ආදරණීය නපුරි වෙත,
කියවන උන් හිතාවි
මධුට පිස්සු හැදීගෙන එනවාය කියල. උඹ ගැන දන්නා උන් හිතාවි මම ආදරණීය කියන ලස්සන
වචනෙ තේරුම දන්නේ නැතුව ඇති කියල. ආමන්ත්‍රණයේ පළමු වචන උඹේ නපුරු මුහුණට සවුත්තු
හිනාවකුත් එකතු කරාවි.
නෑ. උඹල සේරම
වැරදී. මං ඒ ලස්සන වචනෙ තේරුම හොඳාකාරවම දන්නව. මං උඹ වෙනුවෙන් ඒ වචනෙ පාවිච්චි
කරපු එක ගැන සතුටු වෙයන්.
උඹ කාලයක් මගෙ දකුණු අත වගේ හිටිය. ඒ කැමැත්තකින්
නෙමෙයි. ටිකින් ටික උඹ මගෙ වම් අත වුණා. අන්තිමේදී උඹ මට එරෙහි වුණා. මගෙ පුංචි
හිත තැලුව. ඒත් මං උඹ මගෙ ළඟම තියාගත්තා. මාව වට්ටන්න කරපු හැම දෙයක්ම අමතක කළා.
උඹ මට චෝදනා කළා. ඒත් මං හිනා වුණා කඳුළු හංගගෙන. මට උඹට බනින්න තිබුණ. ඒත් එහෙම
කළේ නෑ. මොකද මං විස්වාස කළා මා එක්කම ඉස්කෝලෙ ගිය උඹ මගෙ හොඳම යාළුවා කියල.
උඹ මට මහ මෝඩ
විදියට චෝදනා කළා. උඹෙන් කොපි කරලා මං පන්තියේ පළවෙනිය වුණා කීව. ශිෂ්‍යත්ව
විභාගෙදි උඹේ ඉස්සරහින් ඉඳන් හිටි මම උඹෙන් කොපි කරලා ලියල අපේ පන්තියේ ශිෂ්‍යත්වෙ
පාස් වුන එකම ළමය වුනාලු. ඇරත් උඹ පාස් නොවී. මං දුක් වුණා මා එක්ක ඒක ඩෙස්කුවේ
ඉගෙනගත්තු උඹ පාස් නොවුනට. ඒත් උඹේ විහිලුවට මං බඩ අල්ලන් හිනා වුණා. ඒත් උඹ මට චෝදනා කරලා තිබුනෙ විහිලුවට නෙවෙයි.
ඇත්තට. ඒක දන්නව නම් මං එදා හිනා වෙන් නෑ. අඬනවා. මං ඇඬුව නම් උඹ මට වෛර නොකරන්න
ඉඩ තිබුණ. මගෙ කඳුළු උඹට සතුටක් ගේන වගක් මං දැන උන්නේ නෑ. එ තරමටම මං මැට්ටියෙක්
වුණ හන්ද.
අන්තිමේදී උඹ මගෙ
මූනවත් බලන් නැති තැනට ආව. මං උඹව දාල ගියා. ගියා නෙමෙයි යන්න වුණා වෙන ඉස්කෝලෙකට.
ආයේ මට උඹව හම්බුනේ නෑ අපේ ගෙවල් මීටර දහයක්වත් පරතරයක නොතිබුනත්. හිතේ කැකෑරෙන
කුහක කමයි ඉරිසියාවයි තියාගෙන හිටපු උඹගේ අම්ම තාත්ත පවා මා එක්ක තරහ වුණා. මා
එක්ක විතරක් නෙමෙයි මගෙ අම්ම තාත්ත එක්කත්. එහෙම වෙන්න ලොකු හේතුවක් තියෙනවනේ. ඒක
මං උඹට ආපහු මතක් කරන්න ඕනෙ නෑ. මං උඹ වගේ වුණේ නෑ. මේ ලෝකෙ මිනිස්සු එක වගේ නෑ
කියන ඒක පිළිගන්න උඹලගේ කවුරුත් කැමති වුණේ නෑ.
අද උඹ කොතනද? මම
කොතනද? ගමේ හැම මනුස්සයෙක්ම ගැහැණියෙක්ම ඕකුන්ට හොඳ වැඩේ කියද්දී මගේ මේ ඇහැට
කඳුලක් ඉනුවා උඹ වෙනුවෙන්. උඹේම තාත්ත මාන්න පිහිය උඹගේ බෙල්ලට තිබ්බ කීවම මට උඹ
වෙනුවෙන් හීල්ලුනා මෙතන මං නොලියපු උඹ විතරක් දන්න මට කරපු කෙනෙහිලිකම් මට මතක්
වුණේ නෑ. මගෙ හිත කඩා වැටුන.
හැමෝම කීව කළ කම්
පල දේ කියල. උඹේ අම්ම තාත්ත කරපු පවු අද යන්නේ උඹේ කර පිටින්. මට දුකයි. ගොඩක්ම
දුකයි. මං දන්නව උඹ මට අදටත් වෛර කරනව. සමහරවිට උඹ මේක කියවයි. සමහරවිට කියවන් නැති
වෙයි. මේක කියවල මට තවත් වෛර කරයිද? මොනවා කළත් කමක් නෑ. උඹ වගේ යාලුවෙක් මට ආයේ
කවදාවත් කවමදාවත් එපා. යාලුවෙක් කියන වචනේටත් උඹ නින්දා කළා.
මං උඹට වෛර කළේ නෑ.
