Saturday, December 29, 2012

අසව්! අසව්! මේ හිතන්න කාලයයි.


කොහොමද යාලුවනේ? දන්නෙම නැතුව 2012 අවුරුද්දත් ඉවර වුණා. ඒ වුනාට මගෙ මැටි වැඩ වල නම් අඩුවක් නෑ. මේ ලෝකේ සිහියක් නෑ. ගෙදර ආව සති දෙකකට. නිදහසේ ඔයාලවත් කියවල ඔයාලටත් කියවන්න දෙයක් බ්ලොග් එකට දානවා කියල හිතාගෙන. කොහෙද ඉතින් මගෙ ආදරණීය ඩොන්ගල් රාජය හොස්ටල් එකේ දාල ඇවිත්නේ. ඒ හින්දම ලොකු ලොකු අකරතැබ්බ දෙක තුනක්ම වුණා. ඔන්න ඉතින් කට්ටිය තරහ වෙන්න එපා හොඳේ. 

බොහොම අමාරුවෙන් තමයි මේ පොස්ට් දාන්නෙ. සෑහෙන දාඩිය මහන්සියෙන් ලැප් එකයි ෆෝන් එකයි කෙරේ තියාගෙන සෙක්කුව වගේ ගේ පුරා කැරකිලා එහෙම. අනේ ඉතින් කාට කියන්නද මේ අවනඩු? 

කොහොමද පහුගිය අවුරුද්ද?
 එක එක අයට එක එක විදියට දැනෙන්න ඇති. දුක සතුට පසුතැවීම මේ හැම දේමත් එක්ක අපි තව අවුරුද්දකින් වයසට ගියානේ. ගෙවුන කාලෙ දිහා ආපහු හැරිලා බලල ඉදිරිය හදාගත්තොත් නරකද?

කාලය අපිට නවත්තන්න බෑනේ. අපි එකම තැන කියල කාලය ගත වෙන එක නවතින් නෑ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔයා ඔයා වෙනුවෙන් මේ වෙනකොට මොනාද කරලා තියෙන්නේ කියල. දන කවුරු හරි කියයි හැම දෙයක්ම කරන්නේ තමන් වෙනුවෙන් කියල. නෑ. එහෙම නෙවෙයි.
අපි ගොඩක් කාර්යබහුල වෙලා. අපිට අපි ගැන හිතන්න වෙලාවක් නෑ.  කනවා බොනවා වැඩ කරනවා නිදාගන්නවා ඔය ටික නොවැරදීම හැමදාම කරනවා. පොයා දාට පන්සල් යනවා බුදුන් වඳිනවා. මල ගිය නෑයින්ට පින් දෙනවා. එක එක බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. සමහරු මේ ටික කරන්නෙත් නෑ.

මේ මල මං පුජ කරන්නේ මං වෙනුවෙන්. මේ පහන මං පත්තු කරන්නේ මං වෙනුවෙන්. ඔයාල එහෙම කරලා තියෙනවද? අහම්බෙන් වෙන දේවල් තියෙනවා නේද? අපි නම කලාට ඒවා අහම්බෙන් වෙන දේවල් කියල. මං හිතන විදියට ඒ දේවල් කොහේ හරි ඒ විදියට වෙන්න කියල ලියවිලා ඇති. දෛවය කියන්නේ. ගොඩක් අය මේ දේවල් විස්වාස කරන්නේ නෑ.
පහු ගිය දවස් වල ගං වතුර හින්ද ගොඩක් අයට සෑහෙන්න කරදර වුනා. සමහරු මැරුණා. සමහරු මරණය පෙනී පෙනී බේරුනා. එහෙම වෙන්න එයාල තමන් වෙනුවෙන් මොනාහරි කරලා තියෙන්න ඕනේ නැද්ද? වාසනාව කියන්නෙ ඒක නෙවෙයිද? 

