“සුනෙත් නැතුව එකී පැලිලා මැරෙයි බං. ජීවිතේ
විනාස කර ගත්තද දන්නෙත් නෑ. මං දන්නවා එකී සුනේත්ට කොච්චර ආදරේද කියල.”
“එහෙම දෙයක් වෙලා නැතුව ඇති. ටිකක් හිතපන් එයාට
යන්න තැනක් තියෙනවද? මං ගෙදර ගැන හෙවුවා. ගෙදරිනුත් සෑහෙන්න කරදර තිබිල තියෙනවා.
සුනේත්ගේ ප්‍රශ්නෙටම.”
ඊළඟ දවසේ පවනි තරිඳුට කතා කළා.
තරිඳු හිරු ගැන ආරංචියක් තියෙනවද? ධනන්ජයට
කොහොමද?”
“නෑ මොනවත්ම නෑ. ධනන්ජයට දැන් හොඳයි.”
“මාත් ලොකු ප්‍රශ්නෙක ඉන්නේ. මං වැඩ කරන්නේ
සුනෙත් ළඟ. මේ සේරටම මුල සරසි කියල කෙල්ලෙක්. එයා සුනේත්ගේ සෙකට්‍රි. ඒකි සුනේත්ව
අල්ලේ නටවනව. හිරුට රට ඉන්න කාලේ ඉදන්ම ප්‍රශ්න දැම්මේ සරසි. මං ගැනත් සැක කරලා
තියෙන්නේ. වැඩිය කතා කරන්න බෑ. මං ඇඩ්රස් එකක් එවනවා. ඒකට යන්න.”
ධනන්ජයට කියන්නේ නැතුව තරිඳු පවනි දුන්නු ඇඩ්රස්
ඒකට ගියා. එකේ හිටියේ සීය කෙනෙක්.
“ තරිඳු නේද?”
තරිඳු ඔලුව වනුව.
“සරසි කියන්නේ ඔයාලට හැප්පෙන්න පුළුවන් කෙනෙක්
නෙවෙයි. එයා මගේ මිනිබිරි. එයා බොහොම දරුණුයි. හිරන්යව හොයන්න දැන්ම මොනවත් කරන්න
එපා. ඔයාල ගැන හැම විස්තරයක්ම සරසිට යනවා. කොටින්ම ඔයාල පස්සෙන් හැම වෙලේම
කවුරුහරි පන්නනවා. අනික ඔයාගේ යාළුවව පරිස්සම් කරගන්න. එයාට ලොකු කරදරයක් ළඟම එනව.
සරසි කියන්නේ තමන්ට ඕනේ දේ කොහොමහරි ගන්න කෙනෙක්. තව එකක් පොලිසියට යන්නෙපා මොනවා
වුනත්. දැන් මේකත් අරන් යන්න.” තරිඳුගේ අතට රෙකෝඩරයක් දුන්න.
තරිඳු ඒකත් අරගෙන ඒ පොඩි මුඩුක්කුවක් වගේ ගෙදරින්
ආව. එයා අඩි දෙක තුනක්වත් යන්න කලින් එයාට ලොකු සද්දයක් ඇහුන ගේ ඇතුලෙන්. තරිඳු
ආපහු හැරිලා ගියා මොකද්ද බලන්න. එයා ගෙට යනකොට ටික වෙලාවකට කලින් කතා කර කර හිටි
සීය බෙල්ලේ වැල දාගෙන හිටියා. තරිඳුට එලෝ මෙලෝ නැතුව ගියා. හැකි ඉක්මනින් ගෙදර
ගියා රෙකෝඩර් එක දැම්ම කාමරේ දොර අගුලු දාගෙන.
