Sunday, January 20, 2013

හැමදාමත් යාලුවේ.....


දුවපන්, කකුල් දෙක පන බේරගෙන දුවපන්. අහු උනොත් රෙදි නැතුව තමා යන්න වෙන්නේ. අද මොන නැකතකින් එලියට බැස්සද මන්ද. 

“අංකල් දොඩම් එකක්.” හති දාගෙන දුවන ආව මං නැවතුනේ මිකී අංකල්ගේ දොඩම් කඩේ ළඟ. කූල් කරපු දොඩම් වීදුරුව මේ වගේ වෙලාවක දිව්‍ය ඖසදේ වගේ තමා. 


“අංකල් තව එකක්.” පලවෙනි වීදුරුව එක හුස්මට බීගෙන ගිය මම තව එකක් ඉල්ලුව. ආත්ම ගානකින් වතුර පොදක් දැක්කෙ නැති ගානට මං බීව විදියට මිකී අංකලුත් අන්ද මන්ද වෙලා. මට වෙලා තිබුන සන්තෑසිය ඒ මනුස්සය දන්න එකක්යැ. එක දිගට දොඩම් වීදුරු තුනකට වග කිවුවට පස්සෙ තමයි මට යාන්තම් හුස්ම වැටුනේ. 

“මොකද පුතා මේ හති දාගෙන. කොහෙද දුවන්නේ?” ගාන ගෙවන්න මම පර්ස් එක අදින අතරේ මිකී අංකල්ගේ ප්‍රශ්න පත්තරේ පලවෙනි ප්‍රශ්නේ පටන් ගත්ත. මේ වෙලාවට තමා දෙයියෙක් වගේ ඉන්න මිකී අංකල් යම පල්ලෙක් වගේ පේන්නෙ. කටක් ඇරලා කොහොමද දෙයියනේ කියන්නේ කෙල්ලො ටිකක් පස්සෙන් පන්නනවා කියල. 
       
“නෑ අංකල් මේ අද ටිකක් පරක්කු වුනා කෙමෙස්ට්‍රි පන්තියට.”
“පන්ති 12.30 නේද පුතා ? තවම 11ටත් නෑනේ. වෙනුරත් තාම ගෙදර.” ආපෝ..... හරිහමන් බොරුවක්වත් කියාගන්න කටට එන්නෙ නැති හැටි.

“ආ... මේ. මේ... අද මේ... පේපර් එකක් දෙනව කියල කලින් එන්න කීව අංකල්.”මීට හොඳා වහ කනව. මේ මනුස්සයව තම්බන්න මා ළඟ තියන ලුණු ගොරක මදි.

මගේ අම්මෝ මේ අර මාර දූ වරු ටික නේද? පාර කෙළවරෙන් මතු වුන කෙල්ලො සෙට් එක දැක්කම මගේ ඉහ මොළ රත් වුනා. 

මිකී අංකල් කියන්නෙ මගේ අතිජාත මිත්‍ර වෙනුරගේ ආදරණීය පියාණෝ. ඉස්කෝලෙ පන්ති කවේ දවසට අපේ අම්මල තාත්තල ආවම හොඳම පන්ති කවේ තියෙන්නේ මේ දොඩම් කඩේ ළඟ තමයි. පාරෙදි අපි පැටලෙන එකී මෙකී නොකී පලහිලවූ සේරම අංකල් දන්නවා. බී බී සී නිව්ස් පරාදයි. කොටින්ම කීවොත් මිකී අන්කල්ට හොරෙන් මේ ටවුන් එක ඇතුලේ අපිට ඈනුමක්වත් අරිනවා බොරු. මොනවා වුනත් හිත හොඳ මනුස්සය. ඉස්කෝලෙ ටීචර්ල වගේ අපේ වැරදීම අම්මලාගේ කණේ තියන පුරුද්ද නෑ. දැනුම දිය යුතු නොදිය යුතු දේවල් ගැන මනා අවබෝධයක් තියෙනවා.

අංකල්ගේ දොඩම් බිල ගෙවිල්ලත් පැත්තක දාල මම පාරට පැන්න. මේ වගේ අලි ටවුමක් මැද බටු කෙල්ලො සෙට් එකකට නෝන්ඩි වෙනවා කියන්නෙ ආයේ ලොවෙත් නෑ. මගේම අවාසනාවට පැනගන්න අහල පහලක හරි හමන් පොට් එකක්වත් නෑනේ. යනවා නම් ඉතින් පාර පැනල මාකට් ඒක මැද්දෙන් තමයි. 

