Sunday, November 4, 2012

මේකයි කාරනාව... පිළිතුරක් බලාපොරොත්තුවෙන්


මේ දවස් වල මගේ යාලුවෙක් මූණ හතරැස් කෙරගෙන ඉන්නවා කොච්චරවත්. මේ දවස වල කීවට දැන් සති තුනක විතර වෙලේ ඉඳං. ඇහුවට හරියට මොනවත් කියන්නෙත් නෑ. පස්සෙ අපි ඉතින් පොඩ්ඩක් අහ ගහගෙන උන්න මොකද මේකට හේතුව කියල හොයාගන්න. 


මෙන්න මේකයි කාරනාව.එක්තරා පිරිමි ළමයෙක් හිටියා. මගේ යාළුවයි ඒ පිරිමි ළමයයි එකම පළාතේ. හැබැයි දෙන්න අදුරන් නෑ මෙහෙට එනකල්ම. අදුරගත්තට පස්සෙ මෙයාල මාර හොඳ යාළුවො වුනා. ඕනෙ කරන නෝට්ස් හුවමාරු කරගත්ත. ගොඩක් උදවු කරගත්ත. ඔහොම ටික කාලයක් ගියාම අර කියන එක්තරා පිරිමි ළමයට මේ ගෑණු ළමය පිලිබඳ සිතක් පහල වුනා.(ඒක ඇති වුනේ කොයි කාලේද කියන්න දැන් නෑ හොඳේ.) පස්සෙ ඉතින් හොඳ දවසක් වෙලාවක් බලල එහෙම මේ කියන පිරිමි ළමය එයාගෙ ආදරේ ප්‍රකාශ කළා.

දැන් ඉතින් මාර ප්‍රශ්නෙ. මේ ගෑණු ළමය ඒ වෙනකොට ආදරේ කරන්න පටන් අරං ගොඩක් කල්. පස්සෙ ඉතින් මෙයා ඒක ප්‍රතික්ෂේප කළා. ලෙයින් මසින් හදුනා මනුස්සයෙක් විදියට කොල්ලත් ටිකක් දුක් වුනා. කෙල්ලත් ටිකක් අවුල් වුනා. ඒත් බොහොම සාමකාමීව ඒක අහවර වුනා. කලින් තිබුන යාලු මිත්රකමත් ටීකා...ක් අඩු වුනා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්නේ.

අමතක වුනානේ කියන්න. මේ දෙන්නගෙ සමීප සම්බන්දතාවය ගොඩක් දෙනෙක් වැරදියට තේරුම අරං තිබුනෙ. ගොඩක් අය හිතුව දෙන්න යාලු වෙලා ඇති කියල කලින්ම. ඉතින් දෙන්නගේ නම් පටලලා විහිලුත් කළා. කෙල්ලව නම් විවේචනය කළා සෑහෙන්න. ටික දෙනෙක් විතරයි ඇත්ත කතන්දරේ දැනගෙන හිටියේ. 

මේ සිද්දියෙන් පස්සෙ දෙන්නගේ යාලු කමත් අඩු වුනානේ. පස්සෙ දිගම දිග නිවාඩුවක් ලැබුනා. කට්ටිය ගෙවල් වලට ගියා. නිවාඩුවේදි වැඩි කතා බහක් තිබිලා නෑ. නැත්තටම නැති තරමයි. දැන් නිවාඩු ඉවර වෙලා ආවම කොල්ල කෙල්ලගේ මූණවත් බලන් නෑ හේතු විරහිතව. දැක්ක තැන රවනව. නොදැක්ක ගානට මගාරිනවා. හරියට මිනිහෙක්ව මරල වගේ. ඒක තමයි මේ මගේ යාළුවගේ ප්‍රශ්නෙ. කෙල්ලත් බොහොම සංවේදී කෙනෙක්. එයාට හිතට දුක ඉස්සර අර තරම් හොඳට විහිලු තහළු කරලා ගජ යාළුවො වගේ හිටිය කොල්ලට මොකද වුනේ කියල.

