Tuesday, September 1, 2015

දඩබ්බර සිතු 3



  (සිදු වූ ප්‍රමාදය ගැන මාගේ බලවත් කනගාටුව.)
සිතුට සාමාන්යෙන් වැඩිය පන්තියේ ඉන්න වෙන් නෑ. එයා ගොඩක් බාහිර වැඩ කරනවා. ගොඩක් පැති වලින් දක්ෂයි. ඉතින් පුරුදු විදියටම එයා සංගීත කාමරේ තමයි වැඩිපුර වෙලා ගත කලේ ළඟ එන තරඟ වලට පුරුදු වෙන්න. එයාලගේ සංගීත කාමරේ තියෙන්නේ ගොඩක් ලස්සන තැනක. ඉස්කෝලේ එක කෙළවරකට වෙන්න හරිම නිස්කලංක තැනක්. ඊට එහා පැත්තෙන් තාප්පෙට කිට්ටුව අඹ ගස් සෙවනක් තිබුන. ඉතින් හවස ඉන්න වෙන දවස් වලට එයා යාලුවොත් එක්ක එකතු වෙලා අඹ කැඩුවා හැබැයි හොරෙන්

සිතු තමයි මේ ගැන්සියේ ප්‍රධානියා. එයාට ඉන්නේ අයියල දෙන්නෙක්ම හින්දද මන්ද තියෙන්නෙම කොලු වැඩ. එක අඹ ගහක් තිබුන එයා හැමදාම නගින්න පුරුදු වෙලා හිටිය. හිතට මොකක් හරි ප්‍රශ්නයක් ආවම එයා කෙලින්ම යන්නේ එතෙන්ට. එක එයාලගේ පුහුණු වෙන කණ්ඩායමට නම් ප්‍රසිද්ද රහසක්. හැබැයි ඉස්කෝලේ වෙලාවට නම් කවදාවත් එයා එතෙන්ට යන්නේ නෑ




ඉසුරි ඇරුනම සිතු ලඟින්ම ඇසුරු කලේ උවිඳු. සිතු තරම් දඟ නම් නෑ. එයා සිතු එක්ක සින්දු කියන කෙනෙක්. හොඳ තබ්ලා වාදකයෙක්... එතකොට සිතුට හොඳට වයලින් ගහන්න පුළුවන්. මෙයාල හැම අවුරුද්දෙම සංගීත තරඟ වලින් දිනන අය. සංගීත කාමරේ බිම ඉඳගෙන උවිඳුගේ තබ්ලාවත් එක්ක වයලින් ගහන්න සිතු ගොඩක් ආසයි.

සිත්තෝ.... ස්.. ස්..” දොර ලඟින් ඇහුනු සද්දේ මුලින්ම ඇහුනේ උවිඳුට. තබ්ලාව හවත්තල එයා සිතුට කතා කළා. මොකද සංගීත මිස් ඒ වෙලාවේ හිටියේ නෑ.

සිතුම්ය, ඉසුරි ඇවිත්.”

සිතු ඉසුරිට ඔලුව වනල එන්න කීව.

එහා පන්තියේ ධනංජය මේන් මේක නැටුම් කාමරේට ගෙනත් දුන්න ඔයාට දෙන්න කියල.” සිතු වගේම, ඉසුරි වැඩි වෙලාවක් ඉන්නේ නැටුම් කාමරේ.

මේ මොකද්ද මේ?” සිතුට දික් කරපු කොලේ දිහා පුදුම වෙලා වගේ බලාගෙන සිතු ඇහුව.

පෙම් හසුනක්.”

මොකක්?”

ඇයි උඹට ඒ බාසාව තේරෙන් නැද්ද? සෙනෙහෙ කොලයක්.” ඉසුරි පුපුරන්න ආසන්න හිනාව නවත්තගෙන සිතුගේ ඔඩොක්කුවට හතරට නැවුව කොලයක් දැම්ම.

අයියෝ මට දුකයි ඒ අහිංසකය ගැන.” උවිඳු නාට්‍ය දෙබස් කෑල්ලක් වගේ කීවේ.

සිතු අලුතෙන් ආව කොල්ලෙක්නේ. ඔන්න ඔහේ අත ඇරලා දන්න. ගනං ගන්නෙපා. උවිඳු ඒ පාර නම් බැරෑරුම් විදියට කීව.

අතාරින්න කව්ද අල්ලාගත්තේ ඉතින්?” සිතු උවිඳුට ඇද කළා.

සිතු ගත්ත ගමන් කොලේ චුටි කෑලි වලට ඉරාගෙන ඉරාගෙන ගියා.

