(සිදු වූ ප්‍රමාදය ගැන මාගේ බලවත් කනගාටුව.)
සිතුට
සාමාන්යෙන් වැඩිය පන්තියේ ඉන්න වෙන් නෑ. එයා ගොඩක්
බාහිර වැඩ කරනවා. ගොඩක් පැති වලින් දක්ෂයි. ඉතින් පුරුදු විදියටම
එයා සංගීත කාමරේ තමයි වැඩිපුර වෙලා ගත කලේ ළඟ එන තරඟ වලට පුරුදු වෙන්න. එයාලගේ සංගීත කාමරේ තියෙන්නේ ගොඩක් ලස්සන
තැනක. ඉස්කෝලේ එක කෙළවරකට
වෙන්න හරිම නිස්කලංක තැනක්. ඊට එහා පැත්තෙන්
තාප්පෙට කිට්ටුව අඹ ගස් සෙවනක් තිබුන. ඉතින් හවස
ඉන්න වෙන දවස් වලට එයා යාලුවොත් එක්ක එකතු වෙලා අඹ කැඩුවා හැබැයි හොරෙන්.
සිතු තමයි මේ
ගැන්සියේ ප්‍රධානියා. එයාට ඉන්නේ අයියල
දෙන්නෙක්ම හින්දද මන්ද තියෙන්නෙම කොලු වැඩ. එක අඹ ගහක් තිබුන එයා හැමදාම නගින්න පුරුදු වෙලා හිටිය. හිතට මොකක් හරි ප්‍රශ්නයක්
ආවම එයා කෙලින්ම යන්නේ එතෙන්ට. එක එයාලගේ පුහුණු වෙන
කණ්ඩායමට නම් ප්‍රසිද්ද රහසක්. හැබැයි ඉස්කෝලේ
වෙලාවට නම් කවදාවත් එයා එතෙන්ට යන්නේ නෑ.



