ආයුබෝවන්... නිසල ගං
දිය...
අපි හිතනවටත් වඩා බොහොම ඉක්මණට
කාලය ගත වෙලා. මධු මේ පැත්තේ ආවේ නැති කාලය අවුරුදු වලින් ගණන් කරන තරමට කාලය
ඉගිලිලා. ඇත්තටම අපේ කාර්යබහුල බව අපිට අපි කවුද කියන කාරනේත් අමතක කරවන්නටත් සමත්
වෙලා කියල මට හිතෙනවා.
හරි කොහොමවුනත් පහු ගිය
කාලය ගැන පොඩි විස්තරයක් කීවොත් හොඳයි කියල හිතුන. මධු ලියන්න පටන් ගන්නකොට විශ්ව
විද්‍යාල සිසුවියක්. ඉන් පස්සේ රැකියා විරහිත උපාධිදාරී තරතුර දැරුව මාස හයක්
විතර. ගෙදරට වෙලා ඉඳල එපා වෙලා යන්තම් ජොබ් එකක් සෙට් කරගත්ත පෞද්ගලික අංශයේ.
හරියට යකා බැඳගත්තා වගේ. ගෙදරින් උදේ පාන්දර 5.30 ට වගේ කරුවලේ ගිහින් රැ 8.00
විතර වෙද්දී යාන්තම් ගෙදරට සේන්දු වුනා. මාස 8ක් විතර ඔහොම ගෙවිල ගියා. මධුට සසර
කලකිරිලා වගේ හිටියේ.
අන්තිමේදී යාන්තම්
එතෙන්ට ආයුබෝවන් කියාගෙන ආපහු හිටපු දිහාටම (කැම්පස් එකට) යන්න පොටක් පෑදුනා
සිංහලෙන්ම කියනවා නම් ආචාර්යවරයාගේ අතවැසියා(Demonstrator) විදියට. හොටු පෙරාගෙන
අඬාගෙන දොඩාගෙන ආපහු ලංකාවේ කෙරෝලට (අම්පාරට) ගියත් කැම්පස් එකේ Physics Lab එකේ වැඩි
කාලයක් කට්ට කන්න ලැබුනේ නම් නෑ. අර කලින් කීව තනතුරේ හිටිය කාලේ දැම්ම රජයේ ගුරු පුරප්පාඩු
අයදුම්පත්‍රය වැඩ කරලා යාන්තම් ගෙදර ළඟම තියෙන පාසලකට තාක්ෂණවේදය සඳහා විද්‍යාව (SFT)
ගුරුතුමියක් විදියට වැඩ කරන්න අවස්තාවක් ලැබුන. ඉතින් දැන් මධු ගුරුතුමියක්.
දැනට කතාව ඔහොමයි. පොඩි කාලේ
කවුරු වෙන්නද කැමති කියල ඇහුවම චීච කෙනෙක් කියල කීවේ ඇත්තටම ඒ හීනයට ගොඩාක් ආදරේ
කරපු නිසා. හැමෝම කීව හරිම ලේසි කියල. ඒත් ඇත්තටම ලේසි නම් නෑ.
මට ලැබුන 12 Tec1
පන්තියේ පන්ති භාරකාරත්වය. පිරිමි ළමයි 34යි ගැහැණු ළමයි 7යි. පිරිමි ළමයි
දෙතුන්දෙනෙක් ඇරුනම ඉතිරි සේරම මට වඩා සෑහෙන්න උසයි. (පලවෙනි දවසෙම හිතාගත්ත උස
සෙරෙප්පු දාන්න පුරුදු වෙන එක හොඳයි කියල) ඊට අමතරව මට ලැබුන 8 වසර පන්ති දෙකක් සහ
6 වසර පන්ති දෙකක් විද්‍යාව උගන්වන්න.
ඔන්න ඔහොමයි මධුගේ කතන්දරේ.
ජීවිතේට පුංචි සැනසිලිදායක ගතියක් දැනෙන්න පටන් අරගෙන. ඉතින් ආයෙමත් ලියන්න හිතුව.
ලියන්න ගොඩක් දේවල් තියේවි. දැනටත් තියෙනවා. මොකද මන් දැන් හරිම ලස්සන දඟකාර ලෝකෙක
ඉන්නේ.
(සිංහල වචන ඉංග්‍රීසි
වචන පටලැවිල්ල ගැන සමාවෙන්න යාලුවනේ.)
එහෙනම් දැනට හැමෝටම ආයුබෝවන්....
මාව කියවන ඔයාල හැමෝටම ගොඩක්
ස්තුතියි.
මධූ.
No comments:
Post a Comment
කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.