කලේ නැති නිසා.”මේ විදියට සඳලි කතාව ඉවර කළා.
“ඔයා හිතනවද ඔයා ඔහොම ගියා කියල මට ඔයාව අමතක කරන්න පුළුවන් කියල. ඔයාගේ අයියට වුන පොරොන්දුව අමතක කරන්න පුළුවන් කියල. මං හිතුවේ නෑ ඔයාට මෙච්චර හයියක් ඇති කියල මං නැතුව ඉන්න. මං මේ පන්සලට කොච්චර ආවද ඔයා අද එයි හෙට එයි කියල මං බලන උන්න. දුක් වින්ද ගොඩක්. ඒත් මට ඒ ගැන දුකක් නෑ දැන් ඔයා ආවනේ.” රවිඳුගේ ඇස් සතුටු කඳුළු වලින් පිරිලා.
“රවීඳු, මං අද ආවේ මාව අමතක කරන්න කියල මගේ කටින්ම ඔයාට කියල යන්න. මගේ ජීවිතේ ගැන මට කිසි විස්වාසයක් නෑ. මගේ අහිංසක අයියටත් කිසිම අසනීපයක්‌ තිබුනේ නෑනේ. අනික පොරොන්දු ඉෂ්ට කළා කියල මගේ අයිය ආපහු එන්නේ නෑනෙ. එයා ඔයා එක්ක තරහ වෙන් නෑ.”
“ඔයා අයෙ ඕක කිවුවොත් ඇත්තමයි මං ඔයාට ගහනවා හොඳ පාරක්. ඔයා කොහෙවත් යන් නෑ. ඔයාට විස්වාසයක් නැති වුනාට මට විස්වාසයි. ඔයා කොහේ ගියත් මං ඔයාගේ පස්සෙන්ම එනවා. මට හොරා ආයෙ ඔයාට මොනවත් කරන්න බෑ.”
කීව වගේම රවිඳු සඳලිගේ පස්සෙන්ම ආව.රුවන්ලගේ ගෙදරටම ඇවිත් රුවන්ටත් කතා කළා. රුවන් සඳලි රවිඳු තුන්දෙනාම රෑ කෑම ගත්තේ එකට. කාලෙකට පස්සේ සඳලි ගොඩක් හිනා වුනා. ඉස්සර වගේ තොර තෝංචියක් නැතුව කියෙවුව. කාලයක් දුක වින්ද සඳලිව හොයාගෙන සතුට ඇවිත්. රෑ වෙනකල්ම මිදුලට වෙලා පහුගිය අවුරුදු හතර ගැන එයාල කතා කළා.
ඊලග දවස වෙනස්ම දවසක් වුනා සඳලිට. එයා රවිඳු එක්ක සඳලිගේ ගෙදර ගියා. ඒක ජරාවාස වෙලා. ලස්සනට තිබුන වත්ත වල් වැදිලා. එයාල උදේ ඉඳං ඒවා සුද්ද කළා. අන්තිමේදී ගේ අලත්වැඩියා කරන්න තීරණය කළා. ඒත් එයා තවම තීරණය කරල තිබුනේ නෑ අපහු ගෙදර එනවද නැද්ද කියල.
කොයිතරම් සන්තෝසෙන් හිටියත් සඳලිගේ හිතේ අළු වලට යට වුනු පුංචි ගිණි පුපුරක් තිබුන. ලස්සනට දවස් ගෙවුන. එයාලගේ ජීවිත පිරිලා තිබුන.
දවසක් සඳලි රවිඳුත් එක්ක එයාගේ ගෙදර අලිත්වැඩියා වැඩ බලන්න ගියා. ඒවා ගොඩක් දුරට ඉවරයි. හවස සඳලිගේ අතින්ම හදපු තේ එකක් බොන ගමන් රවිඳු කතා කළා.
“සුදූ මට හිතෙනවා අපි දැන් බැන්දොත් හොඳයි කියල.”
සඳලි උත්තර දුන්නේ නෑ. එයා ඒක මගෑරිය. ඒත් ඒ වචන ටික සඳලිගේ හිතේ කොනක් හොරාගත්ත. ඒත් සඳලි ඒ බැඳීමට බය වුනා.
“මල්ලි රවිඳු අයිය කියනවා බඳීමුලු.”
“මරුනේ අක්කේ, ඔයා සතුටු වෙන්නෙපායැ. මොකද මුණ කලු කරන් ඉන්නේ.”
“ අනේ මන්ද මල්ලි මගේ හිතට හරි නෑ.”
“ ඇයි ආයෙත් හොරෙන් පැනල යන්නද කල්පනාව. රවිඳු අයිය හරියටම හරි. එයාට බය ඇති ආයෙත් ඔයා යයි කියල. එකනේ ඔය ඉක්මනට බැඳලා යන්න බැරි වෙන්න වැඩක් කරන්න හදන්නේ.” රුවන් එහෙම කියල සඳලිට ඇහැක් ගැහුවේ හිනා වෙවී.
“එකම තමයි මල්ලි මටත් බය” ඒත් ඒ මොකද්ද කියල සඳලි කීවේ නෑ රුවන් දැන් හැමදේම දන්න නිසා.ආයෙත් එයාලගේ කතා උත්තරයක්‌ නැතුව ඉවර වෙන්න ගනී කියල රුවන් බය වුනා.
සඳලි මොනවා හිතුවත් අන්තිමේදී රුවන්ගේ උත්සාහය නිසා රවිඳුත් සන්දලිත් බැන්ද. 