“මම තව ටික වෙලාවකින් මැරෙනවා. පළිගැනීම
විතරයි මා ළඟ තිබුනේ. මගේ මිනිබිරීට මගෙන් ලැබුනෙත් ඒ දේ විතරයි. එයාව නවත්තන්න
දැන් කාටවත් බැරි වෙයි. පුළුවන් නම හිරන්යව බේරගන්න. එයා ඉන්නේ ඇමරිකාවේ එච්චරයි
මං දන්නේ. පොඩි ඉස්කෝලෙක උගන්නනවා වෙන්න පුළුවන්. ඒ දරුවා අහිංසකයි. මං මේ වෙලාවේ
නොමරුනත් ඔයාලට ඔත්තු දීපු වරදට මට මැරුම් කන්න සිද්ද වෙනවා. ඒ පව කරන්න දෙන් නෑ
මං. මේක අහපු කෙනෙක් අංක 22, වත්තේගම, කඩුවෙල, ඇඩ්රස් එකේ ගේට්ටුවට දෙන්න. අනන්‍යතාවය
හෙළි කරන්න එපා.”
තරිඳුගේ තොල කට වේලුනා. පවනිට කතා කලා.
“ආ. ශාන් මං දන්නවා හරි හරි. මං ඔෆිස් එකේ ඉන්නේ.”
පවනි කීවේ එහෙමයි. තරිඳුට දැනුන මොකද්දෝ පටලැවිල්ලක්. එයා ධනන්ජයට කතා කළා.
“ලොකු අවුලක් ඉක්මනට වරෙන් ඉන්න තැනකින්.”
ධනන්ජයට හැමදේම කීවම එයා ඇමරිකාවේ යාලුවෙක්ට කතා
කරලා හිරු ගැන ඇහුව. ඒත් මොනවත්ම හොයාගන්න බැරි වුනා. මේ දෙන්න යාලුවෙක්ගෙ බයික්
එකක් ඉල්ලගෙන අර කීව ඇඩ්රස් ඒකට ගියා. යද්දී සෑහෙන ප්‍රශ්න ගොඩකට මුණ දෙන්න වුනා.
එයාලව ෆලෝ කළා වාහන දෙක තුනකින්ම. ධනංජය බයික් පිස්සෙක්. ඒ හන්ද ලොකු අවුලක් වුනේ
නෑ. ඉගිල්ලිලා ගියා.ඉගිල්ලිලා අව.
“එහෙදි මං බයික් පැද්ද. හිරුවත් දාගෙන ගියා. එයා
හරි බයයි. ඒත් පස්සේ හුරු වුනා මෙහෙ වගේ නෙවේනේ ස්පීඩ් ගියතැකි. අවුරුදු තුනක්.
පොඩි කාලයක් නෙවේනේ.” දුකෙන් බර මුණක් හදාගෙන ධනංජය කීව.
හිරු ගැන කිසිම ආරංචියක් නැතුව ගොඩ කාලයක් ගියා.
පවනිට කතා කරන්න විදියකුත් නෑ. අලුත් දේවල් මොනවත් උනේ නෑ. මාස හයක් විතර ගියා.
ධනංජයත් පුරුදු විදියට වැඩට ගියා.
කොටුවේ ස්ටේෂන් එකේ බංකුවක් උඩ යාළුවො දෙන්න
ඉඳගෙන හිටියා.
“තරිඳු, මං ලබන සතියේ ඇමරිකා යනවා. ජොබ් එක
හම්බුනා.”
“මොකක්, උඹට පිස්සු හැදීගෙන එනවද? “
“මට මෙහෙ ඉන්න බෑ බං. මට යන්න ඕනෙ. මොන දෙයක්
වුනත් කමක් නෑ.”
“උඹ ගියොත් ලොකු අමාරුවක වැටෙනවා. තව ටික කාලයක්
හිටපන්. තවම අපි ගැන හොයන එක නවත්තල නෑ. අරකි.”
“මං හිටියොත් මං හන්ද උඹට කරදරයක් වෙනවා. මං ඒක දන්නවා. “
“මං හිටියොත් මං හන්ද උඹට කරදරයක් වෙනවා. මං ඒක දන්නවා. “
ධනංජය ගියා. තරිඳුට කතා කළා විස්තර කිවුව.මාසයක්
දෙකක් ගෙවිල ගියා.