කහ ඉරෙන් පාර පනින නීතිය හදපු එකාගෙ සනුහරේම මතක් වෙන්නෙ මේ වෙලාවට තමයි. හදිසියකට අපිට ඕනෙ තැනක කහ ඉරක් නැති හැටි. මෙච්චර වාහන ගොඩක් පාරෙ යනවා නේද කියල තේරෙන්නේ මේ වෙලාවට තමයි. කාර් එකකට අඩයක් නොතිය යන්තම් පැනගත්ත. 

“ඒයි ඒයි.....” ඒ පාර මොන ගිනි ගෙඩියක්ද? 

“ඔහොම ඉන්නවා. පාර තමුන්ගෙ අප්පගෙ කියල හිතුවද? මීටර් දෙකක් එහායින් තියන කහ ඉරට යන්න බැරි  තමුසෙට අලි කුලප්පුවද?” හයේ හතරෙ බාප්ප කෙනෙක් දැම්මෙ නැතැයි සත්තමක්.අලි මදිවට කොටි කිවුවලු. 

“පොලිස් අංකල්.... යන්න දෙන්නෙපා යන්න දෙන්නෙපා. අල්ලගන්න.”  දෙයියෝ සාක්කි. මුන් ටික මාව දැකලානේ.
“ඇයි දුව මොකද්ද ප්‍රශ්නේ?” අප්පේ. පහල වෙලා තියෙන සත්ව කරුණාව.

“අනේ අංකල් මෙයා මගේ පොතක් හොරකම් කළා. ඔය අතේ තියෙන්නෙ ඒක.”

“ඇත්තද මේ කියන්නෙ?” අම්මෝ අකුණක් ගැහුවා වගේ. ඒ ඇහුව විදියට පිසික්ස් ක්ලාස් එකේ උගන්නපු අකුණු තියරිත් මතක වෙනවා. 

“න්...නැ අංකල්. මේක මගේ යාලුවෙක්ගෙ.” මං උත්තර දුන්න.

“බොරු කියන්ඩ ලැස්ති වෙන්ඩේපා.....  අපි දන්නවා ඔය වයසට තමුසේලා වගේ උන් කරන වැඩ? ඇත්ත කියනවා. මොන මගෝඩියක් කරන්නද මේ ” දන්නවා නම් දෙයියනේ ඇයි මට යන්න නොදෙන්නෙ?  අනුන්ගෙ පරිප්පුවක්නේ මං මේ දීසි පිටින් කන්නෙ? 

“මං මෙයාගේ පොතක් ගත්තේ නෑ අංකල්. මේක මගේ යාලුවෙක්ගෙ පොතක්. මං ගිය සතියෙ ඉල්ලගත්තෙ.මං ආවෙ නැති නෝට් එකක් ලියාගන්න. මෙයාල වෙන කාටහරි රැවටෙන්න ඇති.” හිතට එකඟව ඒක නම් ටොම් පචයක්. 

“මචෝ මේක අරං ඉක්මනට මාරු වෙයන්. පොඩි කේස් එකක්. කෙල්ලො ටිකක් මගේ පස්සෙන් එලොනවා.”එහෙම කියල පැතුම උගෙ මාළු තොප්පියත් මගේ ඔලුවට දාල පැනල දිවුව හැටියි, අනේ මාත් මෙලෝ සංසාරයක් නොදැන මේ පොතත් අරං දුවන්න පටන්ගත්ත හැටියි ෆිල්ම් එකක් වගේ මතක් වෙද්දීත් මම තාත්වික රංගනයක් ඉදිරිපත් කළා. කොච්චර සාර්ථකද කියනවා නම් කෙල්ලන්ගේ ඇස් ගෙඩිත් උඩ ගියා.

“එහෙනම් තමුසෙ දිවුවේ මොකටද චේන් කඩපු හොරෙක් වගේ?” ආණ්ඩුවේ බාප්ප වැඩේ අතාරින පාටක් නෑ ලේසියෙන්.

“ක්ලාස් එකට පරක්කුයි අංකල් හොඳටම. දැනටම පටන් අරං ඇති.” ඔරලෝසුව දිහා බල බල මාර හදිස්සියෙ ගානට මං කීව.   