පුංචි උත්සවයක් අරගෙන. රවිඳුගේ අම්ම සන්දලිගේ වැඩ හැම දේටම උදවු කළා. රවිඳු සඳලිව එයාගෙම කරගෙන දැන් යන්න ලෑස්තියි.
“ඉරයි හඳයි එකතු වුනාම මොනාද කරන්න බැරි.”රුවන් එහෙම කීවේ සඳලිවයි රවිඳුවයි බදාගෙන.
“මගේ අක්කව හොඳට බලාගන්න. මගේ ජීවිතේ එයා තරම් මං ගැන වද වුන වෙන කවුරුත් නෑ.” රුවන් ඇස් වල කඳුළු පුරෝගෙන කීව.
සඳලි ඉස්කෝලේ උගන්නන්න ආව පලවෙනි දවසේ එයා නවතින්න තැනක හොයද්දි රුවන් එයාට කීව “මං මේ ළඟ නැවතිලා ඉන්නේ ඔයා කැමති නම් එන්න.” කියල.  සඳලිට අද වගේ මතකයි. එදා ඉඳං සහෝදරයෙක් වගේ සඳලිට හිටියේ රුවන් විතරයි.
සඳලිලා පදිංචි වුනේ එයාගේ ගෙදර. එයා ආස වුනා එයාගේ අයියගේ සුවඳ තිබුන ඒ ගෙදර ඉන්න. උපතින්ම පෝසත් කෙල්ලෙක් නිසා එයාලට කිසිම අඩු පාඩුවක් තිබුනේ නෑ. රවිඳු රැකියාවක් කළා. සඳලි රවිඳුව බලාගෙන ගෙදර හිටියා ඒ කුරුළු කුඩුවේ සතුට උතුරනවා. අවුරුද්දක් විතර ගියා. සඳලි අම්ම කෙනෙක් වුනා. රවිඳුට ඊට වඩා සතුටක් නෑ.
රුවන් සඳලිව බලන්න ආවේ ලොකු පලතුරු කූඩේකුත් අරගෙන.
“අක්කේ වැඩේ හරිනේ ඔය කරල තියෙන්නේ රවිඳු අයිය ඔයාට හෙල්ලෙන්නවත් බැරි වෙන්න වැඩක්.” රුවන් කීවේ පුදුම ලෙන්ගතුකමකින්.
සඳලි තමන්ගේ දරුවා වෙනුවෙන් උපරිම කැප වුනා. එයාට පුළුවන් හැමදේම කළා. නොකඩවා බෝධි පූජා තිබ්බ. බාර වුනා. හැමදාම පිරිත් ඇහුව. භාවනා කළා. සඳලිව බලාගන්න රවිඳුගේ අම්මත් ආව. සඳලිගේ මේ වැඩ වලට එයත් ගොඩක් කැමති වෙලා හරි හරියට උදවු කළා.
අන්තිමේදී සඳලිට ලස්සන පුතෙක් ලැබුනා. එයාගේ ඇස් සඳලිගේ වගේමයි. පුතාගේ මුණ දැක්කම සඳලිට මතක උනේ එයාගේ අයියව. අයියගේ ඇසුත් ඒ වගේමයි. රවිඳුට ලෝකෙම හම්බුනා වගේ. ඒ පුංචි කැදැල්ල තවත් ලස්සන වුනා.පුංචි පහන් පුතා ටික ටික ලොකු වුනා. එයා බහ තෝරන කාලේ ඉඳන්ම අම්මත් එක්ක පන්සල් ගියා. එයා නිදාගත්තේ පිරිත් අහගෙන. සඳලි එයා හම්බවෙන්න හිටි කාලේ කරපු දේවල් ගොඩක් ප්‍රතිඵලදායක වුනා. රවිඳුගේ අම්මත් තමන්ගේ මුනුබුරා ගැන හරියට ආඩම්බර වුනා.