“හෙලෝ තරිඳු, මං හිරුව හොයාගත්ත බං එයා ඉන්නව. මං
හෙට යනවා එයාව බලන්න.” ධනංජය පුදුම සතුටකින් කීවේ.
ඊටපස්සේ කවදාවත් තරිඳුට ධනන්ජයගෙන් කෝල් එකක්වත්
ලිවුමක්වත් මොනවත් අවේ නෑ. ඊට අවුරුද්දකට විතර පස්සේ තරිදුගේ නමට ලිවුමක් ආව
ඇමරිකාවෙන්. එකේ තිබුනේ ඇක්සිඩන්ට් එකක පින්තුරයක්. ධනංජය හිරන්‍ය මරුන කියල එක
පිටිපස්සේ ලියල තිබුන. තරිඳු ඒක විස්වාස කලේ නෑ. ඒත් එයාට කරන්න දේකුත් නෑ.
ධනංජයගේ ගදරට සල්ලි යවන්නේ තරිඳු. ධනංජය එයාට තමයි එවුවේ. එක පාර ලොකු මුදලක්
තරිඳුට ලැබුනා.
තමන්ගේ යාළුවා වෙනුවෙන් දානයක් දෙන්න තරිඳු
අන්තිමට තීරණය කළා. දානේ දුන්න. ඒත් තරිඳුගේ හිතට හරි නෑ.අවුරුදු දෙකයි මාස පහක්
ගෙවුනා. ඒ කාලය තුල ගොඩක් දේවල් සිද්ද වුනා හැමෝගෙම ජීවිත වල.
තරිඳු ඉරිදා පත්තරේ බලන්න ගත්ත. ප්‍රධාන සිරස්තලය
වුනේ විධායක ශේණියේ නිලධාරි සුනෙත් අබේවර්ධන මහතා පාතාල කල්ලි සාමාජිකාවක වන සරසි නම
තැනැත්තියක් සහ තවත් පිරිසක් ගුවන් අනුතුරකින් මිය යයි. තරිඳුට මේකේ අමුත්තක්
දැනුනා. එවෙලේම වගේ තරිඳුට කෝල් එකක් ආව.
“හලෝ, තරිඳු අන්කල්ද කතා කරන්නේ?”
“ඔව්, ඔයා කවුද?”
“මම හිරුනි. අද අපේ තාත්තගේ බර්ත් ඩේ එක. තරිඳු
අන්කල් විශ් කරන නැද්ද?”
තරිඳු කල්පනා කළා. අද ධනංජයගේ උපන් දිනේ.
තරිඳුට අදහගන්න බැරි වුනා. තරිදුගේත් හිරන්යගේත්
එයාලගේ චුටි දුවගේත් ලස්සන ෆොටෝ එකක් තරිඳුට මේල් කරලා තිබුන.
සමාප්තයි.....
එල ආ.... :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
බොහොම ස්තුතියි රජතුමනි.
Deleteඅවසානයේදී සියල්ලෝම සතුටින් විසිර ගියහ .. :)
ReplyDeleteහැමෝම නෙවේ යාලු. හැමෝටම සතුට ලැබෙන නෑනෙ.
Deleteලස්සන කතාවක් !
ReplyDeleteඅර ෆොටෝ එකත් බලන්ඩ තිබ්බා නම් මරු..
ගොඩක් ස්තුතියි. ඔයාලගේ අදහස් සෑහෙන්න වටිනවා. ෆොටෝ එක ගැන කනගාටුයි යාලු.
Deleteහ්ම්ම්ම්.. චිත්‍රපටියක් වගේ..
ReplyDeleteගොඩක් ස්තුතියි යාලු.
Deleteහ්ම්ම්ම් ඇත්තටම මේ කතාව තව ටිකාක් දික් කොලා නම් කොහොමද....
ReplyDeleteඔව්, මේක කෙටි කතාවකට වඩා දිග නව කතාවකටත් නරක නෑ. එත මට එහෙම හිතුනේ නෑනෙ.
Delete