මං නම් හිතන්නෙ ඔය වගේ පොඩි ප්‍රශ්නෙකට ඔහොම තරහ වෙන එක කිසිම තේරුමක් නෑ. ඒක වුණා. දැන් ඉවරයි. ආයෙ ඒ ගැන හිතේ කහටක් තියාගන්න එකේ තේරුමක් තියෙනවද? නෑනේ. මේ උබතෝකෝටික ප්‍රශ්නෙට උත්තරයක් තාම අපි හොයනවා. හොයාගත්තම ඔයාලටත් කියන්නම්කො.
ඉතින් මං මේ පොස්ටු දෙකම වෙන කළේ මගේ යාළුවා වෙනුවෙන්. මට හිතුන ලියන්න මේ ගැන ඔයාලගේ අදහස් දැනගන්නත් එක්ක.කලින් එක බැලුවෙ නැත්තම් බලන්නකෝ මෙතනින්.

ඔයාල හිතන්නෙ දැන් මේකට මොනා කලොත් හරි කියලද?‌   
  


16 comments:

  1. //මේ දෙන්නගෙ සමීප සම්බන්දතාවය ගොඩක් දෙනෙක් වැරදියට තේරුම අරං තිබුනෙ. ගොඩක් අය හිතුව දෙන්න යාලු වෙලා ඇති කියල කලින්ම. ඉතින් දෙන්නගේ නම් පටලලා විහිලුත් කළා. කෙල්ලව නම් විවේචනය කළා සෑහෙන්න. ටික දෙනෙක් විතරයි ඇත්ත කතන්දරේ දැනගෙන හිටියේ. //
    මේක වර්ණපාල න්‍යායේ තවත් කොටසක් විතරයි. මේක අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
    දිග නිවාඩුව කියන්නේ කාලය නේ කාලය බොහෝ දේවල් සිදු කරනවා. ඔය කාලයේ දී කවුරු හෝ හොඳ කේලම් ටිකක් පත බාන්නත් ඇති. ඔයා මේකට මැදිහත්වෙලා දෙන්නගේම අදහස් දැනගෙන විසදුමකට යන්න. හරියාවි වැඩේ
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
    Replies
    1. ම්ම්.... ඒකත් හොඳ අදහසක් තමයි. ට්‍රයි කරලා බලමු. තැන්කු හොඳේ.

      Delete
  2. හ්ම්ම්ම්ම් කාලය ලග ගොඩක් දෙවල් වලට උත්තර තියනවා... ජය හා සතුට

    ReplyDelete
    Replies
    1. කාලය මේක විසදයි කියලද යාලු හිතන්නේ? ම්ම් බලමුකෝ.....

      Delete
  3. ආදර පටලැවිලි නම් අනේ මන්ද හලෝ..

    ReplyDelete
    Replies
    1. හිරු හිතන්නෙ මේකට විසදුම මොකක් කියලද?

      Delete
  4. ටික කාලයක් ගත උනහම ඕක මගහැරෙයි. ටික කාලයක් කිව්වේ මාස 6ක් අවුරුද්දක් විතර. මම නම් අවුරුද්දයි මාස දෙකකින් යථ තත්වයට පත් උනා.

    ReplyDelete
    Replies
    1. අම්මෝ එච්චර කල් ගියාද? මේවට ක්ෂණික විසදුම් නෑ වගේ.

      Delete
    2. හිතක් හැදෙන්න එච්චර කල් යනවද අයියෙ.

      Delete
  5. Replies
    1. අදහසක් දෙන්නකෝ..... පණු........

      Delete
  6. කාලය එක්ක වෙන දෙයක් බලන්න ඕන නේද?.. සමහර වෙලාවට කාලය ගොඩක් දේවල් වෙනස් කරනවා..

    ReplyDelete
  7. හිත් කියන ඒවා හරි පුදුමයි අප්පා..

    ReplyDelete
    Replies
    1. මටත් හිතාගන්න අමාරුයි යාලු. කොච්චර ඉගෙනගත්තත් හිතක් තේරුම් ගන්න නම් බැරි වෙයි.

      Delete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...