දවසක් සඳලි පුතා එක්ක සෙල්ලම් කර කර ඉද්දි පුතාගේ සල්ලම් බඩු ගොඩේ තිබුණු කැඩපත සඳලිගේ අතින් බිමට වටුනා. ඒක බිඳුණ. සඳලිට ආයෙත් මතක් වුනේ එයාගේ අයියව. හවස සඳලිට එයාගේ අයියට වගේම අසනීප වුනා.
ඒක අයියගේ ලෙඩේමයි කියල හොයාගන්න වැඩි වෙලා ගියේ නෑ. දවස දෙක තුනක් සඳලි ඉස්පිරිතාලේ හිටියා. එයාගෙ ඇඳ ළඟ රවිඳුයි පුංචි පුතයි හිටියා.
“රවිඳු මගේ පුතාට හොඳට උගන්නන්න. ජීවිතේ ගැන කියල දෙන්න. කවද හරි එයාව මහන කරන්න මං වෙනුවෙන්. එයාට තියෙන්නේ මගේ ඇස්.”
එහෙම කියල සඳලි එයාගේ ඇස් පියාගත්තා. අයෙමත් ඒ ඇස් ඇරුනේ නෑ. සඳලිගේ මළගමට රුවන් ආවේ රුවන් විදියට නෙවෙයි. රතනසාර හිමි විදියට.
“ජීවිතේ හැටි ඔහොම තමයි මහත්තය. මමත් පිළිකා රෝගියෙක්.”
 රතනසාර හාමුදුරුවෝ රවිඳුට එහෙම කීවා.
                                                                                    සමාප්තයි.                       

පලවෙනි කොටස මෙතනින්                    

7 comments:

  1. අනේ මන්ද මොනවා කියන්නද කියල.කතාව හුගක් ලස්සනයි යාලු.....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි යාලු. කතාව දැනුන නම් එච්චරයි.

      Delete
  2. කතාව නම් නියමයි මධූ !!!
    ඒක නෙමෙයි අකුරු සයිස් එක ටිකක් ලොකු කලා නම් හොඳයි... අපි ඉතින් වයසක ඈයො නෙව...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි. අකුරු සයිස් එක මගේ අවුලක් යාලු. මොකද මං මගේ පහසුව තකා තමයි එහෙම කරන්නේ. මං ටිකක් සාමාන්‍ය තත්වයෙන් වෙනස් නිසා.

      Delete
  3. අනේ මන්දා...
    මට කියන්න දෙයක් හිතාගන්න බෑනේ.......

    ReplyDelete
    Replies
    1. කමක් නෑ යාලු. මට හිතාගත්තකි.

      Delete
  4. දුක හිතෙන ලස්සන කතාවක්

    ReplyDelete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...