Friday, November 2, 2012

එයද මගේ වරද......?



මා ඔබ හඳුනා ගත්තෙමි.
නමුදු මම ඔබේ සිත හඳුනා නොගත්තෙමි.
එයද මා කළ වරද?
ඔබද මා සිත හඳුනා නොගත්තේය.
මම ඔබට ඇලුම් කලෙමි බෙහෙවින්.

එය අදටත් එසේමය.
ඔබේ හදවතද මා සමග ලබැදිව තිබූ බැව්
මම විස්වාස කරමි මා දන්නා තරමින්.
               එනමුදු අද....
ඒ ලබැදියාවට හෙන ගසා ඇත.
ඒ මන්ද?
පිළිතුරක් නැත.
“ආදරය හා වෛරය අතර ඇත්තේ
                 කෙස් ගසක පරතරයකි.”
මෙයද ඔබ පසක් කරනුයේ මා ඉදිරියේ.
සිතට එකඟව මා වරදක් නොකළ බැව්
මගේ සිත හොඳාකාරවම දනිමි.
කෙසේ වුවද මගේ අතින් ඔබට කවරාකාරයේ හෝ
වරදක් සිදු විනි නම්
ඒ වෙනුවෙන් සමාව අයදිමි. 
 
                                                මීට,
                                                වැල්මී සැවැන්දරා.
                    

12 comments:

  1. මනුස්සයා හිතලා කරන්නැතුව ඇති නේ...
    මෙවුවා කියවද්දි බයත් හිතෙනවා අප්පා...

    ReplyDelete
    Replies
    1. අපෝ මොකටද හලෝ බය වෙන්නෙ. හිතට එකඟව වැඩ කරනවා නම් කිසිම අවුලක් නෑ. තමන් වරදක් කරලා තියෙනව කියල හිත දන්නා නිසා තමයි මෙහෙම වෙන්නෙ.
      සැ.යු මෙය මාගේ අත්දැකීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.

      Delete
  2. //“ආදරය හා වෛරය අතර ඇත්තේ
    කෙස් ගසක පරතරයකි.”//
    පසුගිය සති කිපයේ බ්ලොග් ලෝකය තුලින්ම මේ බව දැක ගතිමි. හොාඳ උත්සාහයක්.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. මේ ගැන ඉදිරි ලිපියකින් කියන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.

      Delete
  3. ආදරය ,,, හ්ම්ම් අමුතු දෙයක්
    විටක... සතුට
    විටක ... දුක
    සමහර විටක ... ජිවිත
    පවා අපෙන් උදුර ගන්නා දෙයක්
    නමුත් ජිවිතයට නැතුවම බැරි දෙයක් ,,,

    මම ,,විඩාව නිවා ගන්නා නිසල ගං දියට බැසපු
    අලුත් සමාජිකයා
    http://theachcharuptuwa.blogspot.it/

    ReplyDelete
    Replies
    1. ම්ම්.... ගොඩක් ස්තුතියි යාලු මේ පැත්තට ආවට. ආයෙත් එන්නකෝ.

      Delete
  4. හ්ම්ම්ම්ම් සිරාවටම හිතට දැනුනා ...

    ReplyDelete
    Replies
    1. කාලෙකින් නේද යාලු?

      මේ ගැන කියන්න ගොඩක් දේවල් තියෙනවා. ඊළග පොස්ටුව ඒ වෙනුවෙන් හොඳේ. ආයෙත් එන්නකෝ.

      Delete
  5. අනේ මන්ද යාලු..

    ReplyDelete
  6. ඉතින් වැල්මී සැවන්දරාට "සඳුන් තිලක" පිලිතුරු කවියක් ලීවේ නැද්ද.

    ReplyDelete
    Replies
    1. මූණවත් බලන නැතුව මොන පිළිතුරු කවිද අයියෙ.

      Delete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...