“දෙනව ඕක මෙහාට. බලන්න මේක ඔයාගෙම පොතද කියල.” දැන් නම් ඉතින් තිස් තුන කෝටියක්‌ දෙවි දේවතාවුන් වහන්සේලා සිහිපත් කරගන්න වෙයි වගේ. බාප්ප මගෙ අතේ තිබුන රෝස පාට පිට කොලේ දාපු පොත ඇදල ගන්න ගමන් කීව.

“නෑ මේක මගෙ නෙවෙයි. සොරි වැරදීමක් වුනේ.”  පොතේ අඟලක් ගානෙ පරික්ෂා කරලා මුනත් රතු කරගෙන ආපහු මගෙ අතටම දුන්නෙ බිම බලාගෙන මහා පොලවට එහෙම කියාගෙන. මගෙ ඇඟට යන්තම් ලේ ටිකක් ඉනුවේ දැන් තමයි. හැබැයි ඉති ඒ උත්තරෙන් මාවත් ටිකක් අන්ද මන්ද වුනා.

“ඒකනේ කියන්නෙ. බලන්න අංකල් මෙයාලගෙ දෙකේ පන්තියේ වැඩ හින්ද මට හොඳටම පරක්කු වුනා. දැන් මං යන්නද අංකල්.” මං කීවෙ ඇඟට පතට නොදැනී. 

“මීට පස්සෙවත් ඉගෙනගන්නවා කලින් පන්තියට යන්න. පරක්කු වෙලා ඇවිත් මෙතන අහක තියන ලෙඩ දා ගන් නැතුව.” ඒ පාර නම් මිනිහගේ මුණ ටිකක් පැහැපත් වෙලා.
පැතුම දුවන් ඇවිත් මට මේක දුන්නු තාලෙට සිරාවටම මේක ඒකිගේ වෙන්න ඕනෙ. මේකගෙ මොන ජාතියේ යටිකූට්ටු වැඩක්ද දැන් නෑ. අනූ නමයයි දශම ගානකට බේරුනේ. මේකගෙ මේ මී හරක් වැඩ එක්ක මොන මොන බාල්දි පෙරලෙයිද දන් නෑ. දාහක් ජාති හිත හිත මං පන්තිය ළඟටම ආව. තාප්පෙට කකුලකුත් තියාගෙන සින්දු කෑල්ලක් කියෝ කියෝ ඉන්න පතුමව දැක්කම මට දෙන්න හිතුන උගෙ හොම්බ කට සමතලා වෙන්න.

“මොකද බං පරක්කු?.  ටවුන් එකේ ඉඳං බඩගෑවද?” පැතුම ඇහුවෙ විදියට මට අසූ හාරදාහට නැග්ග.

“තව ටිකෙන් මට බඩගාන්න නෙමේ. බලු කුඩුවේ ලගින්න වෙන්නෙ? මොකක්ද බං අර කරපු කුණුහරුප වැඩේ?”

“බී කූල් මචං. උඹට අවුලක් වුනේ නෑනේ.....” මගෙ පිටට තට්ටුවක් දාල මූ කියන්නෙ හරියට නෙලුම් මලෙන් උපන් ගානට.

“අවුලක් වුන් නෑ තමා. මගෙ පටි රෝල් ටවුම මැද්දෙ. මොකද්ද බං මේ මල ඉලවු පොත?” මං ඇහුව විතරයි මේක බඩ අල්ලන් හිනා වෙන්න ගත්ත.

“මේක අපේ වෙනුරයගේ පොතක් බං. උන් ගානට ලනුව කෑව. නේ? උඹ දන්නවනේ ඌ ඉතින් පිළිවෙලකට පිරිසිදුවට වැඩ කරන පොරනෙ. උගෙ පොතට පින් සිද්ද වෙන්න මං අද ගොඩ ගියා බං.”මේක මේ මොන අටමගලයක් කියනවද මන්ද. අගක් මුලක් නැති මට මේව අන්ඩර දෙමල වගේ.

“තේරෙන සිංහලෙන් කියපන්කො කියන මගුලක්.”

ඉවසල හිටහන් වෙනුරයත් ආවම ඌට පින් දීලම කියන්නම්.” මේක මගෙ රතු කට්ට පන්නන්නයි මේ ලැස්ති වෙන්නෙ. දැන් ඉතින් වෙනුරය එනකල් මුගෙන් වචනයක් ගන්නවා කියන්නෙ ගලකින් පට්ටයක් ගන්නවා වගේ තමයි.  

