Sunday, September 6, 2015

සැබැවින්ම නුඹ මාගේ මිතුරියක්ද?



කෙලෙසකද මා නුඹව වටහා ගන්නේ
මට ප්‍රථම නුඹ මා ගැන සිතයි
මා නුඹව සිහි කිරීමටත් පෙරම
නුඹ මා වෙත පැමිණෙයි.
පැමිණිය යුතු වේලාව නුඹ දන්නා නමුත්
නොපැමිණිය යුතු වේලාව නුඹ නොදනී.

මට නුඹව පලවා හරිය නොහැකිය.
මා යන්නට කීවත් නුඹ නොයයි.
නුඹට නොඇසුනාක් වැනිය.
නුඹ සමග ගනුදෙනු කිරීමට
මම තවම උගෙන නැත.
මා කවදා නම් එය උගනීද?

සිනහවට නුඹ ඊර්ෂා කරයි.
සෑම සිනහවකට පසුම නුඹ
මවෙත පැමිණීමට මග බලා සිටී.
මට දැනෙනුයේ එය
නුඹ සිටින බව මතක් කර දෙන
තර්ජනයක් සේය.
එසේ නම් කියා දෙනු මැන

















සැබැවින්ම නුඹ මාගේ මිතුරියක්ද?

8 comments:

  1. හ්ම්ම් "දුක දුකක් ලෙස නොව සතුටක් ලෙස දකින්නට උත්සහ දරන්නියක්." කඳුලට දෙන අර්ථකතනයක් ද ??

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න බැරි කමකුත් නෑ. ඒත් මේක ටිකක් වෙනස්. ඇත්තටම ඔයා හිතන්නේ එයා මිත්රයෙක්ද? නැත්තම් දුෂ්ටයෙක්ද?

      Delete
    2. කඳුල වනාහි මිතුරෙක් කරගත හැකි දුෂ්ටයෙකි

      Delete
    3. ඒක හරියට දෙපැත්තම කැපෙන පිහියක් වගේ උත්තරයක්.

      Delete
  2. අනේ මන්දා... ඕවාට උත්තර නෑ

    ReplyDelete
    Replies
    1. උත්තර නැති ප්‍රශ්න නෑ යාලු. එකම අවුල උත්තරේ හොයාගන්න අමාරුයි. එච්චරයි.

      Delete
  3. අගෙයි.... ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි යාලු.

      Delete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...