කරන්නෙත් නෑ. උඹ ගම දාල ගියා. ගෙවල් දොරවල් අතෑරල ගියා. උඹේ ආදරේ උඹම ප්‍රතික්ෂේප
කළා. මං දන්න විදියට උඹ ගොඩක් දුක් වින්දා. තව දුරටත් උඹට දුකක් විඳින්න ලැබෙන්න
එපා. ඊලග ආත්මෙකදිවත් හිතක් පපුවක් ඇති දෙමවුපියෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා
කරපන්. දැන් උඹ දුක් වින්ද තරම ඇති. උඹල පෝසත්. සල්ලි ඕනෙ තරම් තිබුණ. හැබැයි
ඒවායේ සාධාරණ අසාධාරනකම උඹම කිරල මැනල බලපන්. හිත පෝසත් කරගනින් හොඳ සිතුවිලි
වලින්. අම්මයි තාත්තයි ගිය පාරෙ නොයා.
හිත ශක්තිමත් කරගනින්.
තනියම නැගිටපන්. උඹට බුදු සරණයි.
මීට
වෛරක්කාරිය
(උඹ හිතන විදියට)
(උඹ හිතන විදියට)
මධූ
මොකද කෙල්ලේ මේ මේ තරම් ලස්සන දවස්වල මේ වගේ පෝස්ට් දාන්නේ. යාලුවෝ තරහා වුණාම දුක තමා. ඒත් මොනවා කරන්නද කාලයට ඉඩ දි බලා ඉමු. මේ වගේම පෝස්ටුවක් අද උදේම තව තැනක කියෙව්වා රුවාගේ බ්ලොගේ.
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
මේකට ගොඩක් හේතු තියෙනවා. ඉදිරියේදී ලියන්නම්කො. කාලය හැමදේටම උත්තර හොයල දෙන් නෑ. හරි දුකයි යාලු.
Deleteහනේ මන්දා...
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.........
Deleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ...........
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...... උත්තර දෙන්නම් පස්සේ යාලු.
Deleteappee...
ReplyDeleteOhoma thamai itin yaluwonut api gana waradiyata hithana,nikarune gatum ati karaganna,tarahawena awastha tiyenawa..
Matat ohoma athdakim ekak dekak tiyenawa.
E aya mna hethuwakatada mandaa,nikarunee maath ekka taraha wela.nikm boru dewl kyawanawa than than wala..
Eth adatath e aya gana mage hithe tarahak naa..
Thiyenne anukampawak witharai..
මටත් තරහක් නම් නෑ යාලු. ඒත් ලොකු දුකක් තියෙනවා. එයාට ලොකු කතාවක් තියෙනවා. ආයෙත් එන්නකෝ.
Deleteසාදරයෙන් පිලිගන්නවා යාලු.
appee...
ReplyDeleteOhoma thamai itin yaluwonut api gana waradiyata hithana,nikarune gatum ati karaganna,tarahawena awastha tiyenawa..
Matat ohoma athdakim ekak dekak tiyenawa.
E aya mna hethuwakatada mandaa,nikarunee maath ekka taraha wela.nikm boru dewl kyawanawa than than wala..
Eth adatath e aya gana mage hithe tarahak naa..
Thiyenne anukampawak witharai..
ඇත්තටම අපේ මිනිස්සු ජීවත් වෙන්නේ කොච්චර ලන්දින් ඇසුරු කලත් කුහක කම හිතේ තියාගෙන. ඔන්න ඔතනයි හැමෝටම වැරදෙන තැන.
ReplyDeleteකෝරලේ වලව්ව
තේරුම ගන්න ගොඩක් අමාරුයි සමහර චරිත.
Deleteහිතේ තියන ආවේගය පුපුරු ගහන වෙලාවක ලියලා වගේ
ReplyDeleteඔයා ටිකක් දුරට හරි යාලු. මට ඕනේ වුනා සමෂර දේවල් එයාට මතක කරන්න.
Deleteකාලෙකින් මේ පැත්තේ අවේ,මොකක්ද මොකක්ද මේ කලබලේ???
ReplyDeleteවැඩි කලබලයක් නෑ අනේ........
Deleteහ්ම්ම්ම් ... මාත් දන්නවා ඔය හැඟීම..
ReplyDeleteජය වේවා!!!
සිනා බෝ වේවා!!!
ඒක තමයි යාලු.
Deleteසෑහෙන තරහකින් ඒ වගේම ආදරෙත් එකතු කරලා ලියලා වගේ.
ReplyDeleteලොකු දුකක් තියෙනවා අයියෙ එයා ගැන. මං හිතුවේ එයා ගොඩක් හොඳ හිතක් තියෙන කෙනෙක් කියල.
Deleteහපොයි..මොකෝ අක්කෝ මේ...
ReplyDeleteඅනේ...... මන්ද නංගෝ.
Deleteමොකද මේ තරහ වෙලා හැබැයි ඔය වගේ යාලුවෝ කොහෙත් ඉන්නවා අනේ
ReplyDeleteමොනා කරන්නද නේද?
Deleteහපෝයි මෙහෙමත් වෙනවද?
ReplyDeleteඅද කාලේ මොනවද නොවෙන්නේ අයියෙ?
Deleteeke pudamayk newei dr..me wge yaluwo api athareth godk innwa.hithe godak dewal hirakaragene
ReplyDeleteඇත්ත. හිත් තේරුම ගන්න එක ගොඩක් අමාරුයි. ගොඩක් ස්තුත්යි යාලු.
Delete