ක්ලාස් ඒක පටන් ගනිද්දීම සුපුරුදු පරිදි හැති මුනින් දාගෙන වෙනුරය ඇවිත් පුරුදු ආසනේ වාඩි වුනා. අපි දෙන්න හැමදාම ඉන්නෙ සර්ගෙ කටේ තියෙන ඩෙස්ක් එකේ. ඒකටත් ඉතින් හේතුව අනුන්ගෙ පරිප්පුවක්ම තමයි. පේලියේ එකෙක් බෙල්ල කඩාගෙන කිරුව කියල පේළියම ගත්තේ නැතැයි ඉස්සරහට ජීවිත කාලෙටම. 


“මචං අර පැතුම කියන අටමගලෙ අගක් මුලක් දන්නවද බං.” මං ෂේප් එකේ සර්ට හොරෙන් වෙනුරගෙන් ඇහුවෙ ඉවසා වැදෑරිය නොහැකි තැන. ඒත් හොඳ ප්‍රතිචාරයක් නෑ. ඌටත් ආත බූත.  කොහොමින් කොහොම හරි අන්තිමේ ක්ලාස් ඇරිය.

“සභාවෙන් අවසරයි. මා මෙතෙන්ට පැමිණියේ කතාවක් කීමටයි.” ඔය පටන් ගත්තේ පතුමාගේ මැටි වැඩ චැප්ටර් 2. බස් එක එනකල් අපි ඉන්න පොට්  එකේ අපේ රාජ සභාව පටන්ගත්ත.

“මුලින්ම මා මිත්‍ර වෙනුරට මාගේ උත්තමාචාර. දෙවනුව මාගේ පරිප්පුව උණු උණුවෙම කෑ කවිත්ට මාගේ උත්තමාචාර. “

         -තව කොටස් දෙකයි හොඳේ....-

18 comments:

  1. අදත් ඇත්තටම ලස්සනයි ,, ඔයාගේ පලවෙනි කථාව තරමටම,

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අයියෙ.

      Delete
  2. මේ පළවෙනි කොටහ නේ???
    එල එල....
    ඉතුරු ටිකත් කියෝලම බලමුකෝ..

    ReplyDelete
    Replies
    1. බලමු බලමු යාලු. ආයෙත් එමුකො.

      Delete
  3. කතාව ලස්සනයි.. ඉතුරු ටිකත් ලියමුකෝ බලන්න..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි යාලු. ඉක්මනටම ඊළඟ කොටස බලන්න පුළුවන් වෙයි.

      Delete
  4. එළ එළ.. ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න..
    (හොදම හරියෙන් කතාව නැවැත්විම නිසා පනින ලද මලේ හොදම එකෙන් කොමෙන්ටුව කෙටුවේ නම් පට්ට කුණුහරුපයක් වීමට ඉඩ තිබූ නිසා වටයක් ගසා මල නිමුන පසුව කොමෙන්ටුව කෙටුවෙමි)

    ReplyDelete
    Replies
    1. අම්මෝ..... යාලු බයෙත් බෑ. ඉක්මනටම ඉතුරු කොටසත් දාන්නම්කො.

      Delete
  5. එල ටොක්ස් එක.... පව් කොල්ලා

    ReplyDelete
    Replies
    1. හ්ම්..... බලමුකෝ... කවුද පව් කියල.

      Delete
  6. ශා නියම කතාව හොදේ ලස්සනයි ලස්සනයි ........ මන් කිව ඒක හිතාගන්නකෝ ඔන්න දැම්ම

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු. ඔන්න මන හිතා ගත්තා......

      Delete
    2. දෙක ඕනේ ඉක්මනට දෙන්ඩෝ..........

      Delete
    3. ම්ම්..... හරි හරි.......

      Delete
  7. ලස්සනයි කතාව.ජයෙන් ජය.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා යාලු. ගොඩක් ස්තුතියි. ආයෙත් එන්නකෝ.

      Delete
  8. අඩේ මං එතකොට මේ කතාවේම මීට කලින් කොටසක් කියෙව්වා වගේ මතකයක් තියෙන්නේ මම හීනෙන්වත් කියවලද....?

    නියමයි ඈ...බලමු මොකක්ද පටලැවිල්ල කියලා

    ReplyDelete
    Replies
    1. තැනකු තැනකු යාලු. අනිත් කොටසුත් බලන්නකො.

      Delete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...