වාසනාව ලැබෙන්න තමන් ළඟ වැඩිපුර දෙයක් තියෙන්න ඕනේ. පිනක් කියන්නෙ සතුටක්. ඒක සිතුවිල්ලක්. ගොඩක් බලවත් සිතුවිල්ලක්. දෙවියන්ට මැරුණු අයට පින් දෙනවා වගේම තමන් වෙනුවෙනුත් දෙයක් කරන්න පුළුවන් නම් ඒක වටිනවා. වරදවා තේරුම ගන්න එපා මං මේ කියන්නෙ පින් දෙන්න එපා කියල එහෙම නෙවෙයි. 

පන්සලට ගිහින් ඔහේ ගාථා ටික කියෝගෙන කියෝගෙන ගිහින් ඒ අතරෙත් දාහක් දේවල් කල්පනා කරන්නෙ නතුවේ ඒක හිතකින් ඒ වැඩේ කරන්න. මුළු හිහින්ම කරන දෙයක් කවදාවත් වරදින්න විදියක් නෑ.

මේ කාලෙ ගොඩක් නරකයි අපලයි. මිනිස්සු පිරිහිලා. ලෝකෙ විනාශ වෙනවා කියන්නෙ බොරු නෙවෙයි. ටිකින් ටික ඒක වෙනවා. 

තමන් තරම් තමන්ට උදවු කරන්න පුළුවන් කිසිකෙනෙක් නෑ.
සමහරවිට ඔයාලට හිතෙයි මේක පිස්සු කතාවක් කියල. මං කියන්න හදන දේ ඔයාලට කොච්චර දුරට තේරුම ගන්න පුළුවන් වෙයිද දන නෑ. මං කොච්චර දුරට හරිද දන්නෙත් නෑ. අවංකව හිතට දැනෙන දේවල් ටිකක් ලිවුවෙ. මං වැරදි නම් නිවැරදි කරන්න. අලුත් අවුරුද්දෙ අලුත් වෙන්න.   

  එහෙනම් හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!!!

27 comments:

  1. කතාව නම් ඇත්ත....වසන්තයේ පැතුම් මල් පුදින සුබම සුබ නව වසරක් වෙවා...

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!
      සියලු කටයුතු සාර්ථක වේවා.

      Delete
  2. ඔබට සුබ නව වසරක් වේවා...

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුභම සුභ නව වසරක් වේවා!!!!

      Delete
  3. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා නාඩි!!!!!!

      Delete
  4. ලබන්නා වූ අළුත් අවුරුද්ද සුභම සුභ අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මී අයියෙ!!!!!!

      Delete
  5. සුබ අලුත් අවුරුද්දක් වේවා.......................

    ReplyDelete
    Replies
    1. කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා!!!!!

      Delete
  6. හොඳයි අපි එහෙම කියමුකෝ.. හැබැයි කතා කරන්න හොඳ මාතෘකාවක්... බලමු.. සුභ අළුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
    Replies
    1. ම්ම් බලමුකෝ....
      ඔයාටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!

      Delete
  7. සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ශම්මි නගෝ......

      Delete
  8. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා........

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා යාලු!

      Delete
  9. ඇත්තම තමා.

    ඔයාටත් සතුට සෞභාග්‍යය පිරිණු සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ළිහිණි.

      Delete
  10. සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අයියෙ.

      Delete
  11. හ්ම්..හැබෑටම මං මං වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ..?..ජීවිතේ ඒකාකාරී වෙන එක තරම් එපාකරපු දෙයක් ලොවෙත් නෑ..සුභම සුභ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. ඔව් යාලු ඒක ටිකක් හිතන්න ඕනෙ දෙයක්. ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා යාලු!

      Delete
  12. ඔයාටත් සුභ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා.

      Delete
  13. kathawa sahathika aththa..
    Karya bahulathwaya ape jiwithe godak watina dewl athkaranawa..

    Oyatath subha nawa wasarak wewa !!!

    ReplyDelete
    Replies
    1. ඔව් යාලු. ඒ ගැනත් හිතන්න ඕනෙ.

      ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  14. මම මේක දැන් අනේ දැක්කේ සුභ අලුත් අවුරුද්දක් වේවා හොදේ ......

    ReplyDelete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...