මිස් ආවොත් ඉවරයි. මේක කුණු එකට දාන්න. ඉන්ටවල් එකේ මං එන්නම්කෝ.” කොළ කෑලි ටික ඉසුරිගේ අතට දෙන ගමන් සිතු කීව.
අපරාදේ අර යකාගේ මහන්සිය. සින්දුත් ලියල තිබුන. මාර ලස්සනයි... මේ චොකලට් එකක් හම්බුනා. අපේ සෙට් එක ඒක කෑව.” ඉසුරි ආපහු දුවන ගමන් කීව.

සිතු කට්ටියත් එක්ක කෑම කාල ටිකක් එහා පන්තියට ඔලුව දැම්ම. හැමෝම වැඩේ ගැන දන්නවා. එයාල හිටියේ සිතු මක් කරයිද කියල හිතාගන්න බැරුව.

ධනංජය ඉනනවද?” ධනංජයත් ටිකක් අමුතු ජාතියේ කෙනෙක්. අලුතෙන් ආවේ ගිය වාරේ අන්තිම. කටකාරයෙක්. කොහොම වුනත් මොනවද කියන්නේ කියල සිතුට හිතාගන්න බැරුව හිටියේ චන්ඩිය වගේ ආවට. ධනංජය සිතු ළඟටම ආව.

ඇයි ඔයා ඉස්කෝලේ එන්නේ?” ධනංජය පොඩ්ඩක් උඩ බිම බැලුව.

අල තම්බන්න.” සිතු මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ. ඇත්තම කීවොත් සිතු හිර වුනා. වටේම කට්ටිය හිනා වෙන්න ගත්ත. සිතුටත් හිතෙන් හිනා. ඒ වගේම එයාට තරහයි.

... එහෙමද? මං ඔයාව ගෘහ විද්‍යා මැඩම්ට විශේෂයෙන් අදුන්වල දෙන්නම්.”

නෑ. එහෙම ඕනේ වෙන් නෑ. මං දැනටම මැඩම්ට කියල තියෙන්නේ මට හොඳට අල තම්බන හැටි උගන්නන්න කියල.” වටේ කට්ටිය බඩ අල්ලන් හිනා වෙනවා. සිතුගේ රතු කට්ට පනින්න ආසන්නයි දැන් නම්.

මෙයා මා එක්ක එල්ලෙන්න හිතාගෙනම මෙහෙම වැඩක් කලාද?” සිතු තමන්ගෙන්ම අහගත්තා.

ඇයි එක එක්කෙනා අතේ ලියුම් එවන්නේ?”

ලියුමක් කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ එක විදියක්. මං ඒක පාවිච්චි කළා. එච්චරයි.” ධනු උත්තර දුන්නේ බොහොම සැහැල්ලුවෙන්. ධනංජයට හැමෝම කීවේ ඒ විදියට.

ඉස්කෝලේ එන්නේ කෙල්ලන්ට ලියුම් ලියන්නද?”

එකක් ඔව්.”


මේ හලෝ, තමුන් කලින් ගිය ඉස්කෝලේ එහෙම ඇති. එත් අපේ ඉස්කෝලේ ඒවා හරි යන්නේ නෑ. පුළුවන් නම් ඔලුව බේරගෙන ඉන්න බලනවා.”

ඔයාට තරහ ගියාම තමයි වැඩියෙන්ම ලස්සන.”

සිතුට පුදුම තරහක්. එයා ළඟ තිබුන පුටුවකුත් තල්ලු කරගෙන ගස්සල යන්න ගියා. සිතුට මෙහෙම වෙලාම නෑ ඉස්කෝලෙදි. එයා එක්ක එකට එක කියන්න යන්නේ නෑ කවුරුත් ලේසියෙන්.

..යි සිත්තෝ, ඕව ගණන් ගන්නෙපා. ඒකා කොහොමත් නාහෙට අහන් නැති එකෙක්ලු.” ඉසුරි සිතුගේ හිත හදන්න වගේ. ඒත් එයා දන්නවා මොනවා කීවත් වැඩක් නම් නෑ කියල.

නාහෙට නෙවේ කනට අහන් නැති වුනත් මට මොකෝ. බලාගමුකෝ.” සිතු හොඳටම රතු වෙලා.

සිතුම්ය අක්කට සුජානි මඩම් එන්න කියන්න කීව.” පොඩි පන්තියක කොල්ලෙක් සිතුගේ පන්තියට ඇවිත් කීව.

ඒ පාර මොන ගිනි ගෙඩියක්ද දන් නෑ. අද දවස නම් අන්තිමයි. ඉස්සෝ මං බලල එන්නම්.” 

                                                             ඊළඟ කොටසෙන් මුණගැහෙමු....

6 comments:

  1. හා හා, ඉක්මනට අනිත් එක..

    ReplyDelete
  2. ඔයාට තරහ ගියාම තමයි වැඩියෙන්ම ලස්සන .....

    ReplyDelete
    Replies
    1. බලන්න බැරි තරම් කැතයි....